වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    11261723_10153326860684085_6797910013485752585_n.jpg

    :dull:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    බුකියේ සනිය පහලොව ගැන නොම දන්නා
    ටොමියා ඇවිත් බුරනවා මගෙ බඩ පෙන්නා
    දිරලා කියා කියනා විට හිත රිදුනා
    ඔහොමත් දමනවද ලිං ගැට්ටේ තබලා

    සහසක් ධනය තිබුනත් මගේ පාස් පොතේ
    බඩ ගෙඩියෙමයි වටිනා දේ නිධන් කලේ
    දැනුනත් දහස් කටු මසකට කාර් එකේ
    බඩයි පහලොවයි රැකගමි නොවැටි ළිඳේ

    අඩො සුපිරි මචන්. :)
    කන අතගාල දීලා තියනවා:lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්න ඉතින් නිවාඩුවක් දාලා තිබුන එකේ ගෙදර ඉදලා කාර් එක හොදට හොදලා අස්සේ තිබුන මඩ එහෙම අයින් කරලා
    .................
    .................
    .................


    එල මචෝ කටු ඉඩෝරයකට අහු වෙලා හිටපු අපිට සෑහෙන්න වටිනවා. :)
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කෝකටත් වාහනේ ඉස්සරහ, සහ ඩෑෂ් එකේ පින්තුර දෙකක් දාහන්. මොඩල් එක ඔහෙයි මෙහෙයි වෙනස් වෙන්න ඉඩ තියනවා. shipping සහ ජන්ක් යාර්ඩ් එකේ ගානත් එක්ක කියක් වෙයිද දන්නේ නැහැ මචන්. මම බලන්නම්.. එවන්න බැරි කමක් නැහැ එත් උඹට මිල කොහොම වෙයිද දන්නේ නැහැ..

    එල. මන් දාන්නම් පොල් අයියේ. මට සාමන්යෙන් දල වෂයෙන් ගානක් බලල කියන්න පුලුවන් වෙයිද. ඒත් මේකේ පින්තූර අප්ලෝඩ් කරන විදිය තමා දන්නෙ නැත්තෙ. පින්වතෙක් HELP ME
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    ඔන්න මගෙන් තවත් කට්ටක්. ඇත්තටම මේක කට්ටකටත් වඩා හොද පාඩමක් අපි හැමෝටම. මේක උනෙ අපිට අදින් අවුරුදු 7කට විතර කලින්. කතාව කියන්න කලින් වටපිටාව හදාගන්නම්කො.
    ඉස්සර අපි ලග තිබ්බා ෆෝර්ඩ් ජේ100 වෑන් එකක් ඕක නම් මල ඇණයක් අදින්නෙම නෑ ජෙනුයින් පාර්ට්ස් දාලා එහෙම එක පාරක් එන්ජිමත් හැදුවා ඒත් ඔය අදින්නෙ නැති ලෙඩේ ආයෙ ආවා අවුරුදු ගානකට පස්සෙ. මේ කියන කාලෙ වෙන්නෙ මීට අවුරුදු 10 - 12 කලින්. ඔන්න ඉතින් අපි ඔය වෑන් එක විකුනුවා ඒ කාලෙ ඕක හයර් දිව්වේ අපෙ ගමේ අන්කල් කෙනෙක්. පස්සෙ පස්සෙ වෙන කෙනෙකුත් වැඩ කරා x කියමුකො කතාවෙ කතා නායකයා තමා ඔය.

    අපි ඕක විකුනුවට පස්සෙ x ඔය එක එක වාහන වල වැඩ කරකර හිටියා අපි ඕක වික්කෙ අපිට පාඩු නිසා වාහනේ බොඩිය එහෙම හොදට තිබ්බා ඔන්න දැනුත් ඒක හොදට හදලා කොලඹ පැත්තෙ තියෙනවා කට්ටිය දැකලා තියෙනවා. අපිට පාඩු උනාට දුවපු අයට නම් පාඩු වෙලා නෑ. හරි ෆෝර්ඩ් එක අල්ලලා දාමුකො. දවසක් x ආව අපෙ ගෙදර තව වාහනයක් ගමු ෆිනෑන්ස් දාල හරි කියලා පොර අයිඩියා එකක් දැන්මා පොර ෆිනැන්ස් එක ගෙවන්නම් කියලා වෙන ආදායම් නෑ අපිට වාහනෙන් හරි. ඔන්න ඔයාල ඔය දකින වාහනේ අපි ගෙනාවෙ මීට අවුරුදු 10 - 12 වගේ කලින් ඔන්න ඔහොම.

