ජවිපෙ 88-89

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
තොපි මේ රටේ අහින්සක දරුවො කී දෙනෙක් මැරුවද,දෙමව්පියො කී දෙනෙක් මැරුවද????තොපෙ ඔය අන්ත වාදි කාලකන්නි තියරි දාලා මේ රට කොච්චර අගාදයකට ඇදලා දැම්මද???අද තොපි කෑ ගැහැව්වට තොපි කරන්නෙත් බල්ලගෙ ඇගේ කිනිතුල්ලා කරන ජොබ් එකමනෙ....තොපිට මානව හිමිකම් නඩු දැම්මොත් තොපි ලොවෙත් නෑ.....මහලොකු කාඩ්බෝඩි වීරයො......
 
  • Like
Reactions: madushkad

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
ජවිපෙ කියන්නේ අද කාලේ නැගී එන, වංචා දූෂණ වෙනුවෙන් කතා කරන පක්ෂයක්.....අපේ රටේ දැනට අවශ්‍ය දේශපාලන හිස්තැනක් පුරවන පක්ෂයක්. ජවිපෙ දේශපාලනය ගැන මම කතා කරන්නේ නැ..හැබැයි 88-89 කාලේ රටේ වුනේ මොනවාද ජවිපෙ ඉතිහාසය දන්න අය අද අඩුයි......

අපිට මතකයි 2012 මාතලෙන් සමූහ මිනී වළක් හොයා ගත්තා...ඒකෙන් මිනී ඇට සැකිළි 150 කට කිට්ටු ගාණක් ලැබුණා......හිස් කබල් විතරක් තියෙන හිස කඳින් වෙන් කරපු මළ සිරුරු ඒ අතර තිබ්බා....කොයි කවුරුත් කිව්වේ මේ තියෙන්නේ 88-89 කාලේ අතුරුදහන් වෙච්ච තරුණ පිරිසකගේ සොහොන් පිට්ටනියක් කියලා...88-89 දෙවන ජවිපෙ විප්ලවය මුළු ලංකාවම හොල්ලපු අස්ථාවර කරපු වකවානුවක් වුණා..........

ඒ වගේ කාලෙක රටේ තත්ත්වය පාලනය කරන්න පැවති රජය ඉතා බිහිසුණු counter-insurgency (COIN) campaign එකක් කරන්න වුණා.

ලංකාවේ COIN සොල්දාදුවෝ පිළිපැද්දේ Search, Interrogate and Destroy”කියන දරුණු, ලේ වැකුනු හැබැයි සාර්ථක සංකල්පය ! COIN මෙහෙයුම් වලදි අල්ලගන්න සැක කරුවන්ට මරණය හැර වෙන ඉරණමක් තිබ්බේ නැ......අවාසනාවකට වගේ වැරැද්දකට සම්බන්ධ නැති අයටත් මේ විදිහට මරණයෙන් වන්දි ගෙවන්න වුණා..


ආණ්ඩුවේ හමුදාවේ death squads වල මිනී මැරුම් ගැන තමයි ගොඩාක් අහලා තියෙන්නේ...නමුත් ඇත්ත කතාව ම්ලේච්ඡ විදිහට ප්‍රචණ්ඩත්වය හමුදාවටත් සාමාන්‍ය ජනතාවටත් යොමු කරලා මුලින්ම මිනී මරන්න පටන් ගත්තේ ජවිපෙ වීමයි.....

ඉස්සෙල්ලම army police වල අයගේ පවුල් වල අයව මැරෙව්වේ government එකේ team කියලත් කියනවා නේද ?
 

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
මුන් තමා අතීතෙ නොදන්න චූ කොල්ලන්ගෙ වීරයෝ අද....
අම්මගෙන් තාත්තගෙන්වත් ඉතිහාසය අහගන්නෙ නැතිව මෙත ඇවිත් මහාචාර්ය ටෝක් දෙන්නෙ.
 

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    boc-branch-closed-dec-88.jpg


    ado me devinuwara neda
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ අපේ රටේ අපේම මිනිස්සු (දෙපැත්තෙම) සත්තු වගේ මැරච්ච කාලයක් 60000 න් මැරුණා කියන්නේ සුළු පටු දෙයක් නෙමෙයි...ඒත් ඒ වගේ ඛේදවාචකයක් ගැන අපි සමාජයක් හැටියට දුක් වෙලා වත් ඒ ගැන කතා කරලාවත් නෑ....ඒ ගැන දුකයි....:(:(:(:(

    මැරිච්ච මිනිස්සු ගැන සැමරුමක් වත් තියෙන්න ඕනි........

    මම පොඩියි ඒ කාලේ අපේ ගෙවල් වල මිනිස්සු බයේ හිටියේ සමහර තරුණ අය ගෙවල් වල නිදගත්තෙත් නැහැ. අපේ පැත්තේ light නැතුව තිබ්බ මාස 4ක් විතර එහෙම කලයක්නම් යේ එන්න එපා. යුද්ද ගැටුම් නම් එපෝ

    පුරවැසියන් විදියට අපි හැමෝම ඕව විදලත් තියෙනවා. ඇතිවෙන්න් දුක් විදලා තියෙනවා. ගොඩක් කතා කරලා තියෙනවා. facebook වලින් නෙවි. රාවය යුක්තිය divaina පත්තර වලින්. හැමෝන්ගෙම අතීතේ කෙරුවාවල් දන්නවා. සමහරු කතා කරන්නේ අද ඉපදුන වගේ

    අපි පහු කරපු අතීතයට වඩා වර්තමානය 1000ස් ගුණයක් හොදයි

    මාත් ඔය වගේ වයසේ තමයි 39

    අඩේ මන් 36 ;)

    බොහොම සන්තෝශයි අත්දැකීම් වලින් මුහුකුරා ගිය දෙපලක් දැකීම. 89 ජවිපෙ කලබල කාලේ මට යන්තම් 12යි.ඒත් අදටත් ඒ අඳුරු අතීතෙ මතක් වෙනකොට ඇඟ හිරි වැටෙනවා. අම්මලා අපිව හන්ගගෙන වගේ හිටියේ. ගෙයින් එලියට බැස්සේ ලග තිබ්බ කඩේට යන්න විතරයි. රෑට දොරට තට්ටු කරලා යටින් තුන්ඩුවක් දාල යනවා.

    තුන්ඩු වලින් මිනිස්සු මරපු කාලයක් ඒක. මම පොඩි කාලේදී බාගෙට පිළිස්සුන මිනි දැකල තියෙනවා අද කාලේ ළමයි පින්වන්තයි එක අතකට

    කාටවත් මතක නැද්ද ඒ කාලේ බිල්ලා ඔලුව හොල්ලන සීන් එක මට යන්තම් වගේ
    මතකයි.
    අල්ලගත්ත JVP කාරයෙක්ව මුණ ඔක්කොම වහලා ඇස් විතරක් ඇරලා තියනවා
    ගමෙන් අල්ල ගත්ත ඔක්කොම කොල්ලෝ (සමහර කෙල්ලෝ) ටික හමුදාවෙන් පෝලිමට අරු ඉස්සරහින් ගෙනියනවා.
    JVP කරානම් අරු ඔලුව හොල්ලන්ඩ ඕන.

    එකට කියන්නේ බිල්ලා හොල්ලනවා කියලා. එක සැරයක් හෙල්ලුවොත් ඒ පෝරාවට random
    වගේ අයෙත් පෝලිමේ යනවා. වරද්දුවොත් අරුට ගුටි හම්බෙනවා හරි නම් අහුවෙච්ච පොරව සෙත්ත පෝච්චි කරනවා.
    මම දැක්කා එහෙම අහුවෙච්ච අපි දන්නා අයියා කෙනෙක්ව jeep එකේ ගැට ගහලා බොරුලු පාරේ ඇදන් ගියා.

    මම හිතන හැටියට ඒ කාලේ ආණ්ඩුව කරේ කරන්ඩ තියන හොදම දේ නැත්තම් ඒ භිෂණය නවත්තවඩ බැරි වෙනඩ ඉඩ තිබ්බා.

    මට තියෙනවා ඒ අත්දැකීම, ඒ කාලෙ අපේ ඉස්කෝලේ උදෙන්ම ගියේ නැත්නම් පිට්ටනියේ තැනක් අල්ලනවා බොරු ක්‍රිකට් ගහන්න අනික බස් හෙනම අඩුයි එක නිසා උදෙන්ම යැවෙනවා, දවසක් උදෙන්ම ගිහින් චු පාරක් දානකොට පොලිසිය මිනිස්සු වගයක් පෝලිමට තියල තියෙනවා දැක්කා.(පොලිසිය තිබ්බේ ඉස්කෝලෙට උඩු පැත්තෙන්) ඊළගට කළු පාට මල්ලක් වගේ එකක් දාගත්ත කෙනෙක් අවා.(ගෝනි බිල්ලො ගැන අහල තිබ්බට එදා තමා හැබැහින් දැක්කේ, චු පාරත් නැවතුන ඒ වෙලාවේ මට හොදට මතකයි) ඒ ගෝනි බිල්ල අර පෝලිමේ මිනිස්සු ගාවට ගිහින් ඔලුව මේ විදියට :no: හෙලෙව්වොත් ඒ කෙනා පස්සට කරා. පොලිසියේ වත්තත් අපේ ඉස්කෝලේ වත්තත් අතර කොටසේ කැලේ වැවිලා තිබ්බේ මායි තව යාළුවෙකුයි මේක බලන් හිටිය වැඩි වෙලා ඉන්න උනේ නැහැ army kit ඇදන් හිටපු සෙට් එකක් අපිව දැක්කා උන් අපිව එලෙව්වා අරුයි මායි පන එපා කියල දිව්වා. අපි ඒක පිට්ටනියේ හිටපු අය්යල වගේකට කිව්වා ඊට පස්සේ උන් එක්ක හොරෙන් ගිහින් බැලුවා එතකොට මෙලෝ එකෙක් එතන හිටියේ නැහැ.

    ආණ්ඩුව jvp මර්දනය කරන ගමන් ශ්‍රී ලංකා කාරයොත් එලොව යවන්න මේ ක්‍රමේ ඒ දවස්වල යොදා ගත්තා.(මගේ wife ගේ පවුලේ එහෙම උන අය්යා කෙනෙක් ඉන්නවා, හැබැයි අන්තිම මොහොතේ ඌ බේරුනා)


    හැම ප්‍රධාන පක්ශෙටම තියෙන්නේ ලේ වැකුණු ඉතිහාසයක්. මේ පෝස්ට් එකෙන් පැහැදිලි වෙන්නෙ 88,89 න් පස්සෙ ජවිපෙ අනික් පක්ශ දෙකට සාපේක්ශව දේශපාලනයේ හරි ගමනක් ගියා කියන එක නේද

    මේ කතාව හරි ඒ කාලේ ඔවුන් කරපු දේ වැරදි උනාට දැන් ඔවුන් නිවැරදි මාර්ගයේ යනවා. මේ දේම ltte අයටත් වෙන්න ඕනේ කරුණලා පිල්ලෙයාන්ලා වගේ අයත් දේශපාලන ප්‍රවාහයට එන්න ඕනේ කියලයි මගේ නම් විශ්වාසය

    මේකගෙ භාෂා විලාශය බැලුවම මුගෙ අරමුන හිතාගන්න පුලුවන්:lol:. ඒ කොහොමවුනත් ජවිපෙ කරපු දේ ඇතුලෙ අඩුපාඩු තිබුනට ඒ දේ අනුමත කරන්න වෙනව. මොකද හැම හොඳ දෙයක්ම ලබාගන්න කැපකිරීම් කරන්න වෙනව. ඕනම දේකට ඒක අදාලයි

    මේකට නම් මට එකග වෙන්න බැහැ. ඔබේ විශ්වාසයට රටේ මිනිස්සු කැප කරහම හරිද ? එහෙම ගත්තොත් නම් ltte එක කරපු දේත් හරි අදිරාජ්‍ය වාදී සුදු මිනිස්සු කරපු ඒවත් හරි, hitler කරපු එකත් හරි, ISIS එවුන් කරන එකත් හරි බොකෝ හරම්ලා කරන ඒවත් හරි ................ තව ගොඩක් ඒවා තියෙනවා.

    ඔබ එදා කරපු දේ වැරදි නමුත් අද යන මාවත හරි



    ඊලග කැරැල්ල්න් උන්ටික මරනවා, එලකිරියේ බත් බැලයො ලිස්ට් එක තමයි ඉසෙල්ලම ගන්නේ.:lol::lol::lol::lol:

