කටට රහට උයමු.....!!! (HOT) Buttered Cuttlefish - EK Cookery class 15'
මුලින් ම කිව යුතු දෙයක් සහ ඉල්ලීමක් තියෙනවා.
ඉල්ලීම-
මචංලා, දැල්ලො කියන්නේ අම්බානකට කොලෙස්ටරෝල් තියන ආහාරයක්. ඒ මදිවාට මේක දෙපාරක් තෙලෙන් බැදෙනවා. ඒ නිසා මේක කොතරම් රසවත් වුණත් නිතර හදාගෙන කන්න යන්න එපා! උඹලට කොලෙස්ටරෝල් වැඩිවෙලා හාට් ඇටෑක් ආවෙත් මම ආනන්තර්ය පාපකර්මයක් කලා වෙනවා!!!!
කිව යුතු දේ -
“තාත්ති උයන දේවල්” කෑමට මගේ පුත්‍ර රත්නය දක්වන්නේ ලොකු කෑදර කමක්. එනිසා මේ හදපු එක HOT නැහැ. එනිසයි “(HOT)” කියා දමා ඇත්තේ. මොකද පොඩි එකාට “දයියා කන්න” තාම බැරි නිසා. මේක HOT කරන ආකාරය එනිසා වෙනම ම රතු අකුරින් දමා ඇති. පුත්‍රස්නේහය පිළිබද ව ඔබතුමන් ලා දන්නවා ඇතැයි සිතමි.
අවශ්‍ය දේ.
1. කඩල පිටි මේස හැදි 5ක්
2. බැදීමට කොලෙස්ටරෝල් රහිත තෙල්
3. ඔයිස්ටර් සෝස් මේස හැදි 1ක්
4. මාළු සෝස මේස හැදි 1ක්
5. වූස්ටර්ෂයර් සෝස් මේස හැදි 1ක්
6. බඩ ඉරිගු පිටි මේස හැදි 4ක්
7. ඇට ඉවත් කර කැබළි කැපූ මාළු මිරිස් කරල් 2ක්
8. අගල් 2ක් පමණ දිගට කැපූ ළූණු කොල ග්රෑiම් 50ක්
9. දිගට කැපූ කැරට් අලයක්
10. පෙති කැපූ ලොකු ළූණු ගෙඩියක්
11. හතරට පැලූ ළූණු කොල වල ළූණු බල්බ
12. මාගරීන් හෝ බටර් ග්‍රෑම් 50ක්
13. පෙති කැපූ සුදු ළූණු
14. පෙති කැපූ ඉගුරු
15. බිත්තරයක්
16. මිරිස් කුඩු ස්වල්පයක්
17. කහ කුඩු ස්වල්පයක්
18. ලුණු තේ හැන්දක්
19. ලියා ගත් ඉගුරු, කුරුදු, එනසාල් 2ක්, කරාබු නැටි 2ක් සහ උළුහාල් ස්වල්පයක්
20. සුදු ලූණු බික් දෙකක්
21. රම්පෙ
22. කරපිංචා
23. අබ කුඩු ස්වල්පයක්
මෙන්න හොට් කරගන්න ඕන දේවල්........හැබැයි ෆොටෝ එකේ නෑ........
24. චිලී පේස්ට් මේස හැදි 2ක්
25. මිරිස් සොස් හෝ තක්කාලි සෝස් මේස හැදි 6ක්
හෝව්.......ඕනම දේ නෑනේ...............දැල්ලෝ......??????
දැල්ලෝ ජාති දෙකක් තියනවා.
එකක් රතු දැල්ලන් (Red cuttlefish)
අනික පොතු දැල්ලන් (Squids)
මේ වර්ග දෙක ම මේයට භාවිතා කළ හැකි වුවත් වඩාත් රසවත් වන්නේ රතු දැල්ලන්.
දැල්ලන් සකස් කිරීම.
හුග දෙනෙක් මේ දැල්ලො බිස්නස් එකට කැමති නැත්තේ උන් සුද්ද කරගන්න දන්නේ නැති නිසා. මාළු කඩ වල උන් කරන්නේ දැල්ලා ගේ ඔළුව ගලවලා විසි කරලා හම ගහල දෙන එක. අන්තිමට ග්‍රෑම් 500ක් කින් ග්‍රෑම් 200ක් අපතේ.....හැබැයි අපි ඒකට ගෙවන්න ඕන. ඒ නිසා මෙන්න දැල්ලන් සුද්ධ කරන විදිය.
A. දැල්ලෙක් ගේ ශරීරය කොටස් දෙකකට බෙදෙනවා. හිස සහිත ජල පිහිර සහ අන්තරංග සහිත කද කොටස ලෙස. මේ කද කොටසේ මාංශමය වරල පිහිටනවා.
B. හිස කොටසින් අල්ලා පරිස්සමෙන් එළියට අදින්න. එවිට හිස සමග තීන්ත සහිත කදුක සහ අන්ත්රයට සම්බන්ධ වූ ගොජුර එළියට එනවා.
C. තීන්ත මඩිය හසු නොවන සේ ඇගිලි දෙකින් අල්ලා පහලට තෙරපමින් අදින්න. මෙවිට කදුක සහ අන්ත්රය වෙන් වී යයි. කදුක පොඩි කරගන්න එපා! එවිට හත් පොලේ කළු පාට තීන්ත ගා ගෙන, ගද ගස්සගෙන වැඩේ ඇනට් වෙනවා!
D. දැල්ලා ගේ ශරිරය උඩ කොටසේ තද යමක් දැනේවි. මේය “දැලි පොත්ත” ලෙස හදුන්වන අභ්‍යන්තර කවචය. මෙහි කෙළවර නිය තුඩින් අල්ලා අදින්න.
E. එවිට දැලි පොත්ත මෙලෙස පහසුවෙන් වෙන් වී එයි.
F. දැල්ලා ගේ සම ඉවත් කිරීමට ඇගිළි තුඩින් අල්ලා සම තදින් අදින්න. සියුම් සම ගැල වී එන අතර,
G. පහලට දිගට ම ඇදී මෙන් සම්පූර්න ලෙස සම ඉවත් කර ගත හැකිය.
H. ආහාරය සදහා ගනු ලබන ශුද්ධ කල දැල්ලා සහ හිස වම් පසින් ද ඉවත් කල සම, කදුක, අන්ත්ර්ය සහ දැලි පොත්ත දකුනු පසින් ද දක්වා ඇත.
මෙසේ සකස් කර ගත් දැල්ලන් පිරිසිදු ජලයෙන් අවම ලෙස තෙවරක් හොදින සෝදා ගන්න. ශරීරය තුළට ජලය දමා සොලවා හොදින් සෝදා ගන්න. ආහාරය සදහා දැල්ලන් සහ එම හිස් ගනු ලැබේ.