ෆොක්ස්~ටෙරියර්_Fox Terrier

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆොක්ස්~ටෙරියර්_Fox Terrier

    cxi8dNp.jpg


    අද ත්‍රේඩ් එක අරන් එන්නේ ලෝකේ මොනම රටකවත් වැඩිපුර දකින්න නැති,හැමතැනම ගන්න නැති බ්‍රීඩ් එකක් ගැනයි.
    ෆොක්ස් ටෙරියර් කිව්වාම ගොඩක් වෙලාවට අපේ අයට නම් ජිවිතේට අහලාවත් නැති බ්‍රීඩ් එකක් මේක.
    මෙයාලා වැඩිය ෆේමස් අය නෙවෙයි.
    සීතල කාලගුණයකට වඩා රස්නේ කාලගුණ තත්වයන් වලදි ගේමක් නැතුව හදන්න පුලුවන් බ්‍රීඩ් එකක් තමා ෆෝක්ස් ටෙරියර් කියන්නේ.
    පොඩි ලමයි එක්ක විශ්වාස කරලා තියන්න පුලුවන්,පොඩි ලමයින්ට ආදරේ,පොඩි උන් එක්ක සෙල්ලම් කරන්න ආස බ්‍රීඩ් එකක් ෆොක්ස් ටෙරියර් කියන්නේ.
    මෙයාලගේ ෆර් එක ශෝර්ට් ෆර් එකක් නිසා ෆර් එක ගැන ගොඩක් වද වෙන්න ඕන නෑ.
    මෙයලව ගොඩක් වෙලාවට ගෙවල් වල හදන්නේ හුරතලේට සහ ආරක්ශාවට.
    මෙයාලා ග්‍රේට් ඩේන්,ජර්මන් ශෙපර්ඩ් වගේ ලොකු බ්‍රීඩ් එකක් නෙවෙයි.
    පොඩි බ්‍රීඩ් එකක්.
    පොඩි බ්‍රීඩ් එකක් උනත් තමන්ගේ සීමාවට එන ඕන මිනිහෙක්ට,ඕන සතෙක්ට පැනලා පහර දෙන්න මෙයාලා සැදි පැහැදි ඉන්නවා.
    පොඩ්ඩ ඇත්නම් බුරන්න පටන් ගන්නවා මෙයාලා පොමරේනියන් වගේ.
    ඒ නිසා මෙයාලව ආරක්ශාවට හදනවා සමහර ගෙවල් වල.
    ෆොක්ස් ටෙරියර් කියන්නේ හොදට ශක්තිය තියන බල්ලෙක්.
    මෙයාලව මහන්සි කරන්න නම් වෙලා යනවා.
    ඉක්මනට මහන්සි දැනෙන්නේ නෑ මෙයාලට.
    කල්පනා කරන්න පුලුවන් හොද මොලයක් තියනවා ෆොක්ස් ටෙරියර්ස්ලාට.
    ඒ මොලේ නිසාම මෙයාලව කොටු කරලා තිබ්බොතින් වටේම දැල් ගහලා තියන වත්තක,පොලොව හාරගෙන දැලෙන් එහා පැත්තට උනත් යන්න පෙලඹෙනවා.
    මෙයාලා ආස නෑ කොටු වෙලා ඉන්න.
    බල්ලෝ හදලා එක්ස්පිරියන්ස් නැති කෙනෙක් ෆොක්ස් ටෙරියර් එකෙක්ව හදනවානම් බල්ලෝ හැදිල්ලත් එපා වෙන්න පුලුවන් මොකද කිව්වොත් මෙයාලව ට්‍රේන් කරන්න හරිම අමාරුයි බීගල් අය වගේ.
    මෙයාලව ට්‍රේන් කරන්න අමාරු මෙයාලගේ කල්පනා කිරිමේ ශක්තිය හොදට තිබ්බත් මෙයාලා තමන්ගේ තනි තීරණ ගන්න පෙළඹෙන නිසයි.
    ඒ නිසා මේකෙක්ව ගන්නවානම් ගන්න දවසේ,ගන්න වෙලාවේ ඉදන්ම ට්‍රේන් කරගන්න වෙනවා.
    ලන්කාවේ නම් මම මෙයාලව දැකලා තියෙන්නේ බොහොම කලාතුරකින් ගෙවල් වල.

