ඔබගේ මතේට මම ගරු කරනවා. නමුත් ලංකාවේ ජීවත් වෙන බහුතරයක් මිනිස්සු මධ්‍යයම හා දුගී පාන්තිකයෝ. ඔවුන්ගෙන් මස් මාලු නොකා සමබර ආහාර වේලක් කෑමට ගන්න ආර්ථික හැකියාවක් බොහෝ දෙනෙකුට නැහැ.
ඔබ පවසන ආකාරයට එසේ සමබර ආහාර වේලක් ගන්නවනම් දරු ප්‍රසූතියකදී අවශ්‍යය යකඩ ලබා ගැනීමට විශාල වශයෙන් යකඩ සම්බන්ධ ආහාර හෝ යකඩ ඌණපූර්ණක පෙති ගැනීමට සිදුවෙනවා. නමුත් ලංකාව වගේ දූපත් රටක පහසුවෙන් ලබා ගත හැකි මාලු හෝ අඩු මුදලට මිලට ගෙන ආහාරයට ගැනීමෙන් ඔවුන්ට අවශ්‍යය යකඩ ප්‍රභවයන් ගන්න පුලුවන්.
අටුවා ටිකා අවශ්‍යය් නැත. ප්‍රමාණවත් ලෙස යකඩ ඌණතාවය නිසා දරු ප්‍රසූතියේ හෝ මළ දරුවන් ඇතිවීමේ තත්ත්ව මම මගේ ඇස් දෙකෙන්ම දැක ඇත්තෙමි. ඒ නවලොක, හෝ ආසිරි රෝහ වල නොව රජයෙන් නිකන් බෙහෙත් දෙන පින් රෝහල් වලය.

