ම්ත්‍යා මත සහා එහි ඇති සත්‍යතාවය ~Mega Thread~

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ම්ත්‍යා මත සහා එහි ඇති සත්‍යතාවය ~Mega Thread~

logo_footer.png


ම්ත්‍යා මත සහා එහි ඇති සත්‍යතාවය

ඔන්න යාලුවේ මේන්න මම මෙගා ත්‍රඩ් එකක් open කරා මේ යාලුවෙක් කිව්ව සීන් එකක් නිසා
Badinna kalin nuwara maligawa wadinna giyama sambande break wenawa kiyala hena mithya mattheka inne bn kella :growl::growl::growl:


ඔයලා දන්න මතයන් ඉදිරිපත් කරන්න පුලුවන් මේ ත්‍රෙඩ් එකෙන් මොකද සමහර යාලුවෝ තමත් හිතන් ඇති මෙවා ඇත්ත කියලා හෝ මෙවල සත්‍ය තාවයකුත් තියෙන ඒවා ඇති , ඔයලාට පුලුවන් යලුවේ පොස්ට් කරන මත වල සත්‍ය තාවය මින් ඉදිරියට සාකච්චා කරන්න

මුලින්ම කියන්නම් මේ මත වලට ප්‍රවෙශයක් ගන්නම් මෙහෙම සමහර දෙවල් අපිට අහන්න ලැබෙනෙන වැඩිහිටියන්ගේන් ඔක කරන්න එපා අම්මෝ හොද නැහැ, අපේ තියෙන තාර්කික බුද්ධියයි, වඩිහිටි ගරුත්වයයි මත ඇයි එහෙම කිව්වේ කියලා , අහනන් බැරිවෙන අවස්තා අනත්තයි, එත් අපි ඒ දෙවල් ඔහේ ඉලග පරම්පරාවට නැවත් නැවත් මතය මුදා හරිනවා.


මම අහලා තියෙන දෙවල් ටිකක් කියන්නම්
~ඔයාලත් අහලා ඇති දෙවල් එකතු කරන්න ~
ඉරිදට ගෙවල් හොදන්න හොද නැහැ
තනියෙන් ඉන්න පොල්කිච්චෙක් දැක්කොත් නරක ප්‍රවෘතියක් අහන්න ලැනෙනවා ( අපි යාලුවන්ටත් පෙන්නවා විහිලුවට අපි දැක්කොත් )
නියපොතු කපලා බිම දන්න හොද නැහැ පැගෙන්න

 
Last edited:
  • Like
Reactions: DAMER

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මන් අහල තියෙන ටිකක් කියන්නද, ඔය හොල්මන් භුතයො යන්තර මන්තර අරෙන්න.

    හවස 6 ට ගෙදර දොර වහල තියන්න හොද නෑ ශ්‍රියා කාන්තාව අවිල්ල හරිල යනව
    බල්ලො උඩු බිරුවම මරණයක් වෙනව
    කපුටො ගෙවල් ලග කෑ ගහන්න හොද නෑ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113

    නියපොතු කපලා බිම දන්න හොද නැහැ පැගෙන්න

    නියපොතු පෑගිලා අනුනොත් පැහැවලා ලෙඩ වෙනවා. අන්න ඒ නිසයි ඔහොම කියන්නේ. මේකට හේතු වෙච්ච කතාවකුත් තියෙනවා. ඒත් ඒක හරියටම මතක නැහැ.

    ....

    අඟහරුවාදා සිකුරාදා නාන්න/ශේව් කරන්න/කොන්ඩෙ කපන්න හොඳ නෑ කියලා කියනවා. මම නම් ගනන් ගන්නේ නැහැ.
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඔතන සමහර ඒවා ඇත්ත මචන් උදාහරනෙකට ඔය උඹ කිව්ව නියපොතු බිම දන එක.නියපොත්තකට තුවාල උනොත් මාර විදියට දනවා.අනිත් එක විසබීජ නිසා පැසවන්නත් පුලුවන්.තව තමයි හසව 6න් පස්සෙ අතුගාන්න එපා කියන්නෙ රෑට අතුගානකොට අහු මුලුවල තියෙන ඉදිකටු,හැට්ටකටු අතුගාගෙන ගිහින් ගෙදර දොර ඉස්සරහින් විසි කරනවා.ඊට පස්සෙ කලුවරේ ගෙදරට එනකොට පෑගිලා තුවාල වෙනවා.තව මෙහෙම ඒවත් තියෙනවා,ලුණු රෑට ගෙනියන්න හොඳ නෑ කියන එක මුදලාලිල හදාගත්තු කතාවක්,ලුණු කඩවල් ඇතුලෙ තියාගන්න බෑ,ලුණු ගබඩා කරන්නෙ සාමාන්‍යයෙන් එලියෙ,ඉතින් රෑට හොරෙන් ඇවිත් එක එකා ලුණු හොරකම් කරනවා.ඒක නිසා මුදලාලිලා ප්‍රචාරය කරා රෑට ලුණු ගෙනියන්න හොඳ නෑ කියලා.ඒක නිසා ලුණු හොරකම් අඩු උනා...,අනිත් එක තමයි ඔය මෝහිනීගෙ සීන් එක.රෑට ළමයෙක්ට ලෙඩක් හැදුනොත් අම්මා දරුවව අරගෙන වෙද ගෙදරට දුවනවා මොකද මහත්තුරු පැල් රකින්න ගිහින් නිසා,ඉතින් රෑට අම්මලා ළමයි වඩාගෙන යනකොට කරදර කරන එක නවතින්න මෝහිනී කියල කතාවක් හැදුවා.ඒකෙන් ගෑනියෙක් ළමයෙක් එක්ක දැක්කම කවුරුත් ගෑනිට ලං වෙන්නෙ නෑ බයට.ඕව තමයි ඔය වගේ මිත්‍යා කියන මතවල මුල.ඉස්සර මිනිස්සුන්ට එයාලගෙම ක්‍රම තිබුනා...අද අපි ඒවට මිත්‍යා මත කියනවා :):):)
     
    • Like
    Reactions: Nirmal1991

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    පෝය දවසට සතෙක් කෑවොත් , ලේසියෙන් සනීප වෙන්නේ නෑ ...
    නයෙක් එහෙම කෑවොත් බඩු හරියනවා....:P:P
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    පෝය දවසට සතෙක් කෑවොත් , ලේසියෙන් සනීප වෙන්නේ නෑ ...
    නයෙක් එහෙම කෑවොත් බඩු හරියනවා....:P:P
    මේකෙත් ඇත්තක් තියෙනවා,මොකද පෝය දවසට හඳේ ගුරුත්වාකර්ෂනය වැඩියෙන් පෘථුවියට බලපාන නිසා,අපේ ශරීරයේ ලේ ගමනාගමනයට බලපෑමක් තියෙනව.විශේශයෙන්ම මොළේට ලේ යනවා වැඩියි,එතකොට සතෙක් කෑවොත් උගෙ විශ අපෙ මොළය වගේ තැන්වලට ඉක්මනට පැතිරෙනවා..ඒක නිසාම තමයි හඳ මෝරන කාලෙට පිස්සු වැඩිවෙනවා කියන්නෙත්.:P:P

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔහොම දේවල් මාත් අහලා තියෙනවා මචං..

    සමහර අය කියනවා ලව් කරද්දි ලේන්සු හුවමාරු කරගත්තොත් ලව් එක බ්‍රේක් වෙනවා කියලා..

    ඔයා කියල තියෙනව වගේ හූනෙක් කෑගැහුවොත් ගමනක් යද්දි බාදයි.. ටිකක් වෙලා ඉඳලා යන්න කියනවා..

    දෙමලිච්චෙක් දැක්කාම තව කෙනෙක්ට ඌව පෙන්නන්න ඕන.. දෙමලිකිච්චො දෙන්නෙක් දැක්කොත් අවුලක් නෑලු..

    අපි මොකක් හරි කතා කරකර ඉද්දි හූනෙක් කෑගැහුවොත් කියනවා.. අන්න දැක්කද.. හූනත් කිව්වා කියලා..

    අඟහරුවාදට කොණ්ඩෙ කපන්න හොඳ නෑලු.. නාන්න හොඳ නෑලු..

    නියපොතු කපලා බිම දාන්න හොඳ නෑලු.. පෑගුණාම දුප්පත් වෙනවලු..

    රෑට බල්ලො රැලක් උඩුබිරලුවොත් කියනවා අපෝ හෙට කොහේ හරි මලගෙයක් කියලා..

    බුදුන්ට නිල් මල් පූජා කරන්න හොඳ නැහැලු.. සූනියම් දෙවියන් (හරියටම දන්නෑ) දෙවි කෙනෙක්ටලු නිල් මල් තියන්නෙ..

    හැන්දෑවෙ හයෙන් පස්සෙ අතුගාන්න හොඳ නෑලු..

    රෑ උනාම ගෙදර කුණු එළියට විසි කරන්න හොඳ නෑලු..

    බස්නාහිර බලාගෙන නිදාගන්න හොඳ නෑලු..

    වැරදිලාවත් ඇඳුම කනපිට ඇන්දොත් අද ගෙදරට කවුරුහරි එනවලු..

    ඔය වගේ දේවල් අනන්ත අප්‍රමාණව තියෙනවා.. wiky123 කියන කතාව ඇත්ත කියලා මටත් හිතෙනවා.. මොකක් හරි හේතුවක් නිසා තමයි ඒ කාලෙ මිනිස්සු ඔහොම බොරු දේවල් හදලා කියන්න ඇත්තෙ.. වර්ථමාන සමාජය ඒක විහිලුවක් විදියට දැක්කට.. මොකද එයාලා හිතන්නෙ වෙනම විදියකටනේ.. දෙමලිච්චෙක් දැක්කාම කොහොමද අහනවා අසුභ වෙන්නෙ.. ඉතිං එතනම වැඩේ අන්දොස්..:lol:
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    මේකෙත් ඇත්තක් තියෙනවා,මොකද පෝය දවසට හඳේ ගුරුත්වාකර්ෂනය වැඩියෙන් පෘථුවියට බලපාන නිසා,අපේ ශරීරයේ ලේ ගමනාගමනයට බලපෑමක් තියෙනව.විශේශයෙන්ම මොළේට ලේ යනවා වැඩියි,එතකොට සතෙක් කෑවොත් උගෙ විශ අපෙ මොළය වගේ තැන්වලට ඉක්මනට පැතිරෙනවා..ඒක නිසාම තමයි හඳ මෝරන කාලෙට පිස්සු වැඩිවෙනවා කියන්නෙත්.:P:P

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
    :yes::yes::yes:
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ගොඩක් වෙලාවට බන් ඕවයේ ඇත්තකුත් නැ. එත් බොරු කියලම කියන්න බැ. ඔය වගේ මොකක් හරි මතයක් හැදෙන්න පරණ කතාවක් හෝ හේතුවක් තිනවා. එත් පසුකලිනව ඔය කතා/හේතු නැතිව මතය පමණක් පවතිනවා, තවද ඕව කටවහරෙන් පැවතගෙන එන නිසා ඕන තරම් එකිනෙකාගේ පව්ද්ගලික අදහසුත් එකතු වෙනවා. මේ නිසා පැරැන්නන් ඉදිරිපත් කල වදාගත් දෙයක් උනත් වර්තමානයේ තවත් එක පුහු මතයක් බවට පත් වෙන්න ඉඩ තිනවා.
    උදාහරණය විදියට අපේ පරණ ඇත්තෝ කියනවා ගර්බනි කාලෙට අංගවිකල ළමයෙක්/පුද්ගලෙක් දිහා බලන්නවත් එපා, හම්බෙන දරුවත් එහෙම වෙනවා කියල.
    එත් ඇත්තටම බැලීමෙන් පමණක් ලැබෙන දරුව අංගවිකල නොඋනත් සමීප ඇසුරෙන් එවැන්නක් සිදුවිය හැකි බව විද්‍යාත්මකව ඔප්පු වෙලා තිනවා.