sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මේ ත්රෙඩ් එකට එන්නත් අවුල්...........
අපේ නැකත මොනව හරි අලුතෙන් කීවද මෛත්‍රී ගැන බොලව්
avatar510150_1.gif
 
N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ජ්‍යොතීර්විද්‍යාවේ යෝග යනුවෙන් නම් කර ඇත‍්තේ යම් යම් කාර්යයන් සඳහා ග්‍රහයන් යෙදී ඇති ආකාරයටයි. ග්‍රහ යෙදීම්, මෙපමණ යැයි ගණනය කළ නොහැක. එහෙත් යෝග වර්ග වශයෙන් නම් කළ විට දැක්විය හැක්කේ වර්ග පහකි.

    1. රජ කෙනෙකු බිහි වීම සඳහා යෙදෙන යෝග රාජ යෝග නම් වේ.

    2. ධනවතෙකු බිහි වීම සඳහා යෙදුන යෝග ධන යෝග නම් වේ.

    3. ශීලවන්ත පැවිදි උතුමන් බිහි වීම සඳහා යෙදුන යෝග පැවිදි යෝග නම් වේ.

    4. ඥාණවන්ත - බුද්ධිමත් අය බිහිවීම සඳහා යෙදුන යෝග ඥාණ යෝග නම් වේ.

    5. අනුන්ගෙන් යැපෙන අසරණයන් බිහිවීම සඳහා යෙදෙන යෝග දරිද්‍ර යෝග නම් වේ.

    මේ යෝග අනුව එක් එක් පුද්ගලයා එක් එක් කාර්යය සඳහා දෛවයා විසින් යොමු කොට ඇත. ජන්ම පත්‍රයේ රාජ යෝගයක් යෙදී ඇත්නම් ඔහු හෝ ඇය රජකමට පත්වේ. යම් අයෙකු රාජ යෝගයක් නැතිව කෙසේ හෝ රජ වන්නෙමි’යි ක්‍රියා කළහොත් ඔහු ත්‍රස්තවාදී රාජද්‍රෝහියකු වන්නේ ය.

    ධන යෝගයක් රහිතව ධන කුවේරයකු වීමට උත්සාහ ගන්නා අය මංකොල්ල කෑම්, අල්ලස් ගැනීම් සිදු කරන වංචනිකයන් වේ.

    පැවිදි යෝග රහිතව පැවිදි වීම හේතුවෙන් දුස්සීලයන් බිහිවේ.

    ඥාණයෝග නැතිව, ඥාණවන්ත අයගේ තනතුරුවල කටයුතු කිරීමට යාම, නැවත සකස් කර ගැනීමට, විසඳා ගැනීමට නොහැකි අවුල් ඇතිවීමට හේතුවේ.

    දරිද්‍ර යෝගයෙන් උපන් අය සිඟාකමින් කොතරම් ධනය රැස් කළත්, සිඟාකෑම අත්හැර ධනවතකු ලෙස ජීවත්විය නොහැක.

    වත්මන් ජනාධිපතිතුමාගේ ජන්ම පත්‍රය.
    එතුමාගේ ජන්ම පත්‍රයේ සඳුගෙන් 7 වැන්නේ සිකුරු මූල ත්‍රිකෝණ බලයෙන් හා ස්ව‍ක්ෂේත්‍ර බලයෙන් සිටීම, සඳුගෙන් 6 වැන්නේ ගුරු දිග් බලයෙන් සිටීම, සඳුගෙන් 8 වැන්නේ බුද සිටීම අනුව චන්ද්‍ර අධියෝගය අංගසම්පූර්ණව ඇත.

    සිරිමාවෝ මැතිනියගේ අංග සම්පූර්ණ නොවූ චන්ද්‍ර අධි යෝගයෙන් එතුමිය එතරම් බලවත් වූවා නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අංගසම්පූර්ණ චන්ද්‍ර අධි යෝගය නිසා එතුමා කොතරම් බලවත් විය යුතුද? එතුමාගේ ජන්ම පත්‍රයේ චන්ද්‍ර අධි යෝගය උපරිම අයුරින් පිහිටා ඇත. උපරිමයට පසුව තවත් බලවත් දෙයක් නැත. එබැවින් අනිත් අපේක්ෂකයන්ගේ ජන්ම පත්‍රවල අඩු බලයක් ඇති බව උපකල්පනය කළ හැකිය.

