EK Married Club-12

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හරි මම දන්නවා. මම ඉඩම් හොයන්න ගියා ඔය පැත්තේ ඉස්සර.. :D
    ගෝවින්න මාවත තියෙන්නේ මාලඹේ ඉඳන් එනකොට අතුරුගිරිය කාර්ගිල්ස් එකට පොඩ්ඩක් කලින්.

    මීටර් නෑ බං....... ඉඩම් හොයන්න ගියේ උඹටද.......? තවමත් හොයනවනම් මාමාට කියලා බලන්නද.....?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මීටර් නෑ බං....... ඉඩම් හොයන්න ගියේ උඹටද.......? තවමත් හොයනවනම් මාමාට කියලා බලන්නද.....?

    ඔව්. මම ගත්තා ගොඩගමින්.. දැං අවුරුදු 04කට විතර කලින් ගියේ... :D
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කොහේවත් ගියේ නෑ ගෙදරමයි හිටියේ......... අම්මාගේ අම්මා (මගේ ආච්චි) නැතිවෙලා අවුරුද්දේ පිංකම තිබ්බා සඳුදා බන & ඊයේ දානේ......... මගේ ගෙදර තිබ්බේ..... මගේ ගෙදර මුලින්ම කරපු පිංකම........ :)

    අඩේ අවුරුද්දකුත් ගියාද....:eek:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගේ ඡන්දේ ඇයි මහින්දටම දෙන්නේ...

    images.jpg


    මචං සපෝට් එක කාටද ? මෙදා පොටේ මෛත්‍රීට දියං ආ !”

    සමහරු මට එහෙම කියනවා . මම දෙන්න තියෙන්නේ එක උත්තරයයි .

    "අනේ බෑ මචං මගෙ ජන්දෙ මහින්දට" ඔන්න ඊට පස්සේ සමහරු හොඳට හුස්ම ඉහළ පහළ අරගෙන මෛත්‍රී භාවනාව වඩන්න පටන්ගන්නවා

    "මහින්දට කඩේ යනවා , කඩේ යනවා කඩේ යනවා . “

    සමහරු මන්තරයක් මතුරනවා වාගේ දවසකට තුන් හතර වතාවක් මට කඩේ යනවා කියලා නොකියා කීම දැන් සාමාන්‍යයි .උන්ට මොනවත් නොකියන මම කට පියාගෙන හිතෙන් හිතෙන් මගේ මනාපේ පරිස්සං කරගන්නවා .

    "අරූ මහින්දට කඩේ යනෝ... යනෝ " කියලා මාව පෙන්වලා නොසෑහෙන්න කෑගහන එවුන්ට බැනලා වැඩක් නෑ .

    කඩේකට යන්ඩ බැරිව මම වින්ද දුක දන්නේ මම , මම වින්ඳ ඒ වින්ද කරදර වෙන එකෙකුට ඒත්තු ගන්වන්න බෑ .

    කැස්සට නිවාරන් අනූව පැකට් එකක් ගන්න සෙන්ටර් කෑම්ප් එකේ පියතිලක කඩේට යන්ඩ බැරිව ගතවුණ කාලයක් අපේ ජීවිත වල කළුපාට තීන්තෙන් ඇඳිලා තිබුණා . හැන්දෑවේ හයෙන් පස්සේ කොටි පිස්තෝල කල්ලියේ හැත්ත කළුවර වැටුනායින් පස්සේ බන්ටෙක පැත්තේ කැලෑ පාරවල් වල හැංඟිලා ඉඳගෙන පාරේ යන ඔනෑ එකෙක්ව මරාගෙන කන්නඩ මාන බැලුවා . ඉතින් කොහොමද කඩේ යන්නේ ? . එදා මට තබා ගමේ එකෙක්ටවත් කඩේකට තබා කුඹුරකටවත් බහින්ඩ විදිහක් තිබුණේ නෑ . ඒ මතකය අමතක නැති මම අදත් මගේ ජන්දය බය නැතුව මහින්දට දෙනවා .

    "යුද්දෙ යුද්දෙ කිය කියා හැමදාම හිටියාම හරියනවද ? දැන් යුද්දේ ඉවරයි දැං මෛත්‍රිය කොරහං .” සමහරු නොකියා කියනවා .

