අනිවාර්යෙන් මචං මේ රට යන ක්‍රමේ වෙනස් කරන්න නම් මෙහෙම තමයි හිතන්න ඕනේ. බලපං උසස්පෙළ කරාටත් පස්සේ කොච්චර කොල්ලෝ තවත් ගෙදරට බරක් වෙනවද කියලා. උං මොනවද ගෙදර වෙනුවෙන් කරන්නේ. අඩුම තරමේ තමන්ටවත් යමක් කර ගන්නවද. මමත් උසස්පෙළ කරලා ඉවර වුන ගමන් මට අවශ්‍ය මුදල් තනියම හොයා ගත්තා. මට ඒ දවස්වල ඒකට තිබුන මාර්ගේ ප්‍රෝගැමිං. මම උපෙළ කරලා මාස හයක් යන්න කලින් මගේම සල්ලි වලින් බයික් එකක් ගත්තා. මට අවශ්‍ය වියදම් වලට, ඉගෙන ගන්න, මම ම හම්බු කරපු සල්ලි තිබුනා. ඔන්න ඔය දේ 99% කොල්ලෝ තේරුම් ගන්නෙ නෑ මචං. උං හිතන්නේ වදපු පලියට දෙමව්පියෝ උංට කන්න බොන්න දෙන්න ඕනි කියලා. කන්න බොන්න නම් බැරියෑ මුංට කෙල්ලට කතා කරන්න ෆෝන් කාඩ් අරං දෙන්න ඕනිත් දෙමව්පියෝ. ඔන්න ඔය වගේ පහත් මානසිකත්වයක් තමයි මචං බහුතරයකට තියන්නේ. මම මේ රටට ආදරෙයි. නමුත් මටත් තව අව්රුදු කීපයකින් මේ රට දාලා යන්න හිතෙන්න පුලුවන්. දැනට එහෙම දෙයක් දැනෙන්නේ නැත්තේ කරන රස්සාව කෙලින්ම වෙන බාහිර දේවල් එක්ක ගැටෙන්නේ නැති නිසා.