දූවිලි ඇල්ල - සේර ඇල්ල චාරිකාව

Thun Kattuwa

Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    දූවිලි ඇල්ල - සේර ඇල්ල චාරිකාව





    ජීවිතේ ලබපු ඉතාමත් සුන්දර අත්දැකීමක් වුනු ඇල්ල bike trip එකෙන් පස්සේ තවත් ඒ වගේ ගමනක් යන්නේ කවද්ද සහ යන්නේ කොහෙද කියන ප්‍රශ්ණය තදින්ම හිතට එන්න වුනා. කොහොම හරි තැන් කීපයක්ම හොයලා බලලා අන්තිමට තීරණය කලා දූවිලි ඇල්ල බලන්න යන්න. අන්තර්ජාලේ තිබුණු දේවල් වලට අනුව නම් ගමන එතරම් ලේසි පහසු එකක් විදියට පෙනුනේ නැහැ. ඒනිසා හොඳට plan කරලා යන්න කියලා හිතාගෙන ලකලහැස්ති වුනා. ඒත් "අපිටමයි වෙන්නෙ" කියන්නා වගේ අන්තිම මොහොතෙ කැලුමට එන්න බැරි වුනා. අරගෙන යන්න හිතාගෙන හිටපු ටෙන්ට් එකත් ගන්න බැරි වුනා. ඒවුනාට හිතාගෙන හිටපු ගමන කොහොම හරි යනවා කියලා අපි අප්‍රේල් 17 හවස 6.30 ට කොළඹින් නුවර බලා පිටත් වුනා. කැලුම් නැතිවුන අඩුව පුරවන්න තව දෙන්නෙක් අපේ ගමනට එකතු වුනා.

    අපි මුලින්ම ගියේ නුවර කැලුමගේ ගෙදර. රෑ එහෙ නතර වෙලා උදේ 4 ට නැගිටලා ලෑස්ති වෙලා, එන්න බැරිවුණ දුකෙන් මූණ බෙරි වෙලා ඉන්න කලුමටත් සමුදීලා අපි රණමුරේ කියන ගම බලා පිටත්වුනා.

    අපේ ගමන් මාර්ගය වුනේ..
    මහනුවර -- කටුගස්තොට -- අඹතැන්න -- අකුරන -- අලවතුගොඩ -- මාතලේ -- රත්තොට -- ලග්ගල -- ඉලුක්කුඹුර -- පල්ලේගම -- රණමුරේ


    පහල මැප් එක බැලුවම අපේ ගමන් මාර්ගය හොඳින් පැහැදිලි වෙයි. මම මේ මැප් එක හැදුවේ දූවිලි ඇල්ල බලන්න යන ඕනේ කෙනෙකුට පහසු වෙන්න. මොකද, මම යන්න කලින් කරපු internet search වලදි මට පැහැදිලිම map එකක් කිසිම තැනකින් හොයාගන්න බැරිවුනා. ඒ නිසාමයි මේ map එක හදන්න අදහස ඇතිවුනේ. දූවිලි ඇල්ල බලන්න යන ඕනේ කෙනෙකුට මේක උපකාරී වෙයි කියලා මම හිතනවා.

    RouteFinal.jpg


    හිමිදිරියේ තදින්ම දැනෙන හීතලට ඇඟවල් හිරිවටෙද්දී අපි නොනවත්වාම මාතලේ පැත්තට ගමන්කලා. මාතලේ ටවුන් එකට එනකොට උදේ 5 පහුවුනා විතරයි. ලොකු ගමනක් යන්න තියෙන නිසා නැවතිලා ඉන්න අපිට අවශ්‍ය වුනේ නැහැ. අපි knucles අඩවියට ඇතුල් වෙනකොට හොදින් එලිය වැටිලා. අවට දර්ශනය කොච්චර සුන්දරද කියන එක මෙතන ලියන්න යන එක මෝඩකමක්. මොකද එක විස්තර කරන්න වචන නැහැ.


