එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඒ උනාට පොල් අයියේ ඔය පනීර් නිකන් පුහුල් කෑලි වගේනේ බං. මෙලෝ රසක් නැති කෑමක්. පලවෙනි පාර හැදුවම මෙලෝ ලුණු ඇඹුලක් අල්ලලා තිබ්බේ නෑ. දෙවනි පාර පස්සේ ගෑරොප්පුවකින් ඇනලා ඇනලා බස්සලා තිබ්බා සීසන් වෙන්න. ඒත් මෙලෝ රහක් තිබ්බේ නෑ. :(:( අපරාදේ සල්ලි.

    පෑන් එකක දාල 4 පැත්ත බැදල ගන්න. ඉන්දියන් කරි පැකට් එක නැතුව ඕක රස නැහැ.. දවසක් විතර පරණ උනාම උයපු දවසට වඩා රසයි..
     

    thanujaka

    Well-known member
  • ඕවා මොනවද බන් , නුවර රේල්වෙ ස්ටේෂන් පාරේ , අර තිබ්බ කඩ , පොඩි හෝටලේක (දැන් කැඩුවා ලඟදි ) පාරෙන් නැතිව , රේල් පාරෙන් දවසක් නකොට , පොඩි එකකුගේ ෆුක හෝදනවා මෙගා බෝතලෙකින් , එකම ගිහින් තියනවා වතුර ගන්න
    පව් බන් ඈතින් එන මිනිස්සු , හදිසියට ඕවයින් කන්නේ , ඒ වගේම එකෙක් දාලත් ඉන්නවා , ශෝටිස්, තේ බොමු , ....... කියලා කෑගහන්න

    මම නං දැන් දවල්ටත් ගෙදරින්ම බත් එක අරං යනවා බං..
    කොටුවෙත් හැම උලව්වම ඔහොමයි බං..
    දුරින් එන මිනිස්සු කෝච්චියෙන් බැස්ස ගමන් කන්නේ ඕවලින් නේ බං..:sorry:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එහෙම තමා කරන්නේ..
    සූපවේදය ජානවල මුල්ලක කොණක යාන්තං අග්ගිස්සක වත් ගෑවිලා නෑ බං මගේ.:sorry:

    පිටරටක ජීවත් වෙන්න යන්නේ නැති නිසා හොඳයි... එහෙම යන්න උනානම් ඉතින් දෙවි පිහිටයි...

    මේ ලෝකේ තියන කලාවන් වලින් ශරීරයේ ඉන්ද්‍රියන් තුනක් ස්පර්ශ කරන එකම කලාව තමයි සුපවේදය... අනෙකුත් සියලුම කලාවන් වලින් ස්පර්ශ කරන්නේ ඉන්ද්‍රියන් දෙකයි හෝ එකයි... ඒ හින්ද තමයි මේක සුපිරි කලාවක් වෙන්නේ... ඉගෙනගත්තොත් පාඩුවක් වෙන්නේ නැහැ..
     

    thanujaka

    Well-known member
  • පිටරටක ජීවත් වෙන්න යන්නේ නැති නිසා හොඳයි... එහෙම යන්න උනානම් ඉතින් දෙවි පිහිටයි...

    මේ ලෝකේ තියන කලාවන් වලින් ශරීරයේ ඉන්ද්‍රියන් තුනක් ස්පර්ශ කරන එකම කලාව තමයි සුපවේදය... අනෙකුත් සියලුම කලාවන් වලින් ස්පර්ශ කරන්නේ ඉන්ද්‍රියන් දෙකයි හෝ එකයි... ඒ හින්ද තමයි මේක සුපිරි කලාවක් වෙන්නේ... ඉගෙනගත්තොත් පාඩුවක් වෙන්නේ නැහැ..

    හැමෝටම හැම ශාස්ත්‍රයම පිහිටන්නේ නෑ බං..
    කුකරි උනත් එහෙම තමයි..
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    man heduwa :love: patis :D :P

    a3013k.jpg

    Ape paris patis hadala :P :)
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Short-eats කෑමට ප්‍රිය අයට පැටීස් නැතිවම බැරිය. සරළ කෑමක් වුවත් පිට කවරය සාදා ගැනීමේදී
    බොහෝ අය අමාරුවේ වැටෙත්. හේතුව කවරය බුබුලු දැමීම, හංකඩයක් වීම හෝ ගල්ටික් වීමය.

    නමුත් පහත සදහන් ආකාරයට සුපිරියට පැටීස් සාදා ගැනීමට පුලුවන්. තෙලෙන් බැද්දත් බේක් කර ගත්තත්
    එකසේ සුපිරිය.