    ඒත් මට එහෙම කරන්න බෑ . මම ටීවී එකේ යුද්දේ දැකපු ඒ දැකපු යුද්දෙන් ඔකඳ වෙච්ච එකෙක් නෙවෙයි .. ඇත්තටම යුද්දෙට ගියපු යුද්දේ හොඳට හුරු පුරුදු සොල්දාදුවෙක්වත් නෙවෙයි . අපේ ගමේ එවුන් කවුරුත් වාගේම මමත් වෙඩි සද්දෙට බය වෙච්චි, දෙවතාවක්ම වෙඩි හුවමාරුවකට මැදිවෙච්ච්චි , යුද්දෙට නොසෑහෙන්න බය වෙච්ච . , ගමේ පිට්ටනියේ ගොඩ ගැහුව මල මිනී කඳු හැබෑවටම දැකලා හීනෙන් පවා බය වෙච්ච එකෙක් . යුද්දේ නිසා ජීවිතේ වටිනාම දෙයක් අහිමි වෙච්චි එකෙක් . ඒ හේතුව නිසා මට නම් යුද්දේ ලේසියෙන් අමතක වෙන්නෑ . සිංහලයට හත් දවසින් ඔනෑ දෙයක් අමතක වෙනවා කියලා මහ කොටියා කීවා වුණත් මට යුද්දේ ගැන කිසි දෙයක් හත් දවසින් අමතක වෙන්නෑ . අමතක කරන්නත් බෑ .

    "යුද්දේ ඉවර කළේ මහින්ද නෙවෙයි .” තවත් සමහරු උඩ පැන පැන කියනවා . යුද්දේ ඉවර කල ගෞවරවය ත්‍රිවිධ හමුදාවේ ඉඳන් ගමේ ග්‍රාමාරක්‍ෂකයාට පටන් ලැබෙන්න ඔනෑ . මම කවදාවත් ඒකට නෑ කීවේ නෑ . ඒත් අර කෙහෙම්මල් සටන් විරාම මගුල අහක් කරලා යුද්දෙකට බහින්න මහින්ද තීරණයක් ගත්ත විත්තිය මට අමතක නෑ . ඇත්තටම ඒ මල මගුල් සටන් විරාමේ අද වෙනකල් තිබුණා නම් මේ මමත් මැරුංකාලා සාමදානේ වැළලෙන්න හොඳටම ඉඩ තිබුණා .

    හමුදාවත් එක්ක හැප්පෙනවට වඩා ආයුධයක් නැති සාමාන්‍ය මිනිස්සු එක්ක හැප්පෙන්න කැමති කොටි හැත්ත මගේ තාත්තවයි, මගේ මාමලා දෙන්නවයි , ලොකු තාත්තවයි , කැත නැතුව මරා දැම්ම. කොටින්ගෙන් ඉතිරිවෙච්ච එවුන් අද පිට රටවල ඉඳගෙන ලංකාවේ කෑල්ලක් ඉල්ලලා කෑ ගහන හැටි දැක්කාම , අපේ රටේ තවත් සමහර එවුන් පහන් පත්තු කරගෙන මැරිච්චි කොටි මතක් කර කර හූල්ලනකොට හිතට දැනෙන තරහත් උපරිමයි .

    තාත්තගේ මූණත් තහඩුවම අඩු නැතිව පිහිටලා තිබ්බ , මගේ තාත්තගේ නිවුන් සහෝදරයාව බහිරවයෝ වාගේ ඇදගෙන ගිහින් අම්පාරේ එයාපෝට් හන්දියේදී ටයර් සෑයක පුච්චාපු ජේවීපී එක ගැනත් මගේ හිතේ කිසිම පැහැදීමක් නෑ . ඒ නිසාම බුලත් කෙළ පාට ජේවීපී එකටත් මගේ පරම්පරාවේ එකෙක්ගෙන්වත් වැරදිලාවත් ජන්දයක් වැටෙන්නෑ .

    මගේ තාත්තා තනි යූන් ඇන් පී කාරයා . මගේ තාත්තගේ මුලු පවුලම එහෙමයි . ඒ හේතුව නිසාම වෙන්නැති . යුද්දෙ වවාගෙන කකා හිටපු චන්ද්‍රිකා මැඩම් මගේ තාත්තගේ පැන්ෂන් එකටත් කෙළියේ .

    අමාරුවේ වැටිච්ච අපිට චන්ද්‍රිකා මැඩම්ගේ ජනාධිපති ඔෆිස් එකෙන් ලැබුණේ මහ අමුතු ලියුමක්

    "කරුණාකර මියගිය ග්‍රාමනිලධාරියාගේ රාජකාරී දිනපොත සහ රාජාකාරී හැඳුනුම් පත ඉදිරිපත් කරන්න .”

    තාත්තගේ සම්පූර්ණ රාජකාරී බෑග් එකම කොටි අරන් ගියාට පස්සේ . බෑග් එකේ තිබ්බ දේවල් කොහෙන් හොයන්නද ? . අපි බකමූණු බිත්තර ගිල්ල එවුන් වගේ ඔහේ හිටියා . මහින්ද ජනාධිපති වෙනකල් මැරෙන්නැතුව පණ ගැටගහගෙන හිටියා . මහින්ද ජනාධිපති වෙලා මාස කීපයක් ගියාට පස්සේ තාත්තගේ පැන්ෂන් එක සහ .වන්දි මුදලක් අපිට හම්බුනා . සල්ලි වලට තාත්තව ගන්ඩ බෑ තමා . ඒත් ජීවිතේ ගැටගහගන්න අපිට උදවු වුණේ ඒක විතරයි .

