රස පාටයි..ඔච්චර චුට්ටද කන්නේ..
![]()
අපොයි ඔව් ගොඩක් කන්න බෑ මෙවා තෙල් බත් නේ ඉතින්
. අනික රසකාරක දාල හැදුවම වතුර තිබහා එනවා එනවා අන්තිමට බඩ හොල්ල ගන්න බෑ වතුර බීලම 
.හැබැයි මෙහෙම සීන් එකකුත් තියෙනවා ඔය පිගාන හෙන ලොකුයි.


Last edited:
රස පාටයි..ඔච්චර චුට්ටද කන්නේ..
![]()
. අනික රසකාරක දාල හැදුවම වතුර තිබහා එනවා එනවා අන්තිමට බඩ හොල්ල ගන්න බෑ වතුර බීලම 
.

ස්තුත්යි මචන්.. Rep back 7+
නමක් නම් දැම්මෙ නෑ.ඔම්ලට්zza නැත්නම් පිම්ලට් වගේ එකක් හොඳයිද?
![]()

ඔයා හොයාගත්ත එකනෙ, ඔයාගේ නමේ කෑල්ලක් එක්ක දාන්න.![]()


අපොයි ඔව් ගොඩක් කන්න බෑ මෙවා තෙල් බත් නේ ඉතින්. අනික රසකාරක දාල හැදුවම වතුර තිබහා එනවා එනවා අන්තිමට බඩ හොල්ල ගන්න බෑ වතුර බීලම
.
හැබැයි මෙහෙම සීන් එකකුත් තියෙනවා ඔය පිගාන හෙන ලොකුයි.![]()


ස්තුත්යි මචන්.. Rep back 7+
නමක් නම් දැම්මෙ නෑ.ඔම්ලට්zza නැත්නම් පිම්ලට් වගේ එකක් හොඳයිද?
![]()
ඔයා හොයාගත්ත එකනෙ, ඔයාගේ නමේ කෑල්ලක් එක්ක දාන්න.![]()


ඔව් ඒකනම් ඇත්ත, ඒවුනාට අපි නිකන් ගෙදර හදන විදියට හැදුවොත් ඒ රස එන්නේ නෑ.
ආහ් ඒක මිසක්!![]()


අපේ ආච්චි කියල තියෙන්නේ කන බොන දේවල් වලට අපහාස කරන්න එපා කියල. ඔව්..![]()

ඔයාගේ නම දාන එකද අපහසයක් වෙන්නේ..![]()


කඩේ උන් නම් දාන්නේ අජිනමෝටෝ සහ සෝයි සෝස්. උන්ගේ බත් එකේ රස එන්නේ ගොඩක් වෙලාවට බත් ඇට පුපුරු ගහන්න බැදෙන නිසා. බත් ඇට even fry වෙන්න ඕනේ හැම ඇටේකටම වගේ හීට් එක ඇවිත් පුපුරු ගගහා බැදෙන විදිහට. ඒකට ඉතින් high pressure cooking stove එකක් ඕනේ. ඔය රස ගන්නත් ස්ටොක් පවුඩර්, ඔයිස්ටර් සෝස්, ෆිශ් ඕයිල්, සෙමසි ඔයිල් ගොඩක් දැම්මා. තව ඕතන නෑ දතාගේ ලිස්ට් එකේ තියෙන ටෙරියාකි සෝස් එහෙම.![]()

මගේ නම නෙවෙයි නෙලුම්චන්ද්‍රා නොගැලපෙන නම් දාන එක..![]()
මට ටික වෙලාවක් ගිහින් ඒක තේරුනේ..

