ElaKiri Bajaj Pulsar Fan Club-4

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,252
    4,388
    113
    ඇයි එන්නද
    අලුත් bajaj discover 125 පරන විදියටම ආයෙ ගහලා. alloy wheel, engine සුදු පාටයි ඉස්සරම ආව වගෙ
    මෙ බයික් එක පරන discover වගෙ සුපිරිද??
    අලුතෙන් ගන්න අහන්නෙ...

    ෆොටෝ එකක් දාන්න බලන්න මම දැක්කේ නැ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;19447039 said:
    ඔය ටැංකිය හදපන් බං..යට හරිය දිගටම තහඩු දාලා ගස්සන්න..හොද බාසෙක්ට දෙන්න වැඩේ කරන්න...දැන් මගේ ටැංකිය හදලා අවුරුදු දෙකක් වෙන්න තව දවස් ගානයි...කිසි අවුලක් නෑ..

    :cool: බලමු බලමු හෙට ඩොටේ ගියහම බලනවා හදාගන්න...... බැරි උනොත් සදුදට රාගම පාරේ උඹ ගිය තැනට අරන් යනවා..... ඒකත් බැරි උනොත්..... ඕන *කක් කියලා හිතාගෙන සර්විස් එකේ තියෙන ටැංකිය අරන් තියනවා ගෙඩිය පිටින්...... ඒකත් හරි යන්නේ නෑ වගේ නම්..... මේ දවස් ටිකේ කාර් එකේ වැඩ ටික කරගෙන... සති දෙකකින් ඩේවිඩ් පීරිස් එකෙන්ම අළුත්ම කිරි ටොයියා ටැංකියක් අරන් තියනවා..... :D :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    එන්ජිං ඕවහෝල් එකක් ආවොත් එන්ජිමක් අලුතෙන් දායි :lol:

    :lol: ඔව් ඉතින් මට ලෙහෙසි කියලා හිතෙන එක තමා ඒ වෙලාවට..... ගෙදර රෝසා එන්ජිමක් (4D31) අන්න තාමත් තියෙනවා.... පිස්ටන් රිංග්ස් ගහලා ගත්තා නම් කාලයක් දුවාගන්න පුලුවන් බඩුවක්...... :yes: 4D30 එන්ජිමකුත් තිබ්බා.... ඒක තාත්තා පිනට දුන්නා...... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අලුත් bajaj discover 125 පරන විදියටම ආයෙ ගහලා. alloy wheel, engine සුදු පාටයි ඉස්සරම ආව වගෙ
    මෙ බයික් එක පරන discover වගෙ සුපිරිද??
    අලුතෙන් ගන්න අහන්නෙ...

    :oo: මෙතන සෙට් එකේ නම් ඕකක් තාම ගත්ත එකෙක් නෑ මචෝ...... :no:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ආ කුකුලෝස්..

    අඩෝ මූද අයිනේ ඉදලත් මං පැදපු එක බයික් එකකවත් ටැංකිය ඕම දරලා නෑ නේ..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    Finally I found weligamaya


    Rjo7psd.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :cool: බලමු බලමු හෙට ඩොටේ ගියහම බලනවා හදාගන්න...... බැරි උනොත් සදුදට රාගම පාරේ උඹ ගිය තැනට අරන් යනවා..... ඒකත් බැරි උනොත්..... ඕන *කක් කියලා හිතාගෙන සර්විස් එකේ තියෙන ටැංකිය අරන් තියනවා ගෙඩිය පිටින්...... ඒකත් හරි යන්නේ නෑ වගේ නම්..... මේ දවස් ටිකේ කාර් එකේ වැඩ ටික කරගෙන... සති දෙකකින් ඩේවිඩ් පීරිස් එකෙන්ම අළුත්ම කිරි ටොයියා ටැංකියක් අරන් තියනවා..... :D :P
    ගනේමුල්ල පාරේ බුවා නං එළකිරි. ඌ හොදටම වැඩේ කරනවා
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගනේමුල්ල පාරේ බුවා නං එළකිරි. ඌ හොදටම වැඩේ කරනවා
    මල්ලි ආයෙත් වනගත වෙන්න වගේ බාස්ල ගැන රෙකමන්ඩ් කොරල.....:rolleyes::P:lol::rofl:;);)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මල්ලි ආයෙත් වනගත වෙන්න වගේ බාස්ල ගැන රෙකමන්ඩ් කොරල.....:rolleyes::P:lol::rofl:;);)
    :lol::lol: නෑ මේ බාසාගේ ෆොන් නොම්බරේ වත් මං ලග නෑ..
    මං රෙකමන්ඩ් කරන්නේ නෑ.. කෙලින්ම විස්තරේ මෙතන දානවා :lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    nvcrpw.jpg

    මෝටර් සයිකල් කියන්නේ අපි හැම දෙනාටම පාහේ ඕන වෙන දෙයක්.. තරුනයන්ගේ සිහින වාහනේ තමයි මේක.. අපි මෝටර් සයිකල් පදිනවා වගේම ඒවා හරියට නඩත්තු කරලා තියාගන්නත් ඕන.. එතකොට තමයි ඒවා ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් සහ කවදාහරි විකුණන දවසට වටිනා ගාණකට විකුනන්න පුළුවන් වෙන්නේ..


    මම අද කතා කරන්නේ පෙට්‍රල් ටැංකිය ගැන.. පෙට්‍රල් ටැංකිය දිරලා එතනින් පෙට්‍රල් කාන්දු වෙන එක මෝටර් සයිකල් සෑහෙන්න කාලයක් පාවිච්චි කරන අයට අත්දකින්න වෙන සිද්ධියක්.. මේක ජපන් බයිසිකල් පාවිච්චි කරන අයට වඩා ඉක්මනින් ඉන්දියන් සහ අනෙකුත් බයිසිකල් පාවිච්චි කරන අය අත්විඳිනවා..

    කාලයක් ගිහිල්ලා බයිසිකලේ පෙට්‍රල් කරනවා අඩු උනාම, අපි ඉස්සෙල්ලම කරන්නේ කාබ් එක හදන එක.. අන්තිමටම තමයි තේරෙන්නේ පෙට්‍රල් කරනවා අඩු වෙලා තියෙන්නේ කාබ් එක නිසාම නෙමෙයි පෙට්‍රල් ලීක් එකක් නිසා කියලා..සමහර විට ඉතාමත් පොඩි සිදුරකින් පෙට්‍රල් ලීක් වෙන එක අපිට හිතාගන්න බැරි වෙන්න පුළුවන්.. ඒත් පෙට්‍රල් කියන්නේ ඉක්මනටම වාෂ්ප වෙන දෙයක්.. ඒක නිසා පෙට්‍රල් ටික ඉවර වෙන්නේ අපි හිතන්නත් කලින්..

    ඉතිං මේකට මොකද්ද කරන්න පුළුවන්.. ටැංකියක් අලුතෙන් තියන එකද? ඒකත් හොඳ උත්තරයක් තමයි වියදම් කරන්න සල්ලි තියෙනවනම්.. එහෙම බැරි අය වෙනුවෙන් කරන්න පුළුවන් සාර්ථකම දෙයක් තමයි මම අද කියන්න යන්නේ.. මේක මගේ අත්දැකීමක්..
    මටත් ඔය ප්‍රශ්නෙම තිබුනා.. පස්සේ තමයි තැනකින් කිව්වේ ටැංකිය ලීක් කියලා.. ඔරිජිනල් ටැංකිය නිසා ඒකම හදාගන්න එක හොඳයි කියලා තමයි එතනින් කිව්වේ.. ඉතින් මම බයික් හදන්න ගියපු තැනක තිබිලා මම ෆෝන් එකේ සේව් කරගෙන තියාගත්ත පොට් එකක් තිබ්බා.. කාට හරි ඕනවෙයි කියලා දාගත්තේ.. අන්තිමටම මටම ඕන උනා..

    මම ඊයේ උදේ කෝල් එකක් දීලා ගියා එතෙන්ට.. අවුරුදු 35-40 විතර කෙනෙක් කරන්නේ එයාගෙ ගෙදරම.. ගිය ගමන් ටැංකිය ගලවලා, මට පෙන්නුවා ලීක් එක තියෙන තැන.. ඒක සෙන්ටිමීටරේක විතර විශ්කම්භේ තියෙන හිලක්.. පස්සේ එයා ඒක සුද්ද් කරලා පාස්සලා, චෙක් කරලා පෙන්නුවා ලීක් නැහැ කියලා.. ටැංකියත් සුද්ද කරලා දුන්නා.. මම නම් ෆුල් සැටිස් වැඩේට.. හොඳටම කරා..

    මේක බලන ඔයාලට හරි ඔයාලගේ යාලුවෙකුට හරි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවනම්, මෙතෙන්ට යන්න.. මම වගකීමෙන් කියන්නේ.. මෙයා ටැංකි ටිංකරින්, පේන්ට් එහෙමත් කරනවා.. ඊට අමතරව වාහන මොඩිෆයි කරනවා.. මම ඊයේ යනකොටත් සනි බී12 එකක් මොඩිෆයි කරන ගමන් තිබ්බේ.. හිතාගන්නවත් බැරි උනා..

    මේක ඇඩ් එකක්වත්, එයා මට දාන්න කිව්වෙවත් නැහැ.. මට ඒක කරන කොටම හිතුනා මෙයා ගැන නෙට් එකට දාන්න ඕන කියලා.. ඒකයි ලිව්වේ.. කාට හරි වැඩක් වෙයි කියලා හිතනවා..

    එතෙන්ට යන විදිය කියන්නම්.. කඩවත ඉඳලා ගනේමුල්ල පාරේ කිලෝමීටර් 2ක් 3ක් යද්දි වම් අත පැත්තට පාරක් හම්බ වෙනවා දේවාල පාර කියලා.. ඒ පාරේ මීටර් 500ක් විතර යද්දි දකුණු අත පැත්තෙ ශ්‍රියානි ස්ටෝර්ස් කියලා කඩයක් හම්බ වෙනවා.. කඩේ ගාවින්ම දකුණට තියෙන පාරේ මීටර් 150ක් යද්දි හතරමං හන්දියකුත් එක්ක තට්ටු 2 ගෙයක් තියෙනවා.. ඒකට අල්ලපු ලී ගේට්ටුවක් තියෙන ගෙදර තමයි තැන.. එයාගේ නොම්මරේ තමයි...
    0724377486


    එහෙනම් අපි ගියා..
    ජයවේවා!


    2hp36nd.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol::lol: නෑ මේ බාසාගේ ෆොන් නොම්බරේ වත් මං ලග නෑ..
    මං රෙකමන්ඩ් කරන්නේ නෑ.. කෙලින්ම විස්තරේ මෙතන දානවා :lol::lol:
    :P:P
    ඉස්සෙල්ලම ඩිස්ක්ලේමර් එක දාලහිටු....:lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බඩෝ පැට්‍රල් ටැන්කිය පාස්සන්න කලින් බින්දුවක් වත් තෙල් නෑ කියල කන්ෆර්ම්කර ගනින්. පාස්සන්න යනකොට හොම්බ දාලබලන්න යන්න එපා. දෙයියො බුදුන් සිහිකොරන් ඈතින් හිටපන්.....
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩෝ පැට්‍රල් ටැන්කිය පාස්සන්න කලින් බින්දුවක් වත් තෙල් නෑ කියල කන්ෆර්ම්කර ගනින්. පාස්සන්න යනකොට හොම්බ දාලබලන්න යන්න එපා. දෙයියො බුදුන් සිහිකොරන් ඈතින් හිටපන්.....

    බඩාගෙ බඩේ බැඳලා ගිනිකූරක් ගහන්න ඕනේ...:cool: