වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේකත් එක්තරා විදිහකට වාහන කට්ටක්ම තමයි.. හැබැයි මම පැත්තකින් සෙට් උන එකක් මිසක්, මටම සෙට් උන මගේම කට්ටක්නං නෙමෙයි...;)

    වාහන බලන්න යන එක ගැන දෙයක් ඉගෙනගත්තා... :cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක මගේ නවතම කට්ටක්... තව කටු තියෙනවා මේ වාහනේ එක්ක... මෙක දාලම ඒවා දාන්නම්... :D

    ඔන්න මගේ මාර්ච් එක ගැන තව කතාවක් ලියන්න යන්නේ... :)

    දැනට අවුරුද්දකට විතර කලින් වාහනේ මට දැනුනා තෙල් කිරිල්ල අඩුයි කියලා.. සාමාන්‍යෙන් මේකේ ට්‍රැෆික් එකේ 12ක් විතර කරා.. ඉතිං අරන් ගියා ටියුනප් එකක් දාන්න... ගෙවල් කිට්ටුව පොට් එකකට අරන් ගියේ...

    ප්ලේස් එක නිකන් තියෙනවා කම්පැනි එක වගේ කොලිටියට.. ඉතිං හිතුවා වැඩත් හොඳයි කියලා.. අයිති පොරත් ඇවිල්ල බොහොම හොදට කතා කරා... ඔන්න ඉතිං දැම්ම වාහනේ වැඩේට... වරුවක් විතර අරන් වැඩෙත් ඉවර කරලා ආවා.. ප්ලග් 4 මාරු කරලා.. ඉන්ජෙක්ටර් ෆිල්ටර් මාරු කරලා.. තව මොකද්ද මැනිෆෝල්ඩ් එක ලඟ තියෙන සොලොනොයිඩ් එකකුත් මාරු කරලා බිල දැම්ම 15ක් ද කොහෙද... හම්මටසිරි කිව්වලු... දැන් ඉතිං මොනවා කරන්නද... ගාන ගෙවලා වාහනේ අරන් ආවා...

    දැන් පෙට්‍ර්ල් හොඳට වැඩ කරනවා.. පිකප් එකත් හොඳයි ඉතිං සල්ලි ගියාට කමක් නෑ කියලා හිත හදාගත්තා... ඔහොම 3000km විතර දුවනකොට මෙන්න එන්ජිම මිස් කරනවා...

    එක දිගටත් නෙමෛ.. එක එක වෙලාවට තමයි එන්නෙ... සමහර වෙලාවට වාහනේ වෙව්ලලා නවතිනවා.. දැන් ඉතිං මම බයවෙච්ච පාර අරන් ගියා ටියුනප් එක කරපු තැනටම.. උන් කිව්ව පෙට්‍රල් ෆිල්ටරේ බ්ලොක් වෙලා වෙන්න ඇති ඒක මාරු කරමු කියලා.. මේකේ එන්නේ ෆිල්ටරෙයි,පම්ප් එකයි ගේජ් එකයි ඔක්කොම එකට පෙට්‍රල් ටැංකිය ඇතුලේ.. මෙන්න මේ වගේ

    parts-Fuel-Pump-NISSAN-MICRA-III-K12-1-4-16V-SIDAT---22-149499-auto-parts.jpg

    සෙට් එකම ගන්න යනවා 45,000ක්. ඉතිං හොයලා හොයලා රීකන්ඩිශන් එකක ෆිල්ටර් කෑල්ල විතරක් ගලවගෙන හයි කරා.. ඒ අතරේ ගැරෙජ් එකෙන් ප්ලග් ටිකත් සුද්ද කරලා දැම්මා..

    ඔක්කොටම 6000ක් ගියා.. ඔන්න ආපහු 200km දුවන්න හම්බවුනේ නෑ ලෙඩේ ආවා..

    මේ පාර අරන් ගියේ වෙන ප්ලේස් එකකට... ඒක මේ එලකිරියෙම කෙනෙක් කියපු පොට් එකක් ඩාලි රෝඩ් එක කිට්ටුව.. ඌ චෙක් කරලා කිව්වා ඉග්නිශන් කොයිල් වල තමයි කේස් එක ඒවා මාරු කරන්න ඕනේ කියලා... එකක් අලුතෙන් 12,000ක් වෙනවා.. ඌ ලඟ රීකන්ඩිශන් ඒවා තියෙනවා එකක් 4000 ගානේ දෙන්නම් කිව්වා... කොහොම හරි කොයිල් මාරු කරහම වැඩේ හරි ගියා.. ඒත් මගේ හිතට හරි නැති නිසා කිව්වා මම පස්සේ එන්නම් කියලා පරන කොයිල් 4 ම දැම්ම... මෙන්න බොලේ මිස් එක නෑ ඒ පාර... :baffled: ඉතිං සන්තෝසෙන් ගෙදර ආවා..