    අම්පාර හදපු ඩී එස් සේනානයක මහත්තයාගෙන් පස්සේ අම්පාරට දැනෙන සංවර්ධනයක් කළේ මහින්දම විතරයි කාටවත් ඒක එහෙම නොවේ කියන්න බෑ . අද අම්පාරෙන් කිලෝමීටර් තුන්සීයකට කිට්ටු දුරක් ගෙවාගෙන කොළඹ ආපු මම අද මගේ අම්මයි නංඟියි වයසක සීයයි දෙන්නව ගෙදර දාලා හිතේ බයක් නැතුව කොළඹ ඇවිත් රස්සාවක් කරන්නේ සමහරුට බයිලයක් වෙච්ච මට යුද්ධයක් වෙච්ච මේ යුද්දේ ඉවර වෙච්ච නිසා . අම්පාර නුවර 18 වංඟුව පාරේ බයක් නැතුව බස් එකේ යන්නේ එන්නේ මහින්ද ඒ පාර හදපු නිසා .

    මම ලංකාවේ නැගෙනහිර ජීවත් වෙන එකෙක් . මහින්ද දිනුවොත් රට ආයේ යුද්දෙකට නොයන බව නම් මට සහතිකයි . ඒත් මෛත්‍රී දිනුවොත් ඒක කොහොම වෙයිද කියලා මට විශ්වාසයක් නෑ . රටේ නැගෙනහිර කොටස කවුරුත් ඉල්ලන්නැතුං ඉඳීවි කියලා මෛත්‍රීය වඩන උදවියට සහතික වෙන්ඩ පුළුවන්ද ? .

    මට යන්න වෙන තැනක් නෑ .මම ඉපදුණේ අම්පාරේ මැරෙන්නෙත් අම්පාරේ . මෙදා පාර මහින්දට ජන්දෙ දෙන්න කිලෝමීටර් තුන්සීයකට කිට්ටු දුරක තියෙන ජන්ද පොලට ගිහින් මගේ ජන්දේ දාන්ඩ මම නොවරදවාම අම්පාරේ යන්නෙත් ඒ හේතුව නිසාමයි . වෙනදා ගෙදර ඉඳලා ගමේ ඉස්කෝලේ වත්තේ තිබුණ ජන්දපොළට යන්න කම්මැලි කරන මම අද කිලෝමීටර තුන්සීයකට කිට්ටු අම්පාරට ගිහින් මහින්දට ජන්දයක් දාන්නේ කිසිම දෙගිඩියාවකින් නෙවේ . යුතුකමක් ඉටු කරන්නවත්, කෙළෙහිගුණ දක්වන්නවත් නෙවෙයි . ඒකට තියෙන්නේ එකම එක හේතුවක් විතරමයි .. මිස්ටර් ප්‍රභාකරන් පටන්ගත්ත, සමහර පාලකයෝ පෝර දාපු තිරිසං යුද්ධෙන් ඇති වෙච්ච තුවාල අටක් මගේ හිතේ අට පොළක තියෙනවා . ඒ තුවාල අටෙන් එකක්වත් තාම හරියට සනීප වෙලා නෑ .

    මිස්ටර් ප්‍රභාකරන්ගේ කොටි පැටවු මගේ තාත්තගේ අට වතාවක් වෙඩි තියලා තිබුණා . තාත්තා නිදාගෙන උන්න මිනී පෙට්ටිය වහන්ඩ කලියෙන් තාත්තගේ ඇඟේ අට පොලක තිබුන උණ්ඩ අට ගැලවිලා ඇවිත් මගේ හිතේ වැදුණා වැදිලා හිරවුණා . . . කාටත් අමතක වෙන ඒ පුංචිම පුංචි යුද්දේ මට තාම අමතක නොවෙන්න හේතුව ඒකයි . මහින්දට ජන්දේ දාන්න කියලා මම කාටවත් කියන්නෑ … . ඒත් මගේ ජන්දේ නම් නොවරදවාම මහින්දට . . .

    එදා කොටින්ට බයේ කඩේට ගිහින් කැස්සට බොන නිවාරන් අනූව පැකට් එකක් ගන්ඩ බය ගත්ත මම මම අද මහින්දට කඩේ යන එකෙක් .කඩේ යන්ඩ ලැබුන එක ගැන නොසෑහෙන්න සතුටුයි . බයින එවුන්ට බයින්ඩ බැරියැ !

    ...................


    දුක් විඳලා අත්විඳපු සමහරක් දේවල්.. . . . . හිත් ඇතුළේ තැවරෙනවා ,
    හත්දොහකින් මැකෙන්නැති ඒ දේවල් සදා කල් ඉතිරි වෙනවා .. .