    Wire-Fox-Terrier-Puppy-Photos.jpg


    පොඩි කාලේ පැත්තට යමු අපි දැන් මෙයාගේ.
    මෙයාලගේ පොඩි කාලේ මෙයාලා මාර ඇක්ටිවි මෙයාලගේ ලොකු කාලෙටත් වඩා.
    දවසම දගලන්න තියනවානම් ආයේ වෙන මුකුත් ඕන නෑ ෆොක්ස් ටෙරියර් පැටියෙක්ට.
    පොඩි කාලේ ඉදන්ම පවුලේ හැමකෙනෙක්ටම වගේ ගොඩක් ආදරෙන් ලන් වෙනවා මෙයාලා.
    හුරතල් වැඩ කරලා ඒ ආදරේ වැඩි කරගන්නත් ෆොක්ස් ටෙරියර් පැටව් හොදට දන්නවා.
    පොඩි දවස් වල ඉදන්ම හරි හරියට බුරනවා මෙයාලට සැක හිතෙන දෙයක් උනොත්.

    අපි දැන් මෙයාලගේ මෙව්වා ටිකක් බලමු.

    Skeleton2.jpg


    මෙයාලගේ ප්‍රධාන වශයෙන් පාට හතරක් තියනවා.

    වයිට්.
    White.

    White-Wire-Fox-Terrier.jpg


    බ්ලැක් ඇන්ඩ් වයිට්.
    Black and White.

    263f2f1d630d9480ca9776f78513c3ff.jpg


    ට්‍රයි කලර්.
    Tri-color.

    wire-fox-terrier7.jpg


    වයිට් ඇන්ඩ් ටෑන්.
    White and Tan.

    220px-Elias1%C4%8Derven2006.jpg


    ෆොක්ස් ටෙරියර් අයගෙත් ජාති දෙකක් ඉන්නවා.

    Wire-Fox.jpg


    වයර් හෙයාර් ෆොක්ස් ටෙරියර්.
    ( Wire Hair Fox Terrier )
    මෙයාලට එහෙම කියන්නේ ගොඩක් වෙලාවට මෙයාලගේ ෆර් එක වයර් එකක් වගේ ඇබරිලා තියන නිසයි.


    smooth_fox_terrier.jpg


    ස්මූත් ෆොක්ස් ටෙරියර්.
    ( Smooth Fox Terrier )
    මෙයාලට එහෙම කියන්නේ ෆර් එක හරිම පිලිවෙලට තියන නිසයි.

    story%2Btime.jpg


    මම එහෙනම් දැන් මෙයාලගේ ඉතිහාස කතා මෙව්වා එක කියන්නම්කෝ.
    මෙහෙමයි සීන් එක.
    ෆොක්ස් ටෙරියර් අයව ඩිවලප් උනේ බීගල්,ග්‍රේ හවුන්ඩ්,බුල් ටෙරියර් කියන බ්‍රීඩ්ස් එකතු වෙලා කියලයි ගොඩක් අය කියන්නේ.
    බීගල්.
    Beagle.

    beaglesf3.jpg


    ග්‍රේ හවුන්ඩ්.
    Greyhound.

    thumb.php


    බුල් ටෙරියර්.
    Bull Terrier.

