එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
තායි ක්‍රමයට Fried rice

හැමදාම ඉතින් බල බල ඉදල හරියන්නේ නෑනේ, මටත් හිතුන කෑම වට්ටෝරුවක් දාන්න.:yes:
හරි කතා ඇති පටන් ගමු.





ප.ස. මේකට ඉතින් කැමතිනම් මස් හරි මාළු හරි එකතු කරගන්නත් පුළුවන්.:yes:

:cool::cool::cool: rep++
 
  • Like
Reactions: dwpsg

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
කැරමල් පුඩිමක් හදන්න ගිහින් පස්සෙ දැක්කේ ගෙදර වැනිලා නෑ කියලා. රෝස් එසෙන්ස් එකක් තිබුනා. වැඩි හොඳට මුඩිය පුරවලා එකක් දැම්මා..හෆ්ෆා කන්න බෑ ගඳ...මගේ පුඩිම් හැදිල්ල ඔහොම ලු...:sorry::sorry::sorry::sorry::sorry:
එහෙම වෙනවා කියල කලින් දන්නවා නම් මම වත් ටිකක් වැනිලා බලනවා :(
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතිං දීකෝ අගේ නොකර..:growl:
    Green Tea Cocktail

    අවශ්‍ය ද්‍රව්‍ය

    ග්‍රීන් ටී එක්ස්ට්‍රෑක්ට් මිලි 50යි (හෝ ග්‍රීන් ටී ඉතා ම තදට වත් කොට සිසිල් කරගත් තේ මිලි 60ක් පමණ)
    නෙල්ලි සිරප් මිලි 50යි
    වයිට් රම්/ඩ්‍රයි ජින්/ලෙමන් ජින් මිලි 100යි
    ලෙමනේඩ්/ස්ප්‍රයිට්/මවුන්ටන් ඩිව් මිලි 50යි
    අයිස්
    මින්ජ් සෝස්/මින්ට් කොල ඇඹරා, පෙරා ගත් යුෂ මිලි10යි

    සාදන ක්‍රමය-
    සියල්ල එක් කොට කොක්ටේල් ෂේකර් එකක විනාඩියක් පමණ හොදින් සොලවා ගන්න. අයිස් කැට උසින් 1/3ක් පමණ පිරවූ වීදුරුවක උසින් 1/3ක් උසට නෙල්ලි සිරප් දමා ගන්න. ඊට උඩින් ෂේක් කල කොක්ටේල් මිශ්‍රණය සිරප් හා මිශ්‍ර නොවන ආකාරයට වත් කර ගන්න. ඊටත් උඩින් ලෙමනේඩ්/ස්ප්‍රයිට් හෝ මවුන්ටන් ඩිවු මිශ්‍ර නොවන ලෙස වත් කර ගන්න. තද කොළ-ලා කොළ-සුදු වර්ණ පැහැදිලිව පෙනෙන කොක්ටේලයක් ලැබේ. බයිට් අවැසි නැත.
     
    Last edited:
    • Like
    Reactions: laMir

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    thx bro:)
    රේප් දෙන්න වටේ ගිහින් එන්නලු :(
    11.gif

    Green Tea Cocktail

    11.gif
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    කැරමල් පුඩිමක් හදන්න ගිහින් පස්සෙ දැක්කේ ගෙදර වැනිලා නෑ කියලා. රෝස් එසෙන්ස් එකක් තිබුනා. වැඩි හොඳට මුඩිය පුරවලා එකක් දැම්මා..හෆ්ෆා කන්න බෑ ගඳ...මගේ පුඩිම් හැදිල්ල ඔහොම ලු...:sorry::sorry::sorry::sorry::sorry:
    එහෙම වෙනවා කියල කලින් දන්නවා නම් මම වත් ටිකක් වැනිලා බලනවා :(

    :rofl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කැරමල් පුඩිමක් හදන්න ගිහින් පස්සෙ දැක්කේ ගෙදර වැනිලා නෑ කියලා. රෝස් එසෙන්ස් එකක් තිබුනා. වැඩි හොඳට මුඩිය පුරවලා එකක් දැම්මා..හෆ්ෆා කන්න බෑ ගඳ...මගේ පුඩිම් හැදිල්ල ඔහොම ලු...:sorry::sorry::sorry::sorry::sorry:
    එහෙම වෙනවා කියල කලින් දන්නවා නම් මම වත් ටිකක් වැනිලා බලනවා :(

    සැලෙන්න එපා .....:sorry: දිගටම හදමු...ඕවා ඔහොම තමයි...:):)
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    බිස්කට් පුඩින්..

    මේක විශේෂයෙන්ම හදන්න හේතුවුනේ එළකිරියේ මම දාපු ජෙලි ත්‍රෙඩ් එක දැකපු ගොඩක් අය බිස්කට් පුඩින් එකක් හදන්න කියලා දෙන්න කියලා කරපු ඉල්ලීමත් කාලයක් තිස්සේ අපේ Ridhila සහෝදරයගේ දැඩි ඉල්ලීමක් තිබ්බා කෑම ගැන ත්‍රෙඩ් එකක් පටන් ගමු ඒකට පෝස්ට් දාමු කියලා කරපු ඉල්ලීමත් නිසයි..ගොඩක් දේවල් අවශ්‍යවෙන්නේ නැති නිසාත් විනාඩි 15ක් වගේ කාලයක් ඇතුලත හදාගන්න පුලුවන් නිසාත් මේක හදලා බලමු නේහ්..:D

    අවශ්‍ය ද්‍රව්‍ය

    +මාරි බිස්කට් ලොකු පැකට් -1

    +නැවුම් කිරි -500ml

    +කෝන් ෆ්ලා -තේ හැඳි 2

    +වැනිලා කස්ටඩ් පවුඩර් -තේ හැඳි 2

    +කොකෝ පවුඩර්- තේ හැඳි 3

    +සීනි -තේ හැඳි 6

    +කෝපි කුඩු -තේ හැඳි 3

    +උණු වතුර කෝප්ප 1/2 ක් පමණ

    හදන විදිහ

    #මුලින්ම කෝපි ටික උණු වතුරේ දිය කරගන්න.

    #දැන් එහි මාරි බිස්කට් පොඟවා වීදුරු බඳුනක අතුරා ගන්න.

    #කිරි කෝප්ප 1/4 ක කස්ටඩ්,කෝන් පිටි,කොකෝ පවුඩර් දිය කරගන්න..කැටි නොගැසෙන්න.

    #ඉතිරි කිරි භාජනයක දමා උණු කරන්න.

    #එයට සීනිද එක් කරන්න.

    #එම මිශ්‍රනය උතුරද්දි අපි මුලින් හදාගත්තු කස්ටඩ් මිශ්‍රනය දමා නොනවත්වා හැඳි ගාන්න.

    #දැන් මෙය ටිකක් ඝනකමට එද්දි ලිප නිවා බඳුන ඉවත් කරගන්න.

    #අපි මුලින් අතුරාගත් බිස්කට් මතට මෙම මිශ්‍රණය ටිකෙන් ටික දමන්න.

    #නැවත බිස්කට් තට්ටුවක් අතුරාගෙන මෙම මිශ්‍රණය උඩින් දමන්න.

    #අවසානයේ ශීතකරණයේ තබා කෑමට ගන්න.
    :D



    w85d06.jpg


    magpb8.jpg


    201177.jpg


    6gvs09.jpg


    v313cw.jpg
    මේක හැදුව..අම්මේ කියල වැඩක් නැ ඉතින්;););)
    තැන්ක්ස් අක්කෝ :):)