ඉස්සර ටීවී එකේ ගිය වීඩියෝ එක මතක් වෙනවා...සම්ප්‍රදායික වැඩවසම් ක්‍රමයේ ඉරිතැලීම හා නවයුගයකට අරුණලු වැටීම
මේ මගේ දෙවැනි විචාරය මේක ගීතය මට තේරෙන විදිහට උපහාසාත්මක දේශපාලන ගීතයක් .. මම වැරදි වෙන්න පුළුවන්.. මේ මට හැඟෙන හැටි
https://www.youtube.com/watch?v=JwEWsB_AmzI
මෙම ගීතයේ සීයාගෙන් ආර්ථිකව, සමාජිකව,සංස්කෘතිකව පිඩනයට පත් මුළු ලෝකයම තමා උපන් හැදී වැඩුණු ගමයි සිතන සම්ප්‍රදායික චින්තනයක් සහිත භයපක්ෂපාත ප්‍රවේනිදාස ගැමි සමාජය නිරුපනය කරනා අතර මුණුපුරා මගින් 1977 නිදහස් ආර්ථිකය හඳුන්වාදුන් පසු ගමෙන් නගරයට ගොස් රටේ ලෝකයේ කරක් ගසා මිල මුදල් අතපත ගෑ එකල තරුණ රැඩිකල් සමාජය (සුරසේන) හා නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් අධ්‍යාපනය ලද හෝ ගමෙන් එලියට ගොස් විශ්විද්‍යාල අධ්‍යාපනය ලද තරුණය සමාජය (පියල්) නියෝජනය කරනු ලබයි.
.................................................. .................................
අතුරු කතා - 1942 කන්නංගර මැතිතුමා විසින් නිදහස් අධ්‍යාපන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අවස්ථාවේ බණ්ඩාරනායක මහතා විසින් කන්නංගර මහතාට මෙහෙම කිව්වලු "ක්‍රිස් පිස්සු වැඩ කරන්න එපා ඔයා ඔය කරන වැඩෙන් අපිට ගහක ගෙඩියක් කඩාගන්නවත් කොල්ලෙක් නැතිවෙනවා"
.................................................. ......................................
සීය උජාරුවෙන් තමන්ගේ අලුත් පරපුර සමග නව ගමන ඇරඹුවත් තවමත් තමන්ගේ හිතේ ඉඩම් හිමි වැවිලිකරු පන්තියට ඇති ජානගත භයපක්ෂපතීත්වය හා විචිකිච්චාව පෙන්වා දෙන්නේ සීයා මෙම ගීතයේ පළමු කොටසේ ඇති මෙම දෙබස කලබලයෙන් හා තැතිගැන්මකින් යුක්තව තම මුණුපුරාට කියාපෑම මගින්ය. සීයාගේ දෙබසට අනුව තවමත් සීයගේ සම්ප්‍රදායික කුඩා ලෝකයේ හාමු (ඉඩම් හිමි වැවිලිකරු) යෝධයෙකි.
ඔන්න බෝල ඉස්සරහින් එනවා දෙවැට දිගේ වලව්වේ තඩි වාහනේ
නීල මහා යෝධයා වගේ හාමු පිටිපස්සේ ආසනේ ..
නමුත් ගමෙන් එලියට ගොස් රට ලෝකය දැකගත් රැඩිකල් තරුණ පන්තිය තවදුරටත් තමන්ගේ වැඩිහිටි ප්‍රවේණි දාස පරම්පරාව පෙළු සම්ප්‍රදායික වැඩවසම් ක්‍රමය පිළිනොගන්නා බව හා ඊට විරුද්ධව අරගල හා අභියෝග කරන බව මුණුබුරාගේ දෙබස් කණ්ඩයෙන් මොනවට පැහැදිලිවේ.
යන්නත් ඉඩ නැහැ සීයේ ඔහොම නවත්තගම්මු
හැබැයි බහින් එපා සීයේ අපිට ලොකු නැහැ හාමු
එහෙත් මුනුපුරගේ හිතට විචිකිච්චාවක් තියෙනවා තමන්ගේ පිඩිත වැඩිහිටි පරම්පරාවට තමන් කරන අරගලය තේරුම්ගන්න නොහැකිවීමෙන් හා ඔවුන්ගේ සම්ප්‍රදායික හා ජානගත භයපක්ෂපතීත්වය ඉස්මතු වීමෙන් මේ අලුතෙන් ඇරඹු ගමන අතරමග ඔවුන් බැස යාවි කියා එනිසා මුණුපුරා විසින් සීයට ටිකක් තරවටු ස්වරයෙන් මෙහෙම කියනවා
"හැබැයි බහින් එපා (තිරික්කලයෙන්) සීයේ අපිට ලොකු නැහැ හාමු" කියල..
