වා සූර්ය නිශා චංඳ්රෝ - ප්රාප්ති එකා දසෙ යදී
කෝටි දෝෂා විනශ්යන්තී - භාර්ගවශ්ය වචනං තථා.
එනම්, දිවා කාලයේ සූර්යා අස්ථානගත වීද, රාත්‍රී කාලයේ දී නම් චඳ්රයා අස්ථානගත වීද, කෝටියක් දෝශ භංග වන බව භාර්ගවනම් සෘෂිවරයාගේ ප්‍රකාශයයි.
ශ්‍රී ලංකාවේ දශක පහකට ආසන්න කාලයක් දේශපාලන පිටියේ පිරිසිදු හා ඍජු චරිතයක් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජන්ම පත්‍රයට අනුව රාජ්‍යකාරක ආත්ම ගෞරවාභිමානී විශ්ව ග්‍රහබල තීරක රවි තමන්ටම සුවිශේෂී වූ තිර රාශියක් වූ සිංහ රාශි ගත වී ඇත. එයද තේජෝ බලය අනොන්‍ය වශයෙන් ස්ථාවර කිරීමකි. රවි සිටි නවාංශකය අධිපති බුධ ද, නව වැන්නාධිපති හෙවත් භාග්‍යස්ථානාධිපති ද එය වඩාත් තහවුරු කර දී ඇත. එපමණක් නොව රවි සිටි නැකත අධිපති සිකුරු ද අයස්ථානගත වී සිටීම අතිශය දුබල පිහිටීමකි. රාජයෝග නීර්ණයේ දී රාජ්‍ය කාරක රවිගේ බලය සුවිශේෂී වන්නේ මේ නිසාය. සිකුරුගේ බලය ලග්නාධිපතීත්වයෙන්ද,අධි පෝෂණයක් ලබා ඇත. තුලා ලග්නයට සාමාන්‍යයෙන් ගුරු සුභයෙක් සේ නොසැලකේ. එසේ වුව ද, මෙහි ගුරු හයවැන්නේ මීන රාශිගත වෙමින් ස්වක්ෂේත්ර බලය පමණක් නොව විපරීත බලයකින් ද සන්නද්ධ වී ඇත. මෙය බුද්ධිමත් අය හා සම්බන්ධ ශුභවාදී ප්‍රතිචාරයන්ට උණුසුම් අවස්ථාවක් උදාකර දීමකි. නවාංශකයේ දී ද ගුරු බලවත් වී ඇති අතර ,ගුරු භාග්‍යස්ථානාධිපති බුධ ගේ නැකතක වීම ද තවත් බල නිර්මාණයක් වේ. එය හර්ෂ යෝගයක් සේ හඳුන්වමු. සඳු , ගුරු හා අනනොන්ය දෘෂ්ටියකින් යුක්ත වීම ද, ප්‍රබල ශක්තියකි. එය ගජකේශරී යෝගය සේ අපි දකිමු.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානතම අභියෝගය වන්නේ වත්මන් පාලන බලය රඳවා ගන ඇති මහින්ද රාජපක්ෂ මහතාය. ඔහුගේ ජන්ම පත්‍රයේ ද, ප්‍රබල රාජයෝග නැත්තේ නොවේ. එහෙත් එතුමා රාජ්‍ය බලය රඳවා සිටි කාලයේ ඔහුට කරට කර ගැලපෙන මෙවන් අවස්ථාවක් ඇති නොවීය. 2005 ට වඩා 2015 දී තත්කාල ග්‍රහබල සිතුවම බොහෝ වෙනස් වී ඇත. පෙර කී පරිදි ජන්ම බලය සක්‍රීය වීම දශාවල හා තත්කාලීන ග්‍රහබල අනුව උස් පහත් විය යුතුය.
කන්‍යා ලග්නය හිමි මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම සටහනේ තත්කාල ග්‍රහ චාරයට අනුව රාජ්‍ය කාරක රවි මේ වන විට තම දිග් බලයට ප්‍රති විරුද්ධ දිශාවේ අව බලයෙන් යුතුව හතරවැන්නේ ගමන් කිරීම බල හීන කිරීමකි. හතර වැන්නේ රවි ප්‍රබල බාධකයකි. සාමාන්‍යයෙන් ඒරාෂ්ඨක ස්වභාවයක් විජයග්රහණයට බාධාවක් නොවුවද, සඳුගෙන් අටවැන්නේ වෙමින් ශනි දුබලව ගමන් කිරීම තත්වයෙන් පහළට යොමු වීමකට ඇති ඉඩ පෙන්වයි. මෙහි වඩාත් විශේෂය වන්නේ ශනි සඳුගෙන් අටවැන්නේ වෙමින් සූර්යා(රවි) මතින් ද ගමන් කිරීමයි. රවි දොළොස්වැන්නාධිපති වශයෙන් වීම ද, අහිමිත්වයට පාදකවීමකි.