    අවසාන නිගමනයේදී ජනාධිපතිතුමා නැවත ජනාධිපතිවේ යයි නිසැක ය. එසේ වුව ඉදිරි වර්ෂ 2 ½ ක් පමණ කාලය එතුමාට බලවත් අභියෝග තුනකට මුහුණදීමට සිදුවේ.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සිරිසේනට ඡන්දය දී රනිල් අගමැති කරන්න තරම් ජනතාව මෝඩ නැහැ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මට නම් හිතන්නේ මහින්දගේ මෛත‍්‍රීගේ කේන්දරයට වැඩිය වැදගත් වෙන්නේ ශ‍්‍රි ලංකා කේන්දරය කියලා ඒ කියන්නේ ජනතාවගේ කේන්දරය ඒක තමයි ගොඩක් බලවත් වෙන්නේ ශ‍්‍රිලංකා මාතාව මේ දුෂිත පාලනයෙන් ගලවගන්න ජනතාවට ලැබෙන අවසන් අවස්ථාව මේ අවස්ථාව මගහැරුනොත් ලංකාව නිසැක වශයෙන්ම ඒකාධිපති හස්තයකට ගොදුරු වෙන එක කිසිම කෙනෙකුට නවත්වන්න බැරි වෙයි කියලා මට හිතෙන්නේ, චිනාගෙන් ගිනි පොළියට ණයගන්න විදියට අපි අනාගතයේ බරපතල ණය උගුලක හිරවෙලා ශ‍්‍රි ලංකාව චිනංකාව විදියට වෙනස් වෙන්න බැරිත් නෑ :(:(:(

    :):)
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මම නං කියන්නෙ ඔය ලබ්බවල් පැත්තක දාලා 8 වැනිදා උදේම ගිහිං මෛත්‍රීට ඡන්දෙ දෙමු. ඊට කලන් මේ දවස් ටිකේ අපේ හිතවතුන් සියළු දෙනා දැනුවත් කරමු මෛත්‍රීට ඡන්දෙ දෙන්න කියමු. ග්‍රහ අපලේ එතකොට ඉවරයි.ආයෙත් මහින්ද දින්නොත් රටක් නෑ කාටවත් ඒක ෂුවර්
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අවසාන නිගමනයේදී ජනාධිපතිතුමා නැවත ජනාධිපතිවේ යයි නිසැක ය.
     
    • Like
    Reactions: kevindareal

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,611
    5,471
    113
    ඡන්දෙට අපරාදේ මුදල් වියදම් කරන්නෙ. අපේක්ෂකයන්ගේ හඳහන් වලින් රජ වෙන කෙනා හොයාගත්තනම් ඉවරනෙ.:P

    :rofl::rofl::rofl:
     
    ඕව තිතට කරපු ප්‍රේමදාසගෙ කේන්දරෙත් අපිට මතකයි, බෝම්බෙට අහුවෙන්ඩ කලින්. හැබැයි වුනාට පස්සෙ හැම එකාම කියන්ඩ ගත්ත මමත් ඕක කලින් කිව්ව කියල. මුං අනාවැකි ඔක්කොම පළකරන්නෙ වැඩේ වුනාට පස්සෙ. මෛත්‍රී දින්නොත් මුං කියයි මමත් ඕක කිව්ව කියල.
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මචන් උබ හොද කොල්ලෙක් කියල මන් හිතනවා . එත් උබත් මෙතන කරලා තියන්නේ අනිත් ජෝතිශ කාරයෝ කරන ජරා වැඩේමයි:angry:. කිසිම දෙයක් හරියට කියලා නෑ. :angry:අන්තිමේදී මොන පිට පෙරලුනත් කියන්න පුළුවන් ඕක තමයි මන් කිව්වේ කියල. මන් කියන දේ වැරදි කියල හිතෙනවා නම් කෙලින් කියපන් කවුඩ දිනන්නේ කියලා.:yes: (උබේ දේශපාලන මතය නෙමෙයි. ජෝතිශට අනුව). එහෙම බැරිනම් මේවගේ ත්රෙඅඩ්ස් දන්නා එපා. :angry:මොකද මෙතන තියන්නේ තියුණු සටනක් , දෙපැත්තටම එක එක විදිහේ වැසි තියනවා , මහින්ද වැරදි වැඩ වලින් හම්බු කරනවා... ඕව කියන්න ජෝතිශය ඕනෙද බන්. :frown:ඕක මෙරටේ ඉන්න ඕනේ එකෙකුට තේරෙනවනේ. එක නිසා මිනිසුන්ට වැදගත් වෙන්නේ එයාලට නෙතෙරෙන සිදුනොවුණු දේවල් ගැන දැනගන්නයි. පුලුවන්නම් ඒ දේ කරපන්. නැත්නම් තේරුමක් නෑ මචන්.:no::no:
     