    1370229_10201368782599949_1495098267_n.jpg

    ~හිස් අහස~
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ ගමටත් පොඩි අපේක්ෂකයෙක්

    ffff.jpg


    මට ඇහැරෙනකොට සුළැඟිල්ලේ උලාපු දම්පාට ජන්ද තීන්ත දුඹුරු පාටට හැරිලා තිබුණා . කොට්ටයක් වෙනුවට රත්නෙ අයියගෙ ලැප්ටොපේ බෑග් එක ඔළුවට තියාන බුදියෑව නිසාම බෙල්ලත් නොසෑහෙන්න රිදුම් දුන්නා . රෑ තිස්සේ බීපු හල්මිල්ල අරක්කු තාමත් උගුර දිගේ ඇවිලා එබිකං කරලා බලලා ආයෙත් යන්නවා .

    "නැගිට්ටා නං ගිහිං මූණ හෝදං වරෙං . . ."
    අජිතයා මගේ දිහෑට ඇංකර් පැකට් එකක දමාපු සබං කෑල්ලං විසි කළා . ඔහේ නැගිටපු මට තවමත් හිත රිදෙන්න විකාශය වෙන ජන්ද ප්‍රතිඵල ඇහුණා . යටි හිතින් දුක් වෙන ගමන් මම මූණ හෝදන්න ළිඳට ගියා .

    ජන්ද දවස අපේ ගමට අවුරුදු දවසක් වගේ . මේ තරම් ලස්සනට ජන්දයක් සැමරුවේ බොහොම කාලෙකින් .අපි පොඩිම කාලේ ගෙදර තියෙන සැප පහසුම පුටුව ගෙයි ටීවී එක ඉස්සරහට ඇදගෙන ටීවී එකේ ජන්ද ප්‍රතිඵල අතරේ හෙමිහිට දුවන චිත්‍රපටිය බලන්න අපි පුදුම විදිහට ආසා කළා . දැන් කාලේ වෙනස් . දැන් ගෙදර ඉඳන් ජන්දේ අහන්න අපිට හිත දෙන්නෑ . කොහෙන් හරි බෝතලයක් දෙකක් අරගෙන . තවත් එවුන් කීප දෙනෙක් එක්ක ටීවී එකක් තියෙන වැඩිහිටියෝ නැති අපේම අපේ රාජ්‍යකට සෙට් වෙන්නයි අපි කවුරුත් කැමති .

    ජන්ද ප්‍රතිඵල අහන ගමන් අරක්කු බොන එක , කොච්චි සම්බෝලත් එක්ක මඤ්ඤොක්කා කන එක , නොසෑහෙන්න දුම් බොන අතරේ ජීවිතේට දේශපාලනේ කතා නොකෙරුව එවුන් සෙට් වෙලා දේශපාලනේ කතාකරන එක. . . ජන්දෙක නියම ආතල් එක ඒකයි .

    මෙදා ජනාධිපතිවරණයට අපි සෙට් වුණේ අජිතයාලෑ දිහෑවේ. අජිතගේ අම්මයි තාත්තයි දෙන්නම ජන්ද ඩියුටි වැටිලා ඉතින් ගමේ කොල්ලෝ සෙට් එකෙන් බාගයක්ම අජිතලෑ ගේ අස්සේ සෙට් වෙලා උන්නා .

    "අජිය කහටෙකක් බොමුද ?”

    කෙළින්ම ටී එකක් ඉල්ලන්ඩ බෑ නේ . ඒ නිසා මම වටෙන් ඇවිදින් විසිල් එකක් ගහලා තේ කහට පාරක් ඉල්ලවුවේ .

    "උඹට කහටෙකක් නේ . උපාලි අයියේ උඹට මොනා ?”

    අජියා ඇහුවේ බිම රෝල් වෙවි බුදියන ජන්ද දායකයෝ අතරේ විනීතව බුදියාණ උන්නු එකම එකා වෙච්ච උපාලි අයියගෙන් .

    "මට පිටි එකක් දියන් උදේම කහට බීවම ගෑස්ටික් අල්ලනවා .”

    "ඒ අජියා මට ටිකක් සීනි අඩුවෙන් දාපන්"

    "මේ උඹලගේ අර අඩිය කළුපාට අඬු කෝප්පෙන් නම් මට තේ ගේන්ඩ එපා ඕං ඈ .. “

    බිම බුදියාණ හිටි ජන්ද දායකයෝ එක එකා තම තමන්ගේ තේ ඉල්ලීම් දිරිපත් කරද්දි කුස්සියට ගිය අජියා බෝතල් තුනක් ගෙනවා. ගෙනල්ලා ගෙයි සාලේ මැද්දෙන් තියලා අපේ මූණ බලවුවා .

    "සීනි පන්සීයම ඊයේ රෑට ඉවරයි . නෙස්ටෝ මෝල්ට් පිටි ටික දුකා රොටී වල ගාගෙන කාලා ඒකත් ඉවරයි . තේ කොළත් ඉවරයි ඕනං ටිකක් තියනවා කුස්සිය පැත්තේ අළු කෙහෙල් පඳුර යට එයින් ටිකක් එකතු කරලා ගෙනද්දෙන එවුන්ට තේ දෙන්ඩ පුළුවන් .. දැන් උඹලට තේ ඔනෑද ?”