මෙය ඇත්තටම 1900 ආරම්භවී 1980 දශකයේ අග වනවිට උච්චත්වයට පත්වූ ලංකේය සම්ප්‍රදායික පෙරළියකි. මුලදී තමන්ගේ සම්ප්‍රදායික වැඩවසම්ක්‍රමයේ බලපුලුවන් කාරකමින් මෙම සමාජ පෙරළියට ප්‍රතිරෝධයක් දැක්වුවත් පසුව තව දුරටත් තමන්ට එයට විරුද්ධ විය නොහැකි බව වටහාගෙන අයිනට වූ වැඩවසම් සවාමීත්වය පහත දෙබස් කණ්ඩයෙන් පිළිබිඹුවේ..
ඔන්නබොල බෙරිහන් දීගෙන පස්සෙන් පස්සට අයිනට ගත්ත වාහනේ
පුපුර පුපුරා ඇති වලව්වෙහාමු පිටිපස්සේ ආසනේ
එසේම මෙම සමාජ පෙරලිය සීයාගේ පරම්පරාවට මහා පුදුමයකි ඔවුන්ගේ හිතේ තිබුනාවූ කවදාවත් හැබෑ නොවන්නාවූ සිහිනයක් සැබෑවීමකි මේබව සීයා විශ්මයෙන් හා ප්‍රීතියෙන් යුක්තව ඉහත දෙබස් කාණ්ඩය මුණුපුරාට කීම මගින් වටහාගත හැක.
.................................................. ..............................
අතුරු කතා - උඩරට වලව් 13න් ප්‍රධාන වලව්වක් වන XXX වලව්ව එම වලව්වේම ප්‍රවේනි දාසකම් කරපු පරම්පරාවක කෙනෙකුගේ මුනුපුරෙක් මිලටගැනීම
වලව්වකට නෑකම් නොකියන රණසිංහ ප්‍රේමදාස විධායක ජනාධිපති වීම
උදාහර නම් ඕනතරම් තියෙනවා...
.................................................. ..............................
මෙහිදී අවසාන වශයෙන් සම්ප්‍රදායික වැඩවසම් ක්‍රමයේ අවසානය සනිටුහන් කරමින් මේ අලුතෙන් ඇරඹු ගමන නොනැවතී ඉදිරියටම යාම පහත දෙබස් කණ්ඩයෙන් දැක්වේ
හාමු හාමු අපි ඉස්සරහට මිස පස්සට යන්න දන්නේ නැහැ
අපිට සමාවෙන්න හමු අපිට රිවස් එකක් නැහැ
ඉතින් ඔහොම තමයි මට ඔය සින්දුව Feel වෙන්නේ වැරදිනම් දහස්වර සමාව දෙන සේක්වා.....



මෙන්න එහෙනම් යාළුවනේ ඊලග ගීතය.... මේකට දෙන කමෙන්ට්ස් මට වටිනව. ඊලග එක දාන්න ඒක ලොකු ධෛර්යයක්....
ඔයාට මම කොච්චරනම් ආදරේ කලාද කෙල්ලෙ.... ඒක මෙච්චරයි කියල මැනල දෙන්න පුළුවන් මිනුම් දණ්ඩක් මම දන්නෙ නෑ... ඒක නිසාද ඔයාට මගේ ආදරේ ප්‍රමාණය, ගැඹුර තේරුම් ගන්න බැරි වුනේ... තේරුම් ගන්න කෙල්ලෙ ගැහැණියෙකුට වඩා පිරිමියෙකුගෙන් ඇස්වලින් ගලන කදුළු බර වැඩියි.......
තම ජීවිතේම කියල හිතාගෙන ආදරය කරපු කෙල්ල දාල ගියාම හිතෙන දේ මොනවගේද කියල කියන්න ඕනි නෑ. ඒක තේරෙන්නෙත් නැතිව නෙමෙයි.... මම ඔයාගෙ ජීවිතේ එක්ක කොච්චර සිහින මැවුවද? ඔයා ඒ ඔක්කොම බිදල දාල එක මොහොතකින් වෙනකෙනෙක් එක්ක ඔයා ගියා.... මම දන්නව ඔයා එන්නෙ නෑ.... නමුත්.... මම එකපාරටම කොහොමද දෙවියනේ හිත හදාගන්නෙ.....