    • Like
    Reactions: lahirufx+
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    මෛත්‍රීපාල හොද මනුස්සය...වටේ ඉන්න කට්ටිය නැත්නම් යහපාලනය තියෙයි..
    ඒ උනාට එක වැඩි ඡන්දෙකින් හරි මහින්ද රාජපක්ශ දිනනව...:eek:
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    කෝරලේමහත්තයා;17584532 said:
    මෛත්‍රීපාල හොද මනුස්සය...වටේ ඉන්න කට්ටිය නැත්නම් යහපාලනය තියෙයි..
    ඒ උනාට එක වැඩි ඡන්දෙකින් හරි මහින්ද රාජපක්ශ දිනනව...:eek:

    kollonge aathal kanna epa ban:angry::rolleyes::no::lol:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    වා සූර්‍ය නිශා චංඳ්‍රෝ - ප්‍රාප්ති එකා දසෙ යදී
    කෝටි දෝෂා විනශ්‍යන්තී - භාර්ගවශ්‍ය වචනං තථා.

    එනම්, දිවා කාලයේ සූර්‍යා අස්ථානගත වීද, රාත්‍රී කාලයේ දී නම් චඳ්‍රයා අස්ථානගත වීද, කෝටියක් දෝශ භංග වන බව භාර්ගවනම් සෘෂිවරයාගේ ප්‍රකාශයයි.
    ශ්‍රී ලංකාවේ දශක පහකට ආසන්න කාලයක් දේශපාලන පිටියේ පිරිසිදු හා ඍජු චරිතයක් වූ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජන්ම පත්‍රයට අනුව රාජ්‍යකාරක ආත්ම ගෞරවාභිමානී විශ්ව ග්‍රහබල තීරක රවි තමන්ටම සුවිශේෂී වූ තිර රාශියක් වූ සිංහ රාශි ගත වී ඇත. එයද තේජෝ බලය අනොන්‍ය වශයෙන් ස්ථාවර කිරීමකි. රවි සිටි නවාංශකය අධිපති බුධ ද, නව වැන්නාධිපති හෙවත් භාග්‍යස්ථානාධිපති ද එය වඩාත් තහවුරු කර දී ඇත. එපමණක් නොව රවි සිටි නැකත අධිපති සිකුරු ද අයස්ථානගත වී සිටීම අතිශය දුබල පිහිටීමකි. රාජයෝග නීර්ණයේ දී රාජ්‍ය කාරක රවිගේ බලය සුවිශේෂී වන්නේ මේ නිසාය. සිකුරුගේ බලය ලග්නාධිපතීත්වයෙන්ද,අධි පෝෂණයක් ලබා ඇත. තුලා ලග්නයට සාමාන්‍යයෙන් ගුරු සුභයෙක් සේ නොසැලකේ. එසේ වුව ද, මෙහි ගුරු හයවැන්නේ මීන රාශිගත වෙමින් ස්වක්‍ෂේත්‍ර බලය පමණක් නොව විපරීත බලයකින් ද සන්නද්ධ වී ඇත. මෙය බුද්ධිමත් අය හා සම්බන්ධ ශුභවාදී ප්‍රතිචාරයන්ට උණුසුම් අවස්ථාවක් උදාකර දීමකි. නවාංශකයේ දී ද ගුරු බලවත් වී ඇති අතර ,ගුරු භාග්‍යස්ථානාධිපති බුධ ගේ නැකතක වීම ද තවත් බල නිර්මාණයක් වේ. එය හර්ෂ යෝගයක් සේ හඳුන්වමු. සඳු , ගුරු හා අනනොන්‍ය දෘෂ්ටියකින් යුක්ත වීම ද, ප්‍රබල ශක්තියකි. එය ගජකේශරී යෝගය සේ අපි දකිමු.
    මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානතම අභියෝගය වන්නේ වත්මන් පාලන බලය රඳවා ගන ඇති මහින්ද රාජපක්‍ෂ මහතාය. ඔහුගේ ජන්ම පත්‍රයේ ද, ප්‍රබල රාජයෝග නැත්තේ නොවේ. එහෙත් එතුමා රාජ්‍ය බලය රඳවා සිටි කාලයේ ඔහුට කරට කර ගැලපෙන මෙවන් අවස්ථාවක් ඇති නොවීය. 2005 ට වඩා 2015 දී තත්කාල ග්‍රහබල සිතුවම බොහෝ වෙනස් වී ඇත. පෙර කී පරිදි ජන්ම බලය සක්‍රීය වීම දශාවල හා තත්කාලීන ග්‍රහබල අනුව උස් පහත් විය යුතුය.
