අපිටත් හම්බවෙනවා හරිද?
ස්ටාෆ් 6 දෙනයි ට්‍රේනර්ස්ල 7 දෙනයි ස්ටුඩ්න්ට්ස්ල හැමවෙලේම කොහොමත් 40ක්වත් අඩුම ගානෙ ඉන්නවා.

උපන්දින ගොඩයි...

කේක් කැවුම් ආස්මි, මු කැවුම්, අතිරස, නානාප්‍රකාර කෑම ජාති.

අනිත් එක හැම මාසෙම එක්සෑම් තියෙනවා. ඒ මාසෙම රිසල්ට් එනවා. එක්සෑම් පාස් වෙන උන් පාටියක් දෙනව.

කේක් නන් මන් දැන් කන්නෙත් නෑ. එපා වෙලා හොඳ ගෙදර හදපු බටර් කේක් එකක් ඇරෙන්න....

අපි කොහොමත් හැමදාම 10ටයි 4ටයි බිස්කට් සමග ටී. අද ක්‍රිස්කෝ ගෙනාවෙ

තව ඔය එක එකා අඹ ජම්බු අම්බරැල්ල අන්නාසි එහෙම ගෙනාවම අච්චාරු දානවා.

අපේ ලේඩි ට්‍රේනර් එක්කෙනෙක් ඉන්නවා. ඒ අක්කට හොඳට කෑම හදන්න පුළුවන්. ඉතින් කනවා හිටු කියල කනෙන් දුම් පිටවෙන්න.

මම මේ ජොබ් එකට එද්දී සෑහෙන්න කෙට්ටුයි. ඉස්සර ජිම් ඉඳල ගියා මහත් වෙන්න. සප්ලිම්න්ට් ඉඳල ගත්ත

ඒත් හරි ගියෙ නෑ.
දැන් මේ ජොබ් එකට ආවට පස්සෙ බරත් වැඩි වෙනවා එන්න එන්න මහතුත් වෙනවා.

වස ලැජ්ජාවයි.

අපේ එකේ ඉන්නෙ කෑමට බීමට සූරයෝ...
ඉල්ලන්න නන් එපා දෙන්න විදියක් නෑ