    miniaturebullterrier_calcagnini.jpg


    ෆොක්ස් ටෙරියර් කියන්නේ එන්ගලන්තේ බල්ලෙක්.
    දහඅට වන සියවසේදි එන්ගලන්තේ හිටියා නරියෝ දඩයම් කරන දඩයක්කාරයෝ.
    ගොඩක් වෙලාවට නරි ඉන්නේ පොලොවේ ගුහාවල් වගේ ඒවා හාරගෙන නිසා දඩයම් කරන අයට ඕන උනා ඒ ගුහා වගේ ඒවා ඇතුලේ ඉන්න නරින්ව එලියට ගෙන්න ගන්න.
    ඒ නිසාමයි ෆොක්ස් ටෙරියර් කියන බ්‍රීඩ් එක ඩිවලප් කරේ දඩයක්කාරයෝ.
    ෆොක්ස් ටෙරියර් අය පොඩි නිසා උන්ට පුලුවන් උනා නරි ඉන්න ගුහාවල් වගේ ඒවා ඇතුලට ගිහිල්ලා නරින්ව බය කරලා එලියට පන්න ගන්න.
    ෆොක්ස් ටෙරියර්ස්ලා එලියට පන්නන නරියන්ව දඩයක්කාරයෝ දඩයම් කරා.
    ෆොක්ස් ටෙරියර්ස්ලාගේ වැඩ වලින් පැහැදුනු දඩයක්කාරයෝ ෆොක්ස් ටෙරියර්ස්ලාව ගෙදර අරන් ගිහින් හදන්න ගත්තා.
    ඔන්න ඔහොමයි ෆොක්ස් ටෙරිය‍ර්ස්ලාව ගෙවල් වල හදන්න පුරුදු උනේ මිනිස්සු.

    දැන් මම කට්ටියට පොඩි බඩ්ඩක් කියන්නයි යන්නේ.
    ෆොක්ස් ටෙරියර්ස්ලාව දන්නේ නෑ නේද?
    ෆොක්ස් ටෙරියර්ස්ලාව දන්නේ නැති උනාට මෙන්න මෙයාලව දන්නවනේ චුටි කාලේ ඉදන්ම.

    theadventuresoftintin51bf702ae6872_1442987810.png


    මේ තමා ටින්ටින් සහ ස්නෝවි.
    ටින්ටින් කාටූන් එකේ හිටපු ස්නෝවි කියන්නේ ෆොක්ස් ටෙරියර් බල්ලෙක්.
    :shocked::shocked::shocked::shocked:
    අදනේ දන්නේ ඒක.
    ටින්ටින් කාටූන් එකේ ස්නෝවි හැමවෙලාවේම සැක දෙයක් දැක්කාම ඒක පස්සෙන් යනවනේ ටින්ටින් එපා කිව්වත්.
    ඒ ෆොක්ස් ටෙරියර් අයගේ හැටි.
    තමන්ට සැක දෙයක් සෙට් උනොත් අපි කොච්චර එපා කිව්වත් ෆොක්ස් ටෙරියර්ස්ලා ඒ පස්සෙමයි යන්න හදන්නේ.
    ෆොක්ස් ටෙරියර් කියන්නේ හොදටම එක්සර්සයිස් නම් දෙන්නම ඕන බ්‍රීඩ් එකක් හැමදාම.
    මෙයාලා ඉක්මනට මහන්සි වෙන්නේ නැති නිසා හැමදාම මෙයාලට මහන්සි දැනෙන්න එක්සර්සයිස් අනිවාර්යෙන්ම දෙන්න ඕන සතාගේ යහපත් පැවැත්මට.

    wire_fox_terriers_wedding_thank_you_note_card-rd7714fbe71ac49c59670f742055202e3_xvua8_8byvr_324.jpg


    ඔන්න ඔහොම ජිල්මාර්ට් එකක් දාලා ත්‍රේඩ් එක ඉවර කරනවා මම.
    පලවෙනි පාර බල්ලෙක් හදන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්නේ නෑ මම නම් ෆොක්ස් ටෙරියර් එකෙක්ව හදන්න කියලා.
    බල්ලෝ හදලා,ට්‍රේන් කරලා එක්ස්පිරියන්ස් තියනවානම්,ගෙදර පොඩි ලමයි ඉන්නවානම් ෆොක්ස් ටෙරියර් කෙනෙක්ව හදන්න චැලේන්ජ් එකක් විදියට.
    කොච්චර දගකරත් ආදරෙන් ගෙදර අයව පණ වගේ පරිස්සම් කරයි ෆොක්ස් ටෙරියර් කෙනෙක්ව හැදුවොත්.