    වාහනේ ගේනකොට තිබ්බේ පිටිපස්සහ පේන්ට් එක එහෙම ඔරිගිනල් එක ෆේඩ් වෙලා තැනින් තැන. වෙල්වට් කාපර්ට් එකේ ඉදන් හැමදේම හොදටම තිබ්බා ඉස්සරහා මුන නම් පේන්ට් කරලා තිබ්බා මන් හිතන්නෙ. අනිත් ඔක්කොම හොදටම තිබ්බා ජීඑල්-එල් එක නිසා ගොඩක් ම වටින වෙල්වට් හූඩ් එකයි ෆුල් කාපර්ට් එකයි බ්‍රව්න් කලර්. මනුස්සයා දිව්වා ඕකෙ පාසල් සේවය අපිට කියලා තිබ්බෙ එක ට්‍රිප් එකයි ලොකු ලමයි ගෙනියන්නෙ කියලා. අපිට මාසෙට ගානක් දුන්නා ඒත් අපිට සමහර මාස වල මදිත් උනා අම්මලාගෙ පඩියෙන් ඕක සෙටල් කරගෙන ගියා කොහොම හරි.

    අපිට මූ කරන දේවල් ගැන හොයන්න වෙලාවක් තිබ්බෙ නෑ. අප්පච්චිලා වැඩට යනවා මම ඉස්කෝලෙ යනවා. කොහොම හරි මූ ස්කූල් ට්‍රිප් දෙකක් ගිහින් තියෙනවා ප්‍රයිමරි සහ ලොකු ලමයි. ඊට අමතරව දවල් කාලෙට හයර් ගිහින් තියෙනවා ගමේ අයට ඩ්‍රයිවින් පුරුදු කරලා තියෙනවා වාහනෙන් සල්ලි වලට ඒකත්. කාපර්ට් එක කෑව හූඩ් එක කෑව මාසෙකට සැරයක් දුනුබුශ් අරක මේක කියලා ලෙඩ. ඔරිගිනල් තත්වෙ තිබ්බ වාහනේ ගොඩක්ම නාස්ති කරලා දැන්මා අවුරුදු 4 විතර යනකොට.

    ඊට පස්සෙ තමා අපෙයි අපෙ වාහනෙයි පින පලදුන්නෙ. x ට හරියට ඉන්න තැනක් වත් තිබ්බ මිනිස්සු නෙවේ එත් ඔන්න දවසක් මනුස්සයා අපෙ වෑන් එක සර්විස් එහෙම කරලා අපෙ ගෙදර දාල ගිහින් තිබ්බ මොකද කොහෙ ගියත් හවසට ගෙදර තමා පාර්ක් කරන්නෙ. අපිටත් ඉතින් ගානක් නෑ සර්විස් එක ගැන නම්. මෙන්න බොලේ මේ මනුස්සයා ඊලග දවසෙ උදේ ආවෙ නෑ නෙ වාහනේ අරන් යන්න. අපි කෝල් කරහම කිව්වා මහත්තයා මම වෑන් එකක් ගත්තා ස්කූල් සර්විස් එක ඒකෙ කරල හයර් අපෙ එකෙ දුවල ෆිනෑන්ස් එක ගෙවමු කියලා. අපිට ඇත්තටම හෙන අවුල් එදා මිනිහට උදේ තේ එක පවා අපි දුන්නා අපි හොදට සැලකුවා අයෙ මිනිස්සු විස්වස නොකරන තත්වෙටම අන්තිමේට ආවා. අපි කිව්ව අපිට හයර් ඕනෙ නෑ වාහනෙ යතුර ගෙනත් දෙන්න කියලා.