    "ඔනෑ නෑ ඔනෑ ඔනෑ !”

    අපි හැමෝම එක හඬින් කියලා බුම්මා ගත්තා .

    "මේ ඊයේ ඉතිරි වෙච්ච හල්මිල්ල බෝතලකුයි තව බාගෙකුයි නම් තියෙනවා"

    ජන්දෙත් පැරදුන අපිට ඉතිරි වෙලා තිබිච්චි අන්තිම වස්තුව වෙච්ච හල්මිල්ල එකාමාර අජියා ගෙනල්ලා සාලෙන් තීවා .

    දුකා පැන්න ගමන් අමුවෙන්ම හල්මිල්ල ෂොට් එකක් ඇදලා ඇරියා . උගේ කට දෙපැත්තෙන් හල්මිල්ල අරක්කු බේරෙන හැටි දැකපු මට හොඳටෝම වෙරි වුණා .

    "මනුස්සයෙක් වගේ අරක්කු බීපං ..” මම දුකාට කීවා

    "ඇඟේ අමාරුවට හල්මිල්ල අවුසදයක් බං .” දුකා කියනවා

    "වහු පැටියෝ ඕකේ ඇති හල්මිල්ලක් නෑ නම විතරයි හල්මිල්ල"

    "ඒත් හිතේ අමාරුවට මෙවුවා හොඳා බං “. . . දුකා ඒ ගමන කියනවා
    මම අහක බලාගත්තා

    "ගෙයි ඇතුළේ කන්ඩ කිසි දෙයක් නෑ . රෙද්දක් ඇඳගෙන දැම්ම පාරට යන්නත් බෑ බං . සඳරුවා මුනා අපි කන්නේ ?.”

    xx බලකායේ අජියා පොඩ්ඩක් බය වෙලා .

    ඊයේ රෑ තිස්සෙම මඤ්ඤොක්කා කාලා, අරක්කු බීලා, ජන්දෙ අහලා, පැරදිලා, ඇඟේ ලේ නැතිව ඉන්න අපේ සෙට් එකට කන්ඩ දෙයක් ගේන්ඩ හන්දියට යන්ඩ මම එඩිතර වුණා . බයික්කෙ අරගත්ත මම හීං සිරූවේ ගිහින් ගමේ ඇරලා තිබුණ එකම කඩේ වෙච්ච "බදා අයියගේ කඩේට ගියා .

    "ප්‍රදේශයේ බුද්ධිමත් ජතාව යන එන එකම වෙළෙඳසැල " කාඩ්බෝඩ් එකක ලියාපු පඬි වදනක් බදා ස්ටෝස් එකට යන ඕනෑ කෙනෙක්ට මුලින්ම පේන්න තියෙනවා .

    "බදා අයියේ, බදා අයියෝ . . .”

    මගේ හඬ ඇහිලා බදා අයියා ගෙයි ඇතුළේ ඉඳන් කඩේට ආවා . උගේ අතේ පොල්කටු හැන්ඳක් .

    "ආ මල්ලියා අපි මේ කිරිබත් උයවුවා"

    බදා අයියා හැන්දේ මිටේ කිරිබත් ටික හූරලා කෑවා . . .

    "අවුලක් බදා අයියේ කාපං . මං මේ ආවේ චිකන් එකක් ගෙනියන්න.. චිකන් තියෙනවා නේද ?”

    "හරක් චිකන්ද? , ඌරු චිකන්ද ? “

    මගෙ වෙරි ගතිය අනික් එවුන්ට බෝ වෙනවද කියලා මම ටිකක් බය වුණා . පස්සේ මතක් වුණා මේ මුගේ හැටි කියලා .

    "මං ඇහුවේ බං කුකුල් මස් තියේද කියලා"

    "ආ කුකුල් චිකන් ඕ තියේ ! නොම්මර එකේ ගං කුකුල් චිකන් . . කිරිබතට මරුවට කැපෙනවා"

    "ගං කුකුළා කපන්නයි , හපන්නයි බෑ . අනික මම කිරිබත් හදන්නෑ බං.. මට ඔය කටු නැති එකෙන් කිලෝ එක හමාරක්, එකයි අටසීයක් වගේ දියන් . “

    "මල්ලී පොඩ්ඩක් ඉඳින් මම උඹට කිරිබත් දෙන්නං . . . ඇන්න පල , යහමින් කිරිත් දමවුවා.”

    "එපා එපා බං උඹ කාහං"
    හෙමි හෙමීට පැයක් විතර කුකුල් මස් කිරාපු බදා අයියා ඒක මට දෙන්නැතුං ආයෙත් කතාව පටන්ගත්තා .