    මම මේ ත්‍රේඩ් එක දැම්මේ කිරියේ සමාජිකයෙක් ෆොක්ස් ටෙරියර් බල්ලෝ ගැන ත්‍රේඩ් එකක් දාන්න කිව්ව නිසයි.
    ඔන්න ඒ ආසාව ඉශ්ට කරමින් මම ත්‍රේඩ් එකක් දැම්මා.
    මේක දැම්මේ කාටහරි දෙයක් ඉගෙන ගන්න පුලුවන් කියන චේතනාවෙන්.
    කියවලා අනිවා කමෙන්ට් එකක් දාලා යන්න.
    උබලගේ කමෙන්ට්ස් නිසයි මම ත්‍රේඩ්ස් දාන්නේ.
    කියන්න තියන දෙයක් කෙලින් කියන්න හැබැයි තමන්ට තමුන් කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන.
    ඔප්පු කරන්න බැරි නම් කරුණාකරලා තවුසන්ඩ් ටෝල්ක්ස් නොදි ඉන්න ඕන පාඩුවේ.
    දරුණු වෝනින් එකක් දෙන්නේ මම.
    එහෙනම් ජය වේවා.

    කූඩුවේ දාලා,ගැට ගහලා හදන්න හිතන් ඉන්නවානම් කිසිම බ්‍රීඩ් එකක බල්ලෙක් ගන්න එපා.
    ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් ගෙදරට සිසිටිවි සිස්ටම් එකක් සෙට් කරගන්න එක.
    වියදම් කරන්න පුලුවන්නම්,ඉඩ තියනවානම්,කැප වෙන්න පුලුවන්නම් විතරක් සතෙක්ව හදන්න.
    දුක් දෙන්න සත්තු හදන්න එපා තමන්ගේ ආරක්ශාවට,ජොලියට කියලා.
    ත්‍රේඩ් එකේ අන්තිමට මම කලින් දාපු බල්ලන්ගේ ත්‍රේඩ්ස් වල ලින්ක්ස් දාන්න කියලා ගොඩක් අය ඉල්ලලා තිබ්බා.
    මෙන්න ඒ අය වෙනුවෙන්.

    ජර්මන්~ශෙපර්ඩ්~GSD

    http://www.elakiri.com/forum/showthread.php?t=1751792

    Siberian~හස්කි

    http://www.elakiri.com/forum/showthread.php?t=1752550

    ලැබ්‍රඩෝර්~රිට්‍රීවර්

    http://www.elakiri.com/forum/showthread.php?t=1752224

    රොට්වයලර්~Rottweiler

    http://www.elakiri.com/forum/showthread.php?t=1752872

    බීගල්~Beagle

    http://www.elakiri.com/forum/showthread.php?t=1753046

    ඩොබමන්~Doberman

    http://www.elakiri.com/forum/showthread.php?t=1753466

    බුල්_මස්ටිෆ්~Bullmastiff

    http://www.elakiri.com/forum/showthread.php?t=1753706

    ගෝල්ඩන්~රිට්‍රීවර්_Golden Retriever

    http://www.elakiri.com/forum/showthread.php?t=1754176

    රිඩ්ජ්බැක්~Ridgeback

    http://www.elakiri.com/forum/showthread.php?t=1754396

    පොමරේනියන්~Pomeranian

    http://www.elakiri.com/forum/showthread.php?t=1755102

    ග්‍රේට්~ඩේන්_Great Dane

    http://www.elakiri.com/forum/showthread.php?t=1756192

    බල්ලෝ~හදමු

    http://www.elakiri.com/forum/showthread.php?t=1755472

    German Shepherd~මම

    http://www.elakiri.com/forum/showthread.php?t=1747894

    බල්ලන්ගේ~ලෝම

    http://www.elakiri.com/forum/showthread.php?t=1749600

    බල්ලට~බෙහෙත්

    http://www.elakiri.com/forum/showthread.php?t=1750772

    හපන~බල්ලෝ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1751116







     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,195
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    blog copy post, blog copy thread
    අනේ පොඩ්ඩක් පුක නොදි පෙන්නපන්කෝ කොපි පේස්ට් කරපු බ්ලොග් එක.

