
මෙහෙම තමයි ඊයේ රෑට කෑවේ. සුපුරුදු පරිදි හැදුවේ මම කපන්න කොටන්න අම්මා හෙල්ප් එක දුන්නා (මම හදන ඒවා විතරයි මේකේ දාන්නේ බොරුවට අම්මා හදපුවා මම හැදුවා වගේ දාන එක හරි නෑනේ) මම ඇතුලු ගෙදර අය කුකුල් මස් ඇතුලු මස් වර්ග නොකන නිසා ඉතින් මොක හැදුවත් සීෆුඩ් තමා එකතු කරන්නේ.
Knorr Italian Pasta White Sauce packet
මචෝ මේක චීස් එකක්ද?
නෑ බං වයිට් සෝස් එකක් පැස්ටා වලට දාන. ඕකේ චීස් පවුඩර් තියෙනවා ingredients වලට. දැම්මම පට්ටම රසයි චීස් රස නියමෙට එනවා. අමුතුවෙන් චීස් දාන්න ඕනේ නෑ බං.

niyamai macho.
++


උඹටත් රෙප් දෙන්න වටේ ගිහින් එන්නලු බං. මම වැසිය කර්ම බට්න් එක භාවිතා කරන එකෙක් නෙමේ බං කිරියේ. ඒ නිසා සැරයක් දීලා ආයේ දෙන්න සෑහෙන කල් යනවා.![]()
hadala balanna ona. mechchra pasta kawata oka daa kala na![]()
.මෙහෙම තමයි ඊයේ රෑට කෑවේ. සුපුරුදු පරිදි හැදුවේ මම කපන්න කොටන්න අම්මා හෙල්ප් එක දුන්නා (මම හදන ඒවා විතරයි මේකේ දාන්නේ බොරුවට අම්මා හදපුවා මම හැදුවා වගේ දාන එක හරි නෑනේ) මම ඇතුලු ගෙදර අය කුකුල් මස් ඇතුලු මස් වර්ග නොකන නිසා ඉතින් මොක හැදුවත් සීෆුඩ් තමා එකතු කරන්නේ.
අවශ්‍යය ද්‍රව්‍යය
1. තෝරා ගත් පැස්ටා වර්ගයක්
2. සුප් කැට හෝ ස්ටොක් පවුඩර්
3. අඹරාගත් ඉඟුරු සහ සුදු ළූණු ටිකක්
4. කපා ගත් ඉස්සන්, දැල්ලන් හා මාලු ටික බැඟින්
5. කපාගත් කැරට් හා ලීක්ස් ටිකක්
6. කපාගත් තක්කාලි හා බෙල් පෙපර් ටිකක්
7. ලුණු කුඩු ස්වල්පයක්
8. අවශ්‍යය නම් ඔයිස්ටර් සෝස් ටිකක්
9. ඔලිව් ඔයිල්
10. Knorr Italian Pasta White Sauce පැකට් එකක්
මේ තියෙන්නේ Knorr Italian Pasta White Sauce packet එක. ෆුඩ් සිටි එකේ එහෙම ගන්න තියෙනවා. මිල රුපියල් 175 ක් පමණ වෙනවා. මේක එකතු කලාම පැස්ටා එක නියමෙට රස වෙනවා. ඒකයි මේක එකතු කලේ.
![]()
හදාගන්නා අන්දම
1. පැස්ටා ටික සාස්පානකට දමා එකය තම්බා ගන්න පමණට වතුර දමා එයටම ලුණු ටිකක්, ස්ටොක් පවුඩර් හෝ සුප් කැටයක් සහ තෙල් ස්වල්පයක් දමා හොඳින් තම්බා ගන්න. මේකේ ස්ටොක් පවුඩර් වතුරට දාලා තම්බගත්තේ පැස්ටා කියන්නේ නිකන් පාන් පිටි කෑලි නිසා කද්දි මෙලෝ රහක් නැහැ පැස්ටා කෑලි සමහර වෙලාවට. ස්ටොක් දාලා තැම්බුවම රස පොඩ්ඩක් වැඩියි නිකන්ම තම්බනවට වඩා.හොඳින් තැම්බුනු පසුව වතුර බේරෙන්නට තබන්න.
