විවිද නය වර්ග තිබුනත් මන් මෙතනදි කියන්න හදන්නේ වයාපාරික නයක් ගන්න අවශ්ය කෙනෙක්ට වැදගත් වෙන කරුනු ටිකක් ගැන.
වයාපාරික නය
අලුතෙන් වයාපාරයක් පටන් ගන්න කෙනෙක් ඉන්නවා. ඒ කෙනාට ඒ වයපාරය පිලිබද හොද අවබොදයක් එක්ක අත්දැකීම් රාශියක් තියෙනවා. කොටින්ම කිව්වොත් ඒ මනුස්සය ඒ වයාපාරය ගැන A-Z දන්නවා. නමුත් එයාට තියෙන එකම ප්‍රශ්නේ වයාපාරයට අවශ්ය මුලික ප්‍රාග්දනය නොමැතිකම.
මෙහෙම හිතමු. වයාපාරය ආරම්බයට ලක්ශ 10ක් අවශ්යයි.
මාසෙට පඩිය 20000යි කොහොමහරි කරලා ඔකෙන් 8000ක් ඉතිරි කරගත්තොත් අවුරුදු 10ට 960000ක් ලැබෙනවා. හැබැයි ඒකත් ලේසිවෙන එකක් නෑ. කොහොමහරි ඔහොම ලැබුනත් ඒකට අවුරුදු 10ක් ගිහින්. තේරුමක් නෑ.
ඉතින් ඒ කෙනාම බැන්කු නයක් ගන්නවා ගන්න පුලුවන් අවම පොලියට. ලක්ශ 10ක් අවුරුදු 5කට ගත්තා කියලා හිතමු. මාසේට ගත්ත මුදලින් 60000ක් (6%) හොයන්න පුලුවන් නම් වාරිකය 20000ක් වුනාට අව්ලක් නෑනේ. වාරිකය 20000 වුනාට ඔකට මාසෙට වැටුන පොලිය 1%. සමහරවිට ඉටත් අඩුයි. මාසෙකට 60000කුත් ලැබෙනවා. 20000ක් ලෝන් එකට අයින් කලාම 40000යි 10000ක් ඉතිරි කලොත් මාසෙට 30000ක් වියදමට තියෙනවා.
ලෝන් එකකට යන එක තමයි ප්‍රාග්දනය නොමැති කෙනෙක්ට වයාපාරය ආරම්බ කරන්න පුලුවන් හොදම විදිය. ඉතින් එහෙමවත් හිතලා කලේ නැත්තම් කවදාවත් වයාපාරයට ආරම්බයක් ගන්න බෑ.
මොකද රු.20000ක් පඩි අරන් පඩියෙන් 8000ක් ඉතිරි කරන් ලක්ශ 10ක් හොයනවා කියන්නේ බොරු වැඩක්. එහෙම කරන්න පුලුවන් වුනත් අවුරුදු 10ක් වත් යයි. ඉතින් කාලය අපතේ යැවීමක්.
මන් මුලින් කියපු විදියට හිතලා ලෝන් එකක් ගත්තනම් ඔය ලෝන් එක අවුරුදු 5න් ගෙවල ඉවරවෙනවා. ලැබුන ආදායමෙන් ගෙවපු නිසා ලක්ශ 10ම ලෝන් එක අවසානෙදි ඉතිරි වෙනවා. අමතරව මාසික ආදායමෙන් මාසෙට 10000ක් ඉතිරි කලොත් අවුරුදු 5ට ලක්ශ 6ක් ඉතිරිවෙලා. එතකොට ඒ පුද්ගලය ලග ඔක්කොම ලක්ශ 16ක් තියෙනවා. ඔය ලක්ශ 16ම ලැබුනේ ලෝන් එක දාලා සාර්තකව වයාපාරය අවුරුදු 5ක් කරපු නිසා සහා ලෝන් එකත් ගෙවලා ඉවරවුන නිසා. ඉතින් ලක්ශ 16ම අතේ තියාගෙන වයපාරය ඉදිරියට කරගෙන යන්න දැන් ඒ කෙනාට පුලුවන්. මාසික ගෙවිමකුත් නෑ. සාර්තකත්වය කරා ගමන් කරනවා.
අවදානමක් නැතිව කරන්න පුලුවන් දේවල් ගොඩක් සීමිතයි. වයාපාරයකදි කොහොමත් අවදානමක් ගන්න වෙනවා. බය නැතුව අවදානම අරන් උත්සහයෙන් වයාපාරය දියුනු කරගන්න. ඉලක්කය කරා ඉතා ඉක්මනින් ලගවෙන්න පුලුවන්.
මගේ අදහස් වලින් පොඩිහරි දෙයක් ගන්න පුලුවන් වුනානම් මට ඒ ගැන ගොඩක් සතුටුයි

ණය ගෙවෙන ක්‍රම කීපයක් තියෙනව. 
තියෙන හැටියෙන් යමක් කරගන්නවා මිසක් ලෝන් නම් ගන්නෑ කිසිම දවසක..
ගන්න පඩිය ඔය රෙද්දවල් වලටම ගෙවලා ඉවරයි.. ගෙවනව ගෙවනව ඉවරයකුත් නෑ..
කොමර්ශල්, සම්පත් නම් 12%ට තිබ්බ. ගන්න ගියාම ඔය ගානට දෙනව නම් හොදයි.