අභිධර්ම සංගමය.

thilinatta

Active member
  • Apr 5, 2009
    360
    92
    43
    මෙතෙනට සාමාන්‍ය පුද්ගලයෙක් හැරෙන්න අරිහතුන් වහන්සේ නමක් substitute කරොත් කොහොමද ඔය ටික වෙනස් වෙන්නේ?? මොකද අරිහතුන් වහන්සේට "පිට පැලෙන්න සම්බෝල පාර කාපු නිසා, තව බෝල පාරක් කන්න බියක් ඇති වීම." යන මනසිකාරය ඔතන එන්නේ නෑනේද?

    ඔයාල මෙතන කතා කරලා තියෙන්නේ පරමාර්ථ ධර්ම 82 න් මුලිකවම චිත්ත සහ චෛතසික ගැන විතරයි. ඒ කියන්නේ නාම ධර්ම ගැන විතරයි, පරමාර්ථ ධර්ම 82

    1 චිත්ත - 1
    2 චෛතසික - 52
    3 රූප - 28
    4 නිබ්බාන - 1

    කියල ප්‍රධාන කොටස් 4 ට බෙදන්න පුළුවන්
    රූප කොටස කතා නොකර රහතන් වහන්සේ කෙනෙකුගේ හෝ පුද්ගලයෙකුගේ සිතක් සකස් වෙන ආකාරය කතා කරන්න බැහැ මොකද පුද්ගලයෙක් කියන්නේ නාම රූප දෙකටම
    සිත නොහොත් විඤ්ඤාණය සකස් වෙන්නේ නාමය සහ රුපය කියන දෙකෙන්ම
    චිත්ත චෛතසික රූප කියන පරමාර්ථ ධර්ම පුද්ගලයෙක් නොහොත් නාමරූප තුලට කැටි කලාම
    තියෙන්නේ
    1 රූප
    2 වේදනා
    3 සංඥා
    4 සංකාර
    5 විඤ්ඤාණ

    කියන පංච උපාදානස්කන්ධයක්

    රහතන් වහන්සේ ඔය පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය බව සම්පුරනයෙන්ම අවබෝධ කරනවා කෙලෙස් සියල්ල නැති කරනවා උපාදාන වශයෙන ගන්නේ නැහැ එතකොට රහතන් වහන්සේට තියෙන්න පංචස්කන්ධයක්

    එතකොට රහතන් වහන්සේ

    බෝලය (රූප)- සතර මහා ධාතුව - අනිත්‍යයි
    පිට (රූප) - සතර මහා ධාතුව - අනිත්‍යයි
    පිට පුපුරුගහන වේදනාවක් (වේදනා) - ඵස්සය නිසා හටගත් දුක් වේදනාවක් - අනිත්‍යයි
    බිය (සංකාර) - බිය කියන්නේ ද්වෙශයේම එක ස්වබාවයක් ඒ කියන්නේ අකුසලයක්, රහතන් වහන්සේට අකුසල් සංස්කාර සකස් නොවන නිසා බියක් නුපදී
     
    Last edited:
    • Like
    Reactions: ruwantheekshana

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    ඔයාල මෙතන කතා කරලා තියෙන්නේ පරමාර්ථ ධර්ම 82 න් මුලිකවම චිත්ත සහ චෛතසික ගැන විතරයි. ඒ කියන්නේ නාම ධර්ම ගැන විතරයි, පරමාර්ථ ධර්ම 82

    1 චිත්ත - 1
    2 චෛතසික - 52
    3 රූප - 28
    4 නිබ්බාන - 1

    කියල ප්‍රධාන කොටස් 4 ට බෙදන්න පුළුවන්
    රූප කොටස කතා නොකර රහතන් වහන්සේ කෙනෙකුගේ හෝ පුද්ගලයෙකුගේ සිතක් සකස් වෙන ආකාරය කතා කරන්න බැහැ මොකද පුද්ගලයෙක් කියන්නේ නාම රූප දෙකටම
    සිත නොහොත් විඤ්ඤාණය සකස් වෙන්නේ නාමය සහ රුපය කියන දෙකෙන්ම
    චිත්ත චෛතසික රූප කියන පරමාර්ථ ධර්ම පුද්ගලයෙක් නොහොත් නාමරූප තුලට කැටි කලාම
    තියෙන්නේ
    1 රූප
    2 වේදනා
    3 සංඥා
    4 සංකාර
    5 විඤ්ඤාණ

    කියන පංච උපාදානස්කන්ධයක්

    රහතන් වහන්සේ ඔය පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය බව සම්පුරනයෙන්ම අවබෝධ කරනවා කෙලෙස් සියල්ල නැති කරනවා උපාදාන වශයෙන ගන්නේ නැහැ එතකොට රහතන් වහන්සේට තියෙන්න පංචස්කන්ධයක්

    එතකොට රහතන් වහන්සේ

    බෝලය (රූප)- සතර මහා ධාතුව - අනිත්‍යයි
    පිට (රූප) - සතර මහා ධාතුව - අනිත්‍යයි
    පිට පුපුරුගහන වේදනාවක් (වේදනා) - ඵස්සය නිසා හටගත් දුක් වේදනාවක් - අනිත්‍යයි
    බිය (සංකාර) - බිය කියන්නේ ද්වෙශයේම එක ස්වබාවයක් ඒ කියන්නේ අකුසලයක්, රහතන් වහන්සේට අකුසල් සංස්කාර සකස් නොවන නිසා බියක් නුපදී

    :yes::yes::yes::yes::yes:
    එළ, හොඳ විස්තරයක්.

    ඔය ටික මම කියන්න ගියානම් දාහක් වැල්වටාරම් ගහනව.:rofl:
     
    Last edited:

    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    කෙටියෙන් ගත්තොත්, ඕකට තමයි කර්මය සකස් වෙනවා කියන්නේ.

    අපි හොඳ වැඩක් කරනකොට, අපේ හිතේ යහපත් සිතිවිල්ලක් ඇති වෙන්නේ. කෙනෙක් හොඳ දේවල් ගොඩක් කරලා හිතේ ඇති වන යහපත් සිතිවිලි ප්‍රමාණය වැඩි වෙනකොට, එයාට අනික් පැත්තට යහපත් දෙයක් සිදුවෙලා අර වගේම හොඳ සිතිවිලි ඇති වෙන්න පුළුවන් සම්භාවිතාවය වැඩි වෙනව. මේක තමයි සරල විදිහට ගත්තොත් පිං කිරීම හා පිනේ ආනිසංස ලැබීම.

    පවට ඕකෙ අනික් පැත්ත.

    මචන් එතකොට අපි හිතමුකෝ පවක් කරලා යහපත් සිතුවිලි ආවම? උදාහරණයක් විදිහට මුස්ලිම් කෙනෙක් දකින්නේ එළුවෙක් ඇති කරලා උව මරල දුප්පත් අයට කන්න දෙන එක පිනක් හැටියට. එත් සත්ව ගාතනය පවක්. එයා එක දකින්නේ පිනක් හැටියට.. මෙතැනදී මොකද වෙන්නේ?
     
    Last edited:

    semiradilum

    Member
    Jun 13, 2011
    4
    0
    0
    Abhidhamma lesson Kalutara Bodhiya 001 - 2015-01-11

     
    Last edited:

    semiradilum

    Member
    Jun 13, 2011
    4
    0
    0
    Abhidhamma lesson Kalutara Bodhiya 001 - 2015-01-11

    Abhidhamma lesson Kalutara Bodhiya 001 - 2015-01-11

     

    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    This is how I understand the Buddhism. If its wrong pls correct me.
    According to the current scientific theories. Energy cannot be create & cannot be destroyed.
    So the only person who discovered how to create and and destroy energy is LORD BUDDHA. Inside our body we have the operating system called soul. This is the thing going around the SANSARAYA. That's why lord buddha told "Me shariraya winasha wena sului kiyala. But our soul never dies. To destroy this soul we have to go to nirvanaya. In old days buddhas teached collect PIN and dont do PAW. These are the ways how to increase our energy. Every animal have a energy for his soul. Ex-: Human has a energy around 50 - 60/ Animals has 50-40/ Yaksha 40-0/ Deviyan 60-80/ - When we doing paw our energy will reduced. If we doing PIN our energy will rise. End of the life. There will be a balance energy. According to this our soul will go to the right place.

    If im wrong pls correct me

    I agree with you
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මට තියන ප්‍රශ්නය, අපි ‍රැස්කරන කර්ම එකතුවී තියෙන්නෙ කොහෙද?
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,650
    7,854
    113
    මෙන්න මෙතන...
    මට තියන ප්‍රශ්නය, අපි ‍රැස්කරන කර්ම එකතුවී තියෙන්නෙ කොහෙද?

    බුදුරජාණන් වහන්සේ අපට යම්කිසි කාරණා සමූහයක් තේරුම් කරලා දෙන්න මහන්සි ගන්නවානේ. උන්වහන්සේ අපට තේරුම් කරන්න මහන්සි ගන්නවා, මේ පැවැත්ම වෙනස් වෙමින් යනවා කියලා. හැබැයි මේක තමන්ගේ ක‍්‍රියාවට ඵලය සකස්වන ස්වභාවයෙන් යුක්ත යි. ඒ කියන්නේ අපි කර්ම විපාකයට දාසවෙලා වාසය කරනවා. ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ තවත් තැනක දී කර්මය පිළිබඳ ව හරි ලස්සන කාරණාවක් දේශනා කරනවා. උන්වහන්සේ දේශනා කරනවා ‘කර්මය සත්වයාව හිරකරලා තියෙන්නේ කරත්ත රෝදය මැද්දට දාපු කඩඇණය වගේ’ කියලා. කරත්ත රෝදය ගැලවිලා විසිවෙන්නේ නැත්තේ කඩඇණය නිසානේ. කඩඇණය ගැලෙව්වොත් කරත්තයට යන්න බෑ. රෝදය ගැලවිලා විසිවෙනවා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ සත්වයන් කර්මයෙන් බැඳී සිටින්නේ කඩඇණයෙන් රෝදය හිරකරලා තියෙනවා වගෙයි කියලා.
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ගොඩක් වටිනා ත්‍රෙඩ් එකක්. මම මුල ඉදලම කියවගෙන ආවා. මට හිතෙන්නේ අභිධර්මය ගැන දන්නා දේවල් දාන ගමන් (මම අදහස් කරන්නේ වෙනම) මෙතන කට්ටිය අහන ප්‍රශ්න වලට උත්තර දුන්නනම් හොදයි කියල. එතකොට අභිධර්මය ගැන මුලික කරනු ටික පිළිවෙලකට ගලාගෙන යනවා.
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    මචන් එතකොට අපි හිතමුකෝ පවක් කරලා යහපත් සිතුවිලි ආවම? උදාහරණයක් විදිහට මුස්ලිම් කෙනෙක් දකින්නේ එළුවෙක් ඇති කරලා උව මරල දුප්පත් අයට කන්න දෙන එක පිනක් හැටියට. එත් සත්ව ගාතනය පවක්. එයා එක දකින්නේ පිනක් හැටියට.. මෙතැනදී මොකද වෙන්නේ?

    ගොඩක් අයට මේ ගැන ගැටළු පටන් ගන්න හේතුවෙන ප්‍රධාන අනවබෝධයක් තමයි, පවු හා පිං, කර්මය කියන එක account එකකට වැටෙනවා කියල හිතන එක. ඒත් එක්කම විද්‍යාවත් එක්ක පටලවාගත්තම පවු negative energy එකක් විදිහටත්, පිං positive energy එකක් විදිහටත් හිතාගන්නව. ඊට පස්සෙ පිං වැටෙනකොට account එක වැඩි වෙනව, පවු වැටෙනකොට account එක අඩු වෙනව කියල හිතනව.

    එහෙම හිතන එක සම්පුර්ණ වැරදියි වගේම, ගොඩක් අවුල් ගැටළු ඇති කරන දෙයක් වෙනව.

    ඇත්තටම වෙන දේ අර විදිහට හිතන අයට අවබෝධ කරගන්න පුලුව විදිහට කියන්න මම බලන්නම්.

    පවු හා පිං කියන්නෙ එකිනෙකට වෙනස්ම උන energies දෙකක්. එතකොට එකක් positive උනත්, අනෙක negative උනත්, එකකට එකක් කැපෙන්න විදිහක් නෑ. අපේ කර්මය කියන බැංකුවේ, පවු හා පිං වලට වෙන් උන accounts දෙකක් තියනව. එතකොට, පිං කරනකොට පිං account එක වැඩි වෙනව, පවු කරනකොට පවු account එක වැඩි වෙනව. ඒ accounts වලින් අඩු වෙන්න පුළුවන් එකම ක්‍රමය වෙන්නෙ, පව් හෝ පිං පඩිසන් දෙනකොට ඒකට අදාල පව හෝ පින withdraw වීමෙන්.

    ඒක නිසා, පවක් කලාට පස්සෙ, කොච්චර පිං කලත් අර පව මැකෙන්නේ නෑ; කවද හරි සංසාරේදි ඒ පව ක්‍රියාත්මක වෙනව. ඒ වගේම පිනක් කලානම්, කොච්චර පවු කලත් අර පින මැකෙන්නේත් නෑ; කවද හරි සංසාරේදි ඒ පින ක්‍රියාත්මක වෙනව.

    පිං account එකේ balance එක පවු account එකට වඩා ගොඩක් වැඩිනම්, දිව්‍යලෝකේ යන්න තියන chance එක වැඩියි. පවු account එකේ balance එක පිං account එකට වඩා ගොඩක් වැඩිනම්, අපායේ යන්න තියන chance එක වැඩියි.

    දිව්‍යලෝකේ සැප ලබනවා කියන්නෙ, සැප ලබනකන් අපේ පිං account ඒකෙන් withdraw කරනව කියන එක. ඒක නිසා සමහර දෙවිවරු දන්නෙම නැතුව පිං account එක හිස් වෙලා කෙලින්ම අපායට වැටෙනව. මේ විදිහටම තමයි සමහරු අපායේ ඉඳල කෙලින්ම දිව්‍යලෝක වලට යන්නෙත්.


    මම හිතනව sachiroxzටත් මේකෙන් උත්තරයක් ලැබුන කියල.;)
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    mata danaganna one mahanawenakota ai hisa mudu karanne kiyala:)

    වෙන්න පුළුවන් හේතු ගොඩක් ඔලුවට එනව, ඒත් හරියට නොදැන දෙයක් කියන එක සුදුසු නෑ. ඕකට හරිම හේතුව කියල ඇත්තෙ විනයපිටකයේ. විනය පිටකය ගැන දන්න ගිහි අය අඩුයි.