    කන්‍යා ලග්නය හිමි මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජන්ම සටහනේ තත්කාල ග්‍රහ චාරයට අනුව රාජ්‍ය කාරක රවි මේ වන විට තම දිග් බලයට ප්‍රති විරුද්ධ දිශාවේ අව බලයෙන් යුතුව හතරවැන්නේ ගමන් කිරීම බල හීන කිරීමකි. හතර වැන්නේ රවි ප්‍රබල බාධකයකි. සාමාන්‍යයෙන් ඒරාෂ්ඨක ස්වභාවයක් විජයග්‍රහණයට බාධාවක් නොවුවද, සඳුගෙන් අටවැන්නේ වෙමින් ශනි දුබලව ගමන් කිරීම තත්වයෙන් පහළට යොමු වීමකට ඇති ඉඩ පෙන්වයි. මෙහි වඩාත් විශේෂය වන්නේ ශනි සඳුගෙන් අටවැන්නේ වෙමින් සූර්‍යා(රවි) මතින් ද ගමන් කිරීමයි. රවි දොළොස්වැන්නාධිපති වශයෙන් වීම ද, අහිමිත්වයට පාදකවීමකි.
    ගුරු ලග්නගතව දිග්බලවීම සාමාන්‍යයෙන් සුභ බවට බොහෝ දෙනාගේ පිළිගැනීමයි. එහෙත් එම ගුරු හත්වැන්නාධිපති වෙමින් බාධක ස්ථානය නියෝජනය වීම ගැන ප්‍රසිද්ධියේ හෙළි නොකරන ජෝතීශ්‍ය ගැන කථා කරන අය බොහෝ නාලිකාවල දී අපට පෙනේ. එමෙන්ම හතර හා හත අධිපති වශයෙන් ගුරුගෙන් ගෙනෙන කේඳ්‍රාධිපති දෝෂයන් ගැන ඔවුන් නිහඬ වන්නේ ඇයි දැයි ද විමතියට කරුණකි.
    එම ගුරුම අටවැන්නේ සිටින සඳුගෙන් හයවැන්නේ වෙමින් සකට-යෝග දෝෂය ලබා දීම ගැන සාක්‍ෂි භාවිතයෙන් ඔවුන්ට නොපෙණුනේද , කන්‍යා ලග්නයට අශුභ ග්‍රහයෙකු වන කුජගේ නැකතක වෙමින් ගුරු සිටීම, මහින්ද රාජපක්‍ෂ මහතා පෙන්වන ශක්තිය ඇතුළතින් රැඳී නොමැති බව සනිටුහන් කිරීමකි.
    කන්‍යා ලග්නයට මෙන්ම ගුරු තුලා ලග්නයට ද හිතකර බවක් නොපෙනේ. එහෙත් තුලා ලග්න හිමි මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ කේන්ද්‍රයෙහි හයවැන්නාධිපති ගුරු එහිම බලවත් වීම නිසා ඇති කරන විපරීත බලය නිසා ප්‍රතිපත්තියෙන් දෙපිලක වුවද ගුරු හිමි මීන ලග්නයෙන් ජනිත රනිල් වික්‍රමසිංහ මහතාගේ සහය ලැබීම ද, අනපේක්‍ෂිත අවස්ථාවකි. එතුමාගේ ලග්නාධිපති ගුරු ප්‍රබලව පස්වැන්නේ ගමන නිරායාසයෙන්ම ප්‍රසිද්ධිය හා භාග්‍යමය අවස්ථාවන් සටහන් කරවන්නකි. ජන්ම ගුරු ද ලග්නාධිපති වෙමින් අයස්ථාන ගත වීමේ බලය සක්‍රීය කිරීමකි. පස්වැන්නාධිපති සඳු හා යෝග වීමද , නිහඬ එහෙත් ගැඹුරු මානව දයාවෙන් පිරිපුන් චරිතයක් හිමි කොට දී ඇත. පුද්ගල සාධනයට වඩා වර්ගයා වෙනුවෙන් සංකල්පනාවන් කෙරේ එතුමාගේ උනන්දුව වැඩිවූයේ ඒ නිසාය. එබැවින් ගුරුගේ බලය රනිල් මහතා මෛත්‍රී පාලනයකට මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහයක්ම වී ඇත.
    කේන්ද්‍රයක් (ජන්ම-පත්‍රයක්) විග්‍රහ කිරීමේ දී රාශි හා ග්‍රහබල තත්වයන් මනාව විග්‍රහ කළ යුතු වුවද ඉන් තමන්ගේ ගුන අනුව පූර්ව විනිශ්චයන් මත ජය පරාජය කල්තබා පැවසීම ජෝතීශ්‍යට අයත් කාර්‍යයක් නොවේ. ජෝතීශ්‍ය යනු ප්‍රබල ජීවන ශක්තීන් විග්‍රහයකි. ඊට ගැලපෙන හා මනාව හික්ම වූ ජෝතීශ්‍ය දැනුමක් අවබෝධයක් හා පිරිපුන් බවක් ජෝතීශ්‍යවේදියකුට තිබිය යුතුය.
    ෴ ජෝතීශ්‍යවේදිනී නිලූකා ඒකනායක ෴
    හිටපු උපදේශක කර්තෘ(සුබසෙත)
    හිටපු ප්‍රධාන කර්තෘ (ජෝතීශ්‍ය සක්වල)
    කැඳවුම් කරු- සමස්ථ ලංකා ජෝතීශ්‍ය උපදේශක සභාව
     
    බුදු දහමේ ජ්‍යෝතිෂයට තැනක් නෑ. මේවා මිත්‍යා දෘෂ්ටි
     
    Dec 15, 2014
    214
    16
    0
    මරු හදහන් පැහැදිලි කිරිල්ල බන් මුගේ...
    මංත්‍රී හොදයි.. ඇමති හොදාදදාදාදාදාදාදාදායි කිව්වා වගේ කතාවක් බං මේක..
    මිත්‍යා දුෂ්ටිකයා...
    :lol::lol::lol::lol:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මචන් උබ හොද කොල්ලෙක් කියල මන් හිතනවා . එත් උබත් මෙතන කරලා තියන්නේ අනිත් ජෝතිශ කාරයෝ කරන ජරා වැඩේමයි:angry:. කිසිම දෙයක් හරියට කියලා නෑ. :angry:අන්තිමේදී මොන පිට පෙරලුනත් කියන්න පුළුවන් ඕක තමයි මන් කිව්වේ කියල. මන් කියන දේ වැරදි කියල හිතෙනවා නම් කෙලින් කියපන් කවුඩ දිනන්නේ කියලා.:yes: (උබේ දේශපාලන මතය නෙමෙයි. ජෝතිශට අනුව). එහෙම බැරිනම් මේවගේ ත්රෙඅඩ්ස් දන්නා එපා. :angry:මොකද මෙතන තියන්නේ තියුණු සටනක් , දෙපැත්තටම එක එක විදිහේ වැසි තියනවා , මහින්ද වැරදි වැඩ වලින් හම්බු කරනවා... ඕව කියන්න ජෝතිශය ඕනෙද බන්. :frown:ඕක මෙරටේ ඉන්න ඕනේ එකෙකුට තේරෙනවනේ. එක නිසා මිනිසුන්ට වැදගත් වෙන්නේ එයාලට නෙතෙරෙන සිදුනොවුණු දේවල් ගැන දැනගන්නයි. පුලුවන්නම් ඒ දේ කරපන්. නැත්නම් තේරුමක් නෑ මචන්.:no::no:

    me kiyala thiyenne hariyatama
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    Vote for MR:
    කිසියම් කාරණයක තිරසාර බව පිළිබඳව කියන්නේ ඒක “ගලේ කෙටු අකුරක් වගේ අපිට විශ්වාසයි” යන වගන්තිය යෙදීමෙනි.
    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යනු ගලේ කෙටු අකුරක් සේ ස්ථිර, විශ්වසනීය නායකත්වයක් සහ දැක්මක් සහිත දේශපාලනඥයෙකි.
    "නගුල අල්ලා ආපසු බලන්නා දෙවියන් නොදකී” යන කියමන අනුව, එතුමා ඉදිරියට තැබු පියවර ඉදිරියට ම තබනවා විනා මොන හේතුවක් නිසා හෝ එය ආපසු තබන්නේ නැත.
    හේතුව තිරසාර දැක්මක් හා ස්ථිර ප්‍රතිපත්තියක් මත කටයුතු කිරීමේ උත්තුංග හැඟීම එතුමාට තිබෙන බැවින් හා යථාර්ථය දැකීමට එතුමා සතුව තිබූ ප්‍රායෝගික බුද්ධිය නිසාය.