    පල්ලෙගමින් රණමුරේට හැරෙන තැන තියෙන පුවරුව
    IMG_2274.jpg


    දීර්ඝ ගමනකින් පස්සේ රණමුරේ ගමට එන්න අපිට පුළුවන් වුනා. වෙලාව 9.15 විතරට ඇති. එතනින් පස්සේ අපි ගියේ සෙනෙවි අයියව හොයාගෙන. සෙනෙවි අයියා ඉන්නේ රණමුරේ - කනුමුල්ල කියන පැත්තේ. අපිව දූවිලි ඇල්ලට එක්කගෙන යන guide වෙන කුමාර අයියව හොයාගන්න අපිට උදව්වුනේ සෙනෙවි අයියා. ඒවගේම අපේ bike සහ ගමන්මලු තිබ්බේ සෙනෙවි අයියගෙ ගෙදර. ඒගොල්ලෝ අපිට දක්වපු සහයෝගය අගයකරන්න ඕනේ. ඇත්තටම අපේ ගමන සාර්ථක කරගන්න සෙනෙවි අයියා ගොඩක් උදව් කලා.

    ඉක්මනින්ම ලැහැස්ති වෙලා අපි සෙනෙවි අයියගෙ ගෙදරින් පිටත් වුනේ මුලින්ම කුමාරගේ ගෙදර යාමේ අරමුණෙන්. කනුමුල්ලේ ඉඳන් දූවිලි ඇල්ලට යන ගමන්මගේ අපිට හමුවෙන අන්තිම ගෙදර තමයි කුමාරගේ ගෙදර.

    කුමාරගේ ගෙදරට යන අතර
    IMG_1751.jpg


    විනාඩි විස්සක විතර ගමනකින් කුමාරගේ ගෙදරට එන්න අපිට පුළුවන් වුනා. අපි එන බව කලින් දැනගත් නිසා අපි එනකොටත් කුමාර හිටියේ ගමනට ලැහැස්ති වෙලා.

    මේ කුමාරගේ ගෙදර
    IMG_1755.jpg


    කුමාර සහ අපේ සහයට අලුතෙන් එකතුවුණු මහතුන් එක්ක අපි කැලේට ඇතුල්වුණා. මුලින් ගමන පහසු වුනත් කැලේ සහ ඉහලට යාම වැඩි වීමත් එක්ක ගමන අපහසු වෙන්න වුණා. කූඩැල්ලොත් ටික ටික වැඩි වුනේ ගමන තවත් අසීරු කරමින්. පැය දෙකකට ආසන්න ගමනින් පස්සේ අපි පොඩි දිය ඇල්ලක් තියෙන එළිමහන් තැනකට ලඟා වුනා. විවේක ගන්න හොඳ තැනක් නිසා අපි පොඩි වෙලාවකට එතන නතර වුනා.

    මේ අවට පරිසරය
    IMG_1797.jpg


    IMG_1793.jpg


    IMG_1794.jpg


    කැලේ ගැන කුමාරගේ තියෙන දැනුම කොච්චර වටිනවද කියන එක අපිට මුලින්ම දැනුනේ මෙතැනදී. මගදි බිම වැටිලා අහුලගත්ත ඇට වගයක් (මී ඇට) කුමාර ගලකින් උරච්චි කරලා තලපයක් වගේ හදාගත්තා. ඒක කකුල් වල ගාගත්තම කකුලට නගින කූඩැල්ලො නිකන්ම බිමට වැටෙනවා. ඒ නිසා ගමන අවසන් වෙනකන්ම අපිට කූඩැල්ලො එතරම්ම ප්‍රශ්නයක් වුනේ නැහැ.

    මේ ඉන්නේ කුමාර
    IMG_1803.jpg


    මේ සරදියල්ගේ නෑදෑ වෙන දෙන්නෙක් :)
    IMG_1800.jpg


    IMG_1804.jpg


    විනාඩි 10කට විතර පස්සේ අපි ආයෙත් ගමන පටන්ගත්තා.
    IMG_1822.jpg


    තවත් පැයකට ආසන්න ගමනකින් පස්සේ අපි ආවේ කඳු බෑවුමක තියෙන තැන්නක් වගේ තැනකට. ලස්සන නම් කියලා නිම කරන්න බැහැ.
    IMG_1825.jpg


