එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

mayuri.

Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    Corn Dog

    මේක සාමන්‍යයෙන් වෙනත් රටවල street food stalls වලදී මිලදී ගන්න පුළුවන්.
    ඔබ කොරියානු චිත්‍රපට රසිකයෙක් නම් අනිවාර්යයෙන්ම දැකල ඇති.
    මේක ඉතාම පහසුවෙන් ,ඉතාම කුඩා කාලයකදි සාදා ගතහැකි කෙටි ආහාරයක්..

    අවශ්‍ය දෑ:
    මිශ්‍රණය සෑදීමට :
    කෝර්න් මීල් - yellow corn meal - අඬු කෝප්ප 1ක් (ආදේශක : කෝන් - corn flour කෝප්ප 3/4 කට 1/4ක් කඩල පිටි)
    පාන් පිටි අඬු කෝප්ප 1ක්
    කිරි අඬු කෝප්ප 1ක්
    බේකින් සෝඩා (Baking Powder) - තේ හැඳි 1ක්
    සීනි තේ හැඳි 2ක්
    බිත්තර 1ක්
    ලුනු රස පදමට (තේ හැඳි 1ක් ආසන්නව අවශ්‍ය වේවි)

    අනෙකුත් දෑ:
    කැමති වර්ගයක sausages 12 ක් හෝ 20ක්
    පොඩි Corn Dogs නම් tooth picks ද දිග Corn Dogs නම් wooden sticks ද අවශ්‍ය වේ. (ආදේශක: පිරිසිදු ඉරටු )
    බැදීමට තෙල්

    සාදන අයුරු:
    මුලින්ම ඉහල ලැයිස්තුවේ ඇති සියලුම දේ භාජනයකට දමා හොඳින් මිශ්‍ර කරගන්න. මේ සඳහා Hand Beater 1ක් භාවිතා කිරීම වඩාත් හොඳයි.

    ඉන්පසු ඔබට සෑදීමට අවශ්‍ය ඉහත රූපයේ පරිදි කුඩා Corn Dogs නම් වියලි අඬු කෝප්පයක් ලංකරගන්න.
    දිග Corn Dogs සෑදීමට නම් උස සිහින් වීදුරුවක් සොයා ගන්න.

    ඉන්පසූ සදාගත් මිශ්‍රනය කෝප්පයට හෝ වීදුරුවට දමා ගන්න.

    Sausages වියළි වියයුතුය. එය මුළින්ම ශීතකරනයෙන් පිටත තබා වතුරද වියලා තිබිය යුතුය. මේ සඳහා paper serviette 1ක් යොදාගන්න. අනතුරුව කොර්න් පිටි තවරාගන්න.

    තෙල් රත්වීමට තියන්න

    ඉන්පසු කුඩා Corn Dog සඳහා ඒවා කැබලි කරගෙන toothpicks වල අමුනාගන්න.
    ඉන්පසූ පහත රූපයේ පරිදි කොප්පය තුල ඇති මිශ්‍රණයේ බහා Sausages හී දවටා ගන්න.

    download.jpg

    දවටා ගත් පසු රත්වූ තෙලට දමා බැදගන්න. උනුවෙන්ම පිළිගන්වන්න.
    කුඩා දරුවන් බොහෝ ප්‍රියවේවී.

    images.jpg

    ප.ලි.
    මේ ඉතින් අපෙ ක්‍රමේට මේක හදගන්න හැටි තමයි
    මට නම් කෝන් මීල් හොයාගන්න බැරි උනා. මම ආදේශක විදියට ගත්තේ කඩල පිටි උකු පදම ආවේ නැත්නම් තව කඩල පිටි ටිකක් එක් කරගන්න. කඩල පිටි දැම්මත් අර රස ලඟටම එනවා ඒ ගැන බයවෙන්න එපා. කෝන් පිටි විතරක් දාලාත් දිග නැති corn dogs හදාගන්න පුළුවන්.

