me mona jokes ekakda?
සිඟිති ආතල් එකක්,එනිවේ මගෙන් රේප්









me mona jokes ekakda?
සිඟිති ආතල් එකක්,එනිවේ මගෙන් රේප්











Thanks Machan![]()

bump

බම්ප් මචං


me mona jokes ekakda?

Rep +

bump

මචන් පොඩි ප්‍රශ්න දෙකක්.
1. තෝරගෙ මිටිය කැප්ටන් අමෙරිකාට උස්සන්න බැරි වෙනවා නේද.. චුට්ටක් හෙලවෙනවා
වගේ පෙන්නනවා විතරනේ.. ඒ කියන්නේ මු උස්සනවද..
2. විෂන් නම් උස්සනවනේ..
3. කප්ටන්ගේ අතේ තියෙන අර ශීල්ඩ් එකයි තෝර්ගේ මිටියෙයි සම්බන්දය මොකක්ද..
අන්තිමට විෂන් විලියන් කෙනෙක්ද ?
elaelazz
rep denna belu

සිඟිති ආතල් එකක්,එනිවේ මගෙන් රේප්


Thanx machn!

Bump

Thanksඅඩෝ... පට්ට...
නියමයි ආ...
1+++
Thanksබම්ප්

ඒ බන්... හැමෝම උස්සන්න ගත්තම කිසි ආතක් එකක් නැහැනේ..
ඉතින් තෝරගෙ තාත්තා කියන්නේ මෙහෙමනේ..
"Whosoever holds this hammer, if he be worthy, shall possess the power of THOR "
එතකොට විලියන්ලා මේක උස්සන්නේ කොහොමද.. සෝ.. වියර්ඩ්...![]()




තොර්ගේ මිටිය උස්සන එක කට්ටියට ප්‍රශ්නයක් වෙලා වගේ.එහෙම පුලුවන් සෙට් එකම ගැන ටිකක් දැනුවත් කරපන්කෝ බන්.දන්න විදියට පට්ට සෙට් එකක් ඉන්නවා.![]()
.මන් කලින් කිව්වා වගේ අච්චාරුවක්.හොදම වැඩේ MCU එකත් එක්ක ඒවා පටලගන්නේ නැති එකට. මොකද ඒක අපි දන්න කියන Universe එකනේ. දැනට MCU එකේනම් Thor, Odin සහ Vision විතරයි උස්සල තියෙන්නේ. 
ඒ.. බන්... අච්චාරුවක්ම තමයි
එකත් ඇත්ත..ඔය වගේ දේවල් නිසා තමා Comic එපා වෙන්නේ. DC වල Superman පවා Mjølnir එක උස්සල තියෙනවලු.. අච්චාරුවක්.![]()





Thor: Ragnarok film eke mokdkda wena tine
ඒ.. බන්... අච්චාරුවක්ම තමයි
අඩේ... ඒක නෙවෙයි. ඊලග ත්‍රෙඩ් එක දාන්නේ කවදද බන්.![]()

සිඟිති ආතල් එකක්,එනිවේ මගෙන් රේප්

තොර්ගේ මිටිය උස්සන එක කට්ටියට ප්‍රශ්නයක් වෙලා වගේ.එහෙම පුලුවන් සෙට් එකම ගැන ටිකක් දැනුවත් කරපන්කෝ බන්.දන්න විදියට පට්ට සෙට් එකක් ඉන්නවා.![]()
1. අස්ගාර්ඩියන් වරු
Mjolnir එක කියන්නේ අස්ගාර්ඩියන් වරුන්ගේ ආයුධයක් නේ. ඉතින් තොර්ට අමතරව තවත් අස්ගාර්ඩියන් වරුන්ට මේක උස්සන්න පුළුවන් කම තිබ්බා. මේකට හේතුව නම් අස්ගාර්ඩියන් වරු ගොඩක් දෙනෙක් තෝර්ට සමානමවම වගේ යෝග්‍ය හින්දා වෙන්න ඇති. විශේෂම කාරණය මෙතන දී තෝර් ට සමීප අයට තමයි මේ හැකියාව තිබුනේ. ඒ අතරේ තෝර් ගේ තාත්තා ඔඩින් බෝර්සන් , ඔඩින් ගේ තාත්තා බෝර් බියුරිසන්, බෝර් ගේ තාත්තා බියුරි (තාත්තාගේ වාසගම එන්න මෙයාට තාත්තෙක් හිටියේ නෑ), තෝර් ගේ කැපකරු පියා කෝල් ලාක්ස් ට මේ හැකියාව තිබ්බා.
2. Beta Ray Bill
තෝර් ට අමතරව Mjolnir එක උස්සපු අය අතරින් ජනප්‍රියම කෙනා තමයි Beta Ray Bill. මෙයා පිටසක්වල ජීවියෙක්. Thor 337 කලාපයට අනුව මෙයාට Mjolnir එක උස්සන්න පුළුවන් උනා වගේම තෝර් ට සමාන මට්ට්මනින්ම සටන් කරන්නත් පුළුවන් වෙනවා. මෙයාගේ හැකියාව දැකලා ඔඩින් මෙයාට Mjolnir එක වගේම බලය තියන ස්ටෝර්ම්බ්රේකර් කියන ආයුධය දෙනවා.
3. Eric Masterson
එරික් කියන්නේ එක අතකින් බලපුවාම තවත් තෝර් කෙනෙක්. ලෝකිගේ මරණයට වගකියන්න ඕනේ පුද්ගලයා විදිහට ඇස්ගාර්ඩ් වලින් තෝර් ව පිටමන් කරද්දී එයා Mjolnir එක ඔසවන්නත් සුදුසු උනේ නෑ. Mjolnir එක දරන්න සුදුසු කෙනෙක් විදිහට එරික් තෝරා ගන්නේ ඊට පස්සේ. ඒ Thor 433 කලාපයට අනුව. එතන ඉදලා ටික කාලයක් තෝර් විදිහට පෙනී ඉන්නේ එරික්. ඉන්ෆිනිටි ගන්ලට් කතාව එහෙම කියවලා තියන අයට මතක ඇති නේ ඇවෙන්ජර්ස් ලා එක්ක තෝර් විදිහට වැඩ කරන්නේ මෙයා කියලා. අනිත් අයට වෙනසක් තේරුනෙත් නෑ මෙයා වෙන කෙනෙක් කියලා. පස්සේ කාලෙක තෝර් ට සමාව හම්බුනාට පස්සේ ඔඩින් මෙයාට ආයුධයක් හදලා දෙනවා. ඊට පස්සේ Thunderstrike කියලා ප්‍රසිද්ද උනේ මෙයා.
4. කැප්ටන් ඇමරිකා
Mjolnir එක උස්සන්න තරම් කැප් යෝග්‍ය උන එක පුදුමයක් නෙවේනේ. මොකද කොමික් වල ඉන්න ආදර්ශමත්ම චරිත වලින් එකක් තමයි කැප්. Thor 390 දී අපිට මේ සිද්ධිය බලා ගන්න පුලුවන් උණා.
හැබයි අපේ යාළුවන්ට ලොකුම ගැටලුවක් වෙලා තිබ්බ සිනේමැටික් යුනිවර්ස් එක ගැන නම් මම මෙතන දී කතා කරන්නේ නෑ.
5. ඩොනල්ඩ් බ්ලේක්
ඩොනල්ඩ් බ්ලේක් කියන්නේ තෝර් ම කියලා තමයි ගොඩක් අය හිතාගෙන ඉන්නේ. ඒක එක අතකින් වැරදීමත් නෑ. ඒත් ඇත්තටම එයා ඔඩින් විසින් තෝර් ගේ ආත්මය රදවා තබන්න නිර්මාණය කරපු මනුෂ්‍ය ශරීරයක්. තෝර් ට අත් දැකීම් ලබා දෙන්න බ්ලේක් විදිහට පෘථිවියට එවනවා. ඒ අබාධිත වෛද්‍ය ශිෂ්‍යයෙක් විදිහට. මෙයා ගේ මනසින් තෝර් ගේ මතකයත් අයින් කරනවා. කතාව කෙටියෙන් කියනවා නම් මෙයාට පුළුවන් වෙනවා Mjolnir එක උස්සන්න. ඒ Journey into Mystery #83 කලාපයේ දී.
6. ජේන් ෆොස්ටර්
ඔන්න මෙයා ගැන නම් රසවත් කතාවක් තියෙන්නේ. හරිනම් මේ කතාව පටන් ගන්න ඕනේ ජේන් ගේ නම මුලින් කියන්නේ නැතුව. පහුගිය කාලේ හැමෝම බැන්නා නේ තෝර් ව ගැහණු කෙනෙක් කෙරුවා කියලා. ඇත්තටම උනේ තෝර් ට Mjolnir එක උස්සන්න බැරි උණා. ඊට පස්සේ අපි දන්න කියන තෝර් වෙනුවට වෙන තෝර් කෙනෙක් ආවා. හැබයි එයා කොහෙන් ආවද කියලා කවුරුත් දන්නේ නෑ. ඒ වගේම එයා ගැහණු කෙනෙක්. ඉතින් හැමෝම හිතුවේ තෝර් ගේ වර්තමාන යථාර්තය ඉවර කරලා අලුතෙන් යථාර්තයක් ගොඩ නගනවා කියලා. ඉතින් එතනින් එහාට හිටියේ ගැහැණු තෝර් නේ. ඔය සිද්ධිය උනේ තෝර් 4 වෙනි වෙළුමේ 1 වෙනි කලාපයේ දී. මේ ළඟදී ආපු තෝර් 4 වෙනි වෙළුමේ 8 වෙනි කලාපයේ දී ජේන් ෆොස්ටර් එලි කරනවා එයා තමයි ගැහනු තෝර් කියලා. මෙයාට Mjolnir එක ඔසවන්න විතරක් නෙවේ තෝර් ගේ බලයත් තියනවා.
7. ජේක් ඕල්සන් ගේ අනුරුපය
ජේක් ඕල්සන් කියන පුද්ගලයා මැරුණාට පස්සේ මෙයාට ආපහු පණ දෙනවා තෝර් ගේ ආත්මය රදවන්න පුළුවන් විදිහට. පස්සේ අවස්ථාවක මේ දෙන්නා වෙන් කරද්දී තෝර් ගේ ජිව ගුණයෙන් කොටසක් මෙයා ඇතුලේ ඉතිරි වෙනවා. ඒ හින්දා එයාට පුළුවන් වෙනවා Mjolnir එක උස්සන්න. අවාසනාවකට මෙයා මේක භාවිතා කෙරුවේ තෝර් ට එරෙහිව. ඒ හින්දා මෙයා තෝර් අතින් මිය යනවා. ඒ The Mighty Thor දෙවෙනි කලාපයේ දී.
8. ලෝකී ලව්ෆීසන්
එක අවස්තාවක දී ඩොක්ටර් ඩුම් සහ ස්කාලට් විච් දෙන්නා එකතු වෙලා රෙඩ් ස්කල් ඇතුළු කණ්ඩායමක ගති ගුණ අනිත් පැත්ත හරවන්න උත්සාහ කරනවා. මේ දේ කරද්දී හිතනවාට වඩා ඒක බලවත් වෙනවා. මේ ආසන්නයේ ඉන්න හැමෝගෙම ගති ගුණ අනිත් පැත්ත හැරෙනවා. ඒ වෙලාවේ ඒ අසල හිටිය ලෝකී ගේ ත් එක්කම. ඊට පස්සේ මෙයාට පුළුවන් වෙනවා තෝර් වගේම Mjolnir එක උස්සන්න. හැබයි ඉතින් අර වරද හරි ගැස්සුවාට පස්සේ නම් මෙයා ට බැරි වෙනවා Mjolnir එක ඊට පස්සේ උස්සන්න.
9. ඔරෝරෝ මුන්රෝ (ස්ටෝර්ම්)
එක්ස් මෙන් වල ස්ටෝර්ම් ගැන කට්ටියට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මෙයා බ්ලැක් පැන්තර් ගේ බිරිඳ. මෙයාට පුළුවන් නේ කාලගුණය පාලනය කරන්න. To Serve and Protect පලවෙනි වෙළුමේ තුන්වෙනි කලාපයට අනුව එක පාරක් ලෝකී මෙයාව රවට්ටලා මෙයාට දෙනවා ස්ටෝර්ම් කාස්ටර් කියලා Mjolnir එක වගේම ආයුධයක්. පස්සේ මෙයා ඇත්ත තේරුම් අරගෙන Mjolnir එක භාවිතා කරලා මේක විනාශ කරලා දානවා.
10. රොජර් නෝවේල්
රොජර් නෝවේල් එහෙමත් නැතිනම් රෙඩ් කියන්නේ ෆිල්ම් එකක් රූ ගත කරන්න අස්ගාර්ඩ් වලට යන්න හම්බුනු කෙනෙක්. අවසානාවකට මෙයා ලේඩි සිෆ් ට ආදරය කරනවා. තෝර් ට පිස්සුවෙන් වගේ ආදරය කරද්දී වෙන කෙනෙක් ඕනේ නෑනේ. ඒ හින්දා මෙයාව ප්‍රතික්ෂේප වෙනවා. මේකට තරහා ගිය රෙඩ් තෝර් ට අභියෝග කරනවා. මේක වාසියකට හරවා ගත්ත ලෝකි රෙඩ් ට ලබා දෙනවා තෝර් ගේ ශක්තිය කෙනෙක් ට ලබා ගන්න පුළුවන් බෙල්ට් එක. මේ දෙන්නා අතර සටන දී රෙඩ් Mjolnir එක තෝර් අරගෙන තෝර් ව පරාද කරනවා. පස්සේ තෝර් ගේ ජීවිතය බේරන්න ඕනේ නම් එයත් එක්ක එන්න කියලා ලේඩි සිෆ්ට කියනවා. කරන්න දෙයක් නැති හින්දා සිෆ් මේකට කැමති වෙනවා. පස්සේ කාලේක මෙයා තමන්ගේ අතින් වෙච්ච වරද තේරුම් අරගෙන ඇස්ගාර්ඩ් වලින් සමාව ඉල්ලනවා. නොර්ස් වල අනාවැකියක් අනුව මිඩ්ගාර්ඩ් සර්පයා අතින් තෝර් මැරෙනවා. මේක වලක්වන්න තෝර් ගේ බලය දරාගෙන ඉන්න රෙඩ් තෝර් වෙනුවට සටනට යනවා. මෙයා මෙතන දී තමන්ගේ ජීවිතය පුජා කරනවා. පස්සේ කාලේක මෙයාව ආපහු ජිවත් කරවලා ඇස්ගර්ඩ් වල ආරක්ෂකයෙක් කරනවා. මෙයා තෝර් ගෙන් Mjolnir එක ගන්න සිද්ධිය තියෙන්නේ The Mighty Thor 276 වෙනි කලාපයේ දී.
11. සයිමන් විලියම්ස් (වොන්ඩර් මෑන්)
Enchantress එක පාරක් ඇවෙන්ජර්ස් ලාගේ හැකියවන් හොරකම් කරලා ඒවා සයිමන් ට ආරෝපණය කරලා එයාව දෙවි කෙනෙක් ගේ තත්ත්වයට ගේනවා. මේ සිද්ධිය තියෙන්නේ Marvel Comics Presents 45 වෙනි කලාපයේ Stardust Miseries කියන කතාවේ. තෝර් ගේ බලය හම්බෙන හින්දා මෙයාට Mjolnir එක උස්සන්නත් පුළුවන් වෙනවා.
අපි මෙතන දී කතා කෙරුවේ යෝග්‍යතාවය හින්දා Mjolnir එක උස්සන්න පුළුවන් උණු අය ගැන. ඒ අතරිනුත් මාවල් අර්ත් 616 ඉන්න කට්ටිය ගැන විතරයි. මීට අමතරව මේ ලිපියේ ඊලඟ කොටස් වලින් අපි කතා කරමු වෙනස් තත්ත්ව හා යථාර්ථ වල දී Mjolnir එක උස්සන්න පුළුවන් වුනු අය ගැන.
12. Awesome Andy
අල්ටිමේට් ස්පියිඩර් මෑන් බලපු අය නම් මෙයා ගැන දන්නවා නේ. අන්තිම අහිංසක කෙනෙක්. මෙයාට පුළුවන් කාබනික නොවන ඕනෑම දෙයක් ජීර්ණය කරන්න. එයා ගන්න ආහාර ප්‍රමාණය අනුව මෙයාගේ සිරුර විශාල වෙනවා. she-hulk 14 වෙනි කලාපයේ දී මෙයා එක පාරක් Mjolnir එක උස්සනවා. මෙයා ඇන්ද්‍රෝයිඩ් කෙනෙක් වුණාත් දුෂණය නොවුණු චරිතයක් තිබ්බ හින්දා මෙයාට මේ හැකියාව ලැබුනා වෙන්න පුළුවන්.
13. Air Walker
Air Walker කියන්නේ නෝවා කෝර්ප්ස් වල හිටිය දක්ෂ සෙබලෙක්. එයා ගේ දක්ෂ තාවය හින්දාම එයාව ගැලක්ටස් ගේ හැරල්ඩ් කෙනෙක් විදිහට තෝරා ගන්නවා. මෙයා අනතුරකින් මැරුණාට පස්සේ ගැලක්ටස් කරන්නේ එයාගේ ආත්මය කෘතීම රොබෝ සිරුරකට ඇතුළු කරනවා. මෙයා තමයි Air Walker කියලා ප්‍රසිද්ධ උනේ. The Mighty Thor 305 වෙනි කලාපයේ දී මෙයා Mjolnir එක උස්සනවා. තෝර් ගේ අදහස උනේ නම් මෙයා රොබෝ වරයෙක් හින්දා තමයි පුළුවන් උනේ කියලා. ඒත් රොබෝ කෙනෙක්ට වඩා මෙයාගේ කලින් හැකියාවන් හින්දා මේ දේ කරන්න පුළුවන් උනා වෙන්න ඉඩ තියනවා.
14. Artur Zarrko ගේ රොබෝ වරයා
ආතර් කියන්නේ 23 සියවසේ ජිවත් වෙන කෙනෙක්. මෙයා 23 අනාගතයෙන් රොබෝ කෙනෙක් අරගෙන ඇවිත් පෘථිවියට එනවා. මේ වෙද්දී තෝර් ට දීපු දඩුවමක් හින්දා එයාගේ බලය අඩු වෙලා තියෙන්නේ. එයාට සිද්ද වෙනවා පෘථිවිය බේරා ගන්න ඒ අදහසට එකඟ වෙන්න. මෙයා 23 සියවසට යනවා. ඒ යන්නේ ආතර් ගේ සේවකයෙක් විදිහට. එක අවස්ථාවක දී තෝර් තීරණය කරනවා සේවකයෙක් විදිහට හිටියා ඇති කියලා. ඒ වෙලාවේ මෙයා ආතර් ට විරුද්ධව සටන් කරනවා. ඒ වෙලාවේ ආතර් ගේ රොබෝ කෙනෙක් තෝර් ගෙන් මිටිය උදුරලා ගන්නවා. ඒ Journey into Mystery 102 කලාපයේ දී.
මීලඟට තව කට්ටියක් ඉන්නවා ඒ අයට පුළුවන් උනා Mjolnir එක උස්සන්න. හැබැයි ඒක අර්ත් 616 දී අපිට හම්බෙන Mjolnir එක නම් නෙවේ. අපි බලමු ඒ අය කවුද කියලා.
15. Ragnarok
Ragnarok කියන්නේ තෝර් ගේ ක්ලෝනයක්. මෙයාට හම්බෙනවා අර්ත් Earth-13584 කියන පොකට් යුනිවර්ස් එකේ තෝර් ගේ Mjolnir එක. මේකත් හැම අතින්ම අපි දන්න කියන Mjolnir එකට සමානයි. ඒ වගේම ඒක උස්සන්න පුළුවන් වෙන්නෙත් යෝග්‍ය කෙනෙකුට විතරයි. හැබයි ඉතින් නියම Mjolnir එක නොවන හින්දා තමයි මෙයාව වෙනස් කාණ්ඩයකට දැම්මේ.
16. Throg
ත්රෝග් කියන්නේ ශාපයක් හින්දා ගෙම්බෙක් බවට හැරුණු කෙනෙක්. ත්රෝග් වෙන්න කලින් මෙයාව හැදින්නුවේ Puddlegump කියලා. මේ කාලේ වෙද්දී තෝර් ලෝකි කරපු දෙයක් හින්දා ගෙම්බෙක් වෙලා හිටියේ. තෝර් එක්ක මෙයා සටනට යනවා. සටන ඉවර කරලා තෝර් ආපහු යනවා. හැබයි ඒ වෙද්දී පසු බැහලා හිටපු සතුරෝ කණ්ඩායමක් ආපහු සටනට එනවා. මේ වෙලාවේ තමයි Puddlegump ට තෝර් පිට වෙලා ගිය තැන තිබිලා රිදී පතුරක් හම්බෙන්නේ. මේක අතට ගත්තාට පස්සේ ඒක Mjolnir එකේ බලයම තියන රිදී පාට කුඩා Mjolnir එකක් බවට පත් වෙනවා. ඊට පස්සේ Puddlegump ටත් තෝර් ගේ බලයම ලැබෙනවා. එයා ත්රෝග් කියලා හැදින්නුවේ ඊට පස්සේ. මේයා අතේ තියන්නේ Mjolnir එකට සමාන ආයුධයක් නෙවේ. ඒකෙම කුඩා කල අනුරුපයක්.
මේ තියෙන්නේ Mjolnir එක උස්සපු අර්ත් 616 කට්ටිය. අපි ඊලඟට කතා කරමු අර්ත් 616 ට පරිභාහිරව Mjolnir එක උස්සපු අය. හැබැයි ඊට කලින් තව කට්ටියක් ගැන කතා කරන්න ඕනේ. ඒ තමයි නියම විදිහට නොවුනත් විවිධ උපක්‍රම භාවිතා කරලා Mjolnir උස්සපු කට්ටිය. මෙතන තියෙන්නේ Worthy කියන තත්ත්වය නෙවේ.
17. Hepheastus - මෙයා තමයි ග්‍රීක මිත්‍යා වල ගින්දරට සහ නිපැයුම් වලට අධිපති දෙවියා. විශ්ව කර්ම කියන්නේ මෙයාට තමයි. මෙයාට හදන්න බැරි දෙයක් නෑ. මාවල් යුනිවර්ස් එකේ ඉන්න මෙයාගේ ස්වරුපය යාන්ත්‍රණයක් හදනවා Mjolnir එක උස්සන්න.
18. Red Hulk - මෙයා මේක කෙරුවේ ශුන්‍ය ගුරුත්ව තත්ත්වයක් යටතේ. ඉස්සුවාට වඩා චලනය වෙන Mjolnir එක වෙන පැත්තකට විසි කෙරුවා කියන එක තමයි වඩා නිවැරදි.
19. Enrakt - මෙයා මායා බලයෙන් Mjolnir එක ඉස්සුවා.
20. පොළව - මේ කියන්නේ පොළවට Mjolnir එක උස්සගෙන ඉන්න පුළුවන් කියන එක නෙවේ. පොලව ඒ කියන්නේ (පස්, ගල්) වගේ දේවල් පාලනය කරන්න පුළුවන් කෙනෙක් ට ඒක භාවිතා කරලා Mjolnir එක උස්සන්න පුළුවන්. වැලි පාලනය කරන්න පුළුවන් Quicksand Mjolnir එක වටේ වැලි චලනය කරලා මේක ඉස්සුවා. තව Molto එහෙමත් නැතිනම් ලාවා මෑන් එක්ක එකතු උණු Jinku ලාවා අතක් මවලා ඒක භාවිතා කරලා උස්සලා තියනවා. ඒ වගේම Elfqueen මැජික් වලින් ගලක් තමන්ට ඕනේ විදිහට හසුරවලා ඒක මාර්ගයෙන් Mjolnir එක ඉස්සුවා.
21. Hulk - ගොඩක් අය හිතාගෙන ඉන්නේ හල්ක් ට Mjolnir එක උස්සන්න පුළුවන් කියලා. ඒත් එයාට ඒ හැකියාව නෑ (අර්ත් 616 හල්ක් ගැන කියන්නේ) එයා කරලා තියන එකම දේ තමයි තෝර් ගේ පාලනය යටතේ Mjolnir එක තියෙද්දී ඒක දරාගෙන හිටපු එක
22. කොනාන් සහ Thoth-Amon
මේ සිදුවීම් සිද්ධ වෙන්නේ What If පලවෙනි වෙළුමේ 39 වෙනි කලාපයේ දී. මේකේ දී තෝර් කාලය හරහා අතීතයට ගිහින් කොනාන් හම්බෙන අවස්ථාවක දී තමයි මේ සිදුවීම් වෙන්නේ. මේ යථාර්තය අර්ත්-83600 විදිහට තමයි හදුන්වන්නේ.
23. Sarah Rogers (Crusader)
වීරයෝ සහ විලන් ලා එකිනෙකා අතර විවාහයන් උණොත් මොනවා වෙයිද? What If දෙවෙනි වෙළුමේ 114 වෙනි කලාපයෙන් විස්තර කරන අර්ත්-9811 දී සිද්ධ වෙන්නේ ඒ කාරණය. මේකේ දී තෝර් සහ එන්චාන්ට්‍රස් ගේ පුතා Bravado ට එයාගේ තාත්තා ට අයිති Mjolnir එක ඔසවන්න බැරි වෙනවා. ඒත් කැප්ටන් ඇමරිකාගේ සහ රෝග් ගේ දුව සාරා රොජර්ස් ට පුළුවන් කම ලැබෙනවා Mjolnir එක උස්සන්න.
24. Rogue
රෝග් ට පුළුවන් නේ ඕනෑම කෙනෙක් ගේ බලයක් තමන්ට ලබා ගන්න. එයා තෝර් ව ඇල්ලුවොත් මොනවා වෙයිද? තෝර්ගේ Worthy කම එයාට හම්බෙයි ද? මෙහෙම දෙයක් ගැන අපිට අහන්න හම්බුනා What If දෙවෙනි වෙළුමේ 66 වෙනි කලාපයේ විස්තර කරන අර්ත්-941066 දී. එක පාරක් රෝග් තෝර්ගේ සියලුම බලයන් ගන්නවා. මේකෙන් තෝර් මරණයට පත් වෙනවා. රෝග් ට තෝර් ගේ ශක්තිය එහෙම ආවාට, Mjolnir එක ඔසවන්න පුළුවන් උනාට Mjolnir එක භාවිතා කරලා තෝර් ට විතරක් කරන්න පුළුවන් ජීව ශක්තිය නිකුත් කිරීමේ හැකියාව තිබ්බේ නෑ. ඒත් මෙයා මුලින් තමන්ගේ බලය අයහපත් විදිහට යෙදෙව්වත් පස්සේ තෝර්ගේ මනෝකාය ඇවිත් මෙයා ට පැහැදිලි කරනවා ලෝකෙට තෝර් කෙනෙක් ඕන කියලා. ඊට පස්සේ රෝග් තෝර් ගේ භූමිකාව ඉෂ්ට කරනවා. එයාට පස්සේ පුළුවන් වෙනවා තෝර් ගේ ජිව ශක්තිය නිකුත් කරන්නත්.
25. Jane Foster
ජේන් අර්ත්-616 දී Mjolnir එක ඔසවනවා වගේම What If පලවෙනි වෙළුමේ 10 වෙනි කලාපයේ දී විස්තර කරන අර්ත්-788 දී Mjolnir එක උස්සනවා.
26. Black Widow
What If? Age of Ultron කොමික් ප්රකාශනයේ පලවෙනි වෙළුමේ තුන්වෙනි කලාපයේදී අපිට හම්බෙන අර්ත්-23223 දී රැග්නාරෝක් එක හින්දා තෝර් මේ ලෝකෙන් ඉවත් වෙලා ඉන්නේ. ඒ විතරක් නෙවේ මුළු පෘතිවියේම සුපිරි බලයක් තියන සේරම අයත් අතුරුදහන් වෙලා. මේ වෙලාවේ දී තමයි බ්ලැක් විඩෝ Mjolnir එක අතට අරගෙන සටනට ඉදිරිපත් වෙන්නේ.
27.Captain America
කැප් Mjolnir එක උස්සපු අවස්තා ගැන අපි මීට කලින් කතා කෙරුවා නේ. ඒ වගේම තව අවස්තාවක දී ඒ කියන්නේ What If? X-Men Age of Apocalypse පලවෙනි වෙළුමේ පලවෙනි කලාපයේ දී කැප් තව පාරක් Mjolnir එක උස්සනවා. මේ සිදුවීම සිද්ධ වෙන්නේ අර්ත්-93074 දී.
Source : FB Comic script
