වරෙව් යන්න පුංචි සිරීපාදේ....

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    වරෙව් යන්න පුංචි සිරීපාදේ....

    පොඩි කාලේ ඉදල ඇල්ල වැල්ලවාය පාරේ යන හැම වෙලාවකම මේ ලස්සන කන්ද උඩට යන්න තියෙනම් කියල මට හිතිල තියෙනව.. ඒත් කොහෙන් කියල යන්නද කියල හිතල ඒක අමතක කරල දානව.. ඒත් දැනට අවුරැදු 2 කට විතර කලින් අහම්බෙන් වගේ ටීවී එකේ දැක්ක ඇල්ලේ පුංචි සිරීපාදේ කියල එකක් තියෙනව කියල.. බැලින්නම් මම යන්න ආසාවෙන් හිටපු ප්ලේස් එක.. ඒකටත් අවුරැදු 2ක් පෙරැම්පුරල පහුගිය වීක් එන්ඩ් එකේ තමයි ගියේ.. පට්ට ප්ලේස් එක.. ඇඩෙනව ගියාම.. 360 පැනෝරමික් විව් එකක් තියෙන්නේ.. බලපල්ලානො මේ ටික..

    ඇල්ල වැල්ලවාය පාරට පේන කන්ද, මේකේ වම් පැත්තේ ගහක් තියෙන තැන තමයි ප්ලේස් එක.

    1451428_10153573153160453_1970760448_n.jpg


    මෙතනට තමයි යන්න තියෙන්නේ..
    10639543_10154559802845453_6325041429115342178_n.jpg


    අතර මගදි ඇල්ල රොක් එක දිස් වන අයුරැ.. මගේ ඊලග ටාගට් එක මෙතන..
    10609655_10154559798370453_1375070192604230829_n.jpg


    10698486_10154559801435453_6137161269831037212_n.jpg


    යෝද පිඹුරෙක් වගේ පේන්නේ ඇල්ල වැල්ලවාය පාර..
    10639577_10154559799430453_1699582597887116695_n.jpg


    10610715_10154559799485453_7489238079421661618_n.jpg


    10394501_10154559799940453_3231799274101025239_n.jpg


    පැනෝරමික්.....
    10489626_10154559800800453_1656803784587918595_n.jpg


    මේ තියේන්නේ මම මුලින් කියපු ගහ..
    10670239_10154559802590453_5351989584453592791_n.jpg


    වැටුනොත් නම් බුදු සරණයි...
    10612989_10154559802695453_8406526810139835595_n.jpg


    මේ ගමනෙදි මට ලංකාවේ එවුන් නම් එක සෙට් එකයි හමු උනේ.. ඒ නිසා මෙතන තාම බියර් කෑන්, බෝතල්, පොලතීන් එහෙම නෑ.. අරන් යන්නත් එපා.. ගෙනහින් දාලා එන්නත් එපා.. සුද්දෝ නම් අම්බානක.. ඇල්ලට එන හැම ටුවරිස්ට් කෙනෙක්ම මෙතෙන්ට එනව

    :D;):D;):D;):love::D;):D;):D;)

    මේකත් පට්ටයි...
    https://www.google.lk/maps/@6.87116...1!3m3!1ssYF3VV92wzkAAAQXL9Q84w!2e0!3e11?hl=en

    ප.ලි.

    කොළඹ ඉදන් ට්රේන් එකේ එන කෙනෙක් නම් කෙලින්ම ඇල්ලෙන් බහින්න, වෙනත් වාහනයක නම් බදුල්ල පාරේ ඇවිත් කුඹල්වෙල හංදියෙන් වැල්ලවාය පාරේ ඇල්ල හංදියට එන්න.. ඇල්ල හංදියෙන් පස්සර පාරේ කිලෝමීටර් 1.5 විතර ගියාම බෝඩ් ගහල තියෙනව එතන ඉදල කි.මී 1.5 විතර පයින් යන්න ඕන අන්තිම මීටර් 150 විතර අමාරැයි ඒත් සිමෙන්ති පඩි හදල තියෙනව.. වැඩි දුරක් නැති නිසා අමාරැවකුත් නෑ.. පට්ටයි සුපිරියි..

    https://www.google.lk/maps/place/El...1s0x3ae465955bc09a25:0xbdfadcdadec487fb?hl=en
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොච්චර උසද? කොච්චර වෙලා යනවද නගින්න?
    කොහෙන්ද එන්ටර් වෙන්නෙ පාරට?
    විස්තර ඕනි තව..
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    කොච්චර උසද? කොච්චර වෙලා යනවද නගින්න?
    කොහෙන්ද එන්ටර් වෙන්නෙ පාරට?
    විස්තර ඕනි තව..

    කොළඹ ඉදන් ට්රේන් එකේ එන කෙනෙක් නම් කෙලින්ම ඇල්ලෙන් බහින්න, වෙනත් වාහනයක නම් බදුල්ල පාරේ ඇවිත් කුඹල්වෙල හංදියෙන් වැල්ලවාය පාරේ ඇල්ල හංදියට එන්න.. ඇල්ල හංදියෙන් පස්සර පාරේ කිලෝමීටර් 1.5 විතර ගියාම බෝඩ් ගහල තියෙනව එතන ඉදල කි.මී 1.5 විතර පයින් යන්න ඕන අන්තිම මීටර් 150 විතර අමාරැයි ඒත් සිමෙන්ති පඩි හදල තියෙනව.. වැඩි දුරක් නැති නිසා අමාරැවකුත් නෑ.. පට්ටයි සුපිරියි..
     
    • Like
    Reactions: jsandun

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පිස්සු හැදෙනවනේ......... රිවස්ටන් ගියාම දැනුන හැඟීම මේ ෆොටෝස් දකිද්දීත් දැනුනේ....... සුපිරි....... ස්තුතියි අපිට විස්තර කිව්වට....... රෙප්+
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    මමත් දැකලා තියෙනවා මේ තැන.. හැබැයි ඔතනට නම් ගිහින් නෑ.. එත් දැන් නම් යන්න හිතෙනවා... පට්ට ගති තැනක්.. මාර ලස්සනයි..REP+++++