    කෝර්න් මීල්(Corn Meal) හා කොර්න් පිටි(Corn flour) අතර වෙනස

    QIj_Lc.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Corn Dog

    මේක සාමන්‍යයෙන් වෙනත් රටවල street food stalls වලදී මිලදී ගන්න පුළුවන්.
    ඔබ කොරියානු චිත්‍රපට රසිකයෙක් නම් අනිවාර්යයෙන්ම දැකල ඇති.
    මේක ඉතාම පහසුවෙන් ,ඉතාම කුඩා කාලයකදි සාදා ගතහැකි කෙටි ආහාරයක්..

    patta 7+
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි මේ ගැන තර්ක කරලා ත්‍රෙඩ් එක අල නොකර ඉමු පොල් අයියේ. මම නවතිනවා. නමුත් මගේ වෙන්න ඉන්න වයිෆ් එක පයින් කැමතියි මස් මාලු නවත්තන්න නමුත් ගෙදර බලකිරීමට එයා කන්නේ. එහෙම උනත් මම එයාට කනවනා බලෙන් හෝ මට ඕනේ ළමයි ගාන හදා ගන්නකන්.සප්ලිමන්ට් වලින්ම වැඩේ ගොඩ දාගන්න බෑ සහ එලවලු වලින් ලැබෙන Non Heam Iron අවශෝෂනය ප්‍රමාණාත්මකව අඩු නිසා අවධානමක් ගන්න බෑ. මොකද Still Birth හෝ Miscarriages නොවුනත් බබා ලැබිලා මොකක් හරි හේතුවකට PPH - Post Partum Heamorrhage (පූර්ව ප්‍රසූති රුධිර වහනය) උනොත් මට එයාව නැති කරගන්න බැහැ.( හේතුව මම ඔය වගේ සිද්දි කීපයක් මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා :(:dull: ) ඒ නිසා දන්න දන්න දරුවන් හදපු නැති හැම කතකටම කියන්නේ ලමයි හදාගන්න කන් හරි මස් මාලු කාපල්ලා කියලා.

    උඹ දන්නවානේ මාමේ මම ලේසියෙන් ගේමක් අතාරින එකෙක් නෙමෙයි කියලා. කිඹුලාගෙන් සිංහල අහ්න්න වෙන නිසා තමයි මමත් නවත්තලා දැම්මේ..;)
    කන උන් කාපුවාවේ. නොකන උන් නොකාපුවාවේ. ඒක එක එකාගේ කැමැත්ත.
    කාටවත් කන්න කියලා බලකරන්න එපා. නොකන්න කියලා බලකරන්නත් එපා. කෙල්ල අකමැති නම් නවත්තපුවාවේ. අවශ්‍ය දේවල් උඹ හොයලා දීපං ;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හබල පෙති කැඳ

    හබල පෙති කැඳ
    පළමුව හබල පෙති ටික සෝදා එයට දියකිරි ටිකක් කරදමුංගු ,කජු , මුදුරස්පලම් , දමා එය ටිකක් වෙලා තම්බා ගන්න තැම්බූ පසුව මිටිකිරි සමග දියකරගත් හකුරු දමා එය තම්බා ගත් හබල පෙති එකට දමා ගන්න එයට ලුණු ටිකක් දමා ගන්න උකු උණු පසුව ලිපෙන් බාගන්න.

    11692548_864558960264290_2526510885620816332_n.jpg

    • Like
    Reactions: laMir

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    හබල පෙති කැඳ
    පළමුව හබල පෙති ටික සෝදා එයට දියකිරි ටිකක් කරදමුංගු ,කජු , මුදුරස්පලම් , දමා එය ටිකක් වෙලා තම්බා ගන්න තැම්බූ පසුව මිටිකිරි සමග දියකරගත් හකුරු දමා එය තම්බා ගත් හබල පෙති එකට දමා ගන්න එයට ලුණු ටිකක් දමා ගන්න උකු උණු පසුව ලිපෙන් බාගන්න.

