ඔන්න වාහන ගැන හොය හොය හිටිය සීන් එකේ විස්තර.
ඊයෙ ගියා තාත්තයි මායි, නැන්දගෙ දුවයි. දුව කිව්වට මේකි හෙන ලොකු එකෙන් ඉන්න එකක්. යට අන්ගෝපාන්ග නලලට ආව තත්ත්වයක් හිටපු ගමන් පෙන්නුම් කරනවා. මුලින්ම ගියේ ඔය කිව්ව වාහනේ බලන්න කියල. තිබ්බෙ ලීස් වලින් උස්සපු යාඩ් එකක බන්ඩි මාමිගෙ ගෙවල් පැත්තට ටිකක් එහා. බලන්න ගියාට පස්සෙ සිහලු මී පාසනම් කාල මැරෙන්න හිතුන. යාඩ් එකේ අවුරුද්දක් විතර එකම තැන. තව තිබ්බ මැස්ඩා බොන්ගො සින්හ මූන එකකුයි, මිට්සුබිෂි මිනි කැබ් එකකුයි, ඇලියොන් 260 එකකුයි වගේ. මිනි කැබ් එකේ වාහනේ ඇතුලෙ ඉඩන් මරු වැල් ගිහින්. යන්තම් ඔය හොන්ඩා ෆිට් එක ගාවට ගියා ජන්ගල් සෆාරි වගේ අලි තනකොල ගස් මැදින. යන්තම් ලග්ට ගිහින් බැලුව. පිට පෙනුම ඕකේ. ඇතුලටත් එබුනා. ඉන්ටීරියර් එක පරිභෝජනය වෙලා. එක පැත්තක සිග්නල් එක එන කන්නාඩි කවරෙ කැඩිල.හරිම සතුටුයි. තවත් තොරනෙ විස්තර තියෙනවා. අහගෙන හිටු. බොනට් එක අරියම එන්ජිමෙත් මරු වැල් ගිහින්. කූලන්ට්, ඔයිල් අඩු නෑ. ආව ඒවම තියෙන්නෙ. සවුත්තු වෙලත් නෑ.යන්තම් ඇතුලට රින්ගගෙන ස්ටාට් කොරන්න ට්රයි කොලා. වාහනේ නෙමේ ඉස්ටාට් වෙමු කිව්වෙ. බැටරි කදුලක් නෑ. යන්තම් උන්ට කියල අපේ කාර් එකත් එතනට ඔබල ජම්පර් එකක් ගහල ස්ටාට් කොර ගත්තා. පොඩ්ඩක් එලියටටත් ගත්තා. දැන් තමා තොරනෙ හොදම හරියට. පැසෙන්ජර් සයිඩ් එකේ පිටි පස්සෙ දොරේ පවර් ෂටර් වැඩ නෑ සිහලු . ඩිකි දොර ඇරෙන්නෙ නෑ. සයිඩ් බැලන්ස් එක්ක තව තැන් කිප්යක් පේන්ට් කරන්න තියෙනව. ඉන්ටීරියර් පුල් සුද්දයක් දෙන්න ඕන. වාහනේ පොලිශ් කරන්න ඕන. සෙට් එක වැඩ රිවස් කැම් වැඩ නෑ. ඔය ටිකට කොහොමත් 1.5ක් වගේ තියල මන් කිව්ව 23කට උපරිම ඉල්ලල බලපිය කියල. උන් 26ක් කියනවලු. ඇතුලෙ අඩුරන එකෙක් ඉන්නව කිව්ව. ඉතින් මන් කිව්වා ඒ නිසාම අර ගානට ගන්න බලන්න කියල උටත් ගානක් දීල. මේ අවස්තාවේදී වාහන ගැන අත් පොත් දුන් සියලුම එලකිරි සාමාජිකයන් ගැන මා මතක් කරන්නෙ ඉමහත් වූ සතුටිනි. උබල නිසා ඉගෙන ගත්ත දේවල් කොච්චරද කියන්න බෑ. ගොඩක් ස්තූත්යි හමෝටම.