
මේ වැඩේ නම් ගොඩක් හොදයි. මමත් ආසාවෙන් ඉන්නේ මොනවා හරි කෑමක් හදල ඔයාල එක්ක බෙදා ගන්න. එතකන් ඔයාල දන්න ඉවුම් පිහුම් රහස් (cooking hacks) දාන්නකෝ.
මේ මම දන්න සුළු දේවල් ටිකක්..
චිකන් කරි හදනවනම් මුලින් තෙලට ඉඟුරු සුදුළුණු දාල චිකන් ටික දාන්න කලින් මිරිස් කුඩු තේ හැන්දක් දාන්න එතකොට කරි එකට ලස්සන රතු පාටක් එනවා.
සම්බා බත් උයනකොට කැකුළු වගේ සුවද නැහැනේ ඉතින් රම්පෙ කෑල්ලක් දෙකක් දැම්මම හරි සුවදයි කන්න ආසයි.
පොල් සම්බෝලේට සුදුළුනු බිකක් තලලා දාල බලන්න කන්න අස හිතෙන සුවදක් එනවා එතකොට. මේ මන් දන්න ඒවා. ඔයාලත් දන්න පොඩි පොඩි දේවල් අනිත් අයට කියල දෙන්න.