    ඒත් පහුවෙනිදා බලනකොට මෙන්න ආපහු ලෙඩේ ඇවිල්ලා.. මට මේ වෙනකොට එපා වෙලා හිටියේ... පස්සේ කෙලින්ම අරන් ගියා නිසාන් කම්පැනියට... උන් කිව්වා ඔක්කොටම කලින් ටියුනප් එකක් දාන්න ඕනේ කියලා.. ඊට කලින් ෆුල් ස්කෑන් එකක් දැම්මා.. කිසිම ලෙඩක් පෙන්නුවේ නෑ.. පස්සෙ මම කිව්ව කමක් නෑ ටියුනප් එක දාන්න කියලා.. ඔන්න එතකොට මුලින්ම ටියුනප් එක දාපු එකා මාව හුරන් කාපු හැටි එලි වුනා..

    1. ඉන්ජෙක්ටර් ෆිල්ටර් මාරු කරන්න ඕනේ නෑ කිව්වා ඒවා හොදට සුද්ද කරලා දාන්න පුලුවන් කිව්වා

    2. මැනිෆෝල්ඩ් එකේ කොහොමත් පොඩි ඔයිල් ගතියක් තියෙනවා ඒක නිසා අර සොලොනියිඩ් එක දාලා තියෙන්නේ බොරු කියලා මගෙන් ගානක් කඩාගන්න..

    ප්ලග් 4 හොදටම සවුත්තු වෙලා.. කිලෝමීටර් 3000 කට ප්ලග් එච්චර සවුත්තු වෙන්න විදිහක් නෑ කිව්වා.. ඉතිං ප්ලග් 4 කුත් දැම්මා.. ඔන්න දැන් ලෙඩේ හරි...

    තව 15000 ක් දීලා වාහනේ අරන් ඇවිල්ලා සතුටින් දිව්වා.. ඒත් බලනකොට පෙට්‍රල් කිරිල්ල අඩු වෙලා.. ඉතිං ආපහු අරන් ගියා,, පස්සේ උන් චෙක් කරලා බලලා කිව්වා කිසි අවුලක් නෑ කියලා.. ටියුනප් එක කරපු නිසා ස්කෑන් එකයි චෙක් කිරිල්ලයි ඔක්කොම නොමිලේ කරලා දුන්නේ.. ඒ අතින් නම් කම්පැනි එක හොඳටම හොඳයි... ඉතිං ආපහු අරන් ඇවිල්ල දිව්වා...

    මෙන්න ආපහු 3000km පනිනකොට ලෙඩේ ආවා... දැන් නම් මට මල හොඳටම.. එපා වුනා.. එකම කතාව... මම වෙන ගැරෙජ් එකකට අරන් ගියා... ඌ ප්ලග් 4 ගලවලා බැලුවා.. ප්ලග් කලුවෙලා ගිහිල්ලා සවුත්තු වෙලා හොඳටම.. පස්සේ ඒ ටිකම හයි කරන් ගෙදර ඇවිල්ලා පොඩ්ඩක් කල්පනා කරා..

    දෙපාරම ප්ලග් හොඳටම සවුත්තු වෙලා තිබ්බේ ප්ලග් වල වැරැද්දක්ද එහෙම නැත්නම් ඇන්ජිමේ වැරැද්දක්ද කියලා... කම්පැනි ස්කෑන් එකෙන් එන්ජිමේ අවුලක් පෙන්නුවේ නැති නිසා මට හිතුනා ප්ලග් වල කේස් එකක්ද දන්නේ නෑ කියලා... වාහනේ සර්විස් මැනුවල් එක ඩවුන්ලෝඩ් කරන් බැලුවා ප්ලග් ටයිප් එක...

    හරිනේ.....

    manufacture recommend කරලා තියෙන්නේ ප්ලැටිනම් ටිප් ප්ලග් එක... කම්පැනියෙයි.. අනිත් තැනයි දෙකේම දාලා තියෙන්නේ නිකං එක... මට හිතුනා ලෙඩේ ඒක වෙන්න ඇති කියලා.. ඉතිං කරන්න දෙයක් නෑ ප්ලැටිනම් ටිප් ප්ලග් 4ක් අරන් දැම්ම... දාපු ගමන් ලෙඩේ නම් නැති වුනා..

    ඒත් ඉතිං තව කිලෝමීටර් 3000 කට පස්සේ තමයි හරියටම කියන්න වෙන්නේ.... මම හිතනවා අවුලක් වෙන එකක් නැති වෙයි කියලා... :cool: උඹලත් ප්‍රාර්ථනා කරපල්ලා ලෙඩේ ආපහු එන්න එපා කියලා... :D දැනට හැබැයි ටිකක් වයිබ්‍රේශන් එකක් තියෙනවා කලින්ට වඩා... ප්ලග් මාරු කරහම ස්කෑනර් එකෙන් රිසේට් කරන්න එඑහෙම ඕනෙද දන්නේ නෑ ... දන්න කෙනෙක් කියනවද... ? හැබැයි D එකේ තියන් බ්‍රේක් ගහන් ඉන්නකොට තමයි දෙදරන්නේ... N එකට දැම්මහම අවුලක් නෑ... ආ තව AC එක ඕෆ් කරහම නම් නිකං මීයට පිම්බා වගේ සද්ද නෑ... :yes:
     
    Last edited:

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මේක මගේ නවතම කට්ටක්... තව කටු තියෙනවා මේ වාහනේ එක්ක... මෙක දාලම ඒවා දාන්නම්... :D

    ඔන්න මගේ මාර්ච් එක ගැන තව කතාවක් ලියන්න යන්නේ... :)

    .........................................................

    ඒත් ඉතිං තව කිලෝමීටර් 3000 කට පස්සේ තමයි හරියටම කියන්න වෙන්නේ.... මම හිතනවා අවුලක් වෙන එකක් නැති වෙයි කියලා... :cool: උඹලත් ප්‍රාර්ථනා කරපල්ලා ලෙඩේ ආපහු එන්න එපා කියලා... :D දැනට හැබැයි ටිකක් වයිබ්‍රේශන් එකක් තියෙනවා කලින්ට වඩා... ප්ලග් මාරු කරහම ස්කෑනර් එකෙන් රිසේට් කරන්න එඑහෙම ඕනෙද දන්නේ නෑ ... දන්න කෙනෙක් කියනවද... ? හැබැයි D එකේ තියන් බ්‍රේක් ගහන් ඉන්නකොට තමයි දෙදරන්නේ... N එකට දැම්මහම අවුලක් නෑ... ආ තව AC එක ඕෆ් කරහම නම් නිකං මීයට පිම්බා වගේ සද්ද නෑ... :yes:
    ආයෙනං ඒ ලෙඩෛ්නොඒවා කියල ප්‍රාර්ථනා කරනවා. ඇයි බං කම්පැනි දාලත් ස්කෑන් කරලත් අහු නොවෙන්නෙ. ඕක කේ 12 එකක්ද?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තවත් කට්ටක ආරම්භය වගේ දැන් පේන්ට් කරන්න කියල දාල සති 3යි....තාම බාස හූරනවා...අනේ මන්ද බාසට බැනලත් බෑ...නොබැනත් බෑ...මේ දවස් ටිකේ එහෙට මෙහෙට යන්න කන කට්ටම ඇති වෙලා තියන්නෙ
    9pnwpt.jpg

    2j1v08y.jpg

    ඇයි බන් මේ මෝඩ වැඩේ කරේ. දැන් ඉතින් ඔය හුරණ තට්ටුව වහන්න ආයෙ කැට්ලොයි දාන්න ඕන.ඊට පස්සේ ඒ තට්ටුව මට්ටම් කරන්න කපල පොටි දාල පේන්ට් ගහන තත්වෙට ගන්න කොයි තරම් වියදම් කරන්න වෙනවද.. අපරාදේ උඹේ සල්ලි.. දිරුම් තියන තැන විතරක් හදල පේන්ට් කරගත්තනම් උඹට ලොකු ගානක් ඉතුරුයි...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආයෙනං ඒ ලෙඩෛ්නොඒවා කියල ප්‍රාර්ථනා කරනවා. ඇයි බං කම්පැනි දාලත් ස්කෑන් කරලත් අහු නොවෙන්නෙ. ඕක කේ 12 එකක්ද?