මෙහෙම විරහ වේදනාව තනිවම කාමරයක ඉදගෙන විදවන එක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි... කොල්ලෙක් නිසා විලාප ගහල අඩන්නත් බෑ.... දවස් ගෙවෙනව... දිනෙන් දින කැලෙන්ඩරේ දින ගලාගෙන යනව.... දැන් ඒවගේ ඔයාටත් මාව අමතක වෙනව ඇති......
දවසින් දවසට කොළයෙන් කොළයට
කොළ අඩුවෙනවා දින දසුනේ
මොහොතින් මොහොතට මා ගැන සටහන්
වියැකී යනවා ඔබ මනසේ
හද තියෙන රැයක හා නැති රැයක කොයිතරම් නම් වෙනසක් තියෙනවද.... ආලෝකය හා අදුර අතර කොතරම් වෙනසක්ද..... ඒත් කෙල්ලෙ ඔයා දන්නවද මට නම් ඒ දෙකේම කිසිම වෙනසක් තිබුණෙ නෑ.... ඒ වගේම ඒ දෙකම වැඩකුත් නෑ.... මොකද ඔයාට තේරුම් ගන්න බැරි උනාට මගේ හදවත නැමති කුටියෙ සද නැමති ආලෝකය උනේ ඔයා.... ඒ ආලෝකය ඔයා නිවල දැම්මෙ... මගේ ඒ සිතුවිලි ඔයාගෙ සිතුවිලි තරම් සියුම් නෑ කියල ඔයා කොහොමද කියන්නෙ ........? මම මේව ඔයාට ප්‍රකාශ නොකරපු නිසාද?
පුරපස අවපස වෙනසක් වූවද
ඔබ වෙයි සඳ මගෙ හද අඹරේ
මගෙ ඒ සිතුවිලි හා සබැඳේවි ද
මුදු සිතුවිලි ඔබ හද මැදුරේ
කොහොමින් හරි ... කාලය ගෙවිල යනව මම පුරුදුවෙනව ඔයා මම ගැන කියපු විදියට හිතන්න... ආදරේ නෑ, ආදරේ කරන්න දන්නෑ, ඔයා හොදනෑ, ඔයා හැදෙන්නෑ, කියනදේ අහන්නෑ, එහෙමනේ ඔයා කියන්නෙ මට හා මගේ මේ ආදරේට... මෙහෙම කියන්නෙ තුන්හිතකින්වත් ඔයාට තියෙන තරහකට නෙමෙයි... ඔයා මට කරන චෝදනා මට හොදට හුරුයි මම ඒ විදියටම හිතන්නම්... මට තේරෙනව කාලය, දිනෙන් දින ගෙවෙනකොට .... ඒ විදියට හිතනකොට මට පුළුවන් වෙනව කියල හිත හදා ගන්න..... දැන් මගේ හිත මුළින් තිබුනු තරම් දුක්වෙන්නෙ නෑ..... ඒකටත් ඔයාට පින්. මොකද මොන විදියකින් වත් හදා ගන්න බැරිවුන හිත ඔයා මට කියපුව ගැනම හිතල මට හදාගන්න පුළුවන් උනාට.
සිතුවෙම් සිතනෙමි හුරු ලෙස ඔබ ගැන
මගෙ හිත චංචල වූයේ නෑ
දින දසුනේ තව එක කොළයක් ඇත
එක දවසකි ඉතිරිව ඇත්තේ
මම හිත හදාගන්නම්.... ඔයා බොළද පොඩි කෙල්ලෙක් මට අන්තිමටත් කියන්න තියෙන්නෙත් එපමණයි කෙල්ලෙ. මම හැමදාම කිව්වෙත් එහෙමයි.... ඔයා මට රිදවන්න, මට පේන්න වෙන කෙනෙකු ලගට ගියාට ඇයි පොඩි කෙල්ලෙ, ඇයි දරුවො මාව තේරුම් ගත්තෙ නැත්තෙ .... ඔයා තේරුම් ගත්තෙ නෑ එහෙනම් දැනවත් මෝඩ කෙල්ලෙ තේරුම් ගන්න මාසයක්, අවුරුද්දක් ගිහින් හරි යතාර්ථයට මුහුණ දීල මටත් වෙන පැත්තක් බලන්න වෙනව කියන එක.........
සිතන්න බොළඳියෙ මගේ කුටියටත්
ඔබෙ කුටියට මෙන් වසරින් වසරට
නව දින දසුනක් එනවා..
