හොඳ වෙලාවට LTTE එක නැති කාලෙක උඹ ඔය ගොන් comment එක දැම්මේ , නැත්නම් උන් උඹේ ඔය තර්කයෙන්ම ළමා සොල්දාදුවන්වත් සාධාරණීකරණය කරනවා. හමුදාවේ ඕනා තරම් අමාරු පුහුණුවීම් තියනවා හැබැයි එහෙමයි කියල හමුදාව කරන හැමදේටම හරියි කියන්න බෑ. මොකද උඹ කියන විදියට කාන්තා පිරිර්මි කියලා වෙනසක් නැත්නම් මොන මගුලකටද female male platoons වෙන වෙනම තියෙන්නේ ?? මොන මගුලකටද වෙන වෙනම නවාතැන් පහසුකම් දෙන්නේ??
ළමයින් සහා වැඩිහිටියන් කියන්නේ යම් අන්ත දෙකක ඉන්න ජාතියක් සෑම අංශයකින්ම වගේ. යම් කිසි කෙනෙක් ළමයෙක් වන්නේ බුද්ධියෙන් සහා ශරීර ශක්තියෙන් පරිණත වෙලා නැති නිසයි එතකොට ළමයෙක්ට වැඩිහිටියෙක්ව සමාන කිරිම වැරදි දෙයක්. නමුත් ගැහැණියෙක්ට පිරිමියෙක්ව සමාන කරන්න පුලුවන් බුද්ධියෙන් වගේම ශරීර ශක්තියෙන්.මොකද අද රටේ පිරිමින්ට වඩා බුද්ධිමත් ගැහැණුන් ඕන තරම් ඉන්නවා. ඒ වගේම පිරිමින්ට වඩා ශක්තිමත් ගැහැණුත් ඕන තරම් ඉන්නවා. නමුත් වැඩිහිටියෙක්ට වඩා ශක්තිමත් සහා බුද්ධිමත් ළමයි කී දෙනෙක් ඉන්නවද? පිටරට වල පොඩි එවුන්ට ලංකාවේ වැඩිහිටියෙක්ට සමාන කරන්න එපා ලංකාවේ වැඩිහිටියෙක්ට ලංකාවේ පොඩි එකෙක්ව සමාන කරපන් එතකොට උබට පෙනේවී පොඩි එවුන් අති බහුතරයක් වැඩි හිටියන්ට වඩා බුද්ධියෙන් සහා ශරීර ශක්තියෙන් පහත් කියලා.
අනෙක් එක යම් කිසි කෙනෙක් වැඩි හිටියෙක් වෙන්නේ යම් කිසි සර්වත්‍ර නියත වයසක් පසු කරන කොට නෙවෙයි (18,16). හැම කෙනාටම අන්‍යනය වූ වයසක් තියෙනවා. මේ සර්වත්‍ර නියත වයස තියෙන්නේ නීතියේ පහසුව නිසයි. උදාහරණයකට එහෙම සර්වත්‍ර නියත වයසක් තිබ්බේ නෑ කියලා හිතන්න එතකොට යම් කිසි කෙනෙක් වැඩිහිටියෙක්ද ළමයෙක්ද කියලා බලන්න පර්යේෂන කරන්න ඕනේ (ශරීර ශක්තිය මනින්න ඕනේ, බුද්ධි මට්ටම බලන්න ඕනේ) ඒකට කාලය ශ්‍රමය යනවා අනික එහෙම කරන්න ගියාම නඩුවලට ගොඩක් කල් යන්න පුලුවන් ව්‍යවස්ථාපිත දුෂණ කේස් එකක් ගියොත් (
ව්‍යවස්ථාපිත දුෂණ කේස් එකක් කියන්නේ වැඩිහිටියෙක් විසින් ළමයෙක්ව සමග පොදු කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලිංගික වශයෙන් හැසිරිමටයි ඒක දූෂණයක් ළමයාගේ කැමැත්ත තිබුනත් නැතත් මේවාට කියන්නේ ව්‍යවස්ථාපිත දුෂණයන් කියලයි)
එතකොට අවුරුදු 15 දී යම් කිසි කෙනෙක් ශරීර ශක්තියෙන් පරිණත වෙලා නම් ඌ එතකොට වැඩිහිටියෙක් ශරීර ශක්තිය පැත්තෙන් නමුත් මානසික වශයෙන් ළදරුවෙක්. අපි දැකලා තියෙනවා සමහර ලොකු එවුන් ඉන්නවා පොඩි එවුන් වගේ අපි උන්ට කියනේ ළදරු මානසික මට්ටමක් තියෙන එවුන් කියලයි මොකද උන් ශරීර ශක්තියෙන් වැඩිහිටියන් වුනත් මනසින් වැඩිහිටියෙක් නොවන නිසයි.
Female, Male platoons කියලා දෙකක් තියෙන්නේ කාණ්ඩ කිරිමේ පහසුව නිසයි. මොකද එකට train කරත් නිදාගන්නේ වෙනමමයි, camp වල ඉන්නේ වෙනමමයි එතකොට platoon එකක් ලිංග භේදය අනුව වෙන් කරාම කාන්ඩ කරන ලේසියි නැත්නම් පිරිමි යයි female camps වලට, කෙල්ලෝ යයි male camps වලට. නමුත් යුද්ධයකට දැම්මම උන් ඔක්කොමම එකට දාන්නේ.









