PC සහ PS4 අතර හොඳ නරක දෙකම තියෙනවා. නමුත් මගේ recommendation එක PS4 එකට.
ග්රැෆික් සුපිරි විදියට ඕනේ නම් PC එකක් ගන්න. හැබැයි ඔය කියන හොඳ ග්රැෆික් ගන්න PS4 එකක වියදම යනවා ( ග්රැෆික් කාඩ් එක සහ power supply එකට විතරක් ). මුළු PC එකම හොඳට assemble කරන් ලක්ෂ දෙකක් විතර යනවා ( මම කියන්නේ අවුරුද්දක් විතර upgrade නොකර දුවන්න පුළුවන් spec එකක් ). ඔය වියදමට PS4 Games ගන්න පුළුවන් ඕනෙ තරම්.
PS4 එකේ ග්රැෆික් සෑහෙන්න හොඳයි PS3 එකට වඩා. මට නම් ඒ තරම හොඳටම ඇති. Game play එක හොඳට තියෙනවා නම්, සෙල්ලම් කරන්න පහසු නම්, ඒ හොඳටම ඇති.
PS4 games ගන්න පුළුවන් අඩුවට සිංගා වලින්. නැත්නම් ikman එකේ බලන්න. ඒකේ තියෙනවා පාවිච්චි කරපු ඒවා සෑහෙන අඩුවට. ඉතිං ඒවා අරගෙන සෙල්ලම් කරලා, ආයිත් විකුණන්න හරි වෙන එකකට මාරු කර ගන්න හරි පුළුවන්. ඉතින් ලොකු වියදමක් යන්නේ නෑ, ගේම්ස් වලට. අනික අලුත්ම ගේම්ස් උණුවෙම එන්නේ PS4 වලට.
තව සෑහෙන වාසි තියෙනවා PS4 එකක් ගන්න එකේ. ඕන නම් කියන්නම්.
Math machan pc thamai mulin use kare,graphics num ithin pc thamai ,habai uncharted,god of war wage games play karanna num console ekak one
pc ekata ena games monawada kiyala hitthenawa uncharted,god of war wage games play karaddi
Last edited:


. 
.