මිත‍්‍රයා ඔබට ලොකු වැරදිමක් වෙලා තිබෙනවා පෙම්බර මධු ගීතයේ සංගීතය වික්ටර් රත්නායකයන්ගේ නෙමේ P.L.A. සෝමපාලයන්ගේ ඕක චිත‍්‍රපට ගීතයක් සිංහල චිත‍්‍රපට වල බොහෝ අනුකාරක ගීත නිර්මාණය කරන්නේ මේ P.L.A. සෝමපාලයන් තමයි. ජෝති-ඇන්ජලින් ගායන කරන අනුකාරක චිත‍්‍රපට ගීත බොහොමයකම සංගීතය P.L.A. සෝමපාලයන්ගේ, ඔහුගේ ස්වතන්ත‍්‍ර සරළ ගීත තිබුනට චිත‍්‍රපට ගීත වල 90 % ක් ම වගේ තියෙන්නේ අනුකාරක ගීත තමයි.
P.L.A. සෝමපාල සිංහල චිත‍්‍රපට ගීතවල ඇතිකල අනුකාරක ගීත යටපත් කරමින් ස්වතන්ත‍්‍ර ගීත ඔස්සේ සිංහල චිත‍්‍රපට ගීත වෙනස්ම මගකට යොමුකල යුග පුරුෂයන් දෙදෙනා වන්නේ සරත් දසනායකයන් හා පේ‍්‍රමසිරි කේමදාසයන්, ඔවුන් දෙදෙනා තමයි ස්වතන්ත‍්‍ර මධුර තනු නිර්මාණය කරමින් සිංහල චිත‍්‍රපට ගීත වලට නව ජිවයක් ලබාදුන්නේ, විශේෂයෙන්ම ජෝතිපාලගේ ස්වතන්ත‍්‍ර චිත‍්‍රපට ගීත බොහොමයක් බෙදිලා යන්නේ සරත් දසනායක හා පේ‍්‍රමසිරි කේමදාසයන් අතරේ තමයි.
පෙම්බර මධු මගේ
// ගායනය : වික්ටර් රත්නායක
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : පී එල් ඒ සෝමපාල.
ස්තුතියි ! මම ඕකට වෙන තැනකින් තොරතුරු ගත්තේ එතන සදහන් වෙලා තිබුනේ ඔය විදිහට !
වැරැද්ද නිවැරදි කරනවා !
ස්තුතියි ඒවගේම සමාවෙන්න මිත‍්‍රයා !
ස්වතන්ත‍්‍ර ගීත ඔස්සේ සිංහල චිත‍්‍රපට ගීත වෙනස්ම මගකට යොමුකල යුග පුරුෂයන් දෙදෙනා වන්නේ සරත් දසනායකයන් හා පේ‍්‍රමසිරි කේමදාසයන් !




මම හිතන්නේ ඔය හින්දි ගීත අනුකාරක රැල්ල බිද හෙලපු එක ඕන කමින් කරපු දෙයකට වඩා !
copy ගහලා තමන්ගේ ආත්මය විකුනන්නේ නැතිව ! වැඩක් කරන්න ඒ මිනිස්සුන්ගේ තිබුණු ගති ගුණය නිසා වෙන්න ඕන !
දැනුම + ආකල්ප ( තමන්ගේ නිර්මාණයක් copy නොකර කිරීම/ සල්ලි වියදම් වුනත් කරන වැඩේ උපරිමයෙන්ම කිරීම ) + නිර්මාණශීලීත්වය
ඒ වගේම ක්ෂණික නුඩ්ල්ස් වගේ සල්ලි හොයන්න එක පිට එක වැඩ කරන්න ගියේ නැහැ !
කාලය අරන් යම් දෙයක් කලා !
ඒ සංගීතය ගැන තනියෙන් ඉගෙන ගෙන පේ‍්‍රමසිරි කේමදාසයන් නම් ! මම හිතන්නේ සරත් දසනායකනුත් එහෙම තමා
ඒත් අද ඉන්න ගොඩක් අයට උපාධි තිබුනත් ඔය කියන
ආකල්ප + නිර්මාණශීලීත්වය නැහැ
Last edited:
rahman ta acadamy haba une amarican karayata miniha ge music aluth ekak una nisa habai ai haba wen ne kawadawath mokada rahman ge music wala variety ekak nethi nisa
