පද පේළී - EK LYRICS THREAD PART 2

Sadurathri

Member
Feb 6, 2008
47
8
0
සද මාහා සිනාසුනා
තරු මාහා කථාකලා
ඔබ මාහා සිනාසුනේ නෑ
ඔබ මාහා කථා කලේ නෑ;)
 
  • Like
Reactions: rcccc and DAMER

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Rookantha Gunatilake..........

දුර ඈත නොපෙනෙන රෑක~
ළඟ පාත ඉන්නෙමී..
දුටුවාද බැලුවාද~
දෙනෙතින් සෙනේ කියමී..
හිත තාම දුර නේද~
හැමදාම අසමී..
හිත පාළු වුනු දාට
ඔබ ගාව ඉන්නෙමී..
මුළු රෑම සඳු ගාව~
තරු රෑන තනි රකී..
හැමදාම ඔබ ගාව~
තනි නෑනෙ මම ඉමී..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ලස්සන දවසක මා...

ලස්සන දවසක මා ඔබ වෙනුවෙන් සිටියා
මාගෙ නෙතු අදදර ඔබ
ගේ සිනහව මෑවුනා
ඔබගේ හදවතටයි ආදරෙ කරන්න සිතුනේ
මගෙ මුලු හදින්

ඔබගෙ ආදරයම මා සිත මන්මත් කෙරුවා
ඔබගෙ හදවත තු
ල මට ඉඩ ඈතිදෝසිතුනා
මාගෙ ජීවිතයම සිහිනෙකැයි සිතුනා
සිතේ ආදරෙන්

සුන්දර සිහිනෙකැයි මා තනි වීලා
ඔබමයි
ඒ සිහිනයේ
මාගෙ කුමරිය වුයේ

ලස්සන දවසක මා...
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    clarence wijewardena

    මුව හසරැලි සාගරයේ මුතු වැලක් වෙලා
    නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා
    දේදුන්නක සඟවලා දෙතොල් රත සලා
    ඔබ මගේ මුළු ජීවිතේ රඟහලක් කළා

    සඳ විමනේ විසිතුරු පවසා
    නෙත් එළියෙන් තොරතුරු විමසා
    දිය වදනය සළුවක දවටා
    සැනසිල්ලේ උණුසුම ගවසා
    ඔබ නළවන්නම් ඔබ සනසන්නම්
    මම ඔබ නළවන්නම් ඔබ සනසන්නම්
    නොමියන සුළු ආදරයක කතා කියන්නම්

    මුව හසරැලි සාගරයේ මුතු වැලක් වෙලා
    නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා
    දේදුන්නක සඟවලා දෙතොල් රත සලා
    ඔබ මගේ මුළු ජීවිතේ රඟහලක් කළා

    සඳ විමනේ සොමි ගුණ මවලා
    දේදුන්නක සිසිලස ඔතලා
    මල් පැණියක මධුරස හොයලා
    සල් අරණක පවනැලි නිවලා
    ඔබ නළවන්නම් ඔබ සනසන්නම්
    මම ඔබ නළවන්නම් ඔබ සනසන්නම්
    නොමියන සුළු ආදරයක කතා කියන්නම්

    මුව හසරැලි සාගරයේ මුතු වැලක් වෙලා
    නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා
    දේදුන්නක සඟවලා දෙතොල් රත සලා
    ඔබ මගේ මුළු ජීවිතේ රඟහලක් කළා
     
    Last edited:
    • Like
    Reactions: DAMER

    Tig®ess

    Member
    Sep 5, 2013
    153
    19
    0
    Valley of Peace
    සීත අරණේ සුපුල් නාමල
    සුවඳ ගැල්වූ ජීවිතේ
    සීත හිම ගිර සීත නොදැනේ
    දැනේ උණුසුම ආදරේ...

    ලතාවක් සේ වෙලී සියොලඟ
    පතමි රැකවරණය ඔබෙන් //
    සදා දෝතින් මලක් සේ ඔබ
    වැළඳ ගන්නෙමි හදවතින්
    හදවතින්

    වළාවක් සේ අයාලේ ගිය
    සිතට නිවහන ඔබ ළඟයි //
    මහා කතරක ගෙවූ තනි මග
    නිමා කල ඉම ඔබ නෙතයි
    ඔබ නෙතයි


    <Malani Bulathsinhala>
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මතකය ඔබ ගැන යලි සිහි කරලා...(Tum Hi HO Sinhala Cover)

    මතකය ඔබ ගැන යලි සිහි කරලා
    දෑස පුරා දුක දොරේ ගියා...
    මගේ පණ රහසේම කවුරුද ඇවිදින්
    අද සැනෙකින් ගෙනයන්න ගියා

    ඒ ඔබ තමයි ඒ ඔබ තමයි
    ජීවිතේ මගේ ඔබ තමයි
    ඇයි ගියේ ඔබ ඇයි ගියේ
    මා දමා ඔබ ඇයි ගියේ

    දිවුරා කීවා මතකද හැමදා
    මතු
    වයෙත් හමුවන්න කියා
    දෑස වගේ රැකගත්ත නිසා
    මගේ හුස්ම පවා අද නතර වෙලා
    කෙතරම් සතුටින් සිටියද ඔබ හා
    හරි ආදරයෙන් පෙරදා

    ඒ ඔබ තමයි ඒ ඔබ තමයි ...