මට ටික වෙලාවක් ගිහින් ඒක තේරුනේ..
![]()
මොකද්ද එකේ තියෙන නොගැලපීම?![]()

එහෙම කිව්වොත් නොගැලපීමක් නෑ කියලා පිලිගන්නම්. 
කෙල්ලෝ Tubelight කියල කියන්නේ නිකන් නෙවේනේ..
කෑමකට මනුස්සයෙක්ගේ නමක් දාපු එක උදාහරණයක් කියන්නකෝ බලන්න..එහෙම කිව්වොත් නොගැලපීමක් නෑ කියලා පිලිගන්නම්.
![]()
කාපු අය රසයි කියල කිව්වා..විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ මට වැඩක් නති වෙලාවට මට කියල හදවගෙන හැමෝම එක්ක කනවා..
![]()

නියමයි නියමයි

pattama kaamak okaඇත්තටම මේක මං ඊයේ හදිසියේ හදපු දෙයක්...ඒ විතරක් නෙවෙයි මීට කලින් කවදවත් හදපු දේකුත් නෙවෙයි... ඔයිට කලින් එකම එක වතාවක් මං මුං ඇට කිරිබත් හැදුවා.. ඒකනං හොදට තිබ්බා.. ඒත් කිරිබත් විතරක්ම හදලත් නැහැ.. ඒ මදිවට පැණිපොල්..කන්ට ආසා උනාට ඒක හදලත් නැහැ...
හිතුව තරං නරක නැහැ වැඩේ හොඳටම ආවා... ඒත් කාපු කෙනානං කිව්වේ තව කිරි මදි කියලයි... මටත් ඒක හිතුනා මොකද මං කිරිබතට කිරි එකතු කරන කොට ටිකක් පරිස්සං උනා..ඒකට හේතුව ගෙදර තිබුන පොල් ගෙඩිය ටිකක් වේලිච්ච පොල් ගෙඩියක්... වෙලිච්ච පොල්වල තෙල් ගතිය මතු වෙයි කියලා බයට ටිකක් පරිස්සමට තමා වැඩේ කලේ.. අනික ඉස් ඉස්සෙල්ලාම කරන වැඩේ අනාගන්නත් බැහැනේ... ඒ හින්දා කොයි කොයි කරණාව ගැනත් සැලකිල්ලෙන් තමා වැඩේ කලේ... හැබැයි ඉතිං කිරි බබාලට කොච්චර කිරි දාලා හැදුවත් හරියයිද මංදා...![]()
ඉතිං දැන් කියඤ්ඤං හදන හැටි.. මේකත් නිකං බිත්තර තම්බනවා..පපඩම් බඳිනවා වගේ හරි අමාරු වැඩක් හොඳේ...
හැබැයි තවත් එක දෙයක් තියෙනවා මේක හදන්න ඒ හැටි දේවල් ඕන නැහැ..හරියටම කිව්වොත් ජාති දෙකය් ඕන.. ඒ තමා
1.කිරිබත්
2.පැණිපොල්
පැහැදිලියි නේද..? දැන් ඉතිං කිරිබත් හදන්න දන්නේ නැති අයට මං ඒක කරන හැටි කියන්නං... ඔය කිරිබත් හදන්න දක්ෂ උදවිය ඒ ගැන වෙන වෙන අදහස් මතවාද හා අත්දැකීම් තියේනං ඒවා විස්තර කරලා දාන්න මොකද ඒක මට වගේම අනිත් අයටත් වටින කාරණාවක් වෙන්ට ඇහැකි හින්දා...