    "මල්ලී කොලොප්පමකට නෙවෙයි .. මම ගමකට කිරිබත් ඊවා මට වැඩියි බං ටිකක් ඇන්න පල . . “

    "වැඩියි නං ඔතලා අරං තියාගනිං තව මාස තුනකිං මහ මැතිවරනේ එනවානේ. . . . එතකොටත් කෑ හැකිණේ …"

    මම කුකුල් මස් එකයි හැත්තෑවේ පාං ගෙඩි පහකුයි අරගෙන අජිය ලෑ ගෙදර ගියා .

    "අඩෝ සඳරුවා උඹ දෙයියෙක් .”
    අජියා පැන්න ගමන් චිකන් එක උදුරගත් හැටියට මම හිතුවේ ඌ ඒක අමුවෙන් කාවි කියලා .

    කට්ටියම එක්කාසු වෙලා බොයිලර් කුකුළාව පලු ගහලා අඟල් දෙකේ හතරේ කුට්ටි කපලා හැළියකට දැම්මා .

    "දැන් කෝ paකෝ ලිපේ දාන්න දර ?”

    කවුරුත් ඇහුවේ අජියාගෙන් .

    "අපේ අයියා දර ටික සේරෝම ඇන්න ගියා බං. ඌ මහ ගල් තලාවෙ ගිනිමැලයක් ගහගෙන එතන ජන්දෙ අහනවා ..”

    "දැං ඉතින් ලිපේ දාන්නේ මොක ?”

    "පොඩියක් ඉඳින්කෝ .”
    කඩිමුඩියෙ ගෙයි ඇතුළට දීව අජියා ඇඳක ලෑල්ලක් උස්සාගෙන ආවා .

    "මේක පළමු ලිපේ දාමු.”

    "අපරාදේ යකෝ හොඳ ඇඳ ලෑල්ලක් .”

    "කමන්නෑ බං මේක අපේ අයියාගේ ඇඳෙන් ගත්තේ ඕකා කෝමත් අනික් පැත්තට තමා කතිරෙ ගහන්ඩැත්තේ .. ඒ නිසා මේ ලෑල්ල පළමු .”

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් කියලා අම්පාරේ සිද්ධ වුණ පළවෙනි මැර වැඩේ ඒ විදිහට සිද්ධ වුණා .

    පලාපු ඇඳ ලෑල්ල හොඳට ඇවිලුණා . කවුරු කවුරුත් ඉතිරි අරක්කු ටික ඉවර කරලා බඩ පිරෙන්න කෑවා . ඇති හිතෙනකං බීඩි බීවා . හිතේ දුක යන්න දුක්බර සින්දු කීවා .

    "මේ ගෙනා රතිඤ්ඤා ටිකත් ලිපේ දාමු බං ඇති වැඩක් නෑ නොවැ . . . “

    උපාලියා එහෙම කියද්දි මට බය හිතුණා . මූ ඒ වැඩේ හැබෑවටම කරාවිද කියලා . මම කෝකටත් කියලා ලිප උඩ තිබ්බ මස් හැළිය බිමට බෑවා . ඔන්න එතකොටම වාගේ ගෙයි සාලේ තිබ්බ ටීවී එකේ අම්පාර ජන්ද ප්‍රතිඵලය විකාශය වුණා .. .

    කට්ටියම සෙට් වෙලා ලස්සනට රතිඤ්ඤා දැම්මා එළියට බහින්න බැරිව හිටි එවුන් මිදුලට බැහැලා නැටුවා . හූ කීවා .. මාත් ඕං ඔහේ පොඩ්ඩක් නටලා හිතේ දුක එළියට දැම්මා .

    තව මොහොතකින් මූණ කට හෝදගෙන විටක් එහෙම හපලා අපි කවුරුත් හන්දිය පැත්තට ගියා . පුංචි පාලම ගාව පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිද්ද වෙලා . එතන හෙණ කෙලියයි .

    XXXට ජය වේවා කියලා කෑ ගහපු වයසක පුංචි හාමි නැන්දාට ඇලේ නාන තොටේ පඩිපෙළ ගාව මූණ හෝදමින් උන්න XXXX පාක්‍ෂික ශ්‍රී ලාල් මාමා සරම උස්සලා පශ්චාත් බාගේ පෙන්නලා . . .

    එතනට වෙලා දෙපැත්තේ වැඩිහිටියන්ගේ වාද විවාද බලලා පොඩ්ඩක් හිනා වෙලා ජන්ද ආතල් එක ගත්තම හිතේ දුක ටිකක් දුරට යන්න ගියා .

    ගමේ කොල්ලෝ ගොඩ දෙනෙක් තැන් තැන් වල ඉඳගෙන බුම්මගෙන ඔහේ තේරුමක් නැති දේවල් කතා කරනවා . ජීවිතේට අහලා නොතිබ්බ විදිහේ අමුතු නීති රීති කිය කියා පාර්ලිමේන්තුවේ 3න් 2කේ බලයක් ගෙනල්ලා ආයෙත් දිනන්න කතා කරනවා ,දණ්ඩ නීති සංග්‍රහය කට පාඩමින් කියෝනවා .

