හම්මෝ... මේක දැක්කමයි මතක් උනේ මටත් උනා ඔය වගේ කැත සිද්දියක්.

ඔන්න මම මගේ සේරිනාවේ අම්මත් එක්ක ගෙදර යනවා.
මගදී සෙට් උන කැන්ටර් එකක් නම්බරුත් නැ. මුන් ac දාල හිටියේ. මම දැන් 3km විතර මුගේ පස්සෙන් හෝන් ගගහ ලයිට් ගහන යනවා. මල උපරිමයි. උගේ මැද වීදුරුවෙන් පේනවා ගැනියෙක් ඉන්නවා ඩ්රයිවර් කාරය ලග. මට හිතුන මු ලව් සින් එකක වෙන ලෝකෙක යනවා ඇති කියල.

අම්මා එපා කියද්දීම කානුවකත් දාගෙන ඉස්සර කර කැන්ටර් එක. හරස් කරා පාර, බැස්ස විරය වගේ. ගිහින් ද්රයිවරයාගේ ශටර් එකට අතින් ගහල ඇහුව ඔහොමද **කෝ පාරේ යන්නේ කියල.

උබල හිතන්නේ ඊටපස්සේ මොනවා උනා කියලද?
මම කලින් දැක්කේ නැ මචන්ලා අනිත් පැත්තෙත් 6යි 4 පොරක් ඉදල. උ දොර අරන් බැස්ස. ද්රයිවරයත් බැස්ස. නෙළුව නෙලිල්ලක් මට බොක යන්න.


අම්මා දුවන් ඇවිත් බේරුවේ නැත්නම් තවම කනවා

හැබැයි උන් එහෙම්ම හරවාගෙන ආපස්සට ගියා.
මොකද මම කිව්වා උන්ට උබලට තව 1 km වත් යන්න දෙන්න කියල.

( මගේ සෙට් එක නිතර ඉන්න ප්ලේස් එකක් තිබ්බ ඉස්සරහින්.
පස්සේ මම උන්ගෙන් දෙතුන් දෙනෙක් දාගෙන අම්ම එපා කියද්දී කඩු පොලු අරන් අරුන් පස්සේ පන්නන ගියා.

අහු උනේ නැ බන්.
මේ සින් එක වෙද්දී පෙන් ඩ්රයිව් තිබුනේ 256mb තමයි උපරිම.

අලුත්ම පෙන් එකකුත් එදා නැති උනා. රු.2000 ගානක් උනා එක ඊ කාලේ