2. තෙල් ටිකක් ලිප තබා එයට අඹරා ගත් ඉඟුරු, සුදු ලූණු දමා ගන්න. පසුව එයටම බිත්තර දෙකක් කඩා දමා ස්ක්රම්බල් කර ගන්න. පසුව එයටම කුඩාවට කපා ගත් ඉස්සන්, දැල්ලන් සහ මාලු ටික එකතු කරන්න.
3. එය තැම්බීගෙන එනවිට එයටම කැරට්, ලීක්ස්, තක්කාලි සහ බෙල් පෙපර් ටිකද එකතු කරගන්න.
4. පසුව පදමට අනුව ලුණු සහ අවැසිනම් ගම්බිරිස් එකතු කරගන්න. අමතරව මම නම් ඔයිස්ටර් සෝස් ටිකක් සහ ස්ටොක් පවුඩර් ටිකකුත් දැම්මා මේකටම.
5. අවසානයේ එයටම තම්බා වතුර බේරා ගත් පැස්ටා ටික එකතු කර හොඳින් කවලම් කරගන්න අවසානයේ තව ඔලිව් ඔයිල් ටිකක් එකතු කර හොඳින් කවලම් කරගන්න.
6. පසුව එයට සකසා ගත් Knorr Italian Pasta White sauce මිශ්‍රණය එකතු කරගත යුතුයි. එහිදී ෆ්‍රෙශ් මිලික් මිලි ලීටර් 200 කට වතුර මිලි ලීටර් 400 ක දියකරගත් එම පැකට්ට්ටුව එකතු කර හොඳින් කවලම් කරගන්න. එය පසුව භාජනයක දමා ලිප තබා හොඳි කවලම් කරගන්න. මිශ්‍රණය ඝනකම්ව සෝස් එකක් ලෙස එන විට ලිපෙන් බාගෙන අපි පිසගත් පැස්ටා මිශ්‍රණයට එකතු කරගන්න. ඔය මිශ්‍රණයේ වියලි ඔරිගානෝ, බැසිල්, චීස් ඇතුලු අමුද්‍රව්‍යය කීපයක් අන්තර්ගත වන නිසා පැස්ටා එක නියම ක්‍රීම් සහ චීස් රසක් ගෙන දෙනවා. ඒ නිසා පිටතින් චීස් එකතු කලේ නෑ. මස් කන කෙනෙක්ට මෙහි ඉස්සෝ දැල්ලෝ වෙනුවට මස් උනත් එකතු කරගන්න පුලුවන්.
එහෙනම් අන්තිමට මෙන මෙහෙම තමයි තිබ්බේ.. ඔයාලා හදන විදිහ මීට වෙනස් ඇති ඒවත් මේකට එකතු කරන්න.

ඕක දාලත් කාලා බලහන් නියම රසයක් එනවා. ෆුඩ් සිටියේ අර මස්, මාලු තියෙන තැන උඩ තමයි ඔය ස්ටෝක්, අනම් මනම් තියෙන්නේ අන්න එතනම මේකත් තියෙනවා. වයිට් සෝස් එක හොඳයි ටොමැටෝ සෝස් මික්ස් එකට වඩා මට නම්.

ගෙදර හදාගං ඕක. ලෙසටම ගෙදර හදාගන්න පුළුවන්. මම වෙලාවක් තිවුනොත් හදලා දාන්නම්. රසකාරක දාපුවා කන්න ඕනේ නෑ නේ![]()


මොකද කියන්නේ කට්ටිය අද හදමුද ලේසි පහසු අතුරුපසක්...මේ අතුරුපස පිරිමි පාර්ශවයේ අයටත් ගොඩක් ලේසියෙන් හදා ගන්න පුළුවන්......