    මේ වගේ කතා කියන්න එපා බන්

    ජනතා විමුක්ති පෙරමුණ ලාංකේය‍ දේශපාලන කේෂ්ත්‍රය තුළ සුවිශේෂී සටහන් තැබූ පක්ෂයකි. 1965 මැයි මස 14 වන වෙසක් පොහෝ දින ගාල්ල අක්මීමන දී පක්ෂය ආරම්භ කිරීමේ සාකච්ඡාව පවත්වන ලදී.පක්ෂයේ නිර්මාතෘ වූයේ රෝහණ විජේවීර මහතාය.අක්මීමන සාකච්ඡාව සඳහා හත්දෙනෙක් සහභාගී විය. ජවිපෙ ආරම්භ කිරීමේ අරමුණු වූයේ ලංකාවේ නිර්ධන පන්තියට රාජ්‍යබලය දිනා ගැනීමටය. ජවිපෙ බිහිවීම සදහා බලපාන ලද හේතූන් වූයේ පැරණි වමේ ව්‍යාපාරය සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ ආණ්ඩුව සමග එකතුවීම, චීන සෝවියට් මතභේදය, රෝහණ විජෙවීරගේ මැදිහත්වීමද මේ සඳහා බලපාන ලදී. මේ කාල සීමාව තුළ ලංකා කොමියුනිස්ට් පක්ෂය චීන පිල හා රුසියානු පිල වශයෙන් දෙකට බෙදී තිබුනු අතර රෝහණ විජේවීර මහතා චීන පිලේ මතය පිළිගනිමින් එය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන ලදී.
    නමුත් එය අසාර්ථක වෙයි. 1967 කියුබානු විප්ලවවාදි චේගුවේරාගේ මරණින් පසු කියුබානු ආදර්ශය ජවිපෙට බලපාන ලද අතර සුප්‍රකට පන්ති පහ අරබමින් ඉන් අනතුරුව දේශපාලන කේෂ්ත්‍රයට ප්‍රවෙශ විය. 1969 දී ඇත්ත පත්‍රය විසින් “සමගි පෙරමුණට පහර දීම සදහා තරුණයින් බාගන්නා CIA කෙමනක්” ලෙස ජවිපෙ හදුන්වා දෙන ලදී.මේ තත්ත්වය තුළ 1970 මැයි 12 වන දා රෝහණ විජේවීර මහතා අත්අඩංගුවට ගන්නා ලදි. නමුත් පසුව ඔහු නිදහස්කරන ලෙස ඉල්ලා දිවයින පුරා පෝස්ටර් ව්‍යාපාරයක් ගෙන යන ලද අතර 1970 ජූලි 09 නිදහස් කර ඇත. 1970 ජූලි 14 දින විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ දි CIA කාරයෝ නම් දේශණය පවත්වා ඇත. 1970 අගෝස්තු 10 මංගල රැළිය කොළඹ හයිඩ් පිටියේදී පවත්වයි. මේ වනවිට ජවිපෙ ප්‍රචාරක කටයුතු සඳහා පත්‍ර කිහිපයක් මුද්‍රණයකර තිබිණ. රතුලංකා,රතුබලය,ජනතා විමුක්ති, දේශප්‍රේමී,රතු කැකුලු යන පත්‍රයි.
    71 කැරැල්ල
    1970 අගවන විට සමගි පෙරමුණු ආණ්ඩුව ජවිපෙ කෙරෙහි විශේෂ අවධානයකින් සිටින අතර 1970 අගෝස්තු 09 දින සමගි පෙරමුණු ආණ්ඩුවේ ලේකම්වරු තිදෙනා ජවිපෙ මර්දනය කිරීම සදහා ජනතා සහාය පතන ලදි. 1970 අගෝස්තු 12 ආරක්ෂක ලේකම් රත්නවේල් මහතා විසින් විශේෂ ප්‍රකාශයක් කරමින් චේ ව්‍යාපාර ආණ්ඩුවේ අංක එකේ සතුරා බවත් එය මුලිනුපුටා දැමිය යුතු බවත් ප්‍රකාශ කරයි. 1971මාර්තු 06 වන දින ඒවන විටත් ජවිපෙන් වෙන්ව සිටි ධර්මසේකර කණ්ඩායම විසින් ඇමරිකානු තානාපති කාර්යාලයට පහරදෙන ලදී. මේ සමග ආණ්ඩුව හදිසි නීතිය පනවන ලදී. 1971 මාර්තු 13 රෝහණ විජේවීර හා කෙලී සේනානායක අම්පාරේදී අත්අඩංගුවට ගෙන යාපනයේ රදවන ලදී. මේ තත්ත්වය තුළ ඒ වන විට ඉදිරිපෙළේ නායකයකුව සිටි පොඩි අතුල හෙවත් වික්ටර් අයිවන් කැරැල්ලට සූදානම් වෙයි. 1971 අප්‍රේල් 12 වන දින විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ සංඝාරාමයේ දී පහරදීම සදහා සාකච්ඡාවක් පවත්වන ලදී. ප්‍රථමයෙන් තීරණයකර තිබුනේ අප්‍රේල් 05 අළුයම පහර දීමටය.නමුත් පසුව එම තීරණය වෙනස් කරමින්.රාත්‍රී පහරදීමට තීරණය කෙරිණි.මේ පනිවිඩය මොනරාගල දිස්ත්‍රික්කයට අදාලව වෙනස්කිරීමට නොහැකි විය. පණිවිඩය මොනරාගල දිස්ත්‍රික්කයට අදාලව වෙනස් කිරීමට නොහැකි විම නිසා වැල්ලවාය පොලීසියට පහරදීම අප්‍රේල් 05 අලුයම සිදුවිය.එනිසා කැරැල්ල අසාර්ථවීමට එය හේතුවිණි. එහිදී පොලිස් ස්ථාන 92 කට පහරදුන් අතර 57 කට අලාභහානි සිදුවිය. තරුණ තරුණියන් දස දහසක් දෙනා මරණයට පත් වූඅතර 20,000 ක් පමණ සිරගත කෙරිණි.සැකකරුවන්ට දඩුවම් කිරීමට විශේෂ නීතියක් යටතේ ආණ්ඩුව කොමිසමක් පත් කරන ලදි.එය අපරාධ විනිශ්චය කොමිෂන් සභාව ලෙස හඳුන්වන ලදී.කොමිසන් සභාව මගින් පක්ෂ නායකයන්ට දඩුවම් පනවන ලදී. එයින් අනතුරුව සිරගෙදර සිට පක්ෂය ගොඩනැගීමට කටයුතු කරන ලදී.
    1976-83 දක්වා කාලවකවානුව
    1976 හදිසි නීතිය ඉවත් කිරීමත් සමග පක්ෂය නීත්‍යානුකූල විය.නිදහස් වූ උපතිස්ස ගමනායක පක්ෂයේ වැඩකටයුතු ආරම්භ කරන ලදී. නියමුවා පුවත්පත
    ආරම්භ කරමින් නැවතත් ප්‍රචාරක රැලි ආරම්භ කරන ලදී.77 මැතිවරණයේ දී ආසන 4 කට ඉදිරිපත් වේ. තංගල්ල, බටහිර අනුරාධපුරය, හොරොව්පතාන හා හක්මන යන ආසන වලට සීනුව ලකුණින් ඉදිරිපත් විය.1977 දී අපරාධ විනිශ්චය කොමිසන් සභාව අහෝසි වීමත් සමඟ රෝහණ විජේවීර නිදහස් විය .78 පළමු සමුළුව ඉන්පසු පවත්වන ලදී. අනතුරුව 1978 නගර සභා මැතිවරණය සඳහා ස්වාධීනව තරග කර ඇත. 1981 දී දිස්ත්‍රික් සභා ඡන්දයෙන් නියෝජිතයන් 13 ක් පත්වී ඇත .1982 ජනාධිපතිවරණය සඳහා රෝහණ විජේවීර මහතා ඉදිරිපත් වී ලක්ෂ තුනකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ඇත .
    1983 සිට 1994 දක්වා කාලසීමාව
    1983 සුප්‍රසිද්ධ කළු ජූලිය ඇතිවෙයි. 1983 ජූලි 30 වනදා ජේ.ආර්. ජයවර්ධන රජය ජවිපෙ තහනම් කරයි. තහනම ඉවත්කර ගැනීම සඳහා කටයුතු කළද එය සාර්ථක නොවේ. ඉන්දු ලංකා ගිවිසුමත් සමග ඉන්දියන් හමුදාව පැමිණීම නිසා දේශප්‍රේමී සන්නද්ධ අරගලයක් ඇරබෙයි. මේ වකවානුව තුල ජවිපෙ තමන්ගේ සාම්ර්‍ප්‍රදායික ජනතා දැනුවත් කිරීම් තුලින් විශාල පිරිසක් මෙම 13 වන ව්‍යවස්ථා සංධශෝනයට එරෙහිව පෙලගැස්වීමට සමත් වීම නිසා එ.ජා.ප.ආණ්ඩුව 13 වන ව්‍යවස්ථා සංධශෝනයේ යෝජනා ක්‍රියාත්මක කිරීම පසෙක තබා මෙම අරගලය මර්දනය කිරීම අරඔයි. කෙසේ හෝ අවසානයේ බලයේ සිටි එ.ජා.ප.ආණ්ඩුව විසින් මෙම අරගලය මර්දනය කරයි. ‍රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක ඇතුළු නායකයින් මරණයට පත් වෙයි. පිරිසක් විදේශ ගතවෙයි.දස දහස් ගණනක් සිරගත වීමට සිදුවෙයි. ඉතා විශාල දේපල හානියක් සිදුකල මෙම අරගලය මගින් ලක්ෂයකට ආසන්න තරුණ තරුණියන් ඇතුළු බොහෝ දෙනෙකුගේ ජීවිත අහිමි වෙයි.දේශපාලන බලමණ්ඩලය තුළ මරණයට පත් නොවී ජීවිතය බේරාගත්තේ සෝමවංශ අමරසිංහ මහතා පමණි.
    1994 සිට 2005 ජනාධිපතිවරණය දක්වා
    1994 පොදුජන එක්සත් පෙරමුණ බලය ලැබීමත් සමග සිරගතව සිටි බොහෝ පිරිසකට නිදහස ලැබේ. 1994 මැතිවරණයට ජවිපෙ ලෙස තරඟ වැදීමට තීරණය කරයි. මහ මැතිවරණයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් ආසනයක් හිමිවෙයි. නිහාල් ගලප්පත්ති මහතා පාර්ලිමේන්තුවට පත්වෙයි. ඉන් අනතු‍රුව ඉදිරිපත් වූ මැතිවරණ තුළ 1997 පලාත් පාලන ආසන 101 ක් දිනාගන්නා අතර 1998 පලාත් සභා ආසන 25 ක් දිනයි. 2000 මහා මැතිවරණයෙන් ආසන 10 ක් දිනාගන්නා අතර 2001 දී එය 16 දක්වා වර්ධනය කර ගැනීමට සමත්වෙයි. උතුරු නැගෙනහිර අර්බුදය සම්බන්ධයෙන් දැරූ මතය හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව 2004 වර්ෂයේදී සන්ධානය ගොඩනගමින් එජාපය පරාජය කරයි. 2004 මහමැතිවරණයෙන් මන්ත්‍රීදූර 39 ක් දිනා ගැනීමට සමත්වෙයි. සුනාමි ව්‍යවසනය ඇති‍වීම තුළ චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය L.T.T.E. සංවිධානය සමඟ සුනාමි සහන මණ්ඩල ගිවිසුමට අත්සන් කිරීමට සූදානම් වීමත් සමඟ සන්ධානයෙන් ඉවත්වෙයි. අධිකරණය හමුවට ගොස් සුනාමි සහන මණ්ඩලය අවලංගු කිරීමට සමත් වෙයි. නමුත් 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්කිරීම සඳහා විශාල වැඩකොටසක් ඉටු කරයි.