ගුරු ලග්නගතව දිග්බලවීම සාමාන්‍යයෙන් සුභ බවට බොහෝ දෙනාගේ පිළිගැනීමයි. එහෙත් එම ගුරු හත්වැන්නාධිපති වෙමින් බාධක ස්ථානය නියෝජනය වීම ගැන ප්‍රසිද්ධියේ හෙළි නොකරන ජෝතීශ්ය ගැන කථා කරන අය බොහෝ නාලිකාවල දී අපට පෙනේ. එමෙන්ම හතර හා හත අධිපති වශයෙන් ගුරුගෙන් ගෙනෙන කේඳ්රාධිපති දෝෂයන් ගැන ඔවුන් නිහඬ වන්නේ ඇයි දැයි ද විමතියට කරුණකි.
එම ගුරුම අටවැන්නේ සිටින සඳුගෙන් හයවැන්නේ වෙමින් සකට-යෝග දෝෂය ලබා දීම ගැන සාක්ෂි භාවිතයෙන් ඔවුන්ට නොපෙණුනේද , කන්‍යා ලග්නයට අශුභ ග්රහයෙකු වන කුජගේ නැකතක වෙමින් ගුරු සිටීම, මහින්ද රාජපක්ෂ මහතා පෙන්වන ශක්තිය ඇතුළතින් රැඳී නොමැති බව සනිටුහන් කිරීමකි.
කන්‍යා ලග්නයට මෙන්ම ගුරු තුලා ලග්නයට ද හිතකර බවක් නොපෙනේ. එහෙත් තුලා ලග්න හිමි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කේන්ද්‍රයෙහි හයවැන්නාධිපති ගුරු එහිම බලවත් වීම නිසා ඇති කරන විපරීත බලය නිසා ප්‍රතිපත්තියෙන් දෙපිලක වුවද ගුරු හිමි මීන ලග්නයෙන් ජනිත රනිල් වික්‍රමසිංහ මහතාගේ සහය ලැබීම ද, අනපේක්ෂිත අවස්ථාවකි. එතුමාගේ ලග්නාධිපති ගුරු ප්රබලව පස්වැන්නේ ගමන නිරායාසයෙන්ම ප්‍රසිද්ධිය හා භාග්යමය අවස්ථාවන් සටහන් කරවන්නකි. ජන්ම ගුරු ද ලග්නාධිපති වෙමින් අයස්ථාන ගත වීමේ බලය සක්‍රීය කිරීමකි. පස්වැන්නාධිපති සඳු හා යෝග වීමද , නිහඬ එහෙත් ගැඹුරු මානව දයාවෙන් පිරිපුන් චරිතයක් හිමි කොට දී ඇත. පුද්ගල සාධනයට වඩා වර්ගයා වෙනුවෙන් සංකල්පනාවන් කෙරේ එතුමාගේ උනන්දුව වැඩිවූයේ ඒ නිසාය. එබැවින් ගුරුගේ බලය රනිල් මහතා මෛත්‍රී පාලනයකට මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයක්ම වී ඇත.
කේන්ද්‍රයක් (ජන්ම-පත්‍රයක්) විග්රහ කිරීමේ දී රාශි හා ග්‍රහබල තත්වයන් මනාව විග්රහ කළ යුතු වුවද ඉන් තමන්ගේ ගුන අනුව පූර්ව විනිශ්චයන් මත ජය පරාජය කල්තබා පැවසීම ජෝතීශ්යට අයත් කාර්යයක් නොවේ. ජෝතීශ්ය යනු ප්‍රබල ජීවන ශක්තීන් විග්රහයකි. ඊට ගැලපෙන හා මනාව හික්ම වූ ජෝතීශ්ය දැනුමක් අවබෝධයක් හා පිරිපුන් බවක් ජෝතීශ්යවේදියකුට තිබිය යුතුය.
෴ ජෝතීශ්යවේදිනී නිලූකා ඒකනායක ෴
හිටපු උපදේශක කර්තෘ(සුබසෙත)
හිටපු ප්‍රධාන කර්තෘ (ජෝතීශ්ය සක්වල)
කැඳවුම් කරු- සමස්ථ ලංකා ජෝතීශ්ය උපදේශක සභාව