කේ.ඩී.කේ.ධර්මවර්ධන නම් වූ අපූර්වතම ගේය පද රචකයා එඩ්වඩ්ට ලියූ එක ම ගීය මෙයයි. අවුරුදු 35 ක් විතර පැරණි මේ ගීය එඩ්වඩ්ගේ සංගීත දිවියේ එක කඩඉම් ගීතයක්. මේක එදා වගේම අදටත් ජනප්‍රියයි.
දවසින් දවසට කොළයෙන් කොළයට
කොළ අඩුවෙනවා දින දසුනේ
මොහොතින් මොහොතට මා ගැන සටහන්
වියැකී යනවා ඔබ මනසේ
පුරපස අවපස වෙනසක් වූවද
ඔබ වෙයි සඳ මගෙ හද අඹරේ
මගෙ ඒ සිතුවිලි හා සබැඳේවි ද
මුදු සිතුවිලි ඔබ හද මැදුරේ
සිතුවෙම් සිතනෙමි හුරු ලෙස ඔබ ගැන
මගෙ හිත චංචල වූයේ නෑ
දින දසුනේ තව එක කොළයක් ඇත
එක දවසකි ඉතිරිව ඇත්තේ
සිතන්න බොළඳියෙ මගේ කුටියටත්
ඔබෙ කුටියට මෙන් වසරින් වසරට
නව දින දසුනක් එනවා..
ගේය පද : - කේ.ඩී.කේ.ධර්මවර්ධන
සංගීතය:- රෝහණ වීරසිංහ
ගැයුම:- එඩ්වඩ් ජයකොඩි
අපේ යාළුවනේ මොකද කියන්නෙ මචන්ස්ලා.......
ලක්ෂ්මන් හිල්මි ගායනා කරන මේ සින්දුව අහනකොට කවුරුවත් මේකේ තේරුම ගැන හිතුවද?
රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා
නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා
සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා
යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා
විඳින වේදනා මදි මට නගයි චෝදනා
උහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනා
පිරී ඉතිරිලා ගිය බස් රථයෙ ගොඩ වෙලා
බලා උනිමි අසරණ වී කඳුළු සඟවලා
නොදැන ඔබ එදා මට බැන වදින්නට ඇති
ජාති ජාති වත් තරහක් මගේ නම් නැති
එදා යුද බිමේ මතකය ඔයාටත් ඇති
සදා කල්ම නොමියෙන රණ විරුව මම වෙමි..!!
මේ ගීතයට පාදක වුන සිදුවීම මේකයි►
කොට්ටාව හන්දියෙන් අවිස්සාවේල්ල බස් රථයකට නැගුනු තරුණියක් බස් රථයේ සෙනග නිසා සෙමින් සෙමින් ඉදිරියට යන්නට විය... බස් රථය වේගයෙන් ඉදිරියට යමින් පවතී. හෝමාගම මංසංධියේදී සෙනග සුළු ප්රෙමාණයක් බැස ගිය අතර තවත් සෙනග නගින්නට විය. ඒ අතර හැඩි දැඩි පෙනුමෙන් යුතු උස මහත තරුණයෙක් බසයට අපහසුවෙන් ගොඩ උනි. සෙනග අතරින් ඉදිරියට පැමිණ ඔහු කලින් කී තරුණිය අසල සිට ගත්තේය. බස් රථය ඉදිරියට ඇදෙන්නට විය.
ටික වේලාවකින් තරුණිය ගස්සා තරුණයාට රැවුවාය. නැවතත් සුළු මොහොතකින් තරුණිය රවන්නට විය. තෙවනි වර තරුණිය කට හඩ අවදි කලාය !!
''තමුසේ මහ වනචරයෙක් !! දැන් තුන්පාරක්ම මගේ කකුල පෑගුවා . තමුසේට අක්කලා නංගිලා නැද්ද. කෙල්ලෙක්ට බස් එකකවත් යන්න නෑ. ඔච්චර අමාරුනම් සල්ලි කීයක් හරි දීල ගෑනියෙක් අරං ගිහිං බුදිය ගනිං''
බස් රථයටම ඇසෙන සේ කෑගැසු තරුණිය නිසා තරුණයා දෙස බස් රථයේ සියලු දෑස් යොමු විය. තරුණයා කෙතරම් හැඩි දැඩි උවද ඔහුට ඒ වචන දරා ගත නොහැකි විය. ක්ෂණයෙන් ඔහුගේ දෑස් රූරා කදුලු කැට කඩා වැටෙන්නට විට. ඔහු තම හඩ අවදි කලේය.
