ජ්‍යොතීර්විද්‍යාවේ යෝග යනුවෙන් නම් කර ඇත‍්තේ යම් යම් කාර්යයන් සඳහා ග්‍රහයන් යෙදී ඇති ආකාරයටයි. ග්‍රහ යෙදීම්, මෙපමණ යැයි ගණනය කළ නොහැක. එහෙත් යෝග වර්ග වශයෙන් නම් කළ විට දැක්විය හැක්කේ වර්ග පහකි.
1. රජ කෙනෙකු බිහි වීම සඳහා යෙදෙන යෝග රාජ යෝග නම් වේ.
2. ධනවතෙකු බිහි වීම සඳහා යෙදුන යෝග ධන යෝග නම් වේ.
3. ශීලවන්ත පැවිදි උතුමන් බිහි වීම සඳහා යෙදුන යෝග පැවිදි යෝග නම් වේ.
4. ඥාණවන්ත - බුද්ධිමත් අය බිහිවීම සඳහා යෙදුන යෝග ඥාණ යෝග නම් වේ.
5. අනුන්ගෙන් යැපෙන අසරණයන් බිහිවීම සඳහා යෙදෙන යෝග දරිද්‍ර යෝග නම් වේ.
මේ යෝග අනුව එක් එක් පුද්ගලයා එක් එක් කාර්යය සඳහා දෛවයා විසින් යොමු කොට ඇත. ජන්ම පත්‍රයේ රාජ යෝගයක් යෙදී ඇත්නම් ඔහු හෝ ඇය රජකමට පත්වේ. යම් අයෙකු රාජ යෝගයක් නැතිව කෙසේ හෝ රජ වන්නෙමි’යි ක්‍රියා කළහොත් ඔහු ත්‍රස්තවාදී රාජද්‍රෝහියකු වන්නේ ය.
ධන යෝගයක් රහිතව ධන කුවේරයකු වීමට උත්සාහ ගන්නා අය මංකොල්ල කෑම්, අල්ලස් ගැනීම් සිදු කරන වංචනිකයන් වේ.
පැවිදි යෝග රහිතව පැවිදි වීම හේතුවෙන් දුස්සීලයන් බිහිවේ.
ඥාණයෝග නැතිව, ඥාණවන්ත අයගේ තනතුරුවල කටයුතු කිරීමට යාම, නැවත සකස් කර ගැනීමට, විසඳා ගැනීමට නොහැකි අවුල් ඇතිවීමට හේතුවේ.
දරිද්‍ර යෝගයෙන් උපන් අය සිඟාකමින් කොතරම් ධනය රැස් කළත්, සිඟාකෑම අත්හැර ධනවතකු ලෙස ජීවත්විය නොහැක.
වත්මන් ජනාධිපතිතුමාගේ ජන්ම පත්‍රය.
එතුමාගේ ජන්ම පත්‍රයේ සඳුගෙන් 7 වැන්නේ සිකුරු මූල ත්‍රිකෝණ බලයෙන් හා ස්වක්ෂේත්‍ර බලයෙන් සිටීම, සඳුගෙන් 6 වැන්නේ ගුරු දිග් බලයෙන් සිටීම, සඳුගෙන් 8 වැන්නේ බුද සිටීම අනුව චන්ද්‍ර අධියෝගය අංගසම්පූර්ණව ඇත.
සිරිමාවෝ මැතිනියගේ අංග සම්පූර්ණ නොවූ චන්ද්‍ර අධි යෝගයෙන් එතුමිය එතරම් බලවත් වූවා නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අංගසම්පූර්ණ චන්ද්‍ර අධි යෝගය නිසා එතුමා කොතරම් බලවත් විය යුතුද? එතුමාගේ ජන්ම පත්‍රයේ චන්ද්‍ර අධි යෝගය උපරිම අයුරින් පිහිටා ඇත. උපරිමයට පසුව තවත් බලවත් දෙයක් නැත. එබැවින් අනිත් අපේක්ෂකයන්ගේ ජන්ම පත්‍රවල අඩු බලයක් ඇති බව උපකල්පනය කළ හැකිය.
අවසාන නිගමනයේදී ජනාධිපතිතුමා නැවත ජනාධිපතිවේ යයි නිසැක ය. එසේ වුව ඉදිරි වර්ෂ 2 ½ ක් පමණ කාලය එතුමාට බලවත් අභියෝග තුනකට මුහුණදීමට සිදුවේ.