මුලින්ම කැකුළු හාල් තමන්ට අවශ්‍ය තරමට සෝදලා ලිපේ තියන්ට ඕන තැම්බෙන්ට..ඕක වතුරෙන්ම තම්බන්ටත් ඇහැකි..එහෙම කරන වතුරෙන් තම්බලා පස්සේ කිරි දාන අය වගේම..තනිකරම මිටි කිරිවලින්ම උයන අයත් මං දැකලා තියෙනවා.. ඒ කොහොම උනත් මංනං කලේ දිය කිරෙන් හාල් තැම්බෙන්ට තිබ්බ එක තමා...ඒ විතරක් මදි මේකට ලුණු ටිකකුත් දාන්ට ඕන...බත් එක තැම්බීගෙන එද්දී.. ඒකියන්නේ අමු ගතිය ගිය ගමන්ම වගේ ඒකට එකතු කලා මිටි කිරි... ඊට පස‍්සේ හොඳට කූරු ගාලා ගින්දර අඩු කරලා ටිකක් වේලෙන ගතියට එනකල් තැම්බෙන්න අරින එකයි ඇත්තේ.. ඒ වගේම අමතක කරන්ට එපා කිරි බතක් උනහම අඩිය පොඩ්ඩක් රොස් වෙන්ට අරින්නත් ඕන.. මොකද එහෙම කලාම තමා අපිට කිරිබත් දංකුඩ කියන වටිනා කියන රසම රස කෑම ජාතිය හදා ගන්ටත් ඇහැකි වෙන්නේ.. ඔය මොන කිරිබතටත් වඩා රසම එක ඒක තමා...
ඉතිං මේ විදියට අපිට පුළුවන් කිරි බත් උයා ගන්ට මේ තියෙන්නේ ඒ කිරි බත තමා ඕං...
![]()
හරි දැන් දෙවෙනි එක..ඒ කියන්නේ පැණිපොල්...
ඔය පැණි පොල් හදන්ට ගියාම මං හිතං උන්නේ ඇත්තටම සීනිවලට වතුර ටිකක් එකතු කරන්ට වෙයි කියලා පැණි හදා ගන්ට.. මං ඉතිං එහෙම හිතාගෙන වතුර කෝප්පෙකුත් ලගට අරං තියා ගත්තා.. ඒත් අපරාදේ කියන්ට බැහැ වතුර බිංදුවක්වත් ඕන උනේ නැහැ...
මං මුලින්ම කලේ භාජනයක් ලිපේ තියලා ඒක රත් වෙනකොට ඒකට සීනි මේස හැඳි පහක් විතර දාපු එකයි.. මොකද මං කලින් අහලා තිබුනා සීනි ටිකක් දුඹුරු පාට වෙන්න බැද ගන්න වගේ ඕන කියලා...ඉතිං ඒකට තමා සීනි මුලින් දැම්මේ.. එහෙම දාලා ටිකක් ඒ මේ අත පෙරල පෙරල ඉන්නකොට සීනි ටික කර වෙලා රත්තරන් පාටට හැරෙනවා.. ඒත් එක්කම මං නොහිතපු දෙයක් වෙන්න ගත්තා.. ඒ තමා වතුර බින්දුවක්වත් නැතිව සීනි ටික උනු වෙලා පැණි හැදිච්ච එක... මට දැනුන සංතෝසයක්...හැබැයි මං පාවිච්චි කලේ අර නොන්ස්ටික් කියන භාජනයක්.. ඒ හින්දා ඕක උනාද මංදා.. ඒ හින්දා අනිත් අයත් ඒක කරද්දි වැරදිලාවත් සීනි නිකංම පැණි වෙන්නේ නැහැ වගේනං බය නැතිව වතුර ජුංඩක් දාන්න..හරිනේ...නැත්තං නොන්ස්ටික්ම පාවිච්චි කරන්න...
ඉතිංඑහෙම පැණි උනුවේගන එනකොටම ඒකට කරාඹු නැටි දෙක තුනක්.. කරඳුමුංගු ඇටයක්.. කුරුඳු පොතු කෑල්ලක් එහෙමත් දාලා ඊ ළගට ගා ගත්ත පොල් එකතු කරන්න පටන් ගත්තා...ටික ටික..එහෙම එකතු කරන ගමන්ම හොඳට හැඳි ගාලා කලවං කලා...පැණිවලට සෑහෙන ගානට පොල් එකතු උනා කියලා තේරුන ගමන් ගම්මිරිස් කුඩු ජුංඩකුයි ලුනු ටිකකුයිත් ඒකටම දාලා ආයෙත් හොදට කලවං කලා..එහෙමම ලිපෙන් බෑවා.. දැන් පැණි පොළුත් හරි.. මේ තියෙන්නේ...
