Millionaires -අදහස් අවශ්‍යයි

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    Millionaires -අදහස් අවශ්‍යයි

    මචං ලා අදත් මට පොඩි කාරණාවක් සම්බන්ධව කතිකාවතක් ඇති කරන්න ඕන උනා. ඒ තමා මිලියන පතියෙකු වීමට ලංකාව ඇතුලෙ කොචච්රක් විභවයක් තියෙනවද?? ඒ විභවය එන්නෙ අධ්‍යාපනය මඟින්ද ,එහෙමත් නැත්තම් සමාජ අත්දැකීම පමණක් ඇතිද කියන කාරණා ගැන පොඩි කතිකාවක් ඇති කරන්න තමා මගේ අදහස. කවූරු හරි මෙහෙම කියන්න පුළුවන් "නවලෝක මුදලාලි, සිද්ධාලෙප මුදලාලි වගේ අය උසස් අධ්‍යාපනය ලබලා නෙමේ ධනවත් උනේ" කියලා.ඔව් ඒක හරි ඒත් ඒ මුදලාලිලා දෙන්නාගෙම ළමයි හොඳ අධ්‍යාපනයක් ලබලා ඇවිල්ලා අද ඒ ව්‍යාපාර දියුණුවට දායක වෙනවා.ඒ වගේම තව කවුරු හරි මෙහෙමත් කියයි "බිල් ගෙට්ස් ලා ,ස්‍ටීව් ජොබ්ස් ලා,මාර්ක් සකර්බර්ග් ලා සල්ලි කාරයෝ උනේ ඩිග්‍රී තියාගෙන නෙමේ" කියලා.ඒත් ඇමරිකාවේ මිලියන පතියන් අධ්‍යාපන මට්ටමින් වර්ගීකරණය කරහාම ඉහත සඳහන් කොලෙජ් ඩ්‍රොප් අවුට් එසේත් නැතිනම් උසස් අධ්‍යාපනය අත හැර දාපු මිලියනපතියෝ (බිලියනපතියන් නෙමේ) වෙච්ච අය ඉන්නෙ බොහෝම සුළු පිරිසයි.අති බහුතරයකට ඩිග්‍රී තියෙනවා.ඒකෙන් වැඩිම කොටසක් අයත් වන්නේ කුමනයම් හෝ ඉංජිනේරු උපාධියක් ගත්ත ගොඩට.ඊට පස්සෙ ඉන්නෙ MBA කරපු අය.ඊටත් පස්සෙ Economic උපාධි ගත්ත අය ආදී වශයෙන් ලිස්ට් එකක් මන් ආර්ටිකල්ස් කිහිපයක දැක්කා. මේ කතාව කිව්වාහම අපෙ රටෙ කැම්පස් වල ඉංජිනියරින්ග් කරන අය ,ආර්ථික විද්‍යා ඩිග්‍රි කරන අය උන්මාදයට පත්වෙන්න එපා.මොකද මන් විස්තර කළේ ඇමරිකාවෙ තත්වෙ.මට දැනගන්න ඕනෙ ලංකාව වගේ රටකත් මිලියනපතියෙකු වෙන්න මේ වගේ ශක්‍යතාවක් ,මේ වගෙ විභවයක් සහිත පසුබිමක් තියෙනවද ?? . තව තේරෙන්න කියනවානම් උදාහරණයක් විදියට වාර්ෂිකව ඉංජිනේරු ෆැකල්ටියකට ඇතුළු වෙන ප්‍රමාණයෙන් කිනම් ප්‍රතිශතයක පිරිසක් මිලියනපති මට්ටමෙ ජීවත් වෙනවද ??නැති නම් හුදෙක්ම ඉහළ වැටුප්තලවල රැකියාව කරමින් දිවිගෙවනවාද ?? උදාහරණ එක්ක කියනවා නම් හොඳයි. මිලියනපති කියලා මන් අදහස් කළෙ ඩොලර් මිලියන පතියෙක් මිසක් රුපියල් මිලියන පතියෙක් නෙමේ :rofl::rofl::rofl:

    වලි වලින් තොර අදහස් උදහස් බලාපොරොත්තු වෙමි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ධම්මික පෙරේරා - වත්කම $ 550 million ලු. උට 550ක් පුළුවන් නං අපිට 1ක් බැරිවෙන්න බෑ ඉතින් :D

    මාස් පඩි රස්සාවක් කරල නං බැරිවෙයි, තමන්ගෙම දෙයක් කරන්න වෙනව.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    ධම්මික පෙරේරා - වත්කම $ 550 million ලු. උට 550ක් පුළුවන් නං අපිට 1ක් බැරිවෙන්න බෑ ඉතින් :D

    මාස් පඩි රස්සාවක් කරල නං බැරිවෙයි, තමන්ගෙම දෙයක් කරන්න වෙනව.