    -Radeesh Vendabona-
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මුව හසරැලි සාගරයේ මුතු වැලක් වෙලා
    නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා
    දේදුන්නක සඟවලා දෙතොල් රත සලා
    ඔබ මගේ මුළු ජීවිතේ රඟහලක් කළා




    වළාවක් සේ අයාලේ ගිය
    සිතට නිවහන ඔබ ළඟයි //
    මහා කතරක ගෙවූ තනි මග
    නිමා කල ඉම ඔබ නෙතයි
    ඔබ නෙතයි


    <Malani Bulathsinhala>
    11.gif
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    memberontak.bmp




    සඳක් නම් බැසයන්න තිබුනා
    හඬන අහසට අඳුර දී
    මලක් නම් ගිලිහෙන්න තිබුනා
    අතු අගට ලස්සන නොදී

    පරවි තුඩකින් විළඳ දුන්නට
    ගිරවියක වළඳන්නේ නෑ
    කඳුළු බිඳුවක නැගෙන ගින්දර
    හිනාවක් හඳුනන්නේ නෑ

    පොළොව උසුලන සියලු දුක සැප
    අහස් තලයෙනි හිමිඋනේ
    පොළෝ තලයට අහස දුර බව
    සිතන්නේ ඇයි මිනිසුනේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නිල්මිණි කැට වන් ඔබ නෙත් මට හමුවූ දා
    මා හද පිබිදුනා..
    නව දිවියක් මට ලැබුණා
    මා සිත දුක් මා නෙතු කඳුළැල් ලොව නැවතූවා

    ලාහිරු රැස් සේ
    ඔබ මගෙ දිවිය එළිය කෙරුවා
    ඔබ හසරැල්ලෙන් සුමුදු මදහසින් මා හද උතුර ගියා
    ඔබෙ සෙනෙහස මට දැණුනා

    ගිනි ගත් මා ලෝකය තනි වදනින් සිසිල් කරා
    මට ජීවය දුන්නා
    ඔබ මට සුරඟනක්ම වූවා..

    මගේ හද පතුලේ පණ නළ සිඳෙන තුරා
    මහ සාගරයේ රළ පෙළ බිඳෙන තුරා
    ආලය කරමි මා සදා
    ඔබ දිවි රකිමි මා සදා
    ඔබ තනි නොකරමී කිසි දිනා

    නිල් අහස් තලේ හිරු පායනා තුරා
    වසන්තයේ මල් පූදිනා තුරා
    ආලය කරමි මා සදා
    ඔබ දිවි රකිමි මා සදා
    ඔබ තනි නොකරමී කිසි දිනා
     
    • Like
    Reactions: rcccc

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Chitral Somapala.............

    මිරිඟුව පරදා තුරඟෙකුගේ වේගයෙන්~
    දස දිග පුරා දෙනුවන තියුණුව යොමා..
    කරදරම සොයා දළ රළු මඟ පහුකරන්~
    දිගු ගමනට මගේ වෙහෙසයි ඔබ දුරුකරේ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මඟ බලා හඬන දෙනෙතේ...

    මඟ බලා හඬන දෙනෙතේ
    කඳුළැල් ඉහිරිලා ගලන මොහොතේ
    නොමැකෙනා මතක අපගේ
    තවමත් මැවෙනවා දකින සිහිනේ
    හදවතේ පෙරවගේ
    හද ගැස්මම ඔබයි අද මගේ
    ඇයි ලඳේ ඔබ මගේ
    හැම හුස්මට පවා පෙම් කලේ...

    කී කතා පෙරදා මුකුලු කර සිහිවෙලා රහසේ
    වේදනා සගවා තුරැලු කර වැලපුනා අඳුරේ
    දාලා යන්නට බෑ ලැබුනු උණුහුම
    හැරදමා සමුගෙන යන්න නම් මට
    ඇයි මේ තරම් ලංවුනේ...

    පෑ සිනා පෙඟුනා කඳුලු මැද කුරුටු ගෑ මතකේ
    පෑරුනා විඳිනා දුකට හිත කෙඳිරි ගෑ පපුවේ
    වාවගන්නට බෑ තාම තනිකම
    හීනෙකින්වත් නෑ යන්නෙ කිව් ඔබ
    ඇයි මා කෙරෙන් වෙන් වුනේ...

    මඟ බලා හඬන දෙනෙතේ...