    2005 ජනාධිපතිවරණයේ සිට 2010 දක්වා
    1994 වර්ෂයෙන් පසු ජවිපෙ දිගින්දිගටම පෙනී සිටියේ උතුරු නැගෙනහිර ප්‍රශ්නය සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක. ඒකීය රටක් හා ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කළ හැකිය යන්න ප්‍රකාශ කරන ලදී. එවකට පැවති ජනමතය අනුව එය වර්තමාන තත්ත්වය දක්වා වෙනස් කිරීම සඳහා ජවිපෙ මැදිහත්වීම අමුතුවෙන් කිව යුතු නැත. උතුර-නැගෙනහිර පළාත් වෙන් කිරීම, කුප්‍රකට ‘පීටොම්ස්‍‍‍්‍’ ගිවිසුම හකුලා ගැනීම සඳහා ජවිපෙ විසින් ගත් නීතිමය ක්‍රියාමාර්ග සඳහා එවකට අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අගනා මෙහෙයක් කළ අතර එවක යුධහමුදාපති ජනරාල් සරන් ‍ෆොන්සේකා මහතාට තම භටයන් සාර්ථකව මෙහෙයවීම සඳහා අවැසි පසුබිම ජවිපෙ විසින් දකුනේ ජනමතය සැකසීම මගින් පාදා දෙන ලදී. තවද මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්ව ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජයට පත්කිරීම සඳහා කටයුතු කළේය. මේ අතරතුර ජවිපෙ අභ්‍යන්තර අර්බුදය පැන නැගුණි. ඉතා තීරණාත්මක සන්ධිස්ථානයක් වූයේ විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 11 දෙනෙක් පක්ෂය හැරගොස් ජාතික නිදහස් පෙරමුණ පිහිටුවීමයි. මේ තත්ත්වය තුළ පසුගිය වයඹ, මධ්‍යම හා සඹරගමු පලාත් සභා මැතිවරණ‍වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඡන්ද අහිමිවීමක් සිදුව තිබේ. කෙසේ වෙතත් විමල් වීරවංශ සාධකයේ හැරයාම පිළිබඳ ජවිපෙ ඉතා නිහඬ පිළිවතක් අනුගමනය කරන බවක් පෙනේ.
    2010 ජනාධිපතිවරණය
    2010 ජනාධිපතිවරණයේදී තනිව පක්ෂයක් ලෙස තරඟ වැදීම වෙනුවට විපක්ෂයේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ජ.වි.පෙ ඇතුලු විපක්ෂය තීරණය කරන ලදී. ඒ අනුව හිටපු යුධ හමුදාපති ( එවකට )ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් පිහිටවූ “ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය” නම් පක්ෂයට ජ.වි.පෙ සහය පල කල අතර පොදු අපේක්ෂකයා ලෙස සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් විය. එක්සත් ජාතික පක්ෂය ඇතුලු විපක්ශයේ බොහෝ පක්ෂ මේ සන්ධානයට සහය පලකල අතර, ජනතා විමුක්ති පෙරමුණ එයට එක්වීම යම් තරමකට විවාදාත්මක විය. ඒ වන විට ජනතා ජ.වි.පෙ තුල සිටි සමහර පිරිස් පසු කාලයකදී ප්‍රකාශ කලේ පොදු අපේක්ෂකයාට සහය දීම සහ ඊට පෙර (2004 වසරේදී)එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වීම හරහා ජ.වි.පෙ තම පන්ති සටන අත්හැර පන්ති සහයෝගීතාවයකට එකඟ වී ඇති බවයි.
    කෙසේ වෙතත් ජනාධිපතිවරණයේදී ෆොන්සේකා මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 4,173,185ක් (40.15%) පමණක් වන අතර ඡන්ද 6,015,934ක් (57.88%) ලබාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ නැවටත් වතාවක් ජනපති ධූරයට පත් විය. මැතිවරණය දූශිත බව ජ.වි.පෙ ඇතුලු විපක්ෂ කණ්ඩායම් චෝදනා කලද ඒ පිලිබඳව වූ පරීක්ෂණ වලදී චෝදනා ඔප්පු කරගත නොහැකි විය. පසුකාලීනව ෆොන්සේකා මහතාට මුහුණ පෑමට සිදුවූ දේශපාලන පලිගැනීම් ජ.වි.පෙ විසින් හෙලා දුටු නමුත් ඉදිරියේදී පක්ෂයක් ලෙස තනිව තම දේශපාලන ගමන සිදු කිරීමට තීරණය කරන ලදී.