    ඌමචං උපතින්ම සල්ලි කාරයෙක්.දන්න විදියට පොරත් ඉංජිනියරින්ග් ඩිග්‍රී එකක් කර කර ඉඳලා අත ඇරලා දාලා බිස්නස් කරන්න පටන් අරන් තියෙන්නෙ.කමක් නැහැ තව බලමු අනික් අයගෙ අදහස්
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    පටන් ගන්න වෙලාව අනුව තමා මචන්
    ජීවිත කාළෙම ප්ලෑන් ගගහා හිටියොත් නම් මිලියන තියා ශතෙ අතේ නැති වෙනවා
     
    NextBiz

    Member
    Jul 18, 2016
    23
    4
    0
    අනුන්ගේ companies වල ජොබ් කරලා ඔහොම හොයන්න බැහැ කොහේ උනත්

    ඔහොම හොයන්නනම් ඉතින් තමන්ගේම කියල business කරන්න වෙනවා
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ඒ තමා මිලියන පතියෙකු වීමට ලංකාව ඇතුලෙ කොචච්රක් විභවයක් තියෙනවද??

    ow thama lanakwe tax system eka hariyata hadila nathi nisa..... hoda business molayak thiyenawanam hoda germak denna puluwan.....thaman ipaduna rate idan duunu wenna kohomath lesi......

    degree onema na...... habai business domain eka gana hoda knowledge ekak thiyenne one..... ehema nathi aya thmai oya business patan aragena tika dawasak yanakota wahala danne......

    initial capital eka gana hoda idea ekak thiyenna one.....

    industry eke inn compatitor la gana hoda knowledge ekak thiyenna one.......

    mba gahalanam business man kenek wenna nam ba... habai.....:P
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    අනුන්ගේ companies වල ජොබ් කරලා ඔහොම හොයන්න බැහැ කොහේ උනත්

    ඔහොම හොයන්නනම් ඉතින් තමන්ගේම කියල business කරන්න වෙනවා

    ow thama lanakwe tax system eka hariyata hadila nathi nisa..... hoda business molayak thiyenawanam hoda germak denna puluwan.....thaman ipaduna rate idan duunu wenna kohomath lesi......

    degree onema na...... habai business domain eka gana hoda knowledge ekak thiyenne one..... ehema nathi aya thmai oya business patan aragena tika dawasak yanakota wahala danne......

    initial capital eka gana hoda idea ekak thiyenna one.....

    industry eke inn compatitor la gana hoda knowledge ekak thiyenna one.......

    mba gahalanam business man kenek wenna nam ba... habai.....:P

    :yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    පටන් ගන්න වෙලාව අනුව තමා මචන්
    ජීවිත කාළෙම ප්ලෑන් ගගහා හිටියොත් නම් මිලියන තියා ශතෙ අතේ නැති වෙනවා

    එහමද ඒ කියන්නෙ ලංකාව වගෙ රටක ශාස්ත්‍රීය අධ්‍යාපනික උගත්කම තිබ්බ පලියට මිලියන පතියෙක් වෙන්න බැරිද ??
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මෙකයි මචන් උබ කිවුව වගෙ ඉන්ජිනේරු කෙනෙක්ට මිලියනපතියෙක් වෙන්න පුලුවන් හැබැයි එහෙම වෙන්නනම් අනිවාර්යයෙන්ම දැනට නැති අලුත් දෙයක් හොයාගන්න වෙනව මචන්. Mark - facebook , bill - windows , steave - apple ..

    Commerce ඉගෙනගත්ත කෙනෙක්ටනම් දැනට තියෙන දෙයකින් ව්‍යාපාරයක් කරල දියුනු වෙන්න පුලුවන්,. දැන් තියන තරගකාරි පරිසරය එක්ක සිද්දාලෙප මුදලාලි, නවලොක් මුදලාලි වගෙ උත්සහයෙන්ම විතරක් ගොඩ යන්න අමරුයි මචන්. අනිවාර්යයෙන්ම දැනුමත් ඔනි වෙනව මචන්.