    මොනවද මචන් ඔය හබල පෙති කියන්නේ? ඉස්සර අපේ ටැමිල් එකෙක් ඕවා පැකට් එකක් ගෙනත් දුන්න හරි රසයි කියලා. අපි ඕක හදන විදිය දන්නෙත් නෑ. ඌට ඒක අපිට විස්තර කරන්න තේරෙන්නෙත් නෑ. අන්තිමට නිකම්ම තම්බලා සීනි දාල කෑවා..මෙලෝ රහක් නෑ අපි හදාගත්ත එක නම්. :no:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    හබල පෙති කැඳ
    පළමුව හබල පෙති ටික සෝදා එයට දියකිරි ටිකක් කරදමුංගු ,කජු , මුදුරස්පලම් , දමා එය ටිකක් වෙලා තම්බා ගන්න තැම්බූ පසුව මිටිකිරි සමග දියකරගත් හකුරු දමා එය තම්බා ගත් හබල පෙති එකට දමා ගන්න එයට ලුණු ටිකක් දමා ගන්න උකු උණු පසුව ලිපෙන් බාගන්න.

    11692548_864558960264290_2526510885620816332_n.jpg

    niyamai..
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    නූඩ්ල්ස් කමු..

    ඔන්න අදත් අම්මා ගෙදර නෑ. බඩගින්නක් ආවා කන්න දෙයක් බැලුවා. තියෙන දේවල් හරියන්නෙත් නෑ. :no::no:එළකිරි කෑම කඩෙත් මතක් උන නිසා පෝන් එකත් ලඟ තියාගෙනම මම ම වැඩෙට බැස්සා. :cool::cool: නූඩ්ල්ස් පැකට් එක ගත්තා. වතුර එකක් ලිපේ තියල නටාගෙන එද්දී නූඩ්ල්ස් ටික දාලා තැම්බෙන්න තිබ්බා. තැම්බුනාට පස්සේ වතුර ටික පෙරලා අස් කරා. දැන් නූඩ්ල්ස් ටික හරි. ඒත් ඉතින් නිකන් කන්න පුලුවනැ. :frown::frown:

    ගත්තා කැරට් අලයක්, ලොකු ළුෑණු ගෙඩියක්, කරපිංච අත්තක්. කෑලි ටික කපල තෙල් ඩිංගක් ලිපේ තියල ඔය ඔක්කෝම දැම්මා. මිරිස් කෑලි, ලුණු කුඩු, සුප් කැට කෑල්ලක්, බිත්තර දෙකකුත් දැම්මා. අන්තිමට මෙන්න මෙහෙමයි ඕක හැදුනේ.:eek:
    9BJzP6Dl.jpg

    ඊට පස්සේ ඉතින් නූඩ්ල්ස් ටික ඔකට දාල කළවම් කරා.:dull:
    Sp1kIREl.jpg

    අන්තිමට ඉතින් පිඟානට දාල පොටෝ ගහල ලස්සන බල බල හිටියා.:lol::lol:
    8q01SJ3l.jpg

    • Like
    Reactions: laMir

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොනවද මචන් ඔය හබල පෙති කියන්නේ? ඉස්සර අපේ ටැමිල් එකෙක් ඕවා පැකට් එකක් ගෙනත් දුන්න හරි රසයි කියලා. අපි ඕක හදන විදිය දන්නෙත් නෑ. ඌට ඒක අපිට විස්තර කරන්න තේරෙන්නෙත් නෑ. අන්තිමට නිකම්ම තම්බලා සීනි දාල කෑවා..මෙලෝ රහක් නෑ අපි හදාගත්ත එක නම්. :no:
    හාල්ම තමා බං.. තලලා තියෙන්නේ.. වී අයින් කරපු පැකට් තියෙනවා සුපර් මාකට් වල..
    අත් වංගෙඩියකට ටිකක් දාලා ඒකට පොල් දාලා හකුරු හෝ සීනි දාලා ටිකක් කොටාගන්න.. ඊට පස්සේ කාලා බලන්න ;)
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    හබල පෙති කැඳ
    පළමුව හබල පෙති ටික සෝදා එයට දියකිරි ටිකක් කරදමුංගු ,කජු , මුදුරස්පලම් , දමා එය ටිකක් වෙලා තම්බා ගන්න තැම්බූ පසුව මිටිකිරි සමග දියකරගත් හකුරු දමා එය තම්බා ගත් හබල පෙති එකට දමා ගන්න එයට ලුණු ටිකක් දමා ගන්න උකු උණු පසුව ලිපෙන් බාගන්න.

    11692548_864558960264290_2526510885620816332_n.jpg

    Habala pethi kala thiyenawa, kanda hadanna puluwan kiyala danagaththe adane. :baffled: thanks! :)