![]()
![]()
ඉතිං ඔන්න ඔය ජාති දෙක විතරයි අපිට ඉඹුල් කිරිබත් හදන්න ඕන කරන්නේ..ඒකනේ මං කිව්වේ හරි පහසුයි කියලා...
ඊට පස්සේ තමා මේකේ අමාරුම වැඩේ තියෙන්නේ.. ඒ කියන්නේ කිරිබත් ගෙඩි හදා ගන්න එක..සමහරුනං ඕකට තෙත රෙදි කෑලි ගන්නවා.. තවත් සමහරු කෙසෙල් කොල ගන්නවා.. අනේ මංනං ඒ සුකුරුත්තං කරන්න ගියේ නැහැ..ගත්තා පුංචි හුරු බුහුටි අර නිකල් පාට කප් එකක්.. ඔය ඩෙසර්ට් කප් කියලා සිංහලෙන් කියන්නේ ආන්න ඒකක්.. දැම්මා කිරිබත් පොල් කටු හැදි බාගයක්.. පිත්තල හැන්දක පිට පැත්තෙන් ඒ කිරිබත් ටික කප් එකේ පතුලේ හොදට තුනීකලා..නිකං නෙවෙයි මැද්දේ ටිකක් වල වගෙත් හිටින්න.. ඊට පස්සේඒ වලට දැම්මා පැණිපොල් මේස හැන්දක්..ඒකත් කලින් වගේම පිත්තල හැන්දේ ආධාරයෙන් තුනී කලා.. මේ තියෙන්නේ බලන්ටකෝ...
![]()
ආන්න ඊට පස්සේ ආයෙත් දැම්මා කිරිබත් පොල් හැදි බාගයක් විතර ඒ පැණිපොල් වලට උඩින්...නැවතත් පෙර සේම පිත්තල හැන්දෙන් මට්ටම් කලා ටිකක් තද වෙන විදියට...දැන් හරි.. කෙලින්ම ඒ කප් එක පිඟානක් උඩට අනිත් පැත්ත හැරෙව්වා... කප් එකේ රවුං හැඩය නිසා කිසිම කරදරයක් නැතිව කිරිබත් ගෙඩිය පිඟාන උඩ... කිසිම අවුලක් නැහැ...එහෙම ගැල උනේ නැත්තං පොඩ්ඩක් උස්සලා ගැස්සෙන විදියට ගහන්න පිඟානට..හැබැයි පිඟාන බිදෙන්න එහෙම නෙවෙයි...
![]()
ඒ වගේම හැම කිරිබත් ගෙඩියක් ගානේම කප් එක හෝඳලා ගන්න එතකොට කිරිබත් කප් එකේ ඇලෙන්නේ නැහැ.. අපේ පරණ අයනං කරන්නේ කප් එකට අමු පොල් කිරි පොඩ්ඩක් ඉහින එක තමා.. මංනං ඒවා කරන්න ගියේ නැහැ.. ඒත් ඉතිං ඔය වැඩේ ආවේ ටිප් ටොප් එකට...මෙන්න බලන්නකෝ පැණි බේරි බේරි තියෙන අපූරුව...
![]()
ඔය ඉතිං ඉඹුල් කිරිබත් හදන එක විදියක්.. තව ඉතිං ඔය පැණිපොල් වෙනුවට හාල් මැස්සෝ තෙල් දාලා එහෙමත් දාලා හදනවා.. ඒකත් රසයි.. ඒත් මංනං ආස පැණි පොල් දාපු ඉඹුල් කිරිබත් වලට තමා ඕං...
දැන් අවසාන වශයෙන්මට කියන්න තියෙන්නේ එකම එක දෙයයි.... එකෙක්වත් අහන්න එපා කෝ මේකේ ඉඹුල් කියලානං...
ගෙඩිය පිටින්ම උස්සන ලද්දකි