    අපිට ඉතින් ඊටපස්සෙ කරන්න දෙයක් තිබ්බෙ නෑ වාහනේ විකුනන්නත් බෑ. අප්පච්චි කොහොමහරි එයාගෙ යාලුවො ටික සෙට් කරගෙන ස්ටාෆ් සර්විස් එකක් පටන් ගත්තෙ ඊට පස්සෙ තමා. එයා හරි මම හරි තමා දිව්වෙ. මම ගියෙ අප්පච්චි නැති වෙලාවට මොකද උදේ එයා කට්ටියත් දාගෙන ගියහම වාහනේ නතර කරල තියනවා පේරාදෙණිය කැම්පස් එකේ ඊටපස්සෙ හවසට කට්ටියත් දාගෙන ගෙදර එන එක තමා කරේ. කොහොමහරි අපි වාහනේ ෆිනෑන්ස් එක සෙටල් කරා. අර කලින් තිබ්බ දුනු, බුශ් කිසිම අව්ලක් නෑ මට මතක විදිහට අපි පස්සහා දුනු බුශ් ගහලා දැන් අවුරුදු ගානක් වෙනවා තාම අව්ලක් නෑ ලගදි බලලා හොදයි කියලා අයෙම ඒවම දැන්මා. අපි අද වෙනකන් අවුරුදු 7ක් විතර ද්Eන් ස්ටාෆ් කරනවා වාහනෙන් දෙයිය්න්ගෙ පිහිටෙන් තවම කිසි අව්ලක් වෙලා නෑ ලෙඩ දෙන්නෙත් නෑ පාඩුත් නෑ මොකද වාහනේ ආදායමෙන් වාහනෙත් නඩ්ත්තු කරගෙන ගෙදර වැඩ වලටත් ගන්න නිසා. එකතු කරා නම් තව වාහනයක් ගන්න සල්ලි. එත් අර මනුස්සයා කරල තියෙන්නෙ තනිකර බොරුව. නම්බු දීල අපි 50% වත් අපෙ වාහනෙන් හොයලා තමා එල් එච් 30 එකක් ගත්තෙ.

    අපි ඊටපස්සෙ වාහනේ ලක්ශ 6 වගෙ වියදම් කරලා හොදටම හැදුවා තවම ස්ටාෆ් දුවනවා හැමදාම දවසට 55කිමි වගේ. හරියට නඩත්තු කරනවනම් වාහන ලෙඩ දෙන්නෙ නෑ මග කැඩෙන්නෙ නෑ මගෙ අත්දැකීමෙ හැටියට. අපිට නම් අව්ලක් උනෙ නෑ එත් x ට නම් කෙල උනා. දැන් වාහනෙත් නෑ. අපිට නම් ඒ ගැන කිසිම හැගීමක් නෑ මොකද අපිට කරපු බොරු පස්සෙ අපිට මිනිස්සු කිව්වා මිනිහගෙ වැඩ ටික. එදායින් පස්සෙ අපි නම් වාහනයක් මෙලො එකෙක්ට දෙන්නෙ නෑ අයෙ දෙන්නෙත් නෑ.

    ඔයාලගෙත් වාහන එහෙම හයර් දුවනවනම්, ඩ්‍රයිවර්ස් ලා දාල ඉන්නවනම් හොයල බැලුවට පාඩු වෙන්නෙ නෑ. අපිට අර වැඩේ නොවී මිනිහම මේක දිව්වනම් අර දැක්ක වාහනෙ අද එහෙම නෑ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්න මගෙන් තවත් කට්ටක්. ඇත්තටම මේක කට්ටකටත් වඩා හොද පාඩමක් අපි හැමෝටම. මේක උනෙ අපිට අදින් අවුරුදු 7කට විතර කලින්. කතාව කියන්න කලින් වටපිටාව හදාගන්නම්කො.
    ................
    ................
    ................
    ................