    IMG_1826.jpg


    IMG_1829.jpg


    IMG_1831.jpg


    IMG_1836.jpg


    IMG_1841.jpg


    IMG_1842.jpg


    IMG_1891.jpg


    IMG_1897.jpg


    අපි එතනත් විනාඩි කීපයක් විවේක ගත්තා
    IMG_1838.jpg


    IMG_1843.jpg


    ආයෙත් අපි ගමන් ආරම්භ කලා
    IMG_1893.jpg


    IMG_1895.jpg


    විනාඩි කීපයක් බෑවුමක පහලට ඇවිද්ද අපි ආයෙත් කැලේකට ඇතුල් වුනා. ඊට පස්සේ ගමන ගොඩක් දුෂ්කර වුනේ මග තිබුණු විශාල ගල් වලින් නගිමින් සහ බසිමින් උස ප්‍රමාණයෙන් වැඩි කන්දක් නගින්න වුන නිසා. සෑහෙන දුරක් ආවට පස්සේ අපි අයෙත් එළිමහන් තැනිතලා බෑවුමකට ළඟා වුනා. බෑවුමක් තිබ්බ නිසා අපි නතර නොවීම ගමන් කලා.

    IMG_1899.jpg


    IMG_1907.jpg


    IMG_1909.jpg


    IMG_1911.jpg


    IMG_1913.jpg


    IMG_1920.jpg


    IMG_1926.jpg


    IMG_1930.jpg


    IMG_1938.jpg


    ඔන්න වෙච්ච ඇබැද්දියක්. කලින් කැලේ ඇතුලෙන් එනකොට මගේ ලඟින්ම හිටියේ කල්ප. අපි දෙන්නට ඇහුන උඩ ඉඳන් කුමාර මොකක්දෝ කියනවා. ඒත් මහන්සිය නිසාම ඒක හරියට අහගන්න අපිට උවමනාවක් වුනේ නැහැ. ටික දුරක් එනකොට දෙන්නගෙම කකුල් දනවා වගේ දැනෙන්න වුනා. තව එනකොට ඒක ගොඩාක් උත්සන්න වුනා. කැසුවොත් හරි වතුර ගෑවුනොත් හරි පුදුම විදියට දන්න ගන්නේ. පස්සේ කුමාරට කිව්වම තමයි අපි දැනගත්තේ කුමාර කලින් කියල තියෙන්නේ ගහක් තියෙනවා ඒක ඇඟේ ගාගන්න එපා කියලා. ඒකෙ නම මඋස්සා.

    මේ කල්පයට දන එක ඉවසගන්න බැරුව කකුල් දෙකේ ටූත්පේස්ට් ගාගන්නවා :)
    IMG_1933.jpg


    මේ තියෙන්නේ ගහ. යන අය මතක තියාගන්න :)
    IMG_2255.jpg


    තව ටික දුරක් ගියාම තමයි ගමනේ ලස්සනම තැනකට ආවේ. පොඩි දිය සීරාවක් පහලට වැටෙන උස ගල් පොත්තක්. එතනට ඈත කඳු පේලිය හරිම ලස්සනට දර්ශනය වෙනවා. ටිකක් අවදානම් තැනක්. ඒත් ලස්සන අතින් උපරිමයි.
    IMG_1947.jpg


    IMG_1946.jpg


    IMG_1948.jpg


    IMG_1949.jpg


    IMG_1957.jpg


    IMG_1960.jpg


    IMG_1963.jpg


    IMG_1965.jpg


    IMG_1961.jpg


    ඔන්න ආයෙත් photoshoot :)
    IMG_1950.jpg


    IMG_1955.jpg


    IMG_2082.jpg


    තවත් පින්තූර
    IMG_1966.jpg


    IMG_1970.jpg


    IMG_1971.jpg


    IMG_1978.jpg


    විනාඩි කීපයක විවේකයකින් පස්සේ අපි ආයෙත් ගමන් ආරම්භ කළා. දූවිලි ඇල්ලට තව ටික දුරක් තියෙන්නේ කියලා කුමාර කියපු නිසා අපි පය ඉක්මන් කළා.

