මේ වගේ එව්න් සරසවි, සුමති විතරක් නෙවෙයි ලෝක මට්ටමේ අවෝඩ් එකකට කමෙන්ට් කරන්න දුන්නත් ඕවා තමයි ලියන්නේ. සුලු සුලු අඩු පාඩු නැති වෙන්න බෑ. මොකද අපි රහත් වෙලා නෑනේ. නමුත් අපි කරන දේ හිතට අවංකව කලා කියලා අපි 13 දෙනාම දන්නවා. කිසිම හොරයක් බොරුවක් කරන්න උවමනාවක් නෑ.
එකෙක් කියලා තිබුනා ඔටෝ මොබයිල් එකේ මගේ හිතවත් එව්න් ඉන්න නිසා මම ඒකට ක්ලෝස් පෝල් එකක් දැම්මලු. යකෝ ඕපන් ක්ලෝස් පෝල් දාන්න මම යෝජනා කලාට විනිශ්යමන්ඩලේ 12 දෙනාගේ එක්කෙනෙක් වත් ඒවට විරුද්ධවුනානම් ඒක වෙනස් කරනවා. ඒ දොලොස් දෙනාගෙම තීරණයක් මේක. නැතුව ඒ අංශේ භාර ජජ් රයිඩර් සහෝදරයාගේ හෝ මගේ තනි උවමනාවක් නෙවෙයි.
අනිත් එක එහෙම කියන උන් දන්නෙ නෑ පොල්වත්ත, අයිඩීජී දෙන්නා මගේ සම මිතුරන් බව. ඒ වගේම එහෙනම් කොහොමද පොල්වත්තව විතරක් උලුප්පන්න මට හෝ රයිඩර්ට ඕනි වෙන්නේ. අනිත් එක පුද්ගලිකය පොල්වත්ත, අයිඩීජී දෙන්නට වඩා මගේ පරණම හොදම යාලුවා රත්තරං. එහෙනං මම කරන්න ඕනේ ඌට දිනන් හොර කරන එකනේ.
මේකේ ඇතැම් සාමාජිකයන්ගේ තත්වෙ නම් ඉතාමත් පහත්. ඒ අය ගැන කතා කරලා වැඩක් නෑ. කොහොමත් මේ වැඩේ ඉවර කරයින් පස්සේ ආයි මම එලකිරියේ ත්රෙඩ් හෝ පෝස්ට් දාන්නෙ නෑ. පීඑම්, වීඑම් වලට විතරක් ප්රතිචාර දක්වනවා. එලකිරියෙන් නොයා එහෙම කරන්නේ මේකෙන් යන්න එපා කියලා ඊයේ ඉදන් ගොඩක් සහෝදරයෝ මට මැසේජ් එවපු නිසා.