Surround Sound ගැන මුල සිට 2

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මේ ලගදි දවසක අපේ මෑන්ස් කෙනෙක්ගේ ගෙදර ගියා කියාංකෝ පොඩි වැඩකට,:rofl: උගේ කාමරේට එබිච්ච මට මතක් උනේ ද අමෙසින් ඉස්පයිඩර් මෑන්ස් ගේ රූම්ස් එක,:D ඒ වගේමයි බොල හැම තැනම මකුළුදැල් බැදලා වගේ වයර් එල්ලලා,:lol: අපේ මෑන්ස් ඉන්නවා වයර් අස්සේ අර මකුළුවා ඉන්නවා වගේ.;) ඒ ඌ සරවුන්ඩ් කොරල තියන හැටි. මේකේ ඉන්න සමහර වහෙලත් ඔහොම කොරගෙන ඇති දෙකක් නැතුව. :lol::lol:

    අනිත් ඉස්ටෝරිය තමයි බොලව් ලගදි ප්‍රෝන් කෝල් එකක් ආව එකෙක්ගෙන්:lol::lol: උගේ surround සෙටප් එක වැඩ නෑ කියලා, ඌත් මගේ පිට් එකක්;), ඌ සරවුන්ඩ් කොරල තිඋනු හැටි දැක්ක වෙලාවේ කියපුව මෙතන කියන්න බෑ.:no: බෝලාලට කියන්න ඒ කොට්ටෝරුවා surround ස්පීකර් ටික ටීවී එක දේපැත්තෙන් එක පේලියට තියන් ඉන්නවා නිකන් ප්‍රදර්ශනයකට වගේ. ඒ ඌ දන්නා ටික.:angry::angry::angry:

    බෝලාලට ඔය කතා ටික දිගෑරියේ දැන් ඉදල හෙන කිරිමේල් සීන්ස් එකකට අතේගහන්න:rolleyes: හදන හින්දයි. ගොඩක් එවුන්ට තේරෙන්නේ නෑ මේ ස්පීකර් සෙටප් කොරන විදිය. සමහර සෙටප් වල මැනුවල් බලපුවම ඉන්න තැනම රෙවෙනවා බොලව්,:lol: ඕන උලව්වක් වෙන්න කියලා A 2 Z කියල දෙන්න හිතුවේ ඕක හින්දයි ;)
    කලින් ත්රෙරඩ් එකට සෙට් උනේ නැති උන් මේකත් බලං වර:yes:

    Surround Sound ගැන මුල සිට

    පොඩි තැන ඉදන්ම පටන් ගමු එහෙනම්:D

    දැන් මේකයි මචං කෙස් එක මයික්‍රොෆෝන් එකකින් ශබ්දයක් ලබාගැනීමත් එක නැවත ස්පීකරයකින් අහන එකට කියන්නේ මොනයුරල් (Monaural) හෙවත් මොනෝ(Mono) ක්‍රමය කියල. මේකෙදි හැම සද්දයක්ම එක තැනක ඉදල ඇහෙනවා කියල තමයි අහන් ඉන්න මෑන්ස්ට දැනෙන්නේ.
    වම හා දකුණ විදියට මයික්‍රෝෆෝන් දෙකකින් ශබ්ද ලබා ගැනීමත් එලෙසින්ම ස්පීකර් දෙකකින් ඒවා ඇසීමට පුළුවන් වීමත් ස්ටීරියෝ ක්ර මය කියල කියනවා. මේකෙදි ඒ ස්පීකර් දෙක යා කෙරෙන රේඛාව ඔස්සේ විවිධ තැන්වල සිට එක එක ශබ්ද එනවා කියල අහන ඉන්න පොරට දැනෙනවා උදාහරණයක් කිව්වොත් අර සමහර සින්දු අහද්දී දඩ බඩොස් දඩිං බිඩිං කියලා ඩ්රම ගහනෝ දෙපැත්තෙන් ඇහෙන්නේ:lol::lol:. ඔන්න ඕක තමයි වෙන්නේ. නැතුව ඕව සරවුන්ඩ් නෙවේ කොල්ලනි.:rofl:

    විවිධ තැන් වල පිහිටවූ මයික්‍රෝෆෝන් තුනක් හෝ වැඩිගණනකින් නැවත ඒවා ඇසීමත් සරවුන්ඩ් සවුන්ඩ් ක්රිමයයි.:yes: මෙහෙදී එම ස්පීකර සහිත ප්‍රදේශයේ ත්‍රිමාණව විවිධ දිශාවලින් ශබිද පැමිණෙන බව අසන්නට දැනේ.

    මේ අනුව මොනෝ ක්‍රමයේදී එක සවුන්ඩ් චැනලයකුත් ස්ටීරියෝ ක්‍රමයේදී සවුන්ඩ් චැනල් දෙකකුත් සරවින්ඩ් සවුන්ඩ් වලදී සවුන්ඩ් චැනල් තුනක් හෝ ඊට වැඩි ගණනකුත් භාවිත වේ.:cool:

    මෙතන ඉදල බෝලාලට කියල දෙන්නේ කොහොමද surround ඉතාපනය කොරන්නේ කියලා. අහන ඉදින්කෝ:yes::yes:;)

    කොම්පූටරේකින් surround කොරනවා නම් අනිවාර්යයෙන්ම separate card එකකට යන්න වෙනවා.:yes: 3000ක් වගේ වෙයි අලුතින් ගන්නවා නම්.:rolleyes: මේ තියෙන්නේ ඒ වගේ එකක්,දැන් ඕක පොඩ්ඩක් අදුනන් ඉමු නැත්තං බොලාට තේරෙන්නේ නෑ බලහල්ලකෝ පහල දාල තියන් පොටෝ ටික:yes:

    MuuNfSC.jpg


    PMvFeLf.gif


    odviTaB.jpg


    MyM27Zp.gif



    iiIEAoL.jpg

    මේ තියෙන්නේ extranal එකක් මේක ගැන වෙනමම කතාකරන්න ඕන:eek:, සමහර වාහේල මේක ගැන හරියට දන්නතුව කෑගහනවා මොක්කුද ඈයෝ වගේ:angry::angry:

    හරි දැන් බොලා කාඩ් එකේ සීන්ස් එකත් දන්නවානේ. දැන් මං ටොපික් එකට එන්න හදන්නේ.:eek: ඒ කිව්වේ සවුන්ඩ් සිස්ටම් එක පිහිටවන විදිය ගැන.:D

    මේකෙදි විවිධ සංඛ්යාිත වලින් යුත් සවුන්ඩ් චැනල්ස් තියනවා ඕවයින් වැඩ ගන්න නම් ඕව නිසි ලෙස ස්ථානගත කොරන්න ඕන.:rolleyes: එක එක් සරවුන්ඩ් සවුන්ඩ්වල අන්තර්ගතයන් හා ස්ථාන ගත කරන ආකාර තමයි දැන් එකින් එක කතා කොරන්නේ;)

    3 channel surround – Dolby Surround

    Left, Right, Rear Surround ලෙස sound channel තුනයි. අහන එකා මැදි කොරලා සමාන දුර වලින් ස්පීකර් තුන ස්ථානගත කරන්න ඕනේ පස්සට ස්පීකර් දෙකක් දානවනම් ඒවා ටිකක් උඩින් තියහල්ල. මේ ක්රනමේ එච්චර සාර්ථක නෑ. Amp එකක් නැති උන්ට හොදයි:yes:

    4 Channel Surround – Quadraphonic

    ඉදිරියට left, right ලෙස චැනල් දෙකකුත් පිටුපසට surround left හා surround right ලෙස චැනල් දෙකකුත් විදියට චැනල් හතරයි මේකේ,

    Left හා right speakers බලන එකා ඉස්සරහින් තියහන්, surround left එකයි surround right එකයි බලන ඩයල් එකට පිටිපස්සෙන් තියහන්, ඔය හැම එකම, එකම උසකින් තියන්න මතක තියාගනින්. මේවා එච්චර ජනප්රිකය ක්ර්ම නෙවේ,:confused: අනික මේවා එක්ක වැඩ කරනවා නම් වෙනම සොෆ්ට්වෙයාර් පාවිච්චි කරන්න ඕන.:rolleyes::rolleyes: (Decoding වලට එහෙම)

    දැන් ඉදල කියන්න යන ඒවා තාමා ගොඩක් ජනප්‍රිය ඒ වගේම භාවිතයත් පහසු:love:

    5.1 Channel Surround – Dolby Prolo-gic II/ Dolby Digital

    ඉස්සරහට left, right , center කියල චැනල් තුනයි පස්ස පැත්තට surround left හා surround right කියලා චැනල් දෙකයි,:lol: මේකේ බේස් වලට සබ්වූෆර් චැනල් එකක් ඒ කිව්වේ low frequency channel එකක් තියනවා. මේක සෙට් කරන හැටි පහල රූපේ තියනවා

    V7R4wNN.gif


    මචන් ඩොල්බි ඩිජිටල් ටෙක්නොලොජියේ ගොඩක් ත්‍රව්(ත්‍රව්=පට්ට:D) හඩවල් ගන්න Dts (Dolb Teater System) හා SDDS (Sony Dynamic Digital Sound) යන ක්‍රම තමයි පාවිච්චි කොරන්නේ

    6.1 Channel Surround – Dolby Prologic IIX / Digital EX

    ඉදිරියට left, right, center කියල චැනල් තුනයි, පස්සට surround left , surround right හා surround back කියල චැනල් 3යි මේකෙත් සබ්වූෆර් එකට වෙනම චැනල් එකක් තියනවා
    Left එකයි right එකයි උබේ ස්ක්‍රීන් එක දෙපැත්තෙන් තියහන්, අර center චැනල් එක ඉස්සරහ ටිකක් පහලට වෙන්න තියහන්:yes:

    දැන් බලමු පස්ස පැත්තට මොකක්ද කොරන්නේ කියලා,:lol: surround left , surround right මේ චැනල් දෙක තියන්න ඕනේ ඉස්සරහ තියන left හා right චැනල් දෙකට කෙලින් ටිකක් උඩින් තියන්න ඕනේ. අර අනිත් චැනල් එක ඒ කිව්වේ surround back චැනල් එක තියන්න ඕනේ surround left එකටයි surround right එකටයි මැදින් සම උසක.

    මේකේ මචන් පස්සේ අවා මේක වැඩිදියුණු කරලා EX කියලා Edition එකක් ඒක පට්ට,:love: හැබැයි එකේ කොලිටිය ගන්න නම් එකටම හදපු content එකක් ගන්න ඕනේ. මෙයින් එකක් මට සෙටප් කොරන්න හම්බුනා ටෙස්ටිං එකට ගහපු ගේම් එකට බයවෙලා ගැස්සිලා පස්සත් බැලුවා බං දෙපාරක්:lol::lol: ඒ තරං නැචුරල්.

    7.1 Channel surround – Dolb Digital Plus / DTS – HD / Dolbi True HD

    ඉදිරියට left, right, center ලෙසත් දෙපසට left surround, Right Surround ලෙසත් පිටුපසට left back, right back ලෙසත් ඒවාට අමතරව සබ්වූෆෙර් එකට වෙනම චැනල් එකකුත් භාවිතා වේ. මේවා සෙට් කොරන්නේ left හා right ස්පීකර් තිරය දෙපැත්තෙන් සෙන්ටර් ස්පීකර් එක තිරය පහලින් හරි තිරය පිටිපස්සෙන් හරි තියහන්. left surround හා Right Surround ස්පීකර් අහන මෑන්ස්ගේ දෙපැත්තෙන් ඉහල තැනක රදවන්න ඕන. ලේෆ්ට් බැක් එකයි රයිට් බැක් එකයි අසන්නාට පිටිපස්සෙන් ඉහල පොට් එකක රදවන්න ඕන. මේ හැම එකක්ම ඉස්සරහ තියන ස්පීකර් වලට සමාන්තර වෙන්න ඕන කොල්ලනේ:yes:

    මේවට අමතරව 10.2 හා 22.2 කියලත් ඉහල තාක්ෂණයෙන් යුතු සරවුන්ඩ් සිස්ටම් හදල තිඋනත් ඒවා බොහෝ වලාවට නිස්වෙස් වල පාවිච්චියක් නෑ.:no: නිකන් කියන්නන් දැනගන්න එවයි තියන සවුන්ඩ් චැනල් තමයි left wide, left center, Right , Right wide, left surround diffuse, left surround Direct, Back surround, right surround diffuse right surround direct, Low frequency left, low frequency right , left high, right high ඔය විදියට තමයි තියෙන්නේ.:eek: ඕවෑ ශබ්ධ විභේදනයටයි හඩ පාලනයටයි අධි තාක්ෂනික ක්ර ම තමයි යොදාගන්නේ:nerd:

    ඉහත කිව්ව සියලුම සරවුන්ඩ් සිස්ටම් වල තියන අතිරේක ට්විටර්ස් (tweeters) අසන්නාගේ හිස මට්ටමෙන් සුදුසු විදියට තියන්න ඕන. සමහර එවයි අතිරේක ස්පීකර් එනවා ඒවා නැත්නම් බෝලාල පෙට්ටියකට දාල අරන්තියවී:lol::lol:

    ෆිල්ම් හෝල් වල සරවුන්ඩ් කරන හැටිත් අහල තිබුණ හින්ද තමයි ඔය උඩින් සරල විස්තරයක් දැම්මේ, මං උබලට පොඩි අයිඩියා පාරක් ගන්න ඉමේජස් ටිකක් දාන්නම්, මොලේ කොළොප්පන් කොරගන්නෙපා ඕව හිතල. නිකන් බලහල්ල:rolleyes:

    මේ තියෙන්නේ පොඩි තියටර් එකක්

    system_example_12_45_overview.jpg


    මේ තියෙන්නේ ටිකක් ලොකු හෝල් එකක් සරවුන්ඩ් කලාම
    system_example_12_04_overview.jpg


    මේ තියෙන්නේ සම්මන්ත්‍රණ ශාලා වගේ ඒවා dts කලාම
    system_example_12_08_overview.jpg



    දැන් තමයි මචන් වැදගත්ම හරියට එන්නේ මෙතන ඉදං කතාකරන්නේ වැදගත්ම ටික :yes:

    ඉස්සෙල්ලම් කියන්න ඕන මචන් කොටි ගානක් යට කෙරුවත් වැඩක් නෑ සරවුන්ඩ් ගැන දන්නේ නැතිව ඒ හින්ද අපි මුල ඉදං වඩේ කොරගෙන යන්.;)

    සරවුන්ඩ් සවුන්ඩ් වල වැදගත්ම දේ තමයි අපි පාවිච්චි කරන content එක මොකක්ද කියන එක. ඕක මත තමයි හැම සෙල්ලමක්ම තියෙන්නේ.:yes:

    1.සරවුඩ් සිස්ටම් එක
    2.content එක

    ඔය දෙක හරියට ගහයි පොත්තයි වගේ විත්තියත් බෝලාලා මතක තියාගනිල්ලා:rolleyes:

    මං ඉස්සෙල්ල අර සෙපරේට් සවුන් බොක්ස් එක ගැන කතාව මැදින් නැවැත්තුව මතක ඇති බොලාට, දැන් මේ ලැහැස්තිය ඒ ගැන කියන්න, ඔය පහල තියන බොක්ස් එක ගොඩක් ඈයෝ හිතන් ඉන්නේ decoder එකක් නැත්නම් 3.5 දීල 5.1 ගන්න පුල්ලුවන් ගැජට් එකක් කියල.:rolleyes: ඕකෙන් ඇත්තටම වෙන සීන්ස් එක මේකයි

    Amp එකකින් decode වෙලා එන out එකක් අපි හිතමු ඩිජිටල් අවුට් එකක් එනවා කියල ඉතිං මේ ඩිජිටල් අවුට් එක එන්න තනි කේබල් එකක් විදියට උදාහරනයක් විදියට කිව්වොත් ෆයිබර් ඔප්ටික් කේබල් එකක් ගමුකො(ෆයිබර් ඔප්ටික් ගැන කතාකරනවා ඉස්සරහට) ඉතින් මේ එන අවුට් එක අපිට බෑනේ ඩිරෙක්ට් ස්පීකර් වලට දෙන්න මේ සදහා convertor එකක් අවශ්‍යයි. ඉතින් මේ ප්රෝටබල් බොක්ස් එකටෙන් කරන්නෙත් ඔය කාර්යමයි. තවත් පැහැදිලි කරනවා නම් fiber එක IN ------> 3.5 port පහකට කඩල දෙනවා. ඔය කිව්වේ උදාහරණයක් විතරයි, කොටින්ම කිව්වොත් IN කරන ඕනෙම වර්ගයක් (3.5\ coaxia\ fiber optic ), තමන්ට ඕන කරන විදියේ වර්ගේකින් ගන්න ඈකි කියන එක. ඕක තමා තියරිය!:yes: , හැබැයි අපේ වාහෙලා කොරන්නේ 3.5 in එක ඔයින් එකකට දීල චැනල් පහක් ගන්න එක. මං අර කලින් පොස්ටුවේ කිව්වා වගේ ඔය වගේ ගැජට් හොදයි 5.1 වල හැම ස්පීකරයකින්ම සවුන්ඩ් අහන්න වගේ(ඔයා හැඩරුව තියනා තව් එව්වා තියනවා හැබැයි ඒවායින් කෙරෙන්නේ වෙන් වෙන වැඩ, එකත් මතක තියාගනිල්ලා )

    දැන් බලමු කොහොමද ජැක් ගහන්නේ කියල:D ජැක් දොස්තරලත් මේකේ ඉන්නවා නෙව,:P ඒ ජැක් නෙවේ බොල මේ:rofl:

    ජැක් ගහන්න කලින් ජැක අදුනගෙන ඉන්න ඕනේ කොල්ලෝ:D මොකෝ හැම ජැකම එක සයිස් නෑනේ:P

    එහෙනම් ඔන්න එකත් අහගනිල්ලා:cool:

    01 RCA ජැක් එක ඔකට කියනවා Stereo Audio ජැක් කියලත්

    51_Guide_14.jpg

    51_Guide_15.jpg


    මේවා තමයි පරණම ජැක්. මේව සරවුන්ඩ් කොරන්න පාවිච්චියක් නෑ. Left හා right කියලා චැනල් දෙකයි විතරයි තියෙන්නේ, ඔය ඉස්සර VCD අපු කලේ ඔය ජැක් පාවිච්චි කළා මතක ඇති:rolleyes:, අදටත් ඔය සවුන්ඩ් සිස්ටම් මල පාවිච්චි වෙන්නේ මේ RCA ජැක් එක

    02. RCA Video ජැක් එක

    51_Guide_8.jpg

    51_Guide_9.jpg


    මේකත් අර කලින් කතාකරපු ඕඩියෝ ජැක් එකම තමා වෙනසකට තියෙන්නේ මේක පවිච්චි කරන්නේ වීඩියෝ සදහා වීම. මේ RCA ජැක් එකෙන් 480P වෙනකන් වීඩියෝ දෙන්න ඈකි.

    03. S-Video ජැක් එක

    51_Guide_6.jpg

    51_Guide_7.jpg


    මේක දැන් නම් පාවිච්චියක් නෑ ලෝන්තෙටම හම්පඩගැහිච්ච ටෙක්නොලොජියක්:lol: , ඔය පරණ camcorder වල එහෙම ගහන්න තියෙනේ ඔය ජැක තමයි. ඔය පෝට් එක අර කීබෝඩ් මවුස් ගහන ps/2 පොර්ට් එක කියල අපේ සමහර ඩයල් හිතං හිටියලු:lol::lol: මේ S-Video පෝට් එක පාවිච්චි කොරන්නේ නැතුව ඉන්න එක බොලාලගේ ඇගට ගුණයි;)

    04. Component ජැක්

    51_Guide_4.jpg

    51_Guide_5.jpg


    ඔය තියන් ජැක් තුන පාවිච්චියෙන් කොලිටි වීඩියෝ එකක් බලන්න ඈකි. ඔය TV වල එහෙම පුක පැත්ත බලුවතෝ ඔයින් හිල් තුනක් බලා ගන්න ඈකි පාට තුනෙන්,:lol::lol: මේකේ ඕඩියෝ වලට වෙනම Stereo ජැක් දෙකක් ඕන කරනවා එතකොට ඔක්කොම පහයි පාවිච්චිය ටිකක් කරදරයි කියලා තේරෙනවනේ. මේකෙත් සරවුන්ඩ් බෑ

    05. Digital Coaxial ජැක් එක

    51_Guide_12.jpg

    51_Guide_13.jpg


    ඔය ඇන්ටනා කේබල් එක හෙම බෝලාලා දන්නවනේ. මේ තියෙන්නේ ඒ කේබල් එක මේක අඩුවියදම් කේබල් එකක් මේක භාවිතයෙන් ඩිජිටල් විදියට ඕඩියෝ එකක් දෙන්න ඈකි, මේක ගොඩක් වෙලාවට කහ පාටින් තමයි එන්නේ.

    06. HDMI පොර්ට් එක

    51_Guide_2.jpg

    51_Guide_3.jpg


    මේ HDMI තමයි දැනට කොයි කවුරුත් වගේ පාවිච්චි කරන්නේ මේ කේබල් එක හරහා ලේසියෙන් 1080P වීඩියෝ එකක් යවාගන්න පුළුවන්. මේක ඕඩියෝ වලටත් සපෝට් කරන හින්ද පාවිච්චිය ලේසියි. හැබැයි කෙස් එක තමයි මේක ටිකක් ගණන්, අනිත් එක තමයි මේ කේබල් එක එක වර්ග වලින් විකුනන්න තියනවා, මේවා කඩෙන් ගන්නකොට හොද එකක් තෝරලා ගනිල්ලා මතක ඇතුව සරල විදියට කිව්වො හොද HDMI කේබල් එකක් නවන්න බෑ ඒ තරම් ගනකම් වයර් එක. තුනී වයර් තියන එවයි ගණන් අඩු උනාට ගන්න එපා සල්ලි අපරාදේ,:eek: මොකද surround amp එක Strength HDMI සිග්නල් විතරයි Detect කරන්නේ(මේ ගැන බොලාට අනිවාර්යෙන් ප්‍රශ්න ඇති. අහපල්ලා ඕන උලව්වක්:love:)

    06. Toslink කේබල්

    51_Guide_10.jpg

    51_Guide_11.jpg


    Toslink කිව්වට ගොඩක් ඈයෝ දන්නේ නෑ:no:, fiber optic කිව්වොත් තමයි දන්නේ,;) මේකේ ඉංගිරිසි නම ප්රනකාශ තන්තු:D කිසිම අවුලක් නැතුව ඕනේ දුරක් අදින්න ඈකි. කිසි ලොස් එකක් වෙන්නේ නෑ.:yes: එකම අවුල තමයි මේක පට්ට ගණන්.:baffled: මෙයින් වයර් රෝලක් ගන්න සල්ලි වලින් හොද Amp එකක් ගන්න ඈකි.:lol: හිතාගන්න ඈකි කියලා හිතනවා බොලාට මේකේ ගාන:rolleyes: කොහොම උනත් අඩුමගානේ මෙයින් එකකින් Amp එකයි කොම්පූටරේයිවත් සම්බන්ධ කොරන්න බලහං:yes:

    හප්පේ හති!:oo: නුල ටිකක් දිග්ගැස්සෙන හින්ද දැනට ඔය මදෑ බොලව්, බෝලාලත් එක්ක ෆයිබර් ඔප්ටික් ගැන ගොඩක් විස්තර තියනවා කතාකරන්න. අදහසක් තියනවා 3D වලට එනකං නූල ඇදගෙන යන්න. ඒ ගැන බෝලාගේ අදහස් කියහල්ලා:love: Pm කොරහල්ලා.;) කොමෙන්ට් ටිකත් කියවපල්ලා බොලාට ඒවත් වැදගත් වෙයි ;)


    අහුවෙන අහුවෙන තැන මාව රේප් කොරන එක ජාතික යුතුකමක් සේ සලකහල්ල,:lol: එ වගේම හැම වෙලාවේම රෙද්ද උස්සල සප් එක දෙන අපේ කොල්ලන්ට මගේ හදපිරි ගවුරවය!:love::love:

    එහෙනං බෝලාලාට ජය!!
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    mage laga thiyanawa sony 5.1 ekak speaker walata gihin thiyenne Toslink eka and eken RCA jack ekak main ekata gahala 3.5 jack ekak com ekata gahala thiyenne
    oya okkoma laga laga gahala thieyenne :rofl: man inna thena anuwa gahanna bae ban hena dura com ekath ekka ethakota set wenne nae
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    mage laga thiyanawa sony 5.1 ekak speaker walata gihin thiyenne Toslink eka and eken RCA jack ekak main ekata gahala 3.5 jack ekak com ekata gahala thiyenne
    oya okkoma laga laga gahala thieyenne :rofl: man inna thena anuwa gahanna bae ban hena dura com ekath ekka ethakota set wenne nae

    මචන් සීන්ස් එක තේරෙන විදියට පැහැදිලිව කියහන්කෝ:D වැඩේ ගොඩ දාගමු කොහොමහරි ;)
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    පට්ට බන් කලින් එකට රෙප් දුන්නා 5.1 එකක් ගන්නවනම් හොද බැර්න්ඩ් එකක් කියනවද මචන් දැන් සවුන්ඩ් බාර් එකක් තියන්නෙ එක එච්චර සෙට් වෙන්නෙ නැ.ඔප්ටිකල් කෙබල්,hdmi කෙබල් ඇමසන් එකෙ තියන එවා හොදයිද?
    http://www.amazon.it/AmazonBasics-Cavo-HDMI-Speed-Ethernet/dp/B00870ZHCQ/ref=sr_1_4?ie=UTF8&qid=1446301055&sr=8-4&keywords=amazonbasic
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    පට්ට බන් කලින් එකට රෙප් දුන්නා 5.1 එකක් ගන්නවනම් හොද බැර්න්ඩ් එකක් කියනවද මචන් දැන් සවුන්ඩ් බාර් එකක් තියන්නෙ එක එච්චර සෙට් වෙන්නෙ නැ.ඔප්ටිකල් කෙබල්,hdmi කෙබල් ඇමසන් එකෙ තියන එවා හොදයිද?
    http://www.amazon.it/AmazonBasics-Cavo-HDMI-Speed-Ethernet/dp/B00870ZHCQ/ref=sr_1_4?ie=UTF8&qid=1446301055&sr=8-4&keywords=amazonbasic

    දාලා තියන් කේබල් එක පට්ට!

    Brand එකක් කියන්න කලියෙන් මචන් උබේ ප්‍රයිස් රේන්ජ් එක කියල ඉදින්,:yes: වදග්ත්මදේ හොද amp එකක් හොයාගන්න එක, අනිත් එවුනුත් brndz කියයි උන්ගේ එක්ස්පීරියන්ස් එක්ක;)