    ඉන්ජිනේරු කෙනෙක් අලුත් දෙයක් හොයාගත්ත උනත් එකෙන් ගොඩ යන්න නම් අනිවාර්යයෙන්ම පොඩි හරි commerce දැනුමක් ඔනි වෙනව මචන්. නැත්නම් එහෙම දැනුමක් තියන කෙනෙක් ලගින්ම ඉන්න ඔනි වෙනව මචන්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    අනුන්ගේ companies වල ජොබ් කරලා ඔහොම හොයන්න බැහැ කොහේ උනත්

    ඔහොම හොයන්නනම් ඉතින් තමන්ගේම කියල business කරන්න වෙනවා

    ඔය කියන තමුන්ගෙ බිස්නස් සාර්ථක විමට වඩා අසාර්ථක වීමෙ ශක්‍යථාව වැඩී නේද ? ඒ කිව්වෙ බිස්නස් කරන්න එපා කියන එක නෙමෙ.නමුත් බිස්නස් සාර්ථක වීම ඔය හුදක්ම සක්සස් ස්ටෝරීස් වල කියන තරම් සොඳුරුද ??
     
    dingi man

    Active member
  • Feb 2, 2015
    214
    72
    28
    පටන් ගන්න වෙලාව අනුව තමා මචන්
    ජීවිත කාළෙම ප්ලෑන් ගගහා හිටියොත් නම් මිලියන තියා ශතෙ අතේ නැති වෙනවා

    sira kathawa machan.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    මෙකයි මචන් උබ කිවුව වගෙ ඉන්ජිනේරු කෙනෙක්ට මිලියනපතියෙක් වෙන්න පුලුවන් හැබැයි එහෙම වෙන්නනම් අනිවාර්යයෙන්ම දැනට නැති අලුත් දෙයක් හොයාගන්න වෙනව මචන්. Mark - facebook , bill - windows , steave - apple ..

    Commerce ඉගෙනගත්ත කෙනෙක්ටනම් දැනට තියෙන දෙයකින් ව්‍යාපාරයක් කරල දියුනු වෙන්න පුලුවන්,. දැන් තියන තරගකාරි පරිසරය එක්ක සිද්දාලෙප මුදලාලි, නවලොක් මුදලාලි වගෙ උත්සහයෙන්ම විතරක් ගොඩ යන්න අමරුයි මචන්. අනිවාර්යයෙන්ම දැනුමත් ඔනි වෙනව මචන්.

    ඉන්ජිනේරු කෙනෙක් අලුත් දෙයක් හොයාගත්ත උනත් එකෙන් ගොඩ යන්න නම් අනිවාර්යයෙන්ම පොඩි හරි commerce දැනුමක් ඔනි වෙනව මචන්. නැත්නම් එහෙම දැනුමක් තියන කෙනෙක් ලගින්ම ඉන්න ඔනි වෙනව මචන්.

    ඉංජිනේරු විෂය දැනුම යෙදවුනේ නැති උනාට ඒ විෂය තුළින් ලැබෙම පසුබිම සහ පන්නරය ප්‍රයෝකන්ස්‍යට ගත්තොත් දෙයක් කරගන්න බැරි වෙයිද ? ඒත් ලංකාවෙ එහෙම ඉන්නෙ කීයෙන් කී දෙනාද ??
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එහමද ඒ කියන්නෙ ලංකාව වගෙ රටක ශාස්ත්‍රීය අධ්‍යාපනික උගත්කම තිබ්බ පලියට මිලියන පතියෙක් වෙන්න බැරිද ??

    අද්‍යාපනයෙන් විතරක් බැහැ මචන්.. සාර්ථක businessman කෙනෙක් වෙච්ච හැමෝම අවදානම් ගන්න කැමති අය මචන්. හරියන්න උනත් වරදින්න උනත් කරනව මචන්.

    ලන්කාවෙ ගොඩක් උන්ට කෙල වෙන්නෙ සල්ලි යට කරන්න තියන බයට මචන්. අපේ රටේ එවුන් දන්නෙ සල්ලි bank එකෙ දාල පොලිය එනකන් බලාගෙන ඉන්නයි.. මාසෙ අන්තිමට පඩිය එනකන්. රාජකරිය දෙවකාරිය කියල business අයිතිකාරයටම වැදගෙන ඉන්නයි බන්. අන්තිමට company එකෙ අයිතිකාරයා ගොඩ යනව විතරයි.

    අත්දැකිමෙන් දන්නව බන්. Share market එක ගැන කියනකොට මෙකෙ ඉන්න එවුන් මුලිම කියන්නෙ අපො එක හරි යනවඩ. එක හොර ගුහවක් ඔව sure න කියන්නයි මචන්..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඉංජිනේරු විෂය දැනුම යෙදවුනේ නැති උනාට ඒ විෂය තුළින් ලැබෙම පසුබිම සහ පන්නරය ප්‍රයෝකන්ස්‍යට ගත්තොත් දෙයක් කරගන්න බැරි වෙයිද ? ඒත් ලංකාවෙ එහෙම ඉන්නෙ කීයෙන් කී දෙනාද ??

    එහෙම ඉන්ජිනේරු දැනුම පවිච්චි කරල ලන්කාවෙ එක එක දෙවල් හොයගන්න අය ඉන්නව බන්. එත් එක දියුන්‍උ කරල ගොඩ යන්නෙ කි දෙනද මචන්. ගොඩක් අලුත් දෙවල් හොයගන්න ඉන්ජිනේරු අයට business කරන්න දැනුමක් නැති නිසා හොයාගත්ත දෙත් නිකන්ම ගෙදර තියගෙන ඉන්නව බන්..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මාත් ඕක ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. ඔය හැම පෝසත් කෙනා ළගම තියෙන පොදු දෙයක් තමයි උන් පෝසත් උනේ මිනිස්සුන්ගේ අවශ්‍යයතා විසදලයි. සිද්ධාලේප මුදලාලි හන්දියක් ගානේ බාම් අරවා මේවා විකුණන කොට මිනිස්සු ඒවා ගත්තේ උන්ට ඒවා ඕන නිසයි. එතන මිනිස්සුන්ගේ අවශ්‍යයතාව තමයි වේදනාවට මොකක් හරි ප්‍රතිකාරයක් ගන්න එක. සිද්ධාලේප මුදලාලි ඒකට හරියට පිළියමක් තමන්ගේ ප්‍රඩක්ට් එක හරහා දුන්නා, මිනිස්සු ඒවා ගත්තා, මිනිහා පොල්ලා තියන්නේ නැතුව ගෙනුයින් විදියට බඩු දීපූ නිසා මිනිස්සු දිගට හරහට ඒවා ගත්තා, එතනින් විශ්වාසයක් ඇති උනා, පස්සේ බිස්නස් එක නැගලා ගියාම වෙනවෙන අවශ්‍යයතා ඔස්සේ දියුණු උනා. බිල් ගේට්ස් දියුණු උනෙත් එහෙමයි, ස්ටිව් ජොබ්ස් දියුණු උනෙත් එහෙමයි. උන් එළියට දාපු හැම ප්‍රඩක්ට් එකම මිනිස්සුන්ගේ මොකක් හරි අවශ්‍යයතාවක් තෘප්තමත් කරා. එතකොට බිස්නස් එකකට තියෙන්න ඕන දෙයක් තමයි, මිනිස්සුන්ගේ අවශ්‍යයතා විසදීමේ හැකියාව, විශ්වාසනීය භාවය,ගුණාත්මක භාවය, නොකඩවා සප්ලයි එක ලබාදීම. තව බිස්නස් එකේ නමත් වැදගත්, පෙනුමත් වැදගත්, ප්‍රසිද්ධියත් (මාර්කටින් එක හරහා). ඇපල් එක වගේ හොද ලුක් එකක් තියෙනවා නම් ගොඩක් මිනිස්සු ඒක ගන්න කැමතියි. භාණ්ඩය මිනිස්සු අතරට යවන්න හොද මාර්කටින් එකක් තියෙන්න ඕනේ. උබට හැකියාවක් තියෙන්න ඕනේ ඇයි මිනිස්සු මගේ ප්‍රඩක්ට් එක, සර්විස් එක ගන්න ඕනේ කියලා. එතකොට පෝසතෙක් වෙන්න පුලුවන් විභවය තියෙන්නේ අන්න එතනයි.

    මිලියන පතියෙන් වෙනකොට මචන්, උබට සල්ලි ක්‍රම දෙකකට හොයන්න පුලුවන්. එකක් රට ඇතුලේ මිනිස්සුන්ගේ සල්ලි, අනෙක් එක රටෙන් පිට විදේශ සල්ලි. විදේශ විනිමය උබට රටට ගේන්න පුලුවන් නම් ගොඩක් හොදයි, ඇත්තටම උබට කරන්න පුලුවන් දේවල් ගොඩයි විදේශ මාර්කට් එකකට යනකොට, නමුත් කම්පිටිෂන් එක වැඩියි, නමුත් මචන් මම කලින් කිව්වා වගේ. විශ්වාසනියත්වය,ගුණාත්මක භාවය, නොකඩවා සප්ලයි එක දෙන්න පුලුවන් හැකියාව, පෙනුම, බ්‍රැන්ඩ් එක, මාර්කටින් එක තියෙනවා නම් උබට ගේමක් නෑ මාර්කට් එක අල්ලගන්න.

    ෆයිවර් එකේ උනත් ගොඩක් වගේ හිටියට, උන්ගේ කිසිම කොලිටි එකක් නෑ. හරි නමක් නෑ, ප්‍රිමියම් ලුක් එකක් නෑ. හැමෝම කැමතියි ලස්සන පෙට්ටියක, ලස්සන කවරයක, ලස්සන දේවල් මිළදි ගන්න. එතකොට ලස්සනට භාණ්ඩය දෙන්න පුලුවන්, ඒක හරි වැදගත් බිස්නස් එක දියුණු වෙන්න. ඩෙබ් සයිට් එහෙක උනත් මිනිස්සු කැමති ලුක් එකටයි. ඉතින් උබට හැකියාව තියෙන්න ඕනේ මිනිස්සුන්ගේ අවශ්‍යයතා අදුනගෙන එක උන්ට සාධාරණ මිළකට ඉක්මන් විදියට ගුණාත්කම විදියට දෙන්න.

    ඒ කොහොම උනත් පෝසතෙක් වෙන්න අමාරුයි, මොකද ඒකට ලක් එකත් ඕන වෙනවා. පොඩ්ඩක් මුලදි මහන්සි වෙලා මිනිස්සු හොයාගන්නත් ඕන වෙනවා,(මාර්කටින් එක උපරිමයෙන් තියෙන්න ඕනේ) නමුත් කරගෙන යනකොට අමාරුවක් නෑ. හැම වෙලාවේම උබ අඩියක් උඩට නගිනකොට උබට ගොඩක් මහන්සි වෙන්න වෙනවා, නමුත් එකම අඩියේ ඉන්න එච්චරම අමාරු නෑ, ඒ වගේම උඩම අඩි වලදි උබට මුලදි වගේ මහන්සි වෙන්න ඕන නැති උනත්, ගොඩක් උපක්‍රමශීලි වෙන්න වෙනවා නැත්නම් යාහු එක වගේ විකුනන්නයි වෙන්නේ.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,627
    523
    113
    ලන්ඩන් වත්ත
    පටන් ගන්න වෙලාව අනුව තමා මචන්
    ජීවිත කාළෙම ප්ලෑන් ගගහා හිටියොත් නම් මිලියන තියා ශතෙ අතේ නැති වෙනවා
    :yes::yes:
    mata hithena widiyata;
    degree anam manam thiyena minissu unath godak sarthaka wela thiyenne, business ekak wage nam, minissunge awashya thawa haduna gena eka fulfill karana eka saha hoda customer service eka. product ekak nam hari welawata launch karana eka. godak ma issellath newei. godakma passeth newei. eken upper hand eka gannath puluwan. "mama hithana widiyata" tesla eka example ekakta gattot un cars eliyata dapu kale hari. renewable energy, green energy wage trend enna kalin oya cars eliyata damma nam okata oya tharam publicity ekak wath, danata thiyena sales wath labenne nathi wenna puluwan. thawa godak passe eliyata dammanam wena kawru hari patan gena un market eka allala thiyenna puluwan. consistency ekath thiyenna one. magak karala awul enakota atha arala dammath sarthaka wenna ba.