Old "ElaKiri.com" Members

chathu05

Well-known member
  • Dec 22, 2006
    4,023
    237
    63
    Never LEFT !!!

    A very good thread.

    But I would like to say that I have been in and out many times during last few years even though not much as I like to do so.

    Anyway will help out at any means as necessary to keep going.



    Im-Back.png
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,023
    237
    63
    එළකිරි එකත් ජීවිතය වගේ තමයි. විවිධ සංදිස්ථානවලිදි විවිධ අය මුණගැහෙනව. ඒ අයගෙන් සමහරු දීර්ගකාලයක් අපත් සමඟ ඉන්නව. තව සමහරු ඉක්මනට ම ඇස් මානයෙන් ඉවත් වෙනව. කාලයක් යද්දි තව සමහරු නැවත මුණගැහෙනව. තව සමහරු අපට නොදැන අප දිහා බලන් ඉන්නව. කා‍ලයෙන් කාලයට අලුත් මුහුණු දකිනව.

    ඒ කොහොම වුණත් එළකිරි එක පෝෂණය කරන්නට දායක වුණ සෑහෙන විශාල පිරිසක් අදත් මතකයේ රැඳෙනව. විවිධ ආකරවලින් එළකිරි හා එහි සාමාජිකයන්ගෙ විනෝදස්වාදය, දැනුම, හැකියාව වර්ධනය කරන්නට සෑහෙන පිරිසක් දායක වෙලා තියෙනව. ඒ විතරක් නෙමෙයි බොහොමයක් අයට සහෝදර සහෝදරියන්ට සමාන පිරිසක් එළකිරි නිසා ලැබී ති‍බෙනව. සමහර අයටනම් එළකිරි නිසා ම තමන්ගෙ ආදරවන්තය, ආදරවන්තිය, සැමියා, බිරිඳ මුණගැසුණු අවස්ථා පවා තියෙනව.

    එළකිරි නාමයන් වශයෙන් කියන්න ගියොත් ඉතා විශාල පිරිසක් නම් කරන්න වෙයි. එම නිසා මම එළකිරියේ සිටිය දා පටන් අද වෙනතුරු මට මුණගැසුන සියුලුදෙනා ම ආදරයෙන් මතක් කරනව.

    එළකිරි සමඟ සිටි සාමාජිකයන් අද කොතැන සිටියත් ඒ අයගෙ මතකයේ එළකිරි කියන වෙබ් අඩවිය ඇති.

    Bump !!!

    Very nice to hear from a fellow 2006 member !!!
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,023
    237
    63
    ආපු දවස් වල ඉදන් මේ වෙනකන් අවුරුදු 3න 3ට සෙටාර් මාරු උනා හොයන්නවත් බෑ උන්ව දැන්. මන් ආපු කාලේ හිටියේ clerk_kent, neon_white, rotiya, dumira j, djzac, G-Force, Alaya, Malinga, Malkavi, michael, teenstar, x-pert, pentagram, sparxrc, paris, shameer, sakala, danurp, g.r.e.a, djzac තව LICH :rofl: (තව සෙට් එකක්ම හිටිය හොයාගන්න බෑ දැන්) අපි එන්න කලින් 2006 ඉදන් Elakiri run ක‍රපු සෙට් එකක් හිටියා neon_white,x-pert, paris වගේ. ඒ කාලේ අපි mass chat threads එළකිරි එකට ගෙනාපු හින්දද කොහෙද අපිත් එක්ක හෙන මලෙන් ගොඩක් අය හිටියේ post quality එක අඩු වෙනවා කියල. ඉස්සර ලොග් උනාම දවසට පොස්ට් 200ක් අනිවා. clerk_kent එහෙම 1000ත් ගැහුවා. අපි ඔව්ව කලේ xtreme chatterz චැට් thread එකේ. Xtreme Chatterz thread එකෙන් පටන් ගත්ත chat thread EK මල් වත්ත 1,2,3 කිය කියා exapand උනා. ඒකාලේ politics තිබ්බේ නෑ කිරියේ. අන්තිමට homepage එකේ chat threads විතරයි. අලුතෙන් thread එකක් දැම්මොත් විනාඩියක් ඇතුලත homepage එකෙන් එලියට විසිවෙනවා. ඉන්පස්සේ තමා GTRZ chat threads වෙනම category එකක් කරලා homepage එකේ පහලට දැම්මේ. කොහොමහරි seniorsලත් එක්ක කතා කලත් බලු කතා අහගන්න වෙන්නේ ඒකාලෙ (2008 මුල) :P ඔකේ මද්‍යම මතදාරියොන්ට හිටියේ කීපදෙනයි. අනිත් බහුතරයක් anti-juniors කොහොමහරි 2008 මැදක් වෙද්දී 2006 සෙට් එක හැලෙන්න ගත්ත. ඒ වෙනුවට අලුතින් එක්කහු වෙනව, Krizta, zaku, KZRO, SIRUS3001, Zeus, gtkisaru, blacklist_member, fernandokasu, jack_sparrow වගේ අය. අපිව අර jetliner එකේ රවුමකුත් අරන් යනවා GTRZ centrigradz එක්ක. 2009 මැදක් වෙද්දී 2007 චැට් සෙට් එක හැලෙන්න ගත්ත. අලුතින් අය ආව ඒ වෙනුවට. මම සැහෙන try එකක් දුන්න අයිත් පරන අයවත් මේකට ගෙන්න ඒ උනත් උත්සාහය අසාර්ථක උනා. :sorry:

