වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඇයි උඹ කලින් වැඩ කරපු තැනින් ගියේ. උඹට තියන්නේ උඹගෙම කියලා වැඩක් පටන්ගන්න බං. නැත්තං දැනුමෙන් වෙන මිනිස්සුන්ට හම්බුකරලා දීලා වැඩක් නෑ.

    අලුත් තැන පරණ එකට වඩා හොඳයි බන්... ඒකයි ආවේ.. අනික මෙතන මන් කැමති විදියට වැඩ කරන්න නිදහස තියෙනවා.. කවදා හරි මගේම කියලා මොනා හරි පටන් ගන්න ඕනි බන්.. තාම එහෙම වත්කමක් නෑ බන්...
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    අලුත් තැන පරණ එකට වඩා හොඳයි බන්... ඒකයි ආවේ.. අනික මෙතන මන් කැමති විදියට වැඩ කරන්න නිදහස තියෙනවා.. කවදා හරි මගේම කියලා මොනා හරි පටන් ගන්න ඕනි බන්.. තාම එහෙම වත්කමක් නෑ බන්...
    aran wikunapan pat pat gaala
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අලුත් තැන පරණ එකට වඩා හොඳයි බන්... ඒකයි ආවේ.. අනික මෙතන මන් කැමති විදියට වැඩ කරන්න නිදහස තියෙනවා.. කවදා හරි මගේම කියලා මොනා හරි පටන් ගන්න ඕනි බන්.. තාම එහෙම වත්කමක් නෑ බන්...

    වත්කමක් ඉතුරු වෙයිද හම්බු කරන තුට්ටු දෙක උඹේ වාහනේට වියදම් කරාම. යමක් ඉතුරු කරගනින් මාචන්. උඹ යා යුත්තේ කොළඹ නෙවෙයි... පිටරටකට... උත්සහ කරලා බලපන්. අවරුදු 5ක් කට්ට කාල සල්ලියක් හොයන වරෙන් සැර වැඩක් පටන් ගන්න.. උගත් දේ උඹ පාවිච්චි කරපන්... එක එකාට පාවිච්චි වෙන්න එපා මචන්..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අලුත් තැන පරණ එකට වඩා හොඳයි බන්... ඒකයි ආවේ.. අනික මෙතන මන් කැමති විදියට වැඩ කරන්න නිදහස තියෙනවා.. කවදා හරි මගේම කියලා මොනා හරි පටන් ගන්න ඕනි බන්.. තාම එහෙම වත්කමක් නෑ බන්...

    හොදයි නම් කමක් නෑ. :D අනික නිදහසත් තියනව නම් වැඩ කරන්න ලේසිනේ. උඹේම කියලා දෙයක් පටන්ගන්න උවමනා වත්කම හදාගන්න මහන්සි වෙයං. අලුත් ජොබ් එකට මගෙන් සුභ පැතුම්! :)
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හොදයි නම් කමක් නෑ. :D අනික නිදහසත් තියනව නම් වැඩ කරන්න ලේසිනේ. උඹේම කියලා දෙයක් පටන්ගන්න උවමනා වත්කම හදාගන්න මහන්සි වෙයං. අලුත් ජොබ් එකට මගෙන් සුභ පැතුම්! :)

    මුට පිටරටකට ගියානම් ලක්ස දෙකක පඩියක් ගන්න පුළුවනි කියල මම හිතනවා මචන්. අවුරුදු පහක් කට්ටක් කෑවනම් සුපිරි ගරාජ් එකක් දාගෙන කොල්ලෝ දහයක් පහළොවක් වැඩට දාගෙන AC රූම් එකකට වෙලා CCTV එක බලාගෙන එලකිරියට කොටන්න තිබ්බ..
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කියන්න දේවල් ගොඩයි බන්... ඒත් දැන් ටයිප් කරන්න වෙලාවක් නෑ.. දැන් කොල්ල කොළඹ කට්ට කන්න ආවා ජොබකට.. වෙලාවක් හම්බුනාම ඇවිත් සෙට් වෙන්නම්කො.. ඔය කැලණිය, වත්තල, පෑලියගොඩ පැත්තේ නවතින්න හොඳ තැනක් තිබ්බොත් කියපල්ලා....
    සුභ ගතනවා මචන් උබට හොදට දියුණු වෙයන් :yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචෝ සෙරීනා කතාවනම් උපරිමයි...:D

