මචං වාහනේ ටාට බට්ටෙක්, අනේ මන්ද බං..
මචං වාහනේ ඒකාලේ වටිනාකම ලක්ෂ 9යි.. ඒක ගෙවිලා ඉවර වෙන්න තිබ්බේ ලක්ෂ 15 කට. අපි මුලින් ගෙව්වේ පොඩි ගානයි මචං..
ඉන්දියන් වාහනයක් නේද... ඒක තමයි මචං සීන් එක... ඔය වගේ ලීසිං කොම්පැනි මහ අමනුස්ස කොම්පැනි... බැංකුවකින් හරි peoples leasing හරි කරගන්න තිබ්බේ... දැන් ඉතිං වැඩේ වෙලා ඉවරයිනේ.. උන් කොහොම හරි උන්ගෙ ගාන කවර් කරගන්නවා මචං... ඔක්කොම ගිවිසුම් ගහන්නේ උන්ට වාසි වෙන විදිහට.. අපි ඕවා කියවන්නේ නැහැනෙ... පුලුවන් කතා බහ කරලා විසඳුමකට එන්න බලන්න.. උනුත් නඩු දාගන්න කැමති නෑ.. හැබැයි ගිහිල්ලා නැති කමම කියපං.. ජීවත් වෙන්නවත් විදිහක් නෑ කියපං.. පුලුවන් තරම් අඬලා පොඩි ගානක් මාසෙකට ගෙවාගන්න හදාගනින්... නඩු ගියත් උඹ කට්ට කන්න එපැයි.. ඒත් උන් ඔක්කොම එකපාර ගෙවන්න කියනවනම් නඩු දාන්න කියපං.. ඒත් උඹට වෙන ආදායම් මාර්ග තියෙනවා කියලා ඔප්පු වුනොත් උඹේ නමට වටිනා දේපල තියෙනවනම් වැඩේ ටිකක් කේස් වෙයි... කලබල වෙන්න එපා මචං.. හොඳට කල්පනාවෙන් වැඩ කරන්න... හිත අප්සෙට් කරගන්නත් එපා... උඹ විතරක් නෙමෙයි මේ ලෝකේ ලීසිං වලට හිඟ තියපු එකම කෙනා.. ඒක නිසා හිත අවුල් කරගන්නෙ නැතුව වැඩ ටික කරගනින්...





