කිව්වට විශ්වාශ කරයිද දන්නේ නෑ ,..........මේ රස්සාවට යන්න අල්ලපු ගෙදර ඇන්ටිගෙන් රු.1000ක් ඉල්ලා ගත්තා .....මොකද මට බස් එකේ ගොඩක් යන්න තිබුණා ......පොඩි interview එකක් තිබ්බට ...ජොබ සෙට් වුණා .........මට බලන්න තිබුනේ කොටහේනේ , මට්ටකුලිය ,බොරැල්ලේ ,මාලිගාවත්තේ ,කැලණිය ඔය වගේ area එකේ තිබුන food city .
දවස් දෙක තුනක් senior අයිය කෙනෙක් එක්ක ගියා .......අපිට ඉතින් මුලිකව කරන්න තියෙන්නේ ..අපේ බ්රෑන්ඩ් (Mars ,happycow වගේ ඒවා ) රාක්ක වල පොඩ්ඩක් ඉස්සරහින් හොන්දට් හදලා display කරන එක , අනිත් එක කල් ඉකුත් වෙන ඒවා පොඩ්ඩක් බලන්න ...
දැන් මම කොහොම හරි තනියෙන් යන්න සෙට් වුණා .....පොඩ්ඩක් හිතන්න මට O /L වලට A 2 B 4 ක් තිබ්බ .........A /L ෆේල් වෙන්න හරි maths කරේ ... මම ඒ කාලේ සිහින දැක්කේ software engineer කෙනෙක් වෙන්න ..........එහෙම හිතපු මම ....අද food city වල රාක්ක හදනව (මම කිසිම රැකියාවකට දොස් කියන්නේ නෑ ........මේ රස්සවෙනුත් ජීවිතේට මට යමක් ලැබුණා ....ඒවා තේරුනේ පස්සේ .....මම මේ කියන්නේ ඒ දවස් වල මට දුක හිතුන විදිය)
මෙහෙම සුමානයක් විතර මේ වැඩේට ගියා .............අහල පහළ මිනිස්සු ...නෑදෑයෝ පුදුම වෙලා හිටියේ මම මේ කරන දේ ගැන .............ඇත්තටම ඒ දවස් ටිකේ ,..මම මන් ගැනම කල කිරිලා හිටියේ ..............
මේ දවස් වලම තව මගුලක් වුණා ...මම අර නංගිට දාපු මැසේජ් එකකට මල පැනල .....මෙය මට බැනල reply එකක් දාල තිබ්බ ( r u sick ?) කියලයි පටන් අරන් තිබ්බේ ............