නව පරපුර ආරේට එන දේශපාලනය අතහැර හරි දේ තෝරා ගනී..! හිරුණිකා අලියාගෙන් නාම යෝජනා අත්සන් තබයි..!
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අලියා ලකුණින් එළැඹෙන මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකාවක් ලෙස නාම යෝජනා පත්‍රයට අද අත්සන් තැබුවාය. ප්‍රේමචන්ද්‍රලා වනාහී කෙදිනකවත් එක්සත් ජාතික පක්ෂයට ලැදිවූවෝ නොවෙති. ඇයගේ සීයා වමේ ජනතා නියෝජිතයෙක් ලෙස පළාත් පාලන ආයතනයකට පත්වූ අයෙක් වන අතර පියා ශ්රීලනිපය මහජන පක්ෂය වලින් ජනතා නියෝජිතයෙක් ලෙස කටයුතු කළ අයෙකි. හිරුණිකා පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේනට සහාය දුන්නේ ශ්‍රීලනිපයේ සිටය. මීට දින කිහිපයකට පෙර ඇයගේ විවාහයට අත්සන් තැබීමට ආවේද මෛත්‍රීපාල සිරිසේන ය.
නමුත් ජනතාව පරාජයට පත් කර මැදමූලනට එලවා දැමූ නීල කාස හොරෙකුට පමණක් නොව සිය පියාගේ ඝාතනයට වගකිව යුතු වූවෙක් ලෙසද මහින්ද රාජපක්ෂ ට නාම යෝජනා ලබා දීමටත් හිරුණිකාගේ යාවජීව සතුරා වන දුමින්ද සිල්වාට නාම යෝජනා ලබා දීමටත් ලජ්ජාවක් නැති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කිරීම හේතුවෙන් ඇය රාජිත සේනාරත්නලා සමග අලියා ලකුණින් ජනතාව අතරට යෑමට ඉටා ගත්තාය. පසුගියදා ඇයගේ විවාහයට අත්සන් කළ අනෙක් සාක්කි කරුවා වූයේ රාජිත සේනාරත්න වීම ද සැලකිල්ලට ගත යුතුය.
හිරුණිකා අලියා ලකුණින් ඡන්දය ඉල්ලීමෙන් ගම්‍ය වන්නේ පරම්පරාවෙන් පරම්පරාවට පක්ෂ බදා ගෙන සිටීම නව පරපුර විසින් අත්හැර රටට වැඩ දායක ලෙස පවතින වාස්තවික තත්ත්වය සැලකිල්ලට ගෙන දේශපාලනය කිරීම ආරම්භ කර ඇති බවකි. මෙය අනෙකුත් තරුණ දේශපාලනඥයන්ටද හොඳ ආදර්ශයකි. ලේ වල වර්ගය මෙන් පුද්ගලයෙකුගේ දේශපාලන පක්ෂය පරම්පරාවෙන් පරම්පරාවට ආරේට එන දෙයක් නොවිය යුතුය.
එක්සත් ජාතික පක්ෂ යනු ප්රතිගාමීය, අනෙක්වා ප්‍රගතිශීලීය යන ලංකාවේ සාම්ප්‍රදායික මතය වෙනස් වී තිබේ.

sira kathawa. kolonnawata mulinma kudu genawe kawda kiyalath minissu dannawa