    බල්ලෝ ගැන ත්‍රෙඩ් දැම්මට පාරේ බුරන හැම බල්ලටම ගල් ගගහ හිටියොත් යන්න ඕන ගමන යන්න වෙන්නෑ කියල උබ දන්නැද්ද?? :angry::angry:
    ඕන එකෙක්ට ඕන එකක් කියාගන්න කියල උබ මේ වැඩේ ඇදන් පලයන්. සමර් එක නිසා එක එක ජාතියේ බල්ලෝ දකිනවා. උබ හින්ද තමයි ටිකක්හරි උන්ගේ නම් දන්නේ. එකෙක් හරි බලනවා කියල හිතන් වැඩ පාඩු නොකරගෙන මේ වැඩේ ඇදන් පලයන් :yes::yes:


    කැමතිනම් උබ ඊලග පාර ලියනකොට "මෙව්වා" එකයි "ඇන්ඩ්" එකටයි ගැලපෙන වචන දෙකක් හොයල දාපන්, එතකොට පොඩි ලකයක් තියෙනවා;)
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,602
    1
    10,847
    113
    මුන්ව නන් සෙට් වෙන්නෑ බන්....:baffled:
    tfs...:)
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    blog copy post, blog copy thread

    අනේ පොඩ්ඩක් පුක නොදි පෙන්නපන්කෝ කොපි පේස්ට් කරපු බ්ලොග් එක.

    ගනන් ගන්න එපා බන්. අපේ එවුන් දන්නෙ හොඳ වැඩක් කරන එකාගෙ කකුලෙන් අදින්න විතරයි. ඔය ටැග් දාපු එකා ෂුවර් එකටම මේකෙ එක වැදගත් ත්‍රෙඩ් එකක් දාලා නැතුව ඇති. :yes::yes:

    මේ මචන් මට තියන ප්‍රශ්නයක් තමයි අපිට දවස් ගානකට ගෙදරින් එලියට යන්න උනොත් කොහොමද බන් බල්ලා නඩත්තු කරන්නෙ ? මට තියන ලොකු ප්‍රශ්නයක්. මේක නිසා තමයි මම තාම බල්ලෙක් හදන්නෙ නැත්තෙ
    :sorry::sorry:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    නියමයි ආ...මටත් ඕනේ මේවගේ uncommon එකෙක් හදන්න:rolleyes:. කොහෙද වෙලාවක් නෑනේ:sorry:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බල්ලෝ ගැන ත්‍රෙඩ් දැම්මට පාරේ බුරන හැම බල්ලටම ගල් ගගහ හිටියොත් යන්න ඕන ගමන යන්න වෙන්නෑ කියල උබ දන්නැද්ද?? :angry::angry:
    ඕන එකෙක්ට ඕන එකක් කියාගන්න කියල උබ මේ වැඩේ ඇදන් පලයන්. සමර් එක නිසා එක එක ජාතියේ බල්ලෝ දකිනවා. උබ හින්ද තමයි ටිකක්හරි උන්ගේ නම් දන්නේ. එකෙක් හරි බලනවා කියල හිතන් වැඩ පාඩු නොකරගෙන මේ වැඩේ ඇදන් පලයන් :yes::yes:


    කැමතිනම් උබ ඊලග පාර ලියනකොට "මෙව්වා" එකයි "ඇන්ඩ්" එකටයි ගැලපෙන වචන දෙකක් හොයල දාපන්, එතකොට පොඩි ලකයක් තියෙනවා;)

    :D:D:D:D:D

    තෑන්ක්ස් මචන්.
    උබ දකින බල්ලන්ගේ පික්ස් එහෙම අරන් දාපන් ත්‍රේඩ් වල.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    fatta saho soora pappatath inne mekek neda :D

    You must spread some Reputation around before giving it to akilar25 again.

    සූර පප්පා එකේ ඉන්න චූටි කුකු ෆොක්ස් ටෙරියර් එකෙක් නෙවෙයි.
    ඇත්තම කිව්වොත් සූර පප්පා එකේ බල්ලාව හැදුවේ කිසිම බ්‍රීඩ් එකක බල්ලෙක්ව ආදර්ශෙට අරන් නෙවෙයි.
    ගොඩක් අය ඔය ප්‍රශ්නේ ගැන හෙව්වා.
    කාටූන් එකේ කැරැක්ටර් අදින කෙනාට‍ හිතිලා ඇදපු බ්‍රීඩ් එකක් චූටි කුකු කියන්නේ.
    ඒ උනාට ඇත්ත ජිවිතේදි චූටි කුකු ලගින් යන්නේ මෙන්න මේ බ්‍රීඩ් එක.

    මල්ටෙස්.
    Maltese.

    istock_000040230564_small.jpg