Rahman කොපි!

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මිත‍්‍රයා ඔබට ලොකු වැරදිමක් වෙලා තිබෙනවා පෙම්බර මධු ගීතයේ සංගීතය වික්ටර් රත්නායකයන්ගේ නෙමේ P.L.A. සෝමපාලයන්ගේ ඕක චිත‍්‍රපට ගීතයක් සිංහල චිත‍්‍රපට වල බොහෝ අනුකාරක ගීත නිර්මාණය කරන්නේ මේ P.L.A. සෝමපාලයන් තමයි. ජෝති-ඇන්ජලින් ගායන කරන අනුකාරක චිත‍්‍රපට ගීත බොහොමයකම සංගීතය P.L.A. සෝමපාලයන්ගේ, ඔහුගේ ස්වතන්ත‍්‍ර සරළ ගීත තිබුනට චිත‍්‍රපට ගීත වල 90 % ක් ම වගේ තියෙන්නේ අනුකාරක ගීත තමයි.

    P.L.A. සෝමපාල සිංහල චිත‍්‍රපට ගීතවල ඇතිකල අනුකාරක ගීත යටපත් කරමින් ස්වතන්ත‍්‍ර ගීත ඔස්සේ සිංහල චිත‍්‍රපට ගීත වෙනස්ම මගකට යොමුකල යුග පුරුෂයන් දෙදෙනා වන්නේ සරත් දසනායකයන් හා පේ‍්‍රමසිරි කේමදාසයන්, ඔවුන් දෙදෙනා තමයි ස්වතන්ත‍්‍ර මධුර තනු නිර්මාණය කරමින් සිංහල චිත‍්‍රපට ගීත වලට නව ජිවයක් ලබාදුන්නේ, විශේෂයෙන්ම ජෝතිපාලගේ ස්වතන්ත‍්‍ර
    චිත‍්‍රපට ගීත බොහොමයක් බෙදිලා යන්නේ සරත් දසනායක හා පේ‍්‍රමසිරි කේමදාසයන් අතරේ තමයි.

    පෙම්බර මධු මගේ
    // ගායනය : වික්ටර් රත්නායක
    පද රචනය : කරුණාරත්න අබේසේකර
    සංගීතය : පී එල් ඒ සෝමපාල.

    ස්තුතියි ! මම ඕකට වෙන තැනකින් තොරතුරු ගත්තේ එතන සදහන් වෙලා තිබුනේ ඔය විදිහට !
    වැරැද්ද නිවැරදි කරනවා !

    ස්තුතියි ඒවගේම සමාවෙන්න මිත‍්‍රයා !

    ස්වතන්ත‍්‍ර ගීත ඔස්සේ සිංහල චිත‍්‍රපට ගීත වෙනස්ම මගකට යොමුකල යුග පුරුෂයන් දෙදෙනා වන්නේ සරත් දසනායකයන් හා පේ‍්‍රමසිරි කේමදාසයන් !

    :yes::yes::yes::yes:

    මම හිතන්නේ ඔය හින්දි ගීත අනුකාරක රැල්ල බිද හෙලපු එක ඕන කමින් කරපු දෙයකට වඩා !

    copy ගහලා තමන්ගේ ආත්මය විකුනන්නේ නැතිව ! වැඩක් කරන්න ඒ මිනිස්සුන්ගේ තිබුණු ගති ගුණය නිසා වෙන්න ඕන !

    දැනුම + ආකල්ප ( තමන්ගේ නිර්මාණයක් copy නොකර කිරීම/ සල්ලි වියදම් වුනත් කරන වැඩේ උපරිමයෙන්ම කිරීම ) + නිර්මාණශීලීත්වය

    ඒ වගේම ක්ෂණික නුඩ්ල්ස් වගේ සල්ලි හොයන්න එක පිට එක වැඩ කරන්න ගියේ නැහැ !
    කාලය අරන් යම් දෙයක් කලා !

    ඒ සංගීතය ගැන තනියෙන් ඉගෙන ගෙන පේ‍්‍රමසිරි කේමදාසයන් නම් ! මම හිතන්නේ සරත් දසනායකනුත් එහෙම තමා

    ඒත් අද ඉන්න ගොඩක් අයට උපාධි තිබුනත් ඔය කියන

    ආකල්ප + නිර්මාණශීලීත්වය නැහැ
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    rahman copy karala thiyenawa:yes:habai copy nokara hadapu hoda sindu one tharum thiyenawa:yes:matanum rahman ge thiyena loku ma problem eka minihage music wala loku variety ekak ne,song eka yanakota ahala kiyana puluwun rahman da music kare nedda kiyala:rofl:rahman ta acadamy haba une amarican karayata miniha ge music aluth ekak una nisa habai ai haba wen ne kawadawath mokada rahman ge music wala variety ekak nethi nisa:yes:hans zimmer geth oya problam eka tikak thiyenawa:confused:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,692
    2,149
    113
    Nugegoda
    Inspirations !!!!

    මේ දාපු video වල එහෙම තියෙන්නේ ඉන්දියාවේ එවුන් තමයි ! මොකද උන්ම තමයි මේ video කරලා තියෙන්නේ !

    උඩ බලාගෙන කෙල ගහා ගන්න බැහැනේ මේ වගේ ඒ අයට ඉන්න God Father කෙනක් කෙලින්ම copy කරයි කිව්වොත් !

    ඒකයි උන් එහෙම කියන්නේ ! අපේ උන්ට නම් මොලේ හේදිලා ගිහිල්ලද ?

    මේ ලගදී ශකිරාටත් නඩුවක් වැටුනා copy කලා කියලා ඒකෙන් නඩුව දාපු එවුන් දිනුවා !

    ඔයා කියන විදිහට ඒකත් inspirations එකක් තමයි ! හොයලා බලන්න..

    අපේ එවුන් ගහන්නේ copy නෙමේ !

    උන් කරන්නේ clone ! ඉන්දියාවේත් එහෙම උන් ඉන්නවා !

    හැබැයි ඒකෙන් මේ වගේ ලොකු චරිත මවා ගත්ත අය කරන දේවල් සාධාරණීය කරණය වෙන්නේ නැහැනේ !

    එතකොට Beethoven ලා Mozart ලා Sebastian Bach ලා Richard Wagner ලා අතර
    තියෙන්නේ ඕනනේ !

    ඔයා ඔය කියන ආකාරයේ inspirations මොකද එක ලග Music Generation වලට අයිති නිසා ! ඒ කාලේ හැටියට !

    මම දන්නේ නැහැ ඔයාගේ සංගීතය ගැන දැනුම ගැන !

    මොකද ඕනෑම දෙයක Art එකක Genre එකක් බිහිවෙන්නේ inspirations වලින් තමයි !
    හැබැයි මේ අපේ අපේ දැන් ඉන්න අයවගේ melody/tune copy කරලා නෙමෙයි !

    එත් මේ copy තමයි !

    z_p16-Buddhist-03.jpg

    සෝලියස් මෙන්ඩිස් වටිනා කියන අපේ චිත්‍ර ශිල්පියා කැළණි විහාරයේ චිත්‍ර වලට එයාගේ ඔලුවට inspirations ඕන නිසා සිගිරි චිත්‍ර වගේම ඉන්දියාවේ ගිහින් සාන්චි චිත්‍ර පවා බලලා ආවා !

    ඒත් සෝලියස් මෙන්ඩිස් ඇදපු කැළණි විහාරයේ චිත්‍ර, සිගිරි චිත්‍ර සාන්චි චිත්‍ර වලට සමානද ?

    අන්න ඒකයි නියම inspirations

    ඔයා කියන වගේ ඒවා නෙමෙයි යාළුවා !

    :yes::yes::yes::yes::yes::yes::yes:
    තව දෙයක් ඔය මහ නං රහුමාන්ගෙ 2000න් පස්සෙ සාර්ථක නිර්මාණ ආවෙ නෑ. රහුමාන්ට කලින් හින්දි සිනමාවෙ ඔය තැන තිබුනෙ නදීම්-ශර්වාන් ට (ඔය සාජන් වගේ හින්දි ෆිල්ම් වල සංගීතය මේ දෙන්නගෙ) මුන් දෙන්නත් ඔය විදියට පකිස්තාන් සින්දු. ඩෙමිස් රූසෝ වගේ බටහිර ගායකයන්ගෙ සින්දු කොපි කරනව කියල මාට්ටු වෙලා නෝන්ඩි වෙලා ෆිල්ම් මියුසික් වලින් චුත වුනා. R D Burman, Anu Malik, Buppi Lahiri වගේ අයත් කොපි කරල අහුවුනා නමුත් S D Burman, Laxmikanth-Pyarelal, Naushad, Shankar-Jayakishan නං එච්චරටම කොපි කිරීම සම්බන්දයෙන් චා වෙලා නෑ
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    පෙම්බර මධු මගේ
    // ගායනය : වික්ටර් රත්නායක
    පද රචනය : කරුණාරත්න අබේසේකර
    සංගීතය : පී එල් ඒ සෝමපාල.

    ස්තුතියි ! මම ඕකට වෙන තැනකින් තොරතුරු ගත්තේ එතන සදහන් වෙලා තිබුනේ ඔය විදිහට !
    වැරැද්ද නිවැරදි කරනවා !

    ස්තුතියි ඒවගේම සමාවෙන්න මිත‍්‍රයා !

    :yes::yes::yes::yes:

    මම හිතන්නේ ඔය හින්දි ගීත අනුකාරක රැල්ල බිද හෙලපු එක ඕන කමින් කරපු දෙයකට වඩා !

    copy ගහලා තමන්ගේ ආත්මය විකුනන්නේ නැතිව ! වැඩක් කරන්න ඒ මිනිස්සුන්ගේ තිබුණු ගති ගුණය නිසා වෙන්න ඕන !

    දැනුම + ආකල්ප ( තමන්ගේ නිර්මාණයක් copy නොකර කිරීම/ සල්ලි වියදම් වුනත් කරන වැඩේ උපරිමයෙන්ම කිරීම ) + නිර්මාණශීලීත්වය

    ඒ වගේම ක්ෂණික නුඩ්ල්ස් වගේ සල්ලි හොයන්න එක පිට එක වැඩ කරන්න ගියේ නැහැ !
    කාලය අරන් යම් දෙයක් කලා !

