එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    මේකත් හොඳා වරදක් නෑ. ඩෙවල් කන්න වැඩිය ආස නෑ මම පැණි රස ගැහුවම කෑම එක එපා වෙනවා.අනික හොදි ඕනේ කන්න. :(:(

    ආයිත් ගෙනාවොත් මේ විදියට හදලා බලන්න ඕනේ. :yes:
    අරම හොඳයි පාන් කන්න එහෙම :dull: (කෙල ගිලුනා දැන් මතක් වෙලා)
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මු මේක දාල තියෙන හැටියෙට කෙල දොරෙගලනවා:growl::growl::frown::frown:
    මං දැන් 2පාරක් ඇවිත් කෙල ගිල්ල ගියේ :baffled::baffled:
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මෙහෙමයි එකට එකට වෙන වෙනම ත්‍රෙඩ් දැම්මොත් මලාට මේ වැඩේ වෙන්නේ නෑ. අනික ත්‍රෙඩ් එකේ එක දිගටම සම්බන්ධ වෙලා හිටියනම් අවුලක් නෑ මතකේ තියෙනවනේ මේ මේ කෑම තමා ගියේ කියලා.
    මෙන්න දැනට ත්‍රෙඩ් එකේ තියෙන කෑම වට්ටෝරු ටික..මගරුන ඒවා තියේනම් කියමු:)


     
    Last edited:

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    Elakiri... :)
    වෙන කවුරු හරි හදල ත්‍රෙඩ් වල දාපුව තියේනම් කියපන් මචං :):)
    fried rice,chilipaste, එහෙමත් දාල තිබුන.හොයාගන්න බැ මචෝ:no:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ගුඩ් වර්ක් මචෝ. අන්න හොඳ idea එකක්. අලුත් කෑම එකක් දාපු ගමන් මේ ලිස්ට් එක ත්‍රෙඩ් එකේම ඇදගෙන යමු. එතකොට මරු පිලිවෙලයි.

    රෙප් දෙන්න වටිනවා ඒත් වටේ ගිහින් එන්නලු උඹට ඊයේ හෝ පෙරේදා දුන්න නිසා. :cool::cool:
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ගුඩ් වර්ක් මචෝ. අන්න හොඳ idea එකක්. අලුත් කෑම එකක් දාපු ගමන් මේ ලිස්ට් එක ත්‍රෙඩ් එකේම ඇදගෙන යමු. එතකොට මරු පිලිවෙලයි.

    anith ewath mekatama damu,,kibulata kiyanna oka puluwannam mul page ekatama danna kiyala. meka thread eke madane thiyenne :oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    p51.jpg
     
    • Like
    Reactions: laMir

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කරුණාකර මෙවැනි threads රාත්‍රී කාලයේ බම්ප් කිරීමෙන් වලකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි! :dull:

    ස්තුති.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    තාත්තා මාලු ගේන්න ගිය වෙලේ මාලු මාර්කට් එකෙන් කෙළවල්ලෝ මාලු බිත්තර වගයක් අරන් ඇවිත් තිබ්බා. අද දවල්ට ඒක හැදුවා. අම්මා තමා හැදුවේ මම උදව් උනා. මේක හදන්න රෙසිපි එක ගත්තේ දත් කිඹුලගෙන් අහගෙන.

    අවශ්‍යය ද්‍රව්‍යය


    ගොරකා කෑලි කීපයක්
    සුදු ලූණු බික් කීපයක්
    ඉඟුරු කෑල්ලක්
    සේර, රම්පේ, කරපිචා
    රෝස් මෙරි (මෙව්වා තිබ්බේ නෑ දතා කිව්ව ලිස්ට් එකේ මේකත් තිබ්බ නිසා දැම්මේ )
    ගම්මිරිස්

    ඔය තියෙන අමුද්‍රව්‍යය සියල්ල මිරිස් ගලේ අඹරගෙන පේස්ට් එකක් වගේ එකක් හදා ගත්තා. පස්සේ පිරිසිඳු කෙලවල්ලා මාලු බිත්තර (සිවිය ඉවත් නොකළ පැක් එක පිටින්ම තියෙන බිත්තර සෙට් එකක් තමයි ගත්තේ වැඩේට ) සිවිය ගලවන්නේ නැතිව ගෑරොප්පුවක් අරගෙන තැන් කීපයකින් සිදුරු කළා ලුණු ඇඹුල් අල්ලන්න පහසු වෙන්න. පස්සේ අර ගලේ අඹරලා හදා ගත්තු පේස්ට් එක එක්ක මාලු බිත්තර සිවිය කැඩෙන්නේ නැති වෙන්න සාස් පාසන දමාගෙන එයට ප්‍රමාණයට පමණක් වතුර දමාගෙන වතුර හිදෙන තෙක් මාලු බිත්තර ටික තම්බා ගත්තා.

    තම්බ ගත්තු මාලු බිත්තර ටික පස්සේ කෑලි කෑලි වලට කපා ගත්තා කෑමට ගන්න පුලුවන් ප්‍රමාණයට.

    පස්සේ භාජනයක් ලිප තියලා එයට තෙල් ටිකක් දමාගෙන ඒකටම සූදුරු ඇට ටිකක්, සුදු ලූණු, ලූණු , බැදපු තුනපහ දමාගෙන එයටම පොල් කිරි සහ තක්කාලි කෑලි කීපයක් එකතු කරගෙන කිරට හොද්දක් හදා ගත්තා. හොද්ද හොඳට පැහෙද්දි අවසානයේ තම්බගෙන කපා ගත්තු මාලු බිත්තර කැබලි ටික එයට එකතු කරගෙන විනාඩියක් පමණ තිබෙන්න හැරලා ලිපෙන් බා ගත්තා.

    විශේශයෙන්ම දතා කිව්වා මාලු බිත්තර කෑලි කපාගෙන හොද්දට දාලා වැඩි වෙලා තිබ්බොත් හෝ හැඳි ගෑවොත් කුඩු වෙන්න පුලුවන් නිසා අවසානයේ ලිපෙන් භාගන්න ඔන්න මෙන්න තියලා හොද්දට එකතු කරගන්න කියලා.

    පස්සේ ගෙදර තිබ්බා බෙල් පෙපර් වගයක් සහ ලොකු ලූණි ගෙඩියක් වළලු කපාගෙන උඩින් එකතු කරගත්තා.

    වැඩේ මැදදී මේකේත් පින්තූර ගහන්න නම් ගියේ නෑ ෆෝන් එකේ පිළී ගෑවෙන නිසා. අවසානයේ පින්තූරයක් ගහ ගත්තා. හොඳ රසට තිබ්බ ලුණු ඇඹුල් එහෙම අල්ලලා. අනික මාලු කෑලි වගේ තිබ්බා හොඳට කෑලි කුඩු වෙලා තිබ්බේ නෑ.

    රෙසිපි එක පිළිබඳ දතාට ස්තූති කරනවා. තව මාලු බිත්තර වගයක් තියෙනවා. ඩෙවල් දාන්න ක්‍රමයක් ගැන දතා කෝල් එකෙන් කිව්වා. ඒක ඊලඟ පාර හදලා දාන්නම්.

    kcnl3n.jpg



    nv5f0m.jpg


    අනේ පව්....බිත්තරවල කොච්චර මාලු පැටව් ඉන්න ඇත්ද... :(:dull: