පොළා සහ මහේෂ් පැහැදිලි කරලා දුන්නට බොහෝම ස්තූති![]()



සෑහෙන්න දවසකින් තමයි මේ පැත්තෙ කමෙන්ට් එකක් වත් දාන්න කියල එන්න වුනේ.ඊයෙ සෙනසුරාදත් වැඩ එනකොට 10ත් පහුවෙලා.IT ජොබ් වල ආතල් එක හොදටම දැනිලා තියෙන්නේ.
පොළා සහ මහේෂ් පැහැදිලි කරලා දුන්නට බොහෝම ස්තූති![]()



............. දැන් පාරෙ දුවන වාහන වලින් භාගයක් OBD කරන්න පුළුවන් එව්වා... OBD කරන්න පුළුවන් වාහන වලට අපේ ලංකාවේ තාම tale pipe ටෙස්ට් එක කරන එකනම් ඇත්තටම විහිළුවක් ..
මේ වගේ එවුන් දකිනකොට මටනම්....
ලඟපාතක හිටියනම් කණ පැලෙන්න දෙනවා...




සමහර ලයිට්වල ඇතුල් පැත්තෙනුත් තියනවලුනේ මචං. (මටනම් තවම එහෙම එකක් හම්බුවෙලා නෑ) ඒ වගේ වෙලාවට නම් කපන්න බැරි නිසා වෙන ක්‍රමයකට යන්න වෙනවා.
අර වැඩේට වියදම යන්නේ ඉතා අඩුවෙන් බං. මුලින් වතුර දදා 2000 කොලෙන් කපන්න ඕනේ. පස්සේ වතුර දාන්නෙ නැතුව බ්‍රාසෝ දාලා පොලිෂ් කරන්න ඕනේ. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි
එළ එළ ... ඒක්ත් දැනගත්තෙක හොඳයි![]()
තව මන් දැක්ක බේකින් සෝඩයි විනාකිරියි දාල සුද්ද කරන කරන වීඩියෝ එකක් යූටියුබ් එකෙ ... නැත්තම් Colgate ටූත් පේස්ට් එකත් හරි යනව (ඒකෙ සෝඩියම් බයිකාබනෙට් තියෙනව ඔය වැඩේට)
ආඩම්බරයි මචන්... ඉස්සරහ ලයිට් දෙකට කරන්න තියෙන්නේ සුළු දෙයි.. 1500 වගේ සෑන්ඩ් පේපර් එකක් අරගෙන වතුර දාල ලයිට් දෙක කපන්න... කපල බ්‍රාසෝ දාල පොලිෂ් කරන්න... පෙර සහ පසු පින්තුර දෙකක් අපිටත් බලන්න දාන්න...පොලිෂ් කරන වැඩේ ටූත් පේස්ට් වලින් කරන්නත් පුළුවනි...
මම නම් ගන්නේ 2000 කොලේ මචං.![]()
මේකෙනුත් කරගන්න පුළුවන් ... රු800 වගෙ වෙන්නෙ
![]()
කඩවත සිට හොරණ පැත්තෙං බෙලිහුල්ඔයට ගියා සිංහලු... (පානදුර රත්නපුර පාරෙ)
හම්මේ වංගු සැට් එක...
mini rox![]()

ට්‍රැෆික් අඩු වෙලාවට ඔය පාර පට්ට.. කනේ වැලි ගෑවෙන්න යන්න පුලුවන්...![]()

Patta pata pata 
අපි හැමවෙලේම අවධියෙනි.
ප්ලග් ප්‍රශ්ණෙට . . .
Single ground, multi ground ප්ලග් අතරෙ තියෙන performance වෙනස තාමත් හරියටම පැහැදිලි කරන්න අමාරුයි. දෙකේම වාසි අවාසි තියෙනවා. . .
උදාහරණයක් විදියට කියනවා නම් Single ground plug එකක් ගත්තම plug gap එක වෙනස් කරන්න පුලුවන් පරාසය සීමාසහිතයි. එ් නිසා ප්ලග් එකේ performance සීමාසහිත වෙනවා. එ්ක අවාසියක්. (මේක ගොඩක් ගැඹුරට සාකච්චා කරන්න නම් කෑම බීම අරගෙන, Whiteboard එකකුයි අරන් වරෙල්ලා)
Multi ground plug ගත්තම තිියෙන අවාසියක් තමා ප්ලග් එක මිශ්‍රණයත් එක්ක ගැටෙන ප්‍රමාණය වැඩි නිසා හීට් ලොස් එක වැඩියි. (මේවා මීට වඩා සරලව පැහැදිලි කරන්න මට බැරියෝ) හීට් ලොස් එක වැඩි නිසා සිලින්ඩරය අැතුලේ දහනය අාරම්භවන වේගය ටිකක් අඩුයි. මේ නිසා දහනයෙන් පස්සේ උපරිම පීඩනය ලැබෙන්න ටිකක් වෙලා යනවා. (මේ කතා කරන්නේ මයික්‍රෝ සෙකන්ඩ් පරාසයේ ඉඳලා) මේක අවාසියක් (හේතුව පැහැදිලි කරන්න නම් Whiteboard, marker pen, කෑම බීම අරන් එන්න වෙනවා)
හැබැයි ඔය දෙක අතරේ පැහැදිලිවම දකින්න පුලුවන් වෙනසක් තියෙනවා...
Wasted Spark engines, එ් කියන්නේ මේ කියන එන්ජිමේ exhaust stroke එක වෙලාවේත් ස්පාක් ප්ලග් එක පත්තු වෙනවා කියන එක, මේකට හේතුව තමා ඉග්නිෂන් කොයිල් දෙකක් විතරක් පාවිච්චි කරන එක (Distributorless Ignition)
උදාහරණයකට අපි ගමු සාමාන්‍ය සිලින්ඩර 4ක එන්ජිමක්. . .සාමාන්‍යයෙන් පාවිච්චි කරන Firing order එක, එහෙමත් නැත්තන් සිලින්ඩර වල දහනය සිදුකරන පිලිවෙල තමා 1342 කියන්නේ . . . එ් කියන්නේ මුලින්ම පළවෙනි සිලින්ඩර් එක, දෙවනියට, තුන්වෙනි සිලින්ඩරය . . . එ් විදියට තමා පත්තු වෙන්නේ . . . එ්කට හේතුව ප්‍රධාන වශයෙන්ම ගත්තොත් එන්ජිමේ Primary Vibration බැලන්ස් කරන්න තමා එහෙම කරන්නේ. . .
එ්වා අමතර දැනුමට තමා ඔන්න එකතු කරේ . . .මටත් පිස්සු බන්... Intresting topic එකක් සෙට් උණාම ඔහේ කියවනවා . .
අායෙම මාතෘකාවට . .
කලින් කිව්වා වගේ කොයිල් දෙකක් පාවිච්චි කරන කොට කොයිල් සිලින්ඩර් වලට සම්බන්ධ කරන්නේ,
පළවෙනි කොයිල් එකේ output දෙක පළමු සහ හතරවෙනි සිලින්ඩර වලටත් දෙවනි කොයිල් එකේ output දෙක දෙවෙනි සහ තෙවැනි සිලින්ඩර වලට එන විදියටත් . . .
මන් කලින් කිව්ව firing order එක බැලුවම පේනවා අැතිනේ 1ට පස්සේ පත්තු තුන්වෙනි එක කියලා . . . අර කිව්ව ක්‍රමේට කොයිල් කනෙක්ට් කරාම පළවෙනි සිලින්ඩර් එක පත්තු කරන්න වෙන්නේ පළවෙනි කොයිල් එකට, ඊට පස්සේ පත්තුවෙන තුන්වෙනි සිලින්ඩර් එක පත්තු කරන්න වෙන්නේ දෙවනි කොයිල් එකට . . . මේ වෙලාවෙදි පලවෙනි කොයිල් එකට අවස්ථාව ලැබෙනවා පොඩ්ඩක් රෙස්ට් කරන්න . . එ් කියන්නේ එයාගේ අැතිවුනු EMF එක සම්පූර්ණයෙන් අකුලගෙන (EMF ගැන පැහැදිලි කරන්න යන්නේ නෑ) ඊළඟ පාර 4වෙනි සිලින්ඩරේ පත්තු කරන්න පුලුවන් අායෙම කලින් සැරේ වගේ 100% efficiency එකෙන් . . .
![]()
හම්මේ . . . අන්තිම කොටස . . .
ඔන්න ඔය කිව්වා වගේ කොයිල් කනෙක්ට් කරලා තියෙන නිසා පළවෙනි සිලින්ඩරය පත්තුවෙන අවස්ථාවෙදි අකමැති උනත් හතරවෙනි සිලින්ඩරයටත් ස්පාක් එකක් ලැබෙනවා . . හැබැයි වාසනාවට හතරවෙනි සිලින්ඩරය එ් වෙලාවේ ඉන්නේ exhaust stroke එකේ . . එ් නිසා හානියක් නැහැ . . .
කලින් කිව්ව Firing order එක සලකලා බැලුවම තේරෙනවා අැතිනේ පළවෙනි සිලින්ඩරයට ස්පාක් එක ලැබෙන වෙලාවේ හතරවෙනි සිලින්ඩරය ඉන්නේ exhaust stroke එකේ, දෙවනි සිලින්ඩරය කලින් වටයේ power stroke එක යමින් ඉන්නේ, තුන්වෙනි සිලින්ඩරය intake stroke එකේ ඉන්නේ . . .
ඔන්න ඔය විදියට හැමවෙලාවෙම එක සිලින්ඩරයක් compression stroke එකේ කෙළවරදි ස්පාක් වෙනකොට තව එක සිලින්ඩරයකට exhaust stroke එකේදි ස්පාක් එකක් ලැබෙනවා . . . එ්කියන්නේ වැඩක් නොගන්න ස්පාක් එකක් අැති වෙනවා . . . ඔය සිද්ධියට තමා wasted spark කියන්නේ . .
මාතෘකාවට අායෙම,
ඔන්න ඔය කීව Wasted Spark එක නිසා Spark plug එකේ අායු කාලය අඩුවෙනවා. . . හැබැයි Multi Ground spark plug පාවිච්චි කරොත් wasted spark එක නිසා ප්ලග් එකට වෙන හානිය වලක්වා ගන්න පුලුවන් . . .
එ් නිසා multi ground plug පාවිච්චි කරන්න කියලා අනුමත කරන වාහන වලට multi ground පාවිච්චි කරන එක අනිවාර්යයි. අනික් දේ තමා ඉග්නිෂන් ටයිමින් උනත් වෙනස් වෙන්න පුලුවන්. . .
4E FE එක දන්න විදියට wasted spark එන්ජිමක් (පරණ versions) එ් නිසා Multi ground plug දැම්මොත් කාලයක් පාවිච්චි කරන්න පුලුවන්. . .
බයි ද වේ, ප්ලග් එකක අයු කාලය තීරණය වන සාධක ගොඩක් අැත.

උඹ ඔහොම කියනව, මගෙ යාලුවෙක් මුලින්ම කාර් (කරීනා) එකක් ගෙනත් මන් ගියා බලන්න. මන් නිකමට ඇහුවා මචන් උබ ස්ටර්ට් කරන්න කලින් උදේට එන්ජින් ඔයිල් ලෙවෙල් එක එහෙම බලනවා නේද, උබ දන්නවා නේද බලන්න කියල, මේකා ඔව් බන් දන්නවා කියල, බොනට් එක ඇරලා එන්ජින් ඔයිල් මූඩිය ඇරල ඇහැ තියලා කියනවා, " ඔයිල් තියෙනව මචං" කියලා....මේ අද මගෙ යාලුවෙක් චැට් එකේ මට එවපු දෙයක්..
"Ado
Engine oil adui kiyala dash bord eke pennakam duwanna puluwan neda"
මූ මේ ඇහුවේ ජෝක් එකටනං නෙමෙයි. Vitz එකක් තියෙන්නේ අලුත් මොඩල් එකේ.
![]()


කඩවත සිට හොරණ පැත්තෙං බෙලිහුල්ඔයට ගියා සිංහලු... (පානදුර රත්නපුර පාරෙ)
හම්මේ වංගු සැට් එක...
mini rox![]()

උඹ ඔහොම කියනව, මගෙ යාලුවෙක් මුලින්ම කාර් (කරීනා) එකක් ගෙනත් මන් ගියා බලන්න. මන් නිකමට ඇහුවා මචන් උබ ස්ටර්ට් කරන්න කලින් උදේට එන්ජින් ඔයිල් ලෙවෙල් එක එහෙම බලනවා නේද, උබ දන්නවා නේද බලන්න කියල, මේකා ඔව් බන් දන්නවා කියල, බොනට් එක ඇරලා එන්ජින් ඔයිල් මූඩිය ඇරල ඇහැ තියලා කියනවා, " ඔයිල් තියෙනව මචං" කියලා....![]()











ඒ වුනාට පට්ට පාර![]()
ඔන්න වාහනේ කහ ලයිට් සුද්ධ කරගන්න එක ගැන Step By Step ත්‍රෙඩ් එකක් දැම්මා.
පුළුවන් වෙලාවක බලන්න
http://www.elakiri.com/forum/showthread.php?p=18686433#post18686433
වාහනයක් නියුටල් එකේ තියෙද්දී ඕනවට වඩා රේස් කරන්න එපා මචන්... එහෙම රේස් කරනවානම් අඩුම තරමේ රෝදෙකට ජැක් එක ගහල ගියර් එකකට දාල රේස් කරපන්... DX එක එන්ජිම අවට ටිකක් පිළිවෙලට හදන්න ඕන බන් ඕක විකුනන්න.. උඹ ඇස් දෙක ගෙදර තියල ගිහින්ද ඕක ගෙනාවේ...
මම එහෙම රේස් කරන්නේ නෑ මාමේ.....
ඔය නිකන් ජොලියට කරලා බැලුවේ..... FB15 ට නම් කවදාවත් එහෙම කරලා නෑ......

ඕක ගේමක්ම නෑ මාමෙ. මම presea එකත් රෙඩ් ලයින් කරල තියනව. නිසාන් එන්ජින් ඉතින් බයක් නැතුව පාගන්න පුලුවන්.![]()
අපෝ බෑ......
FB15 ට එහෙම දුක් දෙන්න බෑ......

දුම් සහතික ගන්න ගියහමත් දාගෙන රේස් කරනවනේ බං![]()
ඒ එකෙක්ට නම් ඈමතුවා FB15 RPM 6000 ට රේස් කරලා.......

කටු ත්‍රෙඩ් 1කෙ අයිමත් කටු ලියන්නේ නැ කිව්වට. කට්ටිය දුන්නූ support 1ක නිසා කට්ටක් දාන්න කියලා සෙට් උනේ
ඒකනේ......