    ඒ සංගීතය ගැන තනියෙන් ඉගෙන ගෙන පේ‍්‍රමසිරි කේමදාසයන් නම් ! මම හිතන්නේ සරත් දසනායකනුත් එහෙම තමා

    ඒත් අද ඉන්න ගොඩක් අයට උපාධි තිබුනත් ඔය කියන

    ආකල්ප + නිර්මාණශීලීත්වය නැහැ

    කේමදාස මාස්ටර් වගේම වික්ටර් රත්නායකගේ සංගීත ගුරුවරයා වන්නේ චන්ද්‍රසේන මාස්ටර් තමයි. හැබැයි කේමදාස මාස්ටර් එයා චන්ද්‍රසේන මාස්ටර්ගේ ගෝලයෙක් කියන්නේ නෑ. පසුකාලිනව වික්ටර් රත්නායක වගේම සරත් දසනායකත් කේමදාස මාස්ටර්ගේ වාදක මණ්ඩලයේ කටයුතු කරනවා. පසුව කේමදාස මාස්ටර් සමඟ ඇතිවන ප‍්‍රශ්ණ නිසා ඔවුන් කේමදාස මාස්ටර්ගේ සංගීත කණ්ඩායමෙන් ඉවත්වෙලා තනිවම කටයුතු කරනවා. රෝහණ වීරසිංහ පවා කලක් කේමදාස මාස්ටර්ගේ වාදක මණ්ඩලයේ සිටියා.

    මේ ත්‍රේඞ් එකේ තිබුනා වගේ කසුන්ට විතරක් නෙමේ කේමදාස මාස්ටර් ට පවා චෝදනා එල්ල වෙලා තියෙනවා. රුසියානු සංධවනිවල එන සංගීත කොටස් ඒ ආකාරයෙන්ම කේමදාස මාස්ටර් තම නිර්මාණ වලට යොදා ගත්තා කියලා ඇතැම් දෙනා චෝදනා එල්ල කරලා තිබෙනවා. මම හරියටම එහි සත්‍ය අසත්‍යතාවය නම් දන්නේ නෑ මාස්ටර් ට අපහාසයක් කරන්න කියුව දෙයක් නෙමේ එහෙම චෝදනා එල්ල වෙලා තියෙනවා.

    මමත් අහලා තියෙනවා ඔය කතාව ! ඒක ඇත්ත වෙන්න ඕන !
    අපි ඔය කාලේ හිටියේ නැහැනේ !

    අපි දන්නේ මාධ්‍ය හරහා නේ ! කේමදාස මාස්ටර්ලා වගේ අය ගැන !
    මාධ්‍ය අටුවා ටීකා ටිප්පනි දාලා කියනවනේ !
    මාධ්‍ය තමයි ගොඩක් අය පුම්බලා ගන්නේ !

    ඒක කේමදාස මාස්ටර්ටත් එකයි කසුන්ටත් එකයි රහ්මාන්ටත් එකයි !

    මම කියන්නේ music composing පැත්තෙන් ! එහෙම නැතුව සින්දු කියන පැත්තෙන් නෙමෙයි !

    සින්දු කියන්න ඕන තරම් කට්ටිය ඉන්නවා කොහෙත් ! හැබැයි music composerලා තමයි හොයා ගන්න නැත්තේ ! අද ලංකාවෙට වෙලා තියෙන්නේ ඕක !

    ඒවා දැක දැක අපිත් කියනවා මෙයා තමයි පොර කියලා ! ඒවගේ අය ගැන කතා කරන අපිත් ටිකකට පොරක් කියලා හිතනවා ! ඕකයි තත්වේ බලන් ගියහම !

    හැබැයි තමන් කරපු දේවල් ගැන දන්නේ අදාල හොර වැඩ කරපු අයම තමයි !

    අපි කවුරුවත් ලෝකේ තියෙන ඔක්කොම ජාතියේ music අහලා නැහැනේ ඉතින් !
    ඕවා අහලා තියෙනා එක්කෙනෙක්ට ඕවා ගැන උනන්දුවක් තියෙන කට්ටිය ප්‍රසිද්ධ වෙන්න එක එක තැන්වලින් උස්සනවා !

    උස්සලා තමන් ජීවත් වෙන රටේ වැඩ්ඩො බවට පත් වෙනවා !

    කේමදාස මාස්ටර්ටත් බලාගෙන ගියහම ඒක එහෙම වෙන්න ඇති එහෙනම් ඔය කියන හැටියට !

    චෝදනා එල්ල වෙලා තියෙන්නේ නිකම් කියන්න බැහැ !
    ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැනේ !
     
    Last edited:

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මං හිතුවේ පරණ සෙට් එක තමයි ඉන්දියන් ඒවා copy කරගෙන තියෙන්නේ කියලා. බලනකොට භාතිය සන්තුෂ්, කසුන් කල්හාර?