    හොද විස්තරයක් ඔබේ අතින් වැරදි උනා නම් ඒවා පිළිගෙන සමාව ඉල්ලලා අද යන හරි මාර්ගයේ යන්න, අද ගමනේත් අඩු පාඩු තියෙනවා එත් ඒවා පෙර වැරදි තරම් දරුණු ඒවා නෙවේ.

    මෙතන ඉන්න අය කලින් ම තේරුම් ගන්න ඕන දෙයක් තියනවා. ඒක තමා ජවිපෙ තෝරා ගත්ත දීර්ඝකාලීන සන්නද්ධ අරගල මාර්ගය වැරදි බව. මොකද ජවිපෙ හෝ දේ.ජ.ව්‍ය. සංවිධිත සන්නද්ධ කණ්ඩායමක් නෙවෙයි. එතකොට ආණ්ඩුවක සංවිධිත මර්දන යාන්ත්‍රණයකට මුහුණ දෙන්න බැරුව යනවා. ඒ නිසයි ජවිපෙට වැරදුනේ.
    දෙවැන්න 1987 දී ජේ.ආර්. ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරන වෙලාවෙ දී ඔවුන් සූදානමින් නොසිටීම. මේක ජවිපෙ කරපු බරපතලම සහ අඥාණ ම දේශපාලන වැරැද්ද. 1983 දී පක්ෂය තහනම් වෙලා ඒ වන විට යටිබිම්ගත දේශපාලනයක සිටපු ජවිපෙ, ඒ මොහොතේ සූදානම් ව සිටිය නම්, රජයට විරුද්ධ ජනතා බලවේගය කලමනාකරණය කරගෙන රජය පෙරලන්න තිබ්බා.
    අනික් කාරණය අර කලින් කිව්ව වගේ හමුදා සාමාජිකයන් ගේ පවුල් ඝාතනය කරන්න තීරණය කිරීම. මේකෙන් ජවිපෙ තීරනාත්මක විදියට හමුදාවේ තිබ්බ සහය නැති කර ගත්තා. ඒ විතරක් නෙවෙයි හමුදා සාමාජිකයන් ගේ සහය මත ගොඩ තැනුණු අතුරු සන්නද්ධ ඒකක, ප්‍රා, ඩ්‍රා, කහ බලල්ලු, කළු බලල්ලු, කොළ කොටි, ආර්ඩීඑෆ් වගේ ඒවයින් තම සාමාජිකයන් විධිමත් ව ආරක්සා කරගන්න බැරි වීමත්, පක්ෂය තුලට ම ඔත්තුකරුවන් එන්නත් කර තීබීම හදුනා ගන්නට බැරි වීමත් ජවිපෙ සන්නද්ධ ඒකකයක් විදියට කරපු ලොකුම වැරදි.
    ඒ විතරක් නෙවෙයි ජනතාව අසීරුතාවයට පත් වන විදියේ තීරණ, බලෙන් උද්ඝෝෂණ වලට මිනිසුන් නෙවිත් ඔවුන් හමුදාවේ වෙඩි පහරට ලක් කිරීම, විරුද්ධ දේශපාලන මතවාදීන් පමණක් නෙවෙයි, තමන් ගේ මතවාදයට විරුද්ධ වන සියළු දෙනාම අමානුෂිකව ඝාතනය කිරීම වගේ දේවල් නිසා මිනිසුන් ගේ පොදු ඉවෙන් බැදි සහය ඔවුන් අහිමි කර ගත්තා.
    “බහුතර සහභාගීත්වයකින් තොරව සිදු වෙන ඕනෑම පොදු කටයුත්තක් කෙළවර වන්නේ ඛේදවාචකයකිනි“ මේක තමා ඓතිහාසික දේශපාලන සත්‍යය මේ ඉර හද යට.ජවිපෙට වුණේ අන්න ඒ දේ....................

    මගේ මතයත් මේකම තමා


    නෑ ජවිපෙ තමයි ප්‍රචණ්ඩත්වය පටන් ගත්තේ .....මුල් කාලේ ආමි එකේ අය ජවිපෙට උදව් පවා කළා......ඒත් ජවිපෙ රට ආගාධයට ගෙනිහින් රටම බය කරලා බලය ලබාගෙන තමන් ඉන්දීය ආක්‍රමණයට මුහුණ දෙනවා කියලා තමයි රටේ ආණ්ඩු පෙරලියක් කරන්න හැදුවේ!

    දෙගොල්ලන්ම! හැබැයි ආණ්ඩුවෙන් තමයි වැඩියෙන්ම..............මුලින් ජවිපෙ කරපු ත්‍රස්තවාදය ආමි එක උන්ගෙන් ම කොපි කරලා උන්ටත් වඩා හොඳින් කළා............

    ඉස්සෙල්ලම army police වල අයගේ පවුල් වල අයව මැරෙව්වේ government එකේ team කියලත් කියනවා නේද ?

    ආණ්ඩුව හැදුව ප්‍රා කියල සන්විදනයක් තෝරාගත් army police අයගෙන් එකට කොළ කොටි කියලත් කිව්වා මතක අය ඉන්නවද මේවා ගැන

    ඔව් මේක තම උනේ අපේ යාලුවෙක්ගෙ අය්යා කෙනෙක් ඉස්සරලා jvp උදවු කරා පස්සේ පහු ඌට jvp එක පෙන්න බැරුව ගියා

    මට ජවිපෙ දැන් තියන ක්‍ර මය එක්ක ප්‍රශ්නයක් නෑ....හැබැයි මේ වගේ දේක ඉතිහාසය රටේ මිනිස්සු දැනගන්න ඕනි...ජවිපෙ කවදාවත් 88-89 ඝාතන ගැන රටේ මිනිස්සුන්ගෙන් සමාව ඉල්ලලා නෑ...

    මෙච්චර කල් කිසි වැරැද්දක් කරලා නැතිව ඇති...ඒ බලය නැති නිසා...බලය ඇති තැනයි වැරදි වෙන්නේ

    සමාව ඉල්ලිය යුතු නැහැ....

    එත් සමහර තබ වල කණගාටුව ප්‍රකාශ කරනවා මම දැකලා තියනවා. මන් හිතත්තේ එකත් කරන්න ඕනි නැහැ කියල.

    මේ කතාවටත් මට එකග වෙන්න බැහැ. ඒ කලේ උන වැඩ වලින් කි දෙනෙක්ගේ ජිවිත නැති උනාද ? කොච්චර දේපල නැති උනාද ? මොන තරම් රට පස්සට ගියාද ?

    කෙසේ වෙතත් සමාව ඉල්ලීම නොඉල්ලීම ඔවුන්ගේ වැඩක් හැබැයි ඒක කරොත් ඔවුන් ගැන තියෙන පිළිගනිම තවත් වැඩි වෙයි.



    කොහොමත් ජවිපෙ දැන් නිවැරදි කියන මතයේ ඉන්නව....අතීත සිදුවීම් වල වැරදි තිබුනත්. ඒවගෙත් සම්පුර්න වැරැද්ද ජවිපෙ නෙමයි. අතීතයේ ජවිපෙ වැරදි කියලා හිතනවනම් එහම හිතන එක එක එක්කනගේ සිතීම අනුව. එක ප්‍රශ්නයක් නෙමයි.......මිනිස්සු අපිත් එක්ක එකතුවෙනව නොවෙනවා කියන එක මිනිසුගේ සිතීම අනුව....එය බලෙන් පාවන්න යනෙන් නැහැ

    ඔව් දැන් ගමන හොදයි හොද ඉදිරියක් තියෙයි

    දැන් නම් ජවිපෙ හැර වෙන විකල්පයක් නැතිවීගෙනයි යන්නෙ.[/QUOTE]

    විකල්ප තියෙයි අනිත් පක්ෂත් තමන්ගේ වැරදි අඩු පාඩු හදා ගත්තොත් jvp එක කරා නම් අනිත් අයටත් ඒ දේ කරන්න පුළුවන්

    :P

    ඒකත් හරියට බාලගිරි දෝසෙ වගේ අද එනවා හෙට එනවා :lol:
    නිවැරදි මාවත දැක්ක අපි චන්ද්‍රිකාගේ හවුල් ආණ්ඩුව කාලේ:P

    :rofl: ජයග්‍රහනයක් ලබාගන්න කැපකිරීම් කරන්න වෙනව.

    ඔව් කැපකිරීම් කරන්න වෙනවා jvp එක එහෙම කරන්න බැලුවා චන්ද්‍රිකාගේ කාලේ. ඔබලාගේ අපේක්ෂකයෝ තමා අංක 1ට මනාප ගත්තේ මගේ නම් විශ්වාසය SLFP+JVP තමා රටට ගැලපෙනම සුසංයෝගය.

    උඹල කියපුව කවද්ද හරි ගියේ? ඔය දැන් කතාකරන උඹලම තමයි ඒ කාලෙ කවුරු ආවත් යුද්දෙ නවත්තන්න බැහැ කිව්වෙ. ජවිපෙ වෙනස් මතයක ඉඳල යුද්දෙ ඉවරවෙන තැනට පාර කැපුව.

    මහින්දව අවුරුදු 20ක් වට රට පාලනය කරනව කියද්දි ජවිපෙ වෙනස් පාරක ඉඳල කොහොමහරි ගෙදරයවනව කිව්ව. ගල් පිලිමෙ බොල් පිලිමෙ කරපු එකේ වැඩි හරියක් කරට අරගෙන කලේ ජවිපෙ මිසක් යූඇන්පී හෝ මෛත්‍රී නෙමෙයි.

    බලේ ගන්න එකටවුනත් ඒක අදාලයි.

    උඹලට හිතන්නවත් බැරි තරම් දුර ජවිපෙට දකින්න පුලුවන්:D


    මේ ඉහත කතා හරි, හැබැයි ඔබ දරන හැම මතයම හරියි කියල නම් හිතන්න එපා


    ඉතිහාසයක් නැති උඹලට මොන රටක්ද බන්? රටට ආදරේ කරන්න ඉතිහාසෙ ඉගෙන ගනින්.

    Those who do not remember the past are condemned to repeat it.

    George Santayana

     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතිහාසයක් නැති උඹලට මොන රටක්ද බන්? රටට ආදරේ කරන්න ඉතිහාසෙ ඉගෙන ගනින්.

    තුන් සිංහලය දන්නේ නැති ගුනේ නේද මේ පොරටෝක් දෙන්නේ :rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ අායේ කිච වෙන්න හදන්න එපා බන්..... එක පාරක් උනා මදිද?

    තුන් සිංහලේ ගැන කියල කිච උනේ මමද උඹද?:rofl::rofl::rofl:

    උඹ O/L වලටවත් ඉතිහාසය ඉගනගෙන නැද්ද බං?