    හේතු ගොඩක් බලපානවලු එන්ජින් මිස් කිරිල්ලට.. ඒක වෙන්න ඇති..
    BK12 එකක් මචං.. k12 එකට වඩා එන්ජින් කපෑසිටි වැඩියි... 1.4
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    ඒත් ඉතිං තව කිලෝමීටර් 3000 කට පස්සේ තමයි හරියටම කියන්න වෙන්නේ.... මම හිතනවා අවුලක් වෙන එකක් නැති වෙයි කියලා... :cool: උඹලත් ප්‍රාර්ථනා කරපල්ලා ලෙඩේ ආපහු එන්න එපා කියලා... :D

    කටු කියවන්න බලාගෙනම එන ජනී ජනයා ඉන්න නිසා ප්‍රාර්ථනාව තමයි ශුවර් නැත්තේ...:lol:
    හප්පේ මට නං ඒ තිබුන ලෙඩ කන්දරාව කියවද්දිත් එපා උනා...:baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කටු කියවන්න බලාගෙනම එන ජනී ජනයා ඉන්න නිසා ප්‍රාර්ථනාව තමයි ශුවර් නැත්තේ...:lol:
    හප්පේ මට නං ඒ තිබුන ලෙඩ කන්දරාව කියවද්දිත් එපා උනා...:baffled:

    ඔව් බං... වාහනේත් එක්ක එපා වෙලා හිටියේ... විකුනලා වෙන එකක් ගන්න තරම් සල්ලි නැති නිසා හදාගෙන දුවනවා...

    මේකේ තව කටු තියෙනවා.. ඒවා පස්සේ දාන්නම්... වැනට් එකට වඩා ටිකයි හොඳ..:D
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :cool: හරි හරි ලියන්නම් පුලුවන් හැටියට..... දැන් මතකත් නෑ සීන් එක..... :P

    ඔන්න ඉතින් ඔයත් දැන් මගුලක් කියනවා...:baffled:
    මෙච්චර දවස් දාන්නං දාන්නං කියල දැන් ඒ පාර සීන් එක මතක නෑ කියනවා..
    :angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔන්න ඉතින් ඔයත් දැන් මගුලක් කියනවා...:baffled:
    මෙච්චර දවස් දාන්නං දාන්නං කියල දැන් ඒ පාර සීන් එක මතක නෑ කියනවා..
    :angry:

    SILVATHIYARI:eek:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඒත් ඉතිං තව කිලෝමීටර් 3000 කට පස්සේ තමයි හරියටම කියන්න වෙන්නේ.... මම හිතනවා අවුලක් වෙන එකක් නැති වෙයි කියලා... :cool: උඹලත් ප්‍රාර්ථනා කරපල්ලා ලෙඩේ ආපහු එන්න එපා කියලා... :D දැනට හැබැයි ටිකක් වයිබ්‍රේශන් එකක් තියෙනවා කලින්ට වඩා... ප්ලග් මාරු කරහම ස්කෑනර් එකෙන් රිසේට් කරන්න එඑහෙම ඕනෙද දන්නේ නෑ ... දන්න කෙනෙක් කියනවද... ? හැබැයි D එකේ තියන් බ්‍රේක් ගහන් ඉන්නකොට තමයි දෙදරන්නේ... N එකට දැම්මහම අවුලක් නෑ... ආ තව AC එක ඕෆ් කරහම නම් නිකං මීයට පිම්බා වගේ සද්ද නෑ... :yes:

    උඹත් කාලා තියන්නේ මාර කට්ටක්නේ. දැන් නම් ලෙඩේ හරියයි කියල හිතනවා. :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇයි බන් මේ මෝඩ වැඩේ කරේ. දැන් ඉතින් ඔය හුරණ තට්ටුව වහන්න ආයෙ කැට්ලොයි දාන්න ඕන.ඊට පස්සේ ඒ තට්ටුව මට්ටම් කරන්න කපල පොටි දාල පේන්ට් ගහන තත්වෙට ගන්න කොයි තරම් වියදම් කරන්න වෙනවද.. අපරාදේ උඹේ සල්ලි.. දිරුම් තියන තැන විතරක් හදල පේන්ට් කරගත්තනම් උඹට ලොකු ගානක් ඉතුරුයි...

    ඒක තමයි බං මාත් හිතුවේ. :baffled:
     
    Status
    Not open for further replies.