    2006-2007 කාලේ active අයගෙන් දැන් ඉන්නේ ඉතාම සීමිත ගානක්. ඒ අයත් active නැ එච්චර. 2009-2010 කාලෙන් පස්සේ එළකිරි එකට අලුත් theme ඇවිත් ලස්සන වෙනවා :yes: ඉස්සර තිබ්බ signatures කියල item එකක්. server load එක වැඩියි කියල GT එව්වා අයින් කරනවා profile avatar එක්කම. inpasse හෙළුවෙන් වගේ ඔක්කොම :rofl: දවස් කීපයක් තිබ්බ GTට විරෝදය දක්වන්න අපි පොස්ට් එක ඇතුලේ profile avatar සහ signatures manually අමුණලා එවපුත්(signatureනං අයින් කරපු එක හොදයි). කොහොමහරි GT avatar ටික විතරක් ආයි දුන්න. ඒකාලේ ඉදන් එකම constant එක තම අපි හැමදාම මේක ඇතුලේ මරාගත්ත අද වෙනකන් එක එක වැඩකට නැති දේවල් වලට :P අද ඉන්න හෙනම popular famous අය තව අවුරුද්දකින් හැලිලා යනවා ඒ වෙනුවවට අලුතින් උන් එනවා. ඇවිල්ල ඒගොල්ලොත් හැලිලා යනවා. අතීතෙට ආසයි කියල එක ලගා කරගන්න හැදුවට එව්වා ආයිත් එන්නේ නැ. මට මලපැනපු වැඩක් තමා GT ලොක්ක chat thread ටික මැකුව පරණ. මගේ පොස්ට් count එක 12,000-13,000කින් අඩු උනා ඒ වැඩෙන්:growl: නැත්තන් මාත් මෙලහකට 27ක්-28ක් වගේ.

    එක එක කාලෙට මේකට එක එක අතල් එවන. මුල කාලේ අපිට ලොකුවට පෙන්නන තිබ්බේ post count එක. ආයිත් තිබ්බ මාස 6න 6ටද කොහෙද හම්බෙන තරු සෙට් එකක්. පස්සේ තමා reputation system ආවේ එව්වා අයින් වෙලා. කාලයක් හිටියනං තේරෙනවා ඔය එක එක system වැඩකුත් නැ. අද ඉන්න උනුත් හෙට නෑ ඔය ඔක්කම අමතක කරලා ඔහේ ඉන්න තියෙන්නේ කියල. ඉස්සර මට මේකට ආපුවම යාළුවො පිරිලා. ඉන්පස්සේ අලුතින් එන උන්ව එච්චර අල්ලන්නෙත් නෑ අපිට. ටික කාලයක් යද්දී අපේ සෙටාර් එක එකා හැලෙනවා. ඉන්පස්සේ අලුත් අය පිරිලා. එක එක කාලෙට එක එක මොංගල් උන් එනවා. උන්ට එපා උනාම උන් යනවා. ඒ වෙනුවට තව එකෙක් එනවා. මටනං කියන්න තියෙන්නේ මේකේ වෙන දේවල් පෞද්ගලිකව ගන්නේ නැතුව ඉන්න තියෙන්නේ. පෞද්ගලිකව ගන්න ගිහින් තමා අද ගොඩක් අය නැත්තේ. පාඩුවේ ඉන්න තියෙන්නේ. ගොඩක් උන් කරන දේවල් අදාළ නෑ ස්ථිරත් නෑ.:lol:


    :yes::yes::yes:

    Good feedback for the thread.

    Rep ++ given.
     
    • Like
    Reactions: Sonique

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,023
    237
    63
    Neon White

    මමනම් මේ ලඟදි ඉදන් ආපහු එනව

    ඉස්සර හිටපු top poster තමයිi neon_white

    He was on my Facebook. But since recently he hasn't shown any activity. To be said I have forgotten his real name too. I know he is from Kuliyapitiya and was running a Net Cafe 10 years back.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,744
    2,593
    113
    Kadawatha, Sri Lanka
    Okkoma aya kiyanna ehema oluwata enne na ban type karaddi. Godak unwa personally danna hinda unge alias amathakai dan :P Mathaka aththa namin. Oke kiyaganna bari una aya oni tharan. Chat threads tika thibbanan man okkoma nam tika daanawa :eek: Oke kiyanna amathaka unu Dilrasan, R_L wage ayawa ehema personally set wela thiyenawa. Thawa Thm14, Emimaxy, geethq, Octa Helix, R-Girl ... ammo mehema kiwwoth iwarayak wenne na :lol:
    ya ya. Blackroses nam set vune mekenma thamai, help ekak illala. mata phone number eka ewala thibba call karanna kiyala. dan pora godak diyunui. Maldives kellekwa marry kale. elakiri eka gena kalakirila giye. web developer kenek. PHP pappek. photography walata aasai. evva gena thread ekakuth damma.
    Anith ekkana mama danne Hasarandi. wena kellek ekka maraa gena elakiri eken giye. eyath marry karala. graphic designing and photography thamai karanne. DSLR ekak aran hema thenama duwa duwa photo daanava mama dekala thiyenava FB eke :)
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ya ya. Blackroses nam set vune mekenma thamai, help ekak illala. mata phone number eka ewala thibba call karanna kiyala. dan pora godak diyunui. Maldives kellekwa marry kale. elakiri eka gena kalakirila giye. web developer kenek. PHP pappek. photography walata aasai. evva gena thread ekakuth damma.
    Anith ekkana mama danne Hasarandi. wena kellek ekka maraa gena elakiri eken giye. eyath marry karala. graphic designing and photography thamai karanne. DSLR ekak aran hema thenama duwa duwa photo daanava mama dekala thiyenava FB eke :)

    uu mage yaluwek.... uu patta busy dan wadath ekka
    ek eken ayin wela godak kal... aay enne na ban uu nam
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔය පරණයි කියන සුදු ඇදුම් