වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මැනුවල් උනාම යන්න නම් එල. :yes: හැබැයි ඉතින් ට්‍රැෆික් වල ගිහින් එනවා කියන්නේ ඇවිද ගන්න බැරි ගානට කකුල එනවා. ජිම් ගියාට වඩා හපන් ඒක. :lol: ඔටෝ නම් ඉතින් සැප කනේ තමා. වාඩි උනාට පස්සේ පාග පාගා යන්න තියෙන්නේ. :)
    මන් වාහනයක් හොයා ගන්නත් ඔයාගේ උදව්ව ඕන වෙයි කියන්නම්කො එතකොට. ගොඩක් ස්තුත්යි උදව් කරනවට. :yes::yes:
    ඕකක් කෙසේ වෙතත් අඩු තරමින් මිට්සුබිෂි ඉන්ටර්කූලර් එකක් වට්ටක්ක කෑල්ලක් වත් බලමුකෝ. කීය කීය හරි හොයා ගන්න වැඩේට අත ගහල තියෙන්නේ. මේ යන තත්වේ හැටියට මට හොදටම තේරෙනවා ඩීසල් වට්ටක්කයක්, සහරා එකක් නම් තෙල් ගහල දුවගන්න පුළුවන් කියල. :rofl::rofl: දැන් තියෙන කාර් එකත් 2C ඩිසල් ඔටෝ එකක් නෙහ්. යන්තම් 8-9ක් වැඩ. :P:P

    තෙල් නම් ගහගන්න බැරියෑ.. කාපු නැති එකක් හොයල ගන්න එක තමා ගේම
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේකට ගහන්න පුළුවන් අඩු ගානට පොඩි මොදිෆිකෂන් ටිකක් කියහල්ලකෝ
    20140308_111449.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේකට ගහන්න පුළුවන් අඩු ගානට පොඩි මොදිෆිකෂන් ටිකක් කියහල්ලකෝ
    View attachment 62283
    ලස්සනට තියෙන කාර් එක කන්න එපා උලමෝ.. බලපන් ඔරිජිනල් විදිහ කොච්චර ලස්සනද? පොඩි පොඩි ඩැමේජ් තියෙනවනම් ටචප් ගහලා ජිල් බෝලේ වගේ පොලිශ් කරපන්.. ඒක තමා හොදම දේ:)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටොමාගේ යතුරු කටුව

    ඔන්න මචංලා කාලෙකින් ටොමා කට්ටක් ලියන්නයි යන්නේ. :)

    මේ කටු බර අත්දැකීම ලැබිලනම් සෑහෙන්න කාලයක් වෙනවා. නමුත් ලියන්න මතක් වුනේ ඊයේ තමයි. ඒත් ඉතිං ඊයේ කටු ලියන්න කොහෙද සිංහලු වෙලාවක්. වැඩේ අදට කල් දැම්මේ ඒක නිසයි.

    ඔන්න එකෝමත් එක කාලෙක ටොමාගේ බයික් කෝටා එක ඉවර වුනාට පස්සේ ගෙදරින් බලපෑම් ආවා මරුටියක් ගන්න කියලා. ටොමා මරුටියේ රගේ දන්නේ නැතුව නෙවෙයි සිහලුනි. නමුත් ඉතිං බයික් පැදිල්ලට වඩා ඒක හොදයිනේ. අනිත් එක ටොමා වැඩියම හොයන රිසේල් වැලිව් එක, පාට්ස් සුලබ බව තිබුන නිසා මරුටියක් ගන්න දෙපාරක් හිතුවෙ වෑ. හැබැයි ඒ ඒ කාලේ ඈ. :dull: ඔන්න ඉතිං කිලෝමීටර් හැටදාස් ගානක් දුවපු ෆුල් සර්විස් ඩීටේල් එක්ක 1st ඕනර් මරුටියක් අඩුවට සෙට් වුනා කියහංකෝ.
    maruti-800-brick-red.jpg


    අරගෙන ඕකේ නැගලා හාහා පුරා කියලා මරුටියක් පදින්න ගත්තා. ඕං ඉතිං සතුට ඉහ වහා ගිහිල්ලා 1 වසරටත් කලින් තාත්තා අරං දීපු ට්‍රයිසිකල් එක 8 වසරට ආවට පස්සේ පදිනවා වගේ අතීත ආවර්ජනයක් මට ආවා. :nerd:
    51B9cds5HfL._SY300_.jpg


    ඒ කතා වැඩක් නෑ. උඹලා මේ බලාගෙන ඉන්නේ කටුව අහන්නනේ, මගේ බයිලා මොකටද උඹලට. :sorry:

    ඔන්න මිත්‍රවරුනි මේක අරං මාස තුනක් විතර ගිහින් සර්විස් එකට දැම්මා කියහල්ලකෝ. දැන් කාර් එක සර්විස් කරලා ස්ටාට් කරනවා. :eek: එන්ජිම නෝ හෙල්ලුම්.
    දැන් ඉතිං උඹලා කරන්නේ මොකද? සර්විස් එකේ එව්න්ට ජාතිය අමතනවද? :lol: මම ඒ වගේ දෙයක් කරන්න හදිස්සි වුනේ නෑ මිත්‍රවරුනි. උඹලට බැරිනං මම ස්ටාට් කොරඤ්ඤං කියලා යතුර කැරකුවා. මෙන්න බොලේ ස්ටාට්. ආයි නැවැත්තුවා ආයි ස්ටාට් කරා, කිසි ගින්නක් නෑ. ඉතිං එදා දවසේ වැඩේ ඉවර කරගෙන මම ගෙදර ඇවිත් සති කීපයක් සුපුරුදු විදිහට වාහනේ පාවිච්චි කරා කිසි අව්ලක් නෑ. :lol::lol: කටුව ඉවරයි කියවූ සැමට ස්තූතී....

    .
    .
    .
    .
    .
    .
    .

    හක් හක් හක් ඉවරයි කියලා කිව්වට ඉවර නෑ තව තියනවා.

    දැන් තමයි වැඩේ පටන්ගන්නේ මිත්‍රවරුනි. ඔන්න අපේ පියානන්ට මගේ වාහනෙන් ටවුමට යන්න අවශ්‍ය වෙනවා. මොකද ඒ දවස වෙනකොට තාත්තගේ වාහනේ විකුණලා තිබුනේ.
    තාත්තා ස්ටාට් කරන්න බලනවා, ස්ටාට් වෙන්නෙ නෑ :shocked::shocked: 10 පාරක් විතර බැලුවා ඒත් ස්ටාට් වෙන්නෙ නෑ. :nerd: ටොමා නැගලා යතුර කරකවලා බැලුවා මෙන්න ස්ටාට් වෙනවා. :P
    බලාපල්ලාකෝ සුපිරි මහා භාරත තාක්ෂණය. මේකේ ඇගිලි සලකුණ සෙල්ෆ් ඩිටෙක් කරගන්න සිස්ටම් එකක් තියනවා වගේ. :frown: ස්ටාට් වෙන්නේ අයිති කාරයා නැග්ගම විතරයි. :P
    හරි ඊටපස්සේ තාත්තා ටව්න් ගිහින් ආවා. කිසි අව්ලක් නැ ටව්ම මැදදි හොදට ස්ටාට් වෙලා. නමුත් ලෙඩේ ඔතනින් නතර වුනේ නෑ. තත්වේ එන්න එන්නම දරුණු උනා,

    මූ මට විතරයි ස්ටාට් වෙන්නේ. :lol:
    දැන් දැන් මමත් දෙපාරක් ට්‍රයි එක දෙන්න ඕනේ. :eek:

    ස්කෑන් කරලත් බැලුවා ඕං, කිසි අව්ලක් නෑ. :eek: දැන් අව්ල එන්න පුලුවන් එකම තැන තමයි ignition barrel එක කියලා මට හිතුනා. ඉතිං ඊලග නිවාඩු දවසේ උදෙන්ම (10 ට විතර :P) ඕක කොහොම හරි ගලවනවා කියලා හිතාගෙන මුලින්ම ස්ටීරියන් වීල් එක ගලවන්න සැලසුම් කලා සිහලුනි.

    ඒකේ ලොකු සිද්ධියක් නැති බව බැලූ බැල්මට තේරුම් ගන්න පුලුවන් වුනා.
    4224550285_a8eb6489c8.jpg

    මොකද ඔය මැද තියන හෝන් එක සහිත අමු ප්ලාස්ටික් ආවරණය ඇදලා ගලවලා ස්ටීරියන් එක ගලවනවා කියන්නේ සිම්පල් වැඩක්.
    ස්ටීරියන් එක ගලවලා වැඩි ගින්නක් නැතුව ignition barrel එකත් ගලවලා ගත්තා කියහංකෝ. මෙන්න දැන් තමයි තෙරනේ විස්තරේ.

    ignition barrel එක යට පැත්තේ තියන පිත්තල කනෙක්ටර් එක ලෙල්ලටම ගෙවිලා කියහංකෝ. බලාපල්ලා සුපිරි මහා භාරත තාක්ෂණය.:growl: එක්කෝ කලින් පාවිච්චි කරපු පොරගේ විනෝදාංශයක් වෙන්න ඕනේ කාර් එක ස්ටාට් කර කර ඕෆ් කර කර ඉන්න එක. :growl: කිලෝමිටර් හැටදාස් ගානට ඒක ලෙල්ලටම ගෙවිලා, පිත්තල රව්මේ ස්ටාට් වෙද්දි ගෑවෙන හරියේ ඇතුලට කට්ටෙ වගේ හෑරිලා.

    20130621.jpg

    ඔය රූපේ දකුණු පැත්තේ තියනවා වගේ කොටසත් කමයි ඈ. හැබැයි ඕක මරුටියක නම් නෙවෙයි මරුටියේ ඔය කොටස් මහා භාරත තාක්ෂණයෙන් ඉතාම උසස් මට්ටමෙන් හදලා තියන්නේ.
    දැන් ඉතිං කුමක් කරන්නද මිතුවරුනි. මේකට ඊයං ඩොට් තියලා වැඩක් නෑ කියලා උඹලට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. එහෙම තිබ්බොත් යතුර දෙපාර දානකොටම ගෙවිලා යනවා. පිත්තල වලින් පාස්සන්නත් බෑ උණු වෙලා යනවා. :dull:

    ඔන්න ඔය වේලාවෙ තමයි අදුරන ජුවෙලරි ෂොප් කාරයෙක් පිහිටට එන්නේ.
    5f46f41448.jpg

    මොකද මුං ගාව තියනවා ඉතාම පොඩි පෑස්සුම් උපකරණ. උන් ඒවගෙන් යස අගේට පිත්තල පාස්සනවා. කියලා තාත්තා කියපු නිසා මම දැනගත්තා. :) ඉතිං ඌව හම්බුවෙලා දුක කියලා පාස්සගත්තා කියමුකෝ... :):)

    ඕං දැන් වැඩේ ගොඩ වගේ. පාස්සගෙන ආපු කොටස හොදට සුමට වෙන්න ගාලා හයි කරගත්තා. :) දැන් ස්ටීරියන් වීල් එකත් හයි කරගෙන ස්ටාට් කරලා බැලුවා. මෙන්න බොලේ ගෙදර ඕනි කෙනෙකුට දැන් මේක ස්ටාට් කරන්න පුලුවන්. :) ඒ කියන්නේ දැන් අර සෙකියුරිටි කෝඩ් එක කැඩිලා සිංහලු.

    කටු ඉවරද :nerd: නෑ තව තියනවා. :lol:

    මෙන්න බොලේ පහුවෙනිදා මම කාර් එක පදවගෙන යනවා. ස්ටීරියන් එක තියන්නේ අනිත් පැත්තට කාර් එක කෙලින් යනවා :rofl: මොකද වෙලා තියන්නේ. ඈ මොකද වෙලා තියන්නේ යකුනේ........

    ස්ටිරියන් එක ගලවපු ටොමා කියන එකා ඒක හයි කරලා තියන්නේ ටිකක් ඇලකරලා කියපංකෝ. :growl: :nerd:
    ඉතිං සිංහලු එදා හවස ආයි ස්ටිරියන් එක ගලවලා, මේක කෙලින් හයි කරන්න පට්ට ගේමක් දුන්නා. මොකද රෝද දෙකට කෙලින් තියලා ස්ටිරියන් එක හයි කරන්න එපැයි. ගේම පට්ට කිව්වට පට්ටම නෑ.
    රෝද දෙක කෙලින් තියනවද බලන්න නූලක් අල්ලලා බැලුවා. :) එහෙම තියලා ස්ටීරියන් එක හයි කොරගෙන වැඩේ ගොඩ දාගත්තා. :)
    ඔන්න ඔහොමයි කටුව ඉවර වෙන්නේ.

    මේකෙන් උඹලට ඉගෙන ගන්න තියන්නේ මොනවද
    1) ස්ටීරියන් එකක් ගලවනකොට පැත්ත ලකුණු කරලා ගැලෙව්වනම් පස්සේ ගැටලුවක් ඇති වෙන්නෙ නෑ. ස්ටීරියන් එක විතරක් නෙවෙයි. තමන් හරියට දන්නෙ නැති ඕනිම දෙයක් ගලවද්දි ලකුණු කරලා ගැලෙව්වනම් ගොඩක් පහසුයි.
    2) සමහර ගැටලු විසද ගන්න අපි හිතනවට වඩා ගොඩක් සරල ක්‍රම තියෙන්න පුලුවන්.
    3) වාහනේක ප්‍රශ්නෙකදි බය වෙන්න එපා. ඒ ඒ පියවර වලට මූන දෙන්න. ඒ කට්ට අනිවාර්යෙන් පස්සේ කාලෙක අත්දැකීමක් වෙනවා.


     
    • Like
    Reactions: upulpdn and laMir

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;19281105 said:
    තෙල් නම් ගහගන්න බැරියෑ.. කාපු නැති එකක් හොයල ගන්න එක තමා ගේම

    ඔක්ෂන් එකකින් බොඩිය වැඩිය අල වෙච්ච නැති එකක් හොයා ගන්න තිබ්බ නම් ගේනවා ජීප් එකක්ම කෑලි කරලා, ෆුල් පේන්ට් එකක් ගහනව. කොනක ඉදන් හයි කරන් යනවා ගෙනාව කෑලි ටික. :yes::yes:

    අපේ ගෙවල් ගාව ගැරිජ් එකක මේ දවස් වල රෝලි පෝලි වෙච්ච J100 එකකුයි Lexus 470 එකකුයි දිග අරිනවා දැක්ක.:rofl::rofl: මට ෂුවර් නෑ හැබැයි J100 එක ගෙනාවේ Lexus එකේ ඇද අරින්න බැරි තැන් වලට කපල ගහන්නද කියල. මොකද J100 එක වැස්සේ තෙමි තෙමි තිබ්බ සැහෙන දවස්. ඇතුලේ බේජ් කලර් සීට් ටිකත් තෙමි තෙමි තිබුන දුකේ බෑ. අද හවස ඒක ලගින් යනකොට දැක්ක J100 එකේ පස්ස කැල්ලක් අරකට පාස්සල තියෙනවා. මක් කොරන්න යනවද මන්ද. :growl::growl: කොහොම හරි මේ ටිකේ උදේ හවස ඒක දකිනවයින් මානසිකව වැටිලා පැරලයිස් තත්වයෙන් වගේ ඉන්නේ මන් :dull::dull:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මේකට ගහන්න පුළුවන් අඩු ගානට පොඩි මොදිෆිකෂන් ටිකක් කියහල්ලකෝ
    View attachment 62283

    උබට ඕකට කලිනුත් කට්ටිය උත්තර දුන්නා. මන් උබට ගණන් ටික හොයල VM එකකුත් දැම්ම. බැලුවේ නැති උනාට කරන්න දෙයක් නෑ. :frown: Glanza bumper එකයි ඉස්සරහ ලයිට් සෙට් එකයි ගහල ඕන නම් ඔරිජිනල් spoiler එකක් හොයල ගහපන්. :yes: අඩුවටම කරන්න පුළුවන් දේ ඒක. appearance වෙනස් වෙන්න නම්. performance නම් contact මහේෂ් අයියාව
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ඔන්න මචංලා කාලෙකින් ටොමා කට්ටක් ලියන්නයි යන්නේ. :)




    සැහෙන කාලෙකින් කට්ටක් බෙදාගත්තට, ටොම් සහෝට බෝහොම ස්තුති.:)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔන්න මචංලා කාලෙකින් ටොමා කට්ටක් ලියන්නයි යන්නේ. :)

    මේකෙන් උඹලට ඉගෙන ගන්න තියන්නේ මොනවද

    1) ස්ටීරියන් එකක් ගලවනකොට පැත්ත ලකුණු කරලා ගැලෙව්වනම් පස්සේ ගැටලුවක් ඇති වෙන්නෙ නෑ. ස්ටීරියන් එක විතරක් නෙවෙයි. තමන් හරියට දන්නෙ නැති ඕනිම දෙයක් ගලවද්දි ලකුණු කරලා ගැලෙව්වනම් ගොඩක් පහසුයි.
    2) සමහර ගැටලු විසද ගන්න අපි හිතනවට වඩා ගොඩක් සරල ක්‍රම තියෙන්න පුලුවන්.
    3) වාහනේක ප්‍රශ්නෙකදි බය වෙන්න එපා. ඒ ඒ පියවර වලට මූන දෙන්න. ඒ කට්ට අනිවාර්යෙන් පස්සේ කාලෙක අත්දැකීමක් වෙනවා.




    ela ela ... TFS :)
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඔන්න මචංලා කාලෙකින් ටොමා කට්ටක් ලියන්නයි යන්නේ. :)
    .................
    මේකෙන් උඹලට ඉගෙන ගන්න තියන්නේ මොනවද
    1) ස්ටීරියන් එකක් ගලවනකොට පැත්ත ලකුණු කරලා ගැලෙව්වනම් පස්සේ ගැටලුවක් ඇති වෙන්නෙ නෑ. ස්ටීරියන් එක විතරක් නෙවෙයි. තමන් හරියට දන්නෙ නැති ඕනිම දෙයක් ගලවද්දි ලකුණු කරලා ගැලෙව්වනම් ගොඩක් පහසුයි.
    2) සමහර ගැටලු විසද ගන්න අපි හිතනවට වඩා ගොඩක් සරල ක්‍රම තියෙන්න පුලුවන්.
    3) වාහනේක ප්‍රශ්නෙකදි බය වෙන්න එපා. ඒ ඒ පියවර වලට මූන දෙන්න. ඒ කට්ට අනිවාර්යෙන් පස්සේ කාලෙක අත්දැකීමක් වෙනවා.



    වෙළුණු ත්‍රෙඩ් එකට නිමාවක්. ටොමා සමගින් ඉදිරියට පිය නගමු. :rofl::rofl:කට්ටට තැන්කු 10+
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    වේලි වේලි තිබ්බ ත්‍රේඩ් එකට කටුවක් දැමු ටොම් මාමාට මාගේ ප්‍රණාමය :):)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වෙළුණු ත්‍රෙඩ් එකට නිමාවක්. ටොමා සමගින් ඉදිරියට පිය නගමු. :rofl::rofl:කට්ටට තැන්කු 10+
    :):)
    වේලි වේලි තිබ්බ ත්‍රේඩ් එකට කටුවක් දැමු ටොම් මාමාට මාගේ ප්‍රණාමය :):)
    :):)
    කටු ත්‍රෙඩ් එකට පණ දෙමු.... ටොමා සමගින් නැගිටිමු...... :yes: :D :P

    :):)
     
    Status
    Not open for further replies.