    හත්තක්
    IMG_2087.jpg


    ටික වෙලාවකින් අපි මෙතනට ආවා. මේ දූවිලි ඇල්ලේ පොඩි ශාඛාවක්.
    IMG_2093.jpg


    IMG_2091.jpg


    IMG_2094.jpg


    IMG_2097.jpg


    එතනින් පස්සේ අපි නැග්මක ගමන් කලේ. වැඩි වෙලාවක් යන්නේ නැතුව දියඇල්ලේ උඩ කොටසට එන්න අපිට පුළුවන් වුනා.

    දූවිලි ඇල්ලේ උඩ කොටස
    IMG_2113.jpg


    IMG_2118.jpg


    උඩට අවට පෙනෙන හැටි
    IMG_2115.jpg


    IMG_2116.jpg


    IMG_2129.jpg


    උඩ තියෙන ගුහාව
    IMG_2124.jpg


    IMG_2141.jpg


    IMG_2145.jpg


    වතුර පාර පිටුපස
    IMG_2130.jpg


    IMG_2131.jpg


    ගමන් මහන්සිය සහ හවස් වෙන්නත් ලංවෙලා තිබ්බ නිසා හැමෝම හිටියේ සෑහෙන බඩගින්නකින්. ජිහාන් ආපු ගමන් කෑම හදන වැඩේට බැස්සේ ඒ හින්දම මගේ හිතේ.
    IMG_2144.jpg


    කිව්වට ඇහුවේ නෑ. ගන්නම ඕනේ කිව්වා මේ ෆොටෝ එක. වැටුනානම් කෑලිත් නෑ
    IMG_2150.jpg


    දවල් කෑමෙන් පස්සේ පොඩි විවේකයක්
    IMG_2165.jpg


    අපි ගුහාවේ පැය බාගයකට වැඩිය ඉන්න ඇති. දිය ඇල්ල සම්පූර්ණයෙන්ම තවමත් අපි දැකලා නැති නිසා ඉක්මනින්ම පහලට යන්න හැමෝටම ඕනේ වුනා. පහලට එන්න අපිට ගතවුනේ පොඩි කාලයයි.

    දූවිලි ඇල්ල
    IMG_2180.jpg


    IMG_2178.jpg


    IMG_2179.jpg


    IMG_2207.jpg


    IMG_2209.jpg


    IMG_2210.jpg


    IMG_2211.jpg


    IMG_2219.jpg


    විටෙන් විට ලැබෙන වැස්ස නිසා දිය ඇල්ලේ සෑහෙන වතුර ප්‍රමාණයක් තියෙන බව කුමාර අපිට කිව්වා. දූවිල්ල වගේ ඉතා කුඩා වතුර බින්දු වලට කැඩී පහලට වැටෙන වතුර පාර නිසා ඒ නම ලැබී ඇති බවත් කුමාර පැහැදිලි කලා. එහෙට මෙහෙට දගලමින් අපි එතන ටික වෙලාවක් හිටියා. වැඩි වෙලාවක් ඉන්න බැරිවුනේ ඉක්මනින් හවස් වේගෙන එනවා කියන එක අපිට තේරුණ නිසා.

    මේ අපහු එන අතර ගත්ත පින්තූර කීපයක්
    IMG_2231.jpg


    IMG_2242.jpg


    IMG_2246.jpg


    IMG_2241.jpg


    IMG_2243.jpg


    IMG_2248.jpg


    IMG_2234.jpg


    වැඩිය නතර නොවී ඉක්මනින් ආවත් කුමාරගේ ගෙදරට එනකොට රෑ 8ත් පහු වුණා. එදා රෑ අපි නැවතුනේ කුමාරගේ ගෙදර.
    IMG_2266.jpg


    පහුවදා එලිවීමත් එක්ක අපේ ගමනේ අවසාන කොටස පටන්ගත්තා. කලින් දවසේ ගමන් මහන්සිය තිබ්බත් උදෙන්ම නැගිට්ටේ, ආපු ගමනේ උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ කියන අදහස හැමෝගෙම තිබුන නිසයි. සේර ඇල්ල බලන්න යන එක උදෙන්ම අපිට තිබ්බ කාර්යය. උදේ කෑම අපිට ලැබුනේ කුමාරගේ ගෙදරින්. ඊටපස්සේ පිටත්වෙලා සෙනෙවි අයියගෙ ගෙදර ගිහින් අපේ ගමන්මලු අරගෙන bike වලින් අපි සේර ඇල්ල බලා ගමන් ආරම්භ කලා.

    සෙනෙවි අයියගෙ ගෙදර ඉඳන් සේර ඇල්ලට 25km විතර තියෙනවා.

    මගදී හමුවන පුවරුවක්
    IMG_1659.jpg


    සේර ඇල්ලට එනකොට උදේ 10.30ට විතර ඇති. පාර අයිනේ bike නවත්තලා අපි පහලට බැස්සා.

    ඇල්ලට යන අතර පින්තූර කීපයක්
    IMG_1583.jpg


    IMG_1582.jpg


    IMG_1553.jpg


    IMG_1554.jpg


    IMG_1555.jpg


    IMG_1561.jpg


    IMG_1562.jpg


    IMG_1563.jpg


    IMG_1573.jpg


    වතුර පාර පිටුපස
    IMG_1591.jpg


    සේර ඇල්ල
    IMG_1603.jpg


    IMG_1604.jpg


    IMG_1621.jpg


    මෙතනින් නාගන්න හිතාගෙන හිටියත් නෑමට එතරම්ම සුදුසු පරිසරයක් එතන තිබ්බෙ නැතිනිසා අපි හිතාගත්තා යන අතරමග සුදුසු තැනක් හොයාගන්න.

    ආපසු එන අතරමග
    IMG_1647.jpg


    IMG_1657.jpg


    තවත් දියපාරක්
    IMG_1654.jpg


    අන්තිමට මෙතනින් නාගන්න හිතුවා
    IMG_2294.jpg


    IMG_1668.jpg


    IMG_1669.jpg


    හවස පොඩි ආතල් එකක් :)
    IMG_1684.jpg


    IMG_1724.jpg


    ඉතින් මේ විදියට අපේ දූවිලි ඇල්ල චාරිකාව නිමා වුනා. අපි කොළඹ එන්න පිටත්වුනේ හවස 4.30ට විතර.

    අතරමගදී ගත්ත ඒවා කීපයක්
    IMG_2276.jpg


    IMG_2277.jpg


    IMG_2306.jpg


    IMG_2315.jpg


    IMG_2318.jpg


    IMG_2319.jpg


    IMG_2320.jpg


    IMG_2326.jpg


    IMG_2329.jpg


    IMG_2338.jpg


    IMG_2342.jpg


    IMG_2560.jpg


    IMG_2562.jpg


    මේ තරම් දුරට කියවගෙන ආපු අයට මගේ ස්තුතිය. ඒවගේම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා එළකිරි එකේ tharindupට. එයා නිසා තමයි මේ ගමන අපිට මෙතරම් සාර්ථකව යන්න ලැබුනේ. සෙනෙවි අයියව සම්බන්ධ කරලා දීලා, ගමනේ අවශ්ය දේවල් ගැන දැනුවත් කරලා, තමන්ගේ ගමනක් වගේ උනන්දුවෙන් අපිට දීපු සහයෝගය මම ඉතාමත් අගය කරනවා. අපේ video එකත් බලන්න අමතක කරන්න එපා. එහෙනම් මම නවතිනවා. හැමෝටම ජය වේවා!!

    කලින් දාපු thread:
    මාලිබොඩ පාරෙන් ශ්‍රී පාදයට : http://www.elakiri.com/forum/showthread.php?t=1656213
    හපුතලේ - ඇල්ල bike චාරිකාව : http://www.elakiri.com/forum/showthread.php?t=1662244
    සෙම්බුවත්ත චාරිකාව : http://www.elakiri.com/forum/showthread.php?t=1663427
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    අඩෝ කියල වැඩක් නෑ සුප්පා මචං :cool: පට්ට තැන්ක්ස් මේවා අපිත් එක්ක share කරනවට :yes: :)
     
    • Like
    Reactions: Thun Kattuwa