    -Bachi Susan-
     
    • Like
    Reactions: DAMER
    May 19, 2013
    1,864
    81
    0
    අනිවාර්යෙන් මචන් චාමරගේ සුපිරි සින්දු සෙට් එකක් තියෙනවා හොද තේරුමක් තියෙන. ලිව්වේ කවුද කියලනම් දන්නේ න බං. ගොඩක් සින්දු ලියල තියෙන්නේ හාමුදුරු නමක් නේද
    දන්නේ නෑ මාත්. පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. හම්බ උනොත් විස්තරයක් දාන්නම්
     
    May 19, 2013
    1,864
    81
    0
    මේ සිංදුව අහලා තියෙනව ද කවුරුවත්?


    සිරුරෙන් රුධිරය ගලයි මා ජීවත් වන නිසා
    ආත්මය කෑ ගසයි එය අතරමං වූ නිසා
    කැළලක් ඇත සුන්දරයි මේ ජිවිතේ පුරා
    කඳුලක් සිත පාරවයි නොදනී කිමදෝ කියා
    අනන්තයේ තියෙද මට ජීවයක්
    අනන්තයේ තියේවී මට ලෝකයක්

    අඳුරට නෙතු ප්‍රිය කරයි එළියක් දැක නැති නිසා
    සිත සැනසුවේ තනිකමයි මා තනි නෙකෙරු සුමිතුරා
    වරදක් වුන බව හැඟෙයි නොදනිමි කොතනද කියා
    මේ දිවියම අන්සතුයි නොදනී කවුදෝ කියා
    අන්තයේ තියෙද මට නිවහනක්
    අනන්තයේ තියේවී මට සැනසුනමක්

     
    • Like
    Reactions: DAMER
    May 19, 2013
    1,864
    81
    0
    සිත කැළඹෙයි
    මධු බදුන් පිරෙයි
    ගත නලියයි
    හිත හිස් වෙයි

    සංසුන් වන්න මිතුරේ
    මුළු ලොවම ඔබගේ
    සංසිඳුවන්න පිපාසේ
    ගිණිදිය පිරිලා දෝතේ

    නිවනු මැන ගත .. නිවනු මැන සිත ..
    නිවනු මැන ගත .. නිවනු මැන සිත ..
    සිසිලක් මවා... සැඩ සුළඟක් කඩා ..
    සිසිලක් මවා... සැඩ සුළඟක් කඩා ..
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හිරුගේ ලොවෙදී...

    හිරුගේ ලොවෙදී අපි වෙන් වෙමු
    සදුගේ රෑයේදී යලි හමු වෙමු
    යලි හමු වෙමු...

    සෑකයේ වෙලීල උදයේ හවා
    රෑකවල් නෑගේ අප වටා
    ගොළු වී මුවා වී ඉමු...

    හිරුගේ ලොවෙදී...

    අදුරේ වෙලීලා රෑය සීතලේ
    සිහිනේ වුනා වූ ලොවේ
    මුමුණා සිනා සී ඉමු...


    රජ්ජුරුවෝ;15822059 said:
    මේ සිංදුව අහලා තියෙනව ද කවුරුවත්?
    නෑ මචන්:no:
     

    Sadurathri

    Member
    Feb 6, 2008
    47
    8
    0
    ඔබේ ඇස් ළඟ නුඹව කියවන
    ඇසේ කඳුළක දුරක කිමිදෙන
    ඔබෙන් නාහා ඔබට පෙම්කල
    මං වැරදි කරුවා මං වැරදි කරුවා:(

    ජූරියත් ඔබ පැමිණිලිත් කල
    කොහොම වග උත්තර බදින්නද
    :(
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඔබගේ දැසින් ගලනා දුක
    මා නෙත් ඔබගේ දුකින් තෙත් වේවා


    මා ප්‍රියේ ඔබ ගේ දුක් වේදනාවන් මා ලද කල
    ඔබේ නමින් දිව්රන්නම් මා තවත් සුවපත් වේවී.



    ඒ ත්‍යාගය ඔබ ට ප්‍රදානය කරන්නෙ නම්..
    අන් සන්තෝෂයන් සියල්ල ප්‍රතික්ෂේප කරන්නෙමී
    මා මිය යන්නෙමී



    ඔබේ සමීපයේ පමණක් මාගේ මුළු දිවියම ගත‍කරන්නෙමී
    හිතන්න මා කෙතරම් වාසනාවන්ත දැයි කියා
    එයම සතුටකී
    ඔබේ කඳුළු මගේ වේවී
    ඔබේ වේදනාවන් මගේ වු කල මා විනෝදයෙන් මත් වන්නෙමී
    මා මිය යන්නෙමී



    මා හද ඔබට අමතයි
    එය දුකක් ද සතුටක් ද වුව ද
    ඔබ මා ඇති කරේය
    ඔබ මා සන්තෝෂ කරන්නේය
    ලෝකයට දෙවියන් සිටිය ද, මට නම් ඒ ඔබයි
    ඔබ හා පමණී නම්, කුමක් වු වද ඉටුකරන්නෙමී පවසන සැනින්
    මා මිය යන්නෙමී





    maxresdefault+%281%29.png