කැම්පස් යන හැම එකාම මෙහෙම නෑ .
මාත් ඔය කියන කැම්පස් එකේම තමයි . හැබැයි මාත් මේ පෙළපාලි මගුල් වලට සම්පූර්ණයෙනම විරුද්දයි . ඒ වගේම කවදාවත් මේවට ගිහිල්ලත් නෑ යන්නෙත් නෑ . ඉල්ලීම් දිනාගන්න තව ඕනි තරම් ක්‍රම තියෙනවා . මේක අන්තිම option එක . එත් අපේ උන් මුලින්ම කරන්නේ මේක .
ඒ ඇයි කියල ඇහුවම ලියුම් දුන්න අරක කරා මේක කර අපි ළඟ ඒවගේ සාක්ෂි තියෙනවා හෙට ගෙනත් පෙන්නනවා කිව්වට කවදාවත් ඒවා පෙන්නන්නේ නෑ.
හේතුව මේකයි , මේ වැඩ කරන්නේ ඇත්තටම කැම්පස් ලමයින්ගේම උවමනාවට නෙවෙයි . බළලුන් ලවා කොස් ඇට බාන්න හදන අනාත වෙච්ච දේශපාලුවෝ ටිකක් . හරියටම කියනවනම් අර පෙරටුගාමි අනාතයෝ .
කැම්පස් වල තියෙන අගහිඟකම් වැඩි තරුණ වයසේ (ලේසියෙන් යමකට උසිගැන්විය හැකි වයසේ ) විශාල පිරිසක් සිටිම කියන වාසිය අරන් කොහොමහරි තමන්ගේ තත්වේ රැකගන්න හදන අවජාතක දේශපාලනේ නිසයි මේවා වෙන්නේ .නැතුව කැම්පස් යන උන්ගේ වරදින් නෙවෙයි.
කෙනෙක්ට කියන්න පුළුවන් නේ මේවට නොයා ඉන්න පුළුවන්නේ කියල .කැම්පස් ගැන දන්නා එකෙක් මෙහෙම කියන්නේ නෑ . ඔතන ගොඩක් හිටියේ බයට , බලකිරීමට ඔතනට ගියපු පළමු වසරේ ශිෂ්‍යයෝ . අහුවොත්නම් කියය අපි බල කරේ නෑ කියල . එත් නොකරෙත් නෑ කියන එකයි ඇත්ත. අනික ගොඩක් උන් යන්නේ බලකරන නිසාමත් නෙවෙයි ඕවට නොගියාම පිරිස අතරේ තමන්ව හැලෙයි කියන බයට . එහෙම වෙන එක ගොඩක් බරපතල දෙයක් කැම්පස් ළමයෙක්ට . විශේෂයෙන්ම එයාට ඉංග්‍රීසි අවුල්නම් (අහගන්න කෙනෙක්වත් නැති වෙනවා) , ආර්ථික අපහසුකම් වැඩියි නම් ( උදව්වක් ගන්නවත් කෙනෙක් නැති වෙනවා )වගේ හේතු ඕකට බලපානවා .
මේවා තේරුම් ගනිල්ලා. නිකන් කුහක කමට කාටවත් බනිනේ නැතුව .