    අම්බානක ස්තූතියි මේවා බෙදාගන්නවට. සෑහෙන දෙයක් ඉගෙනගන්නවා හැමපාරම..:yes::yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචෝ සෙරීනා කතාවනම් උපරිමයි...:D

    අම්බානක ස්තූතියි මේවා බෙදාගන්නවට. සෑහෙන දෙයක් ඉගෙනගන්නවා හැමපාරම..:yes::yes:

    මචෝ??? :angry: පොල්වත්ත සීයගේ කියන්නේ අර ක්ලබ් එකේ මාමලාටත් වඩා වයස පොරක් :P
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    අප්පට සිරි දාලා නේ.ඇඩෙනවා අප්පා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මුට පිටරටකට ගියානම් ලක්ස දෙකක පඩියක් ගන්න පුළුවනි කියල මම හිතනවා මචන්. අවුරුදු පහක් කට්ටක් කෑවනම් සුපිරි ගරාජ් එකක් දාගෙන කොල්ලෝ දහයක් පහළොවක් වැඩට දාගෙන AC රූම් එකකට වෙලා CCTV එක බලාගෙන එලකිරියට කොටන්න තිබ්බ..

    ඒක නම් ඇත්ත මචං. :yes::yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මචෝ??? :angry: පොල්වත්ත සීයගේ කියන්නේ අර ක්ලබ් එකේ මාමලාටත් වඩා වයස පොරක් :P

    හප්පට..:eek:
    වෙලාවට මම වැරදිලාවත් මචං කිව්වේ නෑ...:rofl:
    හැබැයි මොනව උනත් ඒ අත්දැකීම්වල එක ඡේදයක් නෑරම ඉගෙන ගන්න දේවල් නං ගොඩාක් තියෙනවා...:yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හප්පට..:eek:
    වෙලාවට මම වැරදිලාවත් මචං කිව්වේ නෑ...:rofl:
    හැබැයි මොනව උනත් ඒ අත්දැකීම්වල එක ඡේදයක් නෑරම ඉගෙන ගන්න දේවල් නං ගොඩාක් තියෙනවා...:yes:

    :yes::yes::yes: පොරගේ කතා ඔක්කොම කියවන්න
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    haa haa meke cmmt karapu un dan yamallaa CID neme kelinma FBI :D:D
    PFLoju.gif
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඔන්න කොල්ල වැඩකාරයා උන කේස් එකක් කියන්නයි යන්නේ...

    මේක උනේ 2010දි... කට්ටියටම මතක ඇතිනේ නොවැම්බර් මාසේ කොළඹට ගං වතුර ගැහුවා.. ඔන්න ඒ දවස් වල තම සිද්දිය උනේ.. එතකොට කොල්ල ඉස්කෝලේ යන වයසේ...

    ඔන්න ඉතින් මගේ පියාව සුපුරුදු පරිදි ගුවන් තොටුපලට ඇරලවන්න අපේ ගෙදර සෙට් එකම අදුරන කෙනෙකුගේ වෑන් එකකුත් හයර් එකට අරන් ආවා කටුනායකට...
    ඒ උනාට එන්න ලැබුනේ මිනුවන්ගොඩට එනකල් විතරයි.. එතනින් එහාට යන්න බෑ වාහනේ... වතුර වැඩියි.. කොහොම හරි යන්න ඕනි නිසා වෑන් එකේ ඩ්‍රයිවර් වෑන් එක පාර අයිනේ නවත්තලා මට වෑන් එකේ යතුර දීලා මගේ පියාව කොහොම හරි එක්කන් ගියා එයාර්පොර්ට් එකට...ඔන්න ඉතින් කොල්ල "වෑන් එක මගේ" වගේ ඩ්‍රයිවින් සීට් එකට නැගල හිටියා ෆන් එකේ.. :yes::yes:

    ඔන්න එතකොට තමා දැක්කේ මිනුවන්ගොඩ පැත්තේ ඉඳන් නිසාන් මාච් K12 එකක් ඇවිත් මිනිස්සු නවත්තන්න කියද්දී අපිව පහුකරන් ගිහින් වතුර පාරට දැම්ම... දාපු ගමන් එහෙමම නතර උනා වාහනේ.. දැන් ඔන්න බලන් හිටිය මිනිස්සු කතා වෙනවා ආපු එකාට පිස්සු, ඌ කාර් එක බෝට්ටුවක් කියලා හිතන් ඉන්නවලු ඒකයි මේකයි කියලා.. ඔය ප්ලේස් එකේන් එහාට මෙහාට යන මිනිස්සුන්ට බෝට්ටු ගෙනත් උදව් කරේ අපේ නේවි එකේ කොල්ලෝ.. ඔන්න නේවි කොල්ලෝ ටික වතුරට බැහැලා අර මාච් එක ආයෙම අපි හිටපු පැත්තට තල්ලු කරලා දුන්න.. එතකල්වත් ඇතුලේ හිටපු ඩ්‍රයිවර් බැස්සේ නෑ...

    ඔන්න වාහනේ ගොඩට තල්ලු කරාට පස්සේ තමා ඩ්‍රයිවර් බැස්සේ බිමට... අඩේ.. එතකොට තමයි දැක්කේ ඩ්‍රයිවර් කෙල්ලෙක් කියලා කට්ටියම... අම්මේ... ඊට පස්සේ බැන බැන හිටපු කට්ටිය වටවෙලා මැඩම්ට උදව් කරන්න.. මැඩම් බය වෙලා වගෙත් පේනවා.. ඔන්න ඉතින් අම්මගේ කීමට මමත් බැහැල ගියා එතනට මොකක්ද සීන් එක කියල බලන්න.. හෆොයි.. වතුර ඇදලා එන්ජිමට.. හරි සතුටුයි.. වටවෙලා හිටපු උන් කියනවා එන්ජිම ඉවරයි දැන්.. අලුත් එකක් දාන්න වෙනවලු, තව එකෙක් කියනවා හදන්න ලොකු ගානක් යයිලු.. මැඩම් රතුවෙලා අඬන්න ඔන්න මෙන්න.. මම ඉතින් අහිංසක විදියට ඇහුවා මැඩම් ගෙන් මිස්, වාහනේ ගැහිලා ගැහිලද නතර උනේ නැත්තන් එක පාරටම කරන්ට් ගියාම වගේද කියලා.. මැඩම් කිව්වා එක පාරටම නැවතුනා කියලා..

    පස්සේ කොල්ලට මීටර් උනා පොඩි වැඩක්.. මන් එයාර් ෆිල්ටරේ ගලවලා බැලුව.. වතුර එකයි ඇතුලේ.. පස්සේ මම මැඩම් ගෙන් ඇහුවා වාහනේ ටූල් කිට් එකක් තියෙනවද කියලා.. තියෙනවා කිවව.. ඔන්න ඉතින් කොල්ල ගිහින් ටූල් කිට් එක අරන් ආව.. මොනා නැතත් මැඩම්ගේ කොල්ල (හෝ හස්බන්ඩ් හෝ වාහනේ කලින් අයිතිකාරයා) පොඩ්ඩක් මොලේ තියෙන එකේක්.. යමක් කරන්න පුළුවන් විදියේ ටූල් සෙට් එකක් තියෙනවා වාහනේ..