    වැඩි හරියක් ඔය වගේ චාටර් එව්න් තමයි මචං ඉන්නේ. තව පොඩ්ඩෙන් මාත් ඔය වගේ තොප්පියක් දාගන්නවා. මීට අව්රුදු කීපයකට කලින් මගේ අදහසක් තිබුනා ෂෙල් එකක් අරං ඩ්‍රයිවර් කෙනෙක් දාලා ස්කූල් සර්විස් එකක් කරන්න. මගේ වාසනාවකටම ඒ කාලේ නීතියක් ගෙනාවා ස්කූල් සර්විස් කරන වාහන වල වයස 40 පැනපු ගෑනු කෙනෙකුත් යන්න ඕනේ කියලා. ඔන්න ඔව නිසා මම වැඩේ අතඇරියා.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    වැඩි හරියක් ඔය වගේ චාටර් එව්න් තමයි මචං ඉන්නේ. තව පොඩ්ඩෙන් මාත් ඔය වගේ තොප්පියක් දාගන්නවා. මීට අව්රුදු කීපයකට කලින් මගේ අදහසක් තිබුනා ෂෙල් එකක් අරං ඩ්‍රයිවර් කෙනෙක් දාලා ස්කූල් සර්විස් එකක් කරන්න. මගේ වාසනාවකටම ඒ කාලේ නීතියක් ගෙනාවා ස්කූල් සර්විස් කරන වාහන වල වයස 40 පැනපු ගෑනු කෙනෙකුත් යන්න ඕනේ කියලා. ඔන්න ඔව නිසා මම වැඩේ අතඇරියා.

    appo a gena nam katha karala wedak na.. hoda padamak igena gatta.. mona nethath
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    appo a gena nam katha karala wedak na.. hoda padamak igena gatta.. mona nethath

    ඔව් මචං නැත්තං ඔහොම දෙයක් දැන ගන්න ලැබෙන්නෙ නෑනේ. ඔයිට වැඩිය අමාරුවේ වැටෙන්න වුනත් පුලුවන්. හැබැයි එක දෙයක් බං ඔහොම කරන එව්න්ට හරි යන්නෙ නෑ කියල නම් මම අනන්තවත් දැකල තියනවා. උන් කෙටි කාලයයි මල් වෙඩිල්ල වගේ පුපුරලා ආයිත් බිමට වැටෙනවා
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් මචං නැත්තං ඔහොම දෙයක් දැන ගන්න ලැබෙන්නෙ නෑනේ. ඔයිට වැඩිය අමාරුවේ වැටෙන්න වුනත් පුලුවන්. හැබැයි එක දෙයක් බං ඔහොම කරන එව්න්ට හරි යන්නෙ නෑ කියල නම් මම අනන්තවත් දැකල තියනවා. උන් කෙටි කාලයයි මල් වෙඩිල්ල වගේ පුපුරලා ආයිත් බිමට වැටෙනවා

    ow ban ape pora itapsee 3 wheel ekak weda kara itapasse learners ekaka driving purudu kara den nam penna wath na.. uge phone eka idan aran dunne ape appachchi.. hemadama ude tea eka pawa deela thama oya dunne apita.:dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ow ban ape pora itapsee 3 wheel ekak weda kara itapasse learners ekaka driving purudu kara den nam penna wath na.. uge phone eka idan aran dunne ape appachchi.. hemadama ude tea eka pawa deela thama oya dunne apita.:dull:

    කියල වැඩක් නෑ බං මම එක්තරා වැඩකට ගත්තු ගෝලයෙක් ගොඩක් විස්වාස කරලා මටත් සෑහෙන්න පාඩුවක් වුනා. වාහන සම්බන්ධ දෙයක් නෙවෙයි. මගෙන් වංචා කරපු මුදල් වලින් ටික දවසක් ඉන්න ඇති. දැන හතරවටේටම පොලු තියලා ඌට ටව්මට බහින්න බෑ. ඒ නිසාම ඌ දැන් ආගිය අතක් නෑ.
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....

    කඩෙන් කන්න වෙන සයිස් එකක් වගේ......

    ඔන්න මගෙන් තවත් කට්ටක්. ඇත්තටම මේක කට්ටකටත් වඩා හොද පාඩමක් අපි හැමෝටම. මේක උනෙ අපිට අදින් අවුරුදු 7කට විතර කලින්. කතාව කියන්න කලින් වටපිටාව හදාගන්නම්කො.


    ඔහොම උන්ට හරියනෙනැ ලොවෙත් !!!!:sorry::sorry:
     
    Status
    Not open for further replies.