''මගෙන් වරදක් උනා නම් මට සමා වෙන්න නංගි. මම යුධ හමුදාවේ. පුදුකුඩුඉරිප්පු අවසාන සටනෙදී මට බොම්බයක් පෑගිලා මගේ කකුල මට නැති උනා. මගේ දකුණු අතත් හරියට වැඩ කරන්නේ නෑ. ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙනවා නංගි. එදාම මැරිල ගියා නම් අද ඔයා මට බනින්නේ නෑනේ. මට සමාවෙන්න මගේ බොරු කකුලට හැගීම් දැනීම් නෑනේ නංගි ඒකයි එහෙම උනේ. ආය පාරක් මට සමාවෙන්න''
තරුණයා කදුළු පිරි දෑසින් කියාගන කියාගන ගියේය. එසේ කියා තරුණයා පනාගොඩ යුධ හමුදා කදවුර අසලින් බැස ගියේය. ඔහුට ආසනයක් නොලැබීම ගැන බස් රථයේ සියලු සෙනග කම්පා වූ අතර තරුණිය ඉතා වේගයෙන් අඩන්නට විය.
අප රණවිරුවන්ට මීට වඩා සැලකිය යුතුය. අපේ පණ බේරුවේ ඔවුන්ය. අප ඔවුනට නිසි තැන දී ගරු කල යුතුය. දෙවියන්ද ඔවුන්ව පුදනු ඇත.
පත්තරය තිබ්බ එකක් මේක...
oka liwwe mama yakow
කෝම උනත් ලීවෙ ඔයා නම්... තව ලියමු මචංපත්තරය තිබ්බ එකක් මේක...


අපේ යාළුවො අහල තියෙනවද සනත් නන්දසිරි ගායනා කරන මේ ගීතය....
ආදර සැමරුම් කැටිවූ ....... නෙතු කදුළින් මුතු පොබොලින්
නිමාකලෙමි සිහිවටනය යමුනා තීරේ....... යමුනා තීරේ......
ඉතින් මම කිව්වොතින් මේ ගීතයෙන් කියවෙන්නෙ අවමගුල් පෙරහැරක් හා ඒ ගමන ගැන කියල කිව්වොත් අපේ යාළුවො මොකද කියන්නෙ...... අහල බලන්නකො ඒ ගීතය...... විචාරය පසුව බලාපොරොත්තුවන්න....
MATANAM HITHENNE SASLIIT AIYE ME KIYANNE TAJ MAHALA,MUMTAJ DEVIYA SAHA SAHAJAN RAJATHUMA GENA KIYALA.......
WERADINAM SAMA WENNA...![]()



හනිමූන් එකේ දී පබැදූ ගීතය....
අපේ බාසාවෙන් කියනවනම් පිස්සු හැදෙන උඩ විසිවෙන සිද්ධියක් මම දැන් අපේ යාළුවන්ට කියන්න හදන්නෙ....
ආචාර්ය පණ්ඩිත් අමරදේව ශූරීන් විසින් ගායනා කරන ලද , සෝමදාස ඇල්විටිගල මහතා සංගීතවත් කරන ලද "ආදර හැඟුම්" කියන ගීතය මම හිතන්නෙ හැමෝම අහල ඇති. මෙම ගීතය හැදුනෙ කොහොමද ඒ අත් දැකීම රචකයාට ලැබුන විදය හිතනකොටත් පුදුමයි. හොදයි මෙන්න මේකයි කතාව.
අපේ මේ ගීය රචනා කරපු දයානන්ද ගුණවර්ධන මහතා දීර්ඝ කාලයක ප්‍රේම සම්බන්ධකින් අනතුරුව විවාහ වෙන්න සූදානම් උනා. විවාහ දිනයේ විවාහ උත්සව කටයුතු වලින් පස්සෙ මනාල යුවල සුභ මොහොතන් ගියා හනිමූන් එක ගතකරන්න තානායමට. දැන් මම ඔයාලගෙන් ඇහුවොත් මොකටද හනිමූන් එක ගතකරන්නෙ... ඇයි තානායමට යන්නෙ කියල අපේ එළකිරි යාළුවො කියයි සස්ලිට්ට පිස්සු හැදිල කියල... ඒත් මම ආයෙත් අහනව ඇයි හනිමූන් එක ගත කරන්න යන්නෙ කියල... මොකද දන්නවද යාළුවේ හනිමූන් එක ගතකරන්න ගියපු අපේ මේ ගීත රචකය හනිමූන් එක පැත්තක තියල කරල තියෙන්නෙ මේ ගීතය ලියපු එක. අන්න ඒවගේ පුදුම විදියේ කලාකරුවො ටිකක් තමයි අපිට අතීතයේ සිටියෙ. මධු සමය ගතකරන මොහොතේ එතුමා ලියපු ගීතය තමා මේ ආදර හැගුම් කියන ගීතය. අපි නම් ලියයි ගීත නේද යාළුවනේ...........?
දැන් මම කියන්නෙ සින්දුව ලියපු විදිය... ඉතින් තානයමට ගියපු මේ යුවල ඇදුම් මාරුකරගන්න සූදානම් උනා. හොටෙල් එකට ගිහින් මංගල ඇඳුම් ඉවත් කරල මනාලිය බොහොම සැහැල්ලු ඇඳුමකින් සැරසිලා ඉන්නවලු. අපේ මේ ගීත රචක මහත්මයත් බැලුවලු පොඩි වොශ් එකක් දාගන්න. අනේ බලනකොට එයාගේ ඇඳුම් බෑග් එක නැතිලු, අමතකවෙලා දාල ඇවිත්. හරිවැඩේ..... දැන් ඉතින් මොනව කරන්නද අර මංගල ඇඳුම පිටින්ම දයානන්ද මහත්තයා පුටුවක වාඩිවෙලා ඉන්නවා. මනාලිය ඇඳට වෙලා බලාගෙන ඉන්නවා. මෙහෙම ඉන්න ගමන් දයානන්ද මහත්තයා තමන්ගෙ මනාලියගෙ හැසිරීම නිරීක්ශනය කරනවා ඒ වගේම මනාලියගේ සිතුවිලි මොනවගේද කියල තේරුම් ගන්නත් බලනවා. ඔන්න ඔහොම ඉන්නකොට තමයි මේ ගීතය ලියවෙන්නෙ.
ආදර හැඟුම්//
නුපුරුදුයි මට නුපුරුදුයි
ඒ හැඟුම් ආදර හැඟුම්
කිති කවයි හද කිති කවයි
ඒ හැඟුම් ආදර හැඟුම්.........
මේ කොටසින් කියන්නෙ මෙහෙම තැන් දෙකකට වෙලා ඉන්න, ඇස් වලින් කතා කරන වැඩ අපි කවදාවත් කෙල් නෑ නේ. අපිට කරන්න අවශ්‍ය උනෙත් නෑ. නමුත් මොනව කරන්නද ඔයා ඔතන මම මංගල ඇදුම පිටින් මෙතන. දැන් තමා ඔයා ඇස්වලින් මාව අමතනව මට පේන්නෙ. ඒත් මට ඒව නුහුරුයි. ඔයා කවදාවත් මට ඇස් වලින් අමතල නෑ. මගේ හිතට ගතට මොනවදෝ වේනව.
සැදෑ අඳුරේ සැලෙන තරු එළි
මගේ හද තුල කරයි විමසිලි
නැගෙන ගණදුර වඩයි සිතුවිලි
මේ මගුල් රෑ බිඳෙයි ඉවසිලි...........
මනාලියගේ ඇස් අදුරේ දිලෙන තරු වලටයි උපමා කරන්නෙ. තරු කතා කරනව ඇයි මගේ ලගට නොඑන්නෙ කියල. ඒ කියන්නෙ බිරිද ඇස් වලින් ආයාචනා කරනව. රාත්‍රිය එන්න එන්නම වැඩිවෙනව, හැගීම් උද්දීපනය වෙනව.... ඉවසන්න අමාරුයි ඒත් ඉතින් අමාරුවෙන් හරි ඉවසනව ඇරෙන්න වෙන මොනව කරන්නද? කියල හිතල රචකය උත්සාහ කරනව මංගල ඇදුම පිටින්ම එතෙනට වෙලා ඉන්න.
කිමද ඔබ මල් කුමරියන්නේ
පෙතිවිදා සතුටින් නො ඉන්නෙ
රහස නැතිවද මං නොදන්නෙ
තුරුලෙ බඹරුන් නොවෙද ඉන්නෙ.........
දෙවන අන්තරා කොටසේදී තම මනාලියගේ නෝක්කාඩු ස්වරූපය විස්තර කරන්නෙ. ඇය සතුටින් නොසිටින බව "කිමද ඔබ මල් කුමරියන්නේ පෙතිවිදා සතුටින් නො ඉන්නෙ" යන පදයෙන් කියවෙනවා. මධුසමය දවසෙ මනාලියගෙ මුහුණ එන්න එන්නම කණගාටු මුහුණුවරක් ගන්නව. කණගාටුනොවී කෙහොමද? ඉතින් අපේ මේ ගීත රචක දයානන්ද ගුණවර්ධන මහතා ඒ විදියට මනාලියගෙ මුහුණ සෝකබරිත වෙන්න හේතුව දන්නවා. අමුතුවෙන් කියන්න ඕන නෑනේ... හේතුව තමයි ඈ වෙතට නොපැමිණීම. ඔහු මෙය ගීයෙන් මෙසේ විස්තර කරනවා. "රහස නැතිවද මං නොදන්නෙ තුරුලෙ බඹරුන් නොවෙද ඉන්නෙ".
ආදර හැඟුම්//
නුපුරුදුයි මට නුපුරුදුයි
ඒ හැඟුම් ආදර හැඟුම්
කිති කවයි හද කිති කවයි
ඒ හැඟුම් ආදර හැඟුම්.
සැදෑ අඳුරේ සැලෙන තරු එළි
මගේ හද තුල කරයි විමසිලි
නැගෙන ගණදුර වඩයි සිතුවිලි
මේ මගුල් රෑ බිඳෙයි ඉවසිලි.
කිමද ඔබ මල් කුමරියන්නේ
පෙතිවිදා සතුටින් නො ඉන්නෙ
රහස නැතිවද මං නොදන්නෙ
තුරුලෙ බඹරුන් නොවෙද ඉන්නෙ.
ඉතින් ඔන්න ඔහොමයි අපේ සිංහල ගීත සාහිත්‍යයට තවත් ලස්සන ගීතයක් එකතු උනේ. බලන්න ශෘංගාර රසය දනවන්න උපමා, උපමේය, භාෂාව යොදාගෙන තියෙන ලස්සන හා දක්ෂතාවය. ඒ විතරක්ද තැන නොතැන නැතිව ගලාගෙන එන අදහස් කැටි කරල අපවෙත ලබා දි තිබෙන ආකාරය. මේ කතාව කලින් අපේ යාළුවො අහල තියෙනවද? ලස්සන ගීතයක් නේද?
අපි වගේනම් මේවගේ අවස්ථාවක ගීත ලිය ලිය ඉදීද....? ඒ නිසා වෙන්න ඇති ඔවුන්ට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාකරුවන් කියන්නෙ....
මේ කතාව දන්න අය ඇරෙන්න මෙතනදී දැනගත් හැම කෙනාගෙන්ම මට කමෙන්ට්ස් ඕනමයි යාළුවනේ තවත් ගීයකින් හමුවෙමු...............
oya lassanata wisthara karala thiyenawa aiye...godaaak sthuthiy apita mehema kiyala denawata...aiyata pin..
වසර ගනනකින් රිප්ලයි එකක් වත් ගසා නැති පැරණි සාමාජිකයන් නැවත කැන්දන, අළුත් සාමාජිකයන් එලකිරියට බන්දන හුයක රැදි හිදීමට ලැබීමත්, එම සත්කාර්යයට වෙර පිනිස යමක් කිරීමට ලැබීමත් ගැන අතිශය සතුටු වෙමි.....!!!!!!!!!
mamath me thread eka nisamai join une... thawama kiyawanawa... godaaaaak lassanai... oyai, sasliit aiyai godaaaak mahansi wenawata sthuthiy...!
තාම එක ප්‍රතිචාරයයි.......යකා මල්ලිගෙන් පමණයි.......
විචාරය පළකිරීම පමා කරන ලෙස ඉහලින් අණ ලැබී ඇත.......!!!!![]()
මේ ගීතය රසවිඳපු මේ ගීයට ආදරේ කරන ගොඩාක් අය ඇති..ඉතින් ඒ අය වෙනුවෙනුත් නොබලපු කෙනෙක් ඉන්නව නම් ඒ අය වෙනුවෙනුත් තමා මේ ගීතය... මා වෙත මාගේ මිතුරෙකු කොහෙන්දෝ සොයාගෙන ඊමෙල් කරන ලද ලද්දක්.........
අම්මා කෙනෙක් ගෙ ආදරේ වගේම තමන් කල වැරදි ගැන පසුතැවෙන පුතෙකුගේ කවි සිතුවිල්ලක් වගේ..හිතට දැනෙන සින්දුවක්. වැරදි යාලුවො නිසා තවත් කෙනෙක් ගෙ දිවි උදුරගත්ත පුතෙක් මරණ දඬුවම විදින්නට මොහොතකට පෙර වැඩම කල ස්වාමින් වහන්සේ කෙනෙකු අබියස වැඳ වැටෙන හැටිත් අම්මා කෙනෙක් ගෙ අපිරිමිත දාරක ප්රේමමයත් හිත තුල සිත්තම් කරන්නට මේ පද පෙල සමත්..පුතු තමන්ගෙ වැරදි ගැන පසුතැවුනත් ඒ වැරදි හදාගන්නට ඔහුට ඉඩක් නැහැ,මතු බවයෙ වැරදි යහලුවන් නම් ලැබෙන්න එපා කියලා ඔහු ප්‍රාර්ථනා කරනවා. මේ සිදුවීම ඇත්තටම අපේ සමාජයේ දකින්න පුලුවන් නේද? වැරදි යාලුවො නිසා අදටත් මහ උලු ගෙදර තනි වෙලා ඉන්න අය කී දෙනෙක් නම් ඇත්ද? ඒ අය වටා හිටිය යහලුවන් යැයි කියාගත්තවුන් අතහැර යද්දි අම්මා ඒ දරුවට ආදරේ කරන හැටි හරි පුදුමයි. කොයිතරම් බැන්නත් ගැහුවත් පුතෙක් වැරදි කලත් අම්මා කෙනෙක් ඒ දරුවව අත් හරින්නෙ නෑ, ඒ කතාත් මේ පැදි පෙලේ අවසානය වගෙමයි..
"දුදනන් ඇසුරින් පරපණ නැසුවත් නුඹ මගෙ පුතුය අනේ
මතු උපදින දා මගෙම පුතු වෙයන් හොඳ මිනිසකු ලෙසිනේ."
මොන වැරැද්ද කලත් අම්ම කෙනෙක් තමන්ගෙ දරුවව අත අරින්නෙ නැහැ..ඒ නිසාම ගොඩාක් ප්‍රශ්න වලදි මං අඬා වැටෙන්නෙ අම්මා ගාව..ඒ වගේම තවත් කෙනෙක් ගෙ ලේ තමන්ගෙ අත්වල ගාව ගන්න තරම් නපුරු උන මේ පුතා අම්මගෙ සෙනෙහසට ආදරේ කරන හැටි?කොයි සෙනෙහසටද පුලුවන් ඒ තරම් නපුරු වුන තද හිතක් අඬවන්න.අම්මගෙ සෙනෙහසට විතරමයි..මරණයට බය නැති උනත් මේ ලෝකෙන් මිදෙන්න බැරි එකම බැම්ම අම්මගෙ ආදරේ...
"බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ
දුක හිතිලද හිර ගෙදරට වැඩියේ මාගෙ මරණ දිනේ
මගෙ අම්මා වත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ
මා ගෙලලූ බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ
අනේ ස්වාමිනි මා ගෙල ලන්නට ඉඩ නම් දෙන්න එපා
ගෙලවැලලූවොත් මගෙ මළ කඳ අම්මට පෙන්නන්න එපා
ඇතිදා ලඟ උන් මිතුරන් මතු සසරෙදි හමු වෙන්න එපා
නැති දා ලඟ උන් බුදු අම්මේ නුඹ දුක් ගිනි ගන්න එපා
බුදු හාමුදුරුවො....
නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනක සමා
මරණයෙ දොරකඩ සිට ඔබ පා යුග සිඹ සමු ගනිමි මෙමා
කෙලිලොල් කම් කෙරු මා සතු දිවිමග දැන් දැන් වේවි නිමා
මරණ බයක් නෑ අම්ම සිහිවෙයි........................................
මව...
බුදු හාමුදුරුවො වැඩියා වාගෙ පින්බර ස්වාමිනේ
දුක හිතිලයි මා හිරගෙට ආවෙ පුතුගේ මරණ දිනේ
දුදනන් ඇසුරින් පරපණ නැසුවත් නුඹ මගෙ පුතුය අනේ
මතු උපදින දා මගෙම පුතු වෙයන් හොඳ මිනිසකු ලෙසිනේ.
Mama Me geethaya meeta kalin ahala thibune nehe...ada eka ehuwama godak senwedi una...me geethaya ha vicharaya dunnu aiyata godak pin...