    මන් මුලින්ම එයාර් ඉන්ටේක් එක ගැලෙව්වා.. ඇතුලේ වතුර පිරිලා.. පස්සේ වතුර ටික අයින් කරලා පුළුවන් විදියට ඇතුලට ටිෂු ඔබව්වා.. එක එහෙමම පැත්තක තියල ප්ලග් ටික ගලවන්න කියල ලැස්ති උනා... කාල වරෙන්කො... ප්ලග් එක ගලවගන්න ගැලපෙන ටූල් එකක් නෑ මෙතන.. වට පිට බැලුවම බයික් එකක් තිබ්බ.. උගෙන් ඉල්ලා ගත්ත ටූල් ටික.. අපිටමයි වෙන්නේ.. ඒ ටූල් සෙට් එකේ ප්ලග් ගලවන එක දිග මදි කියහන්කෝ.. ඉතින් කොහොම කොහොම හැටි ඉස්කුරුප්පු නියනකුත් දාලා කරකලා ප්ලග් ටික ගැලව ගත්ත.. ඒ කරලා අහල පහල තිබ්බ සෙන්සර් වල වයර් ටිකත් ගැලෙව්වා.. ඒ කරලා ගිහින් ඉඳ ගත්තා ඩ්‍රයිවින් සීට් එකේ.. යතුර දාල බැලුව.. දැන් වටේ පිටේ හිටපු උන් ඔක්කොම බලන් ඉන්නවා කන්න වගේ.. ඒ මදිවට අම්මත් ඇවිත් එතනට පුතාගේ වැඩ බලන්න.. ඔන්න ඉතින් වෙන දෙයක් වෙච්චාවේ කියල මැඩම්ට කතා කරලා කිව්වා ස්ටාර්ට් කරන්න කියලා මන් ගියා එන්ජිම බලන්න.. අම්මේ.. ස්ටාටර් මොටරේ ගහනකොට එන්ජිමෙන් වතුර එලියට එනවා ටැප් වතුර මලකින් වගේ... පස්සේ වතුර ඔක්කොම ටික යනකල් ස්ටාටර් මෝටරේ ගහල අන්තිමට චෙක් කරලා බැලුව ඔයිල් ලෙවල් එක.. වතුර කලවම් උන පාටක් පේන්න නෑ.. ආයෙම කෑලි ටික මූට්ටු කරලා හිත හදාගෙන ආයෙම ස්ටාටර් මෝටරේ ගහල බැලුව.. Check Engine ලයිට් එක පත්තු වෙනවා. :no::no:
    off කරලා ගිහින් බැටරිය ගලවල ටිකක් වෙලා තිබ්බ.. ආයෙම බැටරිය දාල ගිහින් බැලුව.. ඒ පාර ලයිට් එක නෑ.. කොල්ලට මාර හැපී.. ස්ටාර්ට් කරලා පොඩ්ඩක් රේස් කරලා බැලුව.. මිස් කරන පාටකුත් නෑ.. පස්සේ ඉතින් හින්දි ෆිල්ම් වල වීරයා මරණෙන් නැගිටලා එනවා වගේ කොල්ල වීරයා වගේ වාහනෙන් බැහැල "මිස් එහෙනම් වාහනේ මෙහෙම අරන් ගිහින් පුළුවන් තරන් ඉක්මනට ගරාජ් එකකට දාල Compression Test එකකුයි Full Scan Test ටෙස්ට් එකකුයි කර ගන්න කියලා යතුර බාර දුන්නා.. පස්සේ එකතු කර ගත්තු ටූල් ටිකත් අයිතිකාරයෝන්ටම බෙදලා දුන්න.. ඒ වෙලාවේ මැඩම් සල්ලි දෙන්න හැදුවට වීරයා ගත්තේ නෑ.. පස්සේ මැඩම් ටෙලිෆෝන් නො එක ඉල්ලන් ගියා පස්සේ චෙක් කරලා බලල මොකද උනේ කියලා කියන්න... සතියකට විතර පස්සේ ගෙදරට කෝල් කරලා කියල තිබ්බ වාහනේ කිසිම අවුලක් නැහැ පොඩි සෙන්සර් දෙකක් විතරක් අලුතෙන් දැම්ම කියලා.. (ඒ දවස් වල මටමයි කියල හරිහමන් ෆෝන් එකක් තිබ්බේ නෑ ..ගෙදර නො තම දුන්නේ...)

    දැන් බොලාට මේකෙන් ගන්න තියෙන දේ තම හදිස්සියෙවත් ඔහොම වතුර කේස් එකක් අවොත් Plug හෝ Injector ගලවලා Crank කරලා වතුර ටික යවපල්ලා... වතුර ඇදලා නතර උනා නම් ආයේ ස්ටාර්ට් කරන්න යන්න එපා Plug හරි Injector හරි ගලවන්නේ නැතුව.. :yes::yes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ආයෙත් අහල..:yes:
    මටනං අර වගේ මහ රෑක නිකන් සිග්නල් ලයිට් එකක් පිච්චුනත් පිස්සු වගේ...
    :baffled:

    මනුස්සයෙකුට හයිය තියෙන්න ඕන ඇඟේ නෙවෙයි මචන් හිතේ.. ඕනෑම ප්‍රශ්නයකදී විය යුත්තේ කලබල නොවී කල යුත්ත සාවදානව කල්පනා කිරීමයි.. බහුතරයක් මිනිස්සු වාහනයක් මග කැඩුනාම හිතන්නේ අයියෝ මගේ වාහනේ කැඩුන නේද කියල විතරයි. උන දේට පසුතැවිලි නොවී ඒ ශක්තිය යෙදවිය යුත්තේ වාහනේ හදාගෙන ගමන යන්නේ කොහොමද කියල හිතන්නයි..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :cool: එලකිරි වැනට් එකක්නේ තිබිලා තියෙන්නේ..... හරියට මගේ DX එක වගේමයි....... :baffled:

    ඕක විකුනහන් බරට බරක් වියදම් කරන්නේ නැතුව.. සමහර වාහන කොයි තරම් හැදුවත් කඩෙන එක නවතින්නේ නැහැ.. සමහර වාහන ගලේ ගැහුවත් මුකුත් වෙන්නේ නැහැ..
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මනුස්සයෙකුට හයිය තියෙන්න ඕන ඇඟේ නෙවෙයි මචන් හිතේ.. ඕනෑම ප්‍රශ්නයකදී විය යුත්තේ කලබල නොවී කල යුත්ත සාවදානව කල්පනා කිරීමයි.. බහුතරයක් මිනිස්සු වාහනයක් මග කැඩුනාම හිතන්නේ අයියෝ මගේ වාහනේ කැඩුන නේද කියල විතරයි. උන දේට පසුතැවිලි නොවී ඒ ශක්තිය යෙදවිය යුත්තේ වාහනේ හදාගෙන ගමන යන්නේ කොහොමද කියල හිතන්නයි..

    ප්‍රශ්නේ තියෙන්නේ දැන් හැදෙන උන් ඇනයක් බුරුල් වෙන්නේ කොයි පැත්තටද කියල වත් දන්නේ නෑ නේ.....
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචෝ සෙරීනා කතාවනම් උපරිමයි...:D

    අම්බානක ස්තූතියි මේවා බෙදාගන්නවට. සෑහෙන දෙයක් ඉගෙනගන්නවා හැමපාරම..:yes::yes:

    ස්තුතියි මචන් .. උගත් පාඩම් සියල්ල ඉදිරියට ලියාගෙන යන්නම්..
     
    Status
    Not open for further replies.