Wall_e ලියයි

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    කිව්වට විශ්වාශ කරයිද දන්නේ නෑ ,..........මේ රස්සාවට යන්න අල්ලපු ගෙදර ඇන්ටිගෙන් රු.1000ක් ඉල්ලා ගත්තා .....මොකද මට බස් එකේ ගොඩක් යන්න තිබුණා ......පොඩි interview එකක් තිබ්බට ...ජොබ සෙට් වුණා .........මට බලන්න තිබුනේ කොටහේනේ , මට්ටකුලිය ,බොරැල්ලේ ,මාලිගාවත්තේ ,කැලණිය ඔය වගේ area එකේ තිබුන food city .

    දවස් දෙක තුනක් senior අයිය කෙනෙක් එක්ක ගියා .......අපිට ඉතින් මුලිකව කරන්න තියෙන්නේ ..අපේ බ්‍රෑන්ඩ් (Mars ,happycow වගේ ඒවා ) රාක්ක වල පොඩ්ඩක් ඉස්සරහින් හොන්දට් හදලා display කරන එක , අනිත් එක කල් ඉකුත් වෙන ඒවා පොඩ්ඩක් බලන්න ...

    දැන් මම කොහොම හරි තනියෙන් යන්න සෙට් වුණා .....පොඩ්ඩක් හිතන්න මට O /L වලට A 2 B 4 ක් තිබ්බ .........A /L ෆේල් වෙන්න හරි maths කරේ ... මම ඒ කාලේ සිහින දැක්කේ software engineer කෙනෙක් වෙන්න ..........එහෙම හිතපු මම ....අද food city වල රාක්ක හදනව (මම කිසිම රැකියාවකට දොස් කියන්නේ නෑ ........මේ රස්සවෙනුත් ජීවිතේට මට යමක් ලැබුණා ....ඒවා තේරුනේ පස්සේ .....මම මේ කියන්නේ ඒ දවස් වල මට දුක හිතුන විදිය)

    මෙහෙම සුමානයක් විතර මේ වැඩේට ගියා .............අහල පහළ මිනිස්සු ...නෑදෑයෝ පුදුම වෙලා හිටියේ මම මේ කරන දේ ගැන .............ඇත්තටම ඒ දවස් ටිකේ ,..මම මන් ගැනම කල කිරිලා හිටියේ ..............

    මේ දවස් වලම තව මගුලක් වුණා ...මම අර නංගිට දාපු මැසේජ් එකකට මල පැනල .....මෙය මට බැනල reply එකක් දාල තිබ්බ ( r u sick ?) කියලයි පටන් අරන් තිබ්බේ ............
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    පට්ට කතාව බන්... අවන්ක කමයි අව්‍යාජ බවයි උපරිමයෙන්ම උබ ළග තියෙනවා.

    මහත්තයලාගේ හිත හොඳයි... සේරටම හරියාවි...:rolleyes:

    mqdefault.jpg
    file_34_18.gif
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    ජොබ කරගෙන සුමානයක් විතර ගියා ,...... ඔය සුමානේ මචන්ලා මම හරියට උදේට කෑවේ නෑ ........කන්න වත් හිතක් තිබ්බේ නෑ ....දවල්ටත් එහෙම්ම මයි ...........මට ඉස්සරත් ගැස්ටික් තිබ්බ ..........කොහොම හරි දවසක් මට ටිකක් අමාරු වුණා ......දවස් දෙකක් විතර මට වැඩට යන්න ලැබුනේ නැ ....
    මට ඇත්තටම ජොබ එපා වෙලා තිබ්බේ .....මම ඔහොම්මම ගෙදර හිටියා .....

    ම්ම්ම් ...........දැන් ඉතින් ගෙදර ඉන්නේ .....උදේට තාත්තා යන කම් මම නැගිටින්නේ නෑ .....ශේප් එකේ තාත්ත යන කම් ඉඳල තමයි නැගිටින්නේ ..
    අලි මදිවට ...කොටි කියනවා වගේ ........එතකොට අයියා ත් ගෙදර .....

    හිතේ කිසිම ෆිට් එකක් නෑ මුකුත් කරන්න ........අම්මා ගේ වැඩේම , බැංකුවක ජොබ් එකක් හොයලා දෙන්න හදනවා ..........අම්මා කියනවා
    "ඇයි බන් 8 ට පාස් උන් හොඳ රස්සාවල් කරනවා .........උබ ඇයි මෙහෙම ගෙදරට වෙලා ඉන්නේ කියල ........"

    ඔහොම ඉන්න කොට .....අපේ ගෙවල් ලග අයියා කෙනෙක් හිටියා ......මිනිහා ඔය 3D ඩිසයින් කරන්නේ ....මිනිහා මට photoshop ,coreldraw දාල දුන්න මගේ pc එකට .........එකේ තියෙන help tutorial බලලා කරන්න කිව්වා graphic design