    එළවලු රොටි වලට හදපු ඉතිරි වූ කරි මික්ස් එකක් ෆ්‍රිජ් එකේ ඇති බැවින් මෙය සැදීමට තීරණය කලෙමි... හදල පින්තුර දාන්නම්...තැන්කු රෙසිපියට
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හැමදාම උදේට යන්න කලින් මම ලෑස්තිවෙන අස්සේ අම්මා බලෙන්ම බත් කටවල් දෙක තුනක් කවනවා.
    එක දවසක් කන්න බැරිවෙලා මම ඔපීසියට යන්න කලින්ම අර උසාවි පැත්තට උඩහට හැරෙනකොටම තියෙන වංගුවේ කඩෙන් කන්න දෙයක් ගන්න නැවැත්තුවා.
    පාර අයින් වාහන ගහන්න බැරි හින්ද මම පස්සෙන් නවත්තල අයින දිගේම ඉස්සරහට ආව..
    ඒ එනකොට කුස්සිය පැත්ත පේනවා මම ආවේ අයිනෙන් හින්ද.
    මම එනකොට පොරක් දාගෙන කොල්ලෙකුට බනිනවා..
    ඌ දැක්කේ නෑ මම එනවා කියල..
    බැලින්නං කඩේ කොල්ල පිටි අනන බේසමේ රෙදි පෙගෙන්න දාල..
    අරු බනිනවා මම හැමදාම කියනවා මේ බූරුවට පිටි අනන්න ගන්න බේසමේ රෙදි පෙගෙන්න දාන්න එපා කියාගෙන එලියට ඇවිල්ල බිමට හැලුව රෙදි ටික...
    එක නිකං යන්තන් ටැප් එකට අල්ලලා පිටි අනන්න ගත්ත කියහන්කෝ..
    මට සංසාරේ එපා උනා..:sorry:

    ඔව්වා මොනාද බං මමත් දවසක් ඔය මොකක්ද සීන් එකකට කොළඹ පැත්තේ යනකොට කඩේක එකෙක් උදේ පාන්දර කබ කඩ කඩා ඇවිත් බුරුසුව කටේ ගහගෙන ටැප් එකට අල්ලලා මූණ සේදුවා කිචන් එක පෙනන මානයේ. ටැප් එකට යට බේසම තිබ්බා බේසමේ තිබ්බේ පළා මිටි වගයක් බං. කට හෝදලා වතුර එක කටින් විසික් කලේ බේසමට බං.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොටුවෙන් නං වතුර එකක් වත් බිව්වේ නෑ මං ඉන් පස්සේ දැන් අවුරුදු 1 හමාරකින් විතර..:sorry:

    මම කො‍ටුවට ගියොත් බොන්නේ කිරි පැකට් විතරයි බං. මම අවුරුදු 6 ක් වගේ කාලයක් එක දිගට කොළඹ හිටියා එකම එක දවසකවත් (මම චිකන් කන කාලේ ) ඩයින්මෝ, සෙන්සහල් වගේ ලොකු කඩේකින් ඇරෙන්න වෙන කිසිම කඩේකින් චිකන් කෑම කාලා නෑ බං මට හැම තිස්සෙම හිතේ තිබ්බ දෙයක් ඕකුන් කුකුල්මස් කියලා පරෙයියෝ මරලා උයලා දෙනවද දන්නේ නෑ කියලා. කො‍ටුවේ හැබැයි සෙට් උන දෙමළ කඩ දෙකක් තියෙනවා ‍තෝසේ පාරක් දානවා ඒ පැත්තේ යන වෙලේක අදටත් කවදාවත් බඩේ අමාරුවක් නම් හැදිලා නෑ හැබැයි. තව පොට් එකක් තියෙනවා ටවුන් හෝල් එකේ ODEL එකට එහා පැත්තේ දෙමළ කඩේ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඕවා මොනවද බන් , නුවර රේල්වෙ ස්ටේෂන් පාරේ , අර තිබ්බ කඩ , පොඩි හෝටලේක (දැන් කැඩුවා ලඟදි ) පාරෙන් නැතිව , රේල් පාරෙන් දවසක් නකොට , පොඩි එකකුගේ ෆුක හෝදනවා මෙගා බෝතලෙකින් , එකම ගිහින් තියනවා වතුර ගන්න
    පව් බන් ඈතින් එන මිනිස්සු , හදිසියට ඕවයින් කන්නේ , ඒ වගේම එකෙක් දාලත් ඉන්නවා , ශෝටිස්, තේ බොමු , ....... කියලා කෑගහන්න

    :sorry::sorry::(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පෑන් එකක දාල 4 පැත්ත බැදල ගන්න. ඉන්දියන් කරි පැකට් එක නැතුව ඕක රස නැහැ.. දවසක් විතර පරණ උනාම උයපු දවසට වඩා රසයි..

    පෑන් එකේ බැද්දේ නෑ නොවෑ. අර පළවෙනි දවසට වඩා දෙවනි දවසේ ෆ්‍රිජ් එකේ දාලා රත්කරලා ගත්තම ටිකක් කලින්දාට වඩා රස සිද්දිය නම් ඇත්ත. මගේ යාලුවෙක්ගේ වෙඩින් එකකට ගියා ඌ ටැමිල් එකෙක්. උගේ වෙඩිමේ පනීර් තිබ්බා කන්න. ඒක පට්ටම රසට තිබ්බා ඒක කාලා තමයි ගෙදර ගෙනත් හැදුවේ රෙඩිමේඩ් කොත්මලේ පැකට් එකක්. මට එපා උනා පනීර් සංහතියම.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම නං දැන් දවල්ටත් ගෙදරින්ම බත් එක අරං යනවා බං..
    කොටුවෙත් හැම උලව්වම ඔහොමයි බං..
    දුරින් එන මිනිස්සු කෝච්චියෙන් බැස්ස ගමන් කන්නේ ඕවලින් නේ බං..:sorry:

    කො‍ටුව ස්ටේශන් එක ඇතුලේ තියෙන කැන්ටින් එකේ කෑම නම් හොඳයි බං. ඒකේ පරණ හෝ පිළුණු වෙච්ච කෑම නම් ලොවෙත් නෑ උණු කැවුම් වගේ කෑම යනවා නිතරම.