    "මේ අහපල්ලා දැන් XXXපාලනේ ආවා හදිස්සි නොවී අපි ඒකට රිටන් එක දෙමු දොඹෙන් යන්න . . .”

    කොල්ලෝ සෙට් එකම මා වටා එක් රොක් වුණා .උන් මම කියන කතා අහනවට වඩා මගේ උඩ සාක්කුවේ තියෙන සිගරට් ටික දිහා බලනව බව මම පස්සේ තේරුම් ගත්තා . මම සිගරට් කීපයක් උන්ට බෙදා දීලා ආයේ කතාව පටන්ගත්තා . ඒක බොහෝම උද්වේගකර කතාවක්

    "අපි වැටුන්නෑ මල්ලිලා . මේ ගමෙ සමහරු හිතාන ඇති අපි වැටිලා කියලා . අපි සංවිධානය වෙමු . මුල ඉඳන් සංවිධානය වෙලා අම්පාරේ අපේ බලේ මුලු ගමටම පෙන්නමු .”

    "ගමට නෙවෙයි රටට නේද අයියේ . .?”
    ලොකු රට්ටං මාමගේ පොඩි එකා කතාව මැදිං පැනලා කට දැම්මා , මට මල පැන්නා .

    "කට පියං හිටිං කියනකං . ඉස්සර වෙලා ගම පස්සේ තමයි බොල රට .” මම ආයේ කතාව පටන්ගත්තා . කොල්ලෝ කටවල් ඇරගෙන අහගෙන උන්නා .

    "ජීවිතේ ජය පරාජය කියන දේ අපි විඳගන්න ඕන . එදා 19 කොල්ලෝ ගහන්න එද්දී අපි ගමක් හැටියට එකතු වුණා ඒත් උන් ළඟටම එනකොට එකතු වෙච්ච එවුන් ෂේප් එකේ මාරු වුණා . ඉතින් අපේ ගම පදිරි වුණා . ඒත් මෙදා පාර අපි XXXමහත්තයා වටේ එකතු වුණා . අම්පාරේ ජන්ද ප්‍රතිඵලේ බලද්දී උඹලගෙ අපේ එකමුතුව මම හොඳටම දැක්කා ඒ එකමුතු කම අපි ආවුදයක් කරගෙන පෙරට ගිහින් සුපිරි වැඩක් දෙමු … එහෙම නේද ? .”

    "එහෙයි , මචං , එහෙයි අයියා , නියමයි අයියා , දැං ඇති බං , අපිට වැඩ තියෙනවා යන්ඩ ඔනෑ .” වගේ දිරිගන්වන වදන් හතර වටින්ම ඇහුණා

    "තව මාස හතරකින් අපේ වෙලාව එනවා . එතකං නිකං ඉන්න එපා ගම වටේම ගිහින් මිනිස්සු දැනුවත් කරන්න ඕන . උඹලා සූදානම් වෙන්න ඕන . අප්‍රේල් වෙද්දී අම්පාරම හොල්ලමු . මෙදා පොටේ සිංහල අලුත් අවුරුද්දට අපි............... චාමර රණවකව අම්පාරට ගේමු . !”

    දිගු නිහඬතාවයක් ඇති වුණා . . . කතාවට කියනවා "නිහඬතාවයෙන් පෙනී යන්නේ එකඟතාවයයි" කියලා. . .

    "ඒ මොකටද බං ? , මූට පිස්සුද බං ? , තාම බඩුද?, මූ කීවේ චම්පික රණවක කියලද ?


    නිහඬ බව බිඳිලා ,කට්ටියටම මං ගැන සැකයක් මතු වෙලා
    "මචංලා මම කියනදේ අහපල්ලා . අපි මීට කලින් මේ විදිහට බඩ බැඳගෙන දේශපාලනේ කළේ නෑ . ඉතින් මෙදා පොටේ අපිට හොඳටම රිදුනා නේ. වෙච්ච දේ අමතක කරමු අපි හොඳට සංවිධානය වෙලා චාමර රණවකගේ ඒකපුග්ගල සංඟීත රාත්‍රියක් අපේ ගමේ සංවිධානය කරමු . “

    "පුතේ ඒකේ තේරුමක් නෑ නේ ! . ජනාධිපතියි චාමර රණවකයි නිකං ලංකට් එකයි , පැට්ටොල් ලාම්පුවයි වගේනේ කිසි ගැළපීමක් නෑනේ ..”

    මගේ කතාව අහගෙන උන්න එකම වැඩිහිටියා වෙච්ච ගාමිණී මාමා කලබල වෙලා ..

    "මාමා අහගන්ඩකෝ මාමා. අපි මේ ජන්ද කෙළි අමතක කරමු . මේ ජන්දෙට නොසෑහෙන්න කඩේ ගිහින් මහන්සි වුනනේ ඉතින් ඒ වගේ බොක්කෙන්ම කැප වෙලා චාමර රණවකගේ සෝ එක කරමු එතකොට අපිට අලුත් අරමුණක් තියෙනවා . හිතේ අමාරුවත් ඉවරයි “.

    වටින් පිටින් බකමූණු හඬ ඇහුණා .

    "ඉතින් බං චාමර රණවක ගෙන්නලා සෝ එකක් තීවට ආයේ රටට වැඩක් වෙනවය .?

    අජියා ගොඩක් වෙලාවකට පස්සේ කතා කළා . ඇත්තටම ඌ කතා කල එක මට ලොකු සතුටක් වුණා"

    "මචං අපිට රට හදන්න බෑ .ඒ නිසා අපි රට ආතල් එකක් ගම්මු .. . දැන් උඹලා චාමර රණවකගේ සෝ එකකට ආස නැද්ද ? කරමුද බෑද ?”

    "කරමු කරමු ….! හැබැයි චාමරට ගැලපෙන බෑන්ඩ් එක ඕල් රයිට් . . චාමර එනව නම් ඕල් රයිට් බෑන්ඩ් එකත් ඕන .”
    හැමෝම මගේ යෝජනාවට එකතු වුණා . කට්ටියගෙම මනාපෙන් කවදත් අපේ ගමේ කොල්ලන්ගේ හිතේ ගිනි නිවාපු ගමේ ජනප්‍රියම ගායකයා චාමර රනවකව ගෙනල්ලා ඕල් රයිට් සංගීත කණ්ඩායම සමග ඇට්ටි හැලෙන මැක්සා ආතල් එකක් ගන්න අපි හැමෝම ඒකමතිකව තීරණය කළා .

    ඔන්න ඔයි විදිහට අපේ ගමේ කොල්ලෝ කට්ටියක් අලුත් අරමුණක් වෙනුවෙන් කැප වුණා .

    මට විශ්වාසයි මෙදා අවුරුද්දට චාමර රණවකව අපේ ගමට ගේන වැඩේ සාර්ථකව කරන්ඩ මට හැකි වේවි කියලා . අරමුණක් වෙනුවෙන් මහන්සි වෙලා පැරදුණාම තරහ යන එක සුබාවිකයි . ඒත් පැරදිලාම පුරුදු අපිට නම් පැරදීමත් ආතල් එකක් . ඉතින් පැරදීමේ අමාරුව යවන්ඩ අපිට හිටි පොඩි අපේක්‍ෂකයා තමයි චාමර රණවක .චාමර රණවක ගේන වැඩේ අපේ කොල්ලොන්ට බාරදීලා මම ආයේ කොළඹ එන්න පිටත් වුණා .

    රට දෙල් වැටෙන කාලේ දුක දීලා ආයේ
    මගෙ ලෝකෙ කළුවර වුණා //චාමරගේ සින්දු කෑලි කිය කියා අලුත් වැඩේට ලැහැත්ති වෙන අපේ ගම ගැන මට හීනිවට සතුටක් දැනුණා …

    ජන්ද ආතල් අහවර වෙලා හැමදේම නෝමල් වේවි. අන්තිමට අපි අපි විතරක් ඉතිරි වේවි . . . කොහොම වෙතත් හිතේ දුකට කිරිබත් නොකෑවට අපිත් අපේ අලුත් ජනාධිපති තුමාට බොක්කෙන්ම සුබ පැතුවා .


    ~හිස් අහස~
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දන්නේ නැහැ........:no::no:

    :frown: දන්නේ නෑ කියලා හරි යනවෑ...... GT මාමට කම්ප්ලේන් කරන්න..... මට ඔහොම එකක් වෙලා කම්ප්ලේන් කරා..... බැලින්නම් මේකේ එකෙක්මයි වැඩේ කරලා තියෙන්නේ.... දැන් ඌට කෝල් කරාට ආන්සර් කරන්නෙත් නෑ..... :lol: :rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: දන්නේ නෑ කියලා හරි යනවෑ...... GT මාමට කම්ප්ලේන් කරන්න..... මට ඔහොම එකක් වෙලා කම්ප්ලේන් කරා..... බැලින්නම් මේකේ එකෙක්මයි වැඩේ කරලා තියෙන්නේ.... දැන් ඌට කෝල් කරාට ආන්සර් කරන්නෙත් නෑ..... :lol: :rofl:

    බාවෙන් ඇදගෙන එමුද ඕකව?:frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපිත් සට සට ගාලා ගෝනි එකතු කරලා කවරයක් මහලා ලිඳ කවර කරා අළු වැටෙන්නේ නැතිවෙන්න.......

    :baffled: අපිත් ලිද වැහුවා..... අළු ආවනේ ඒ හරියටම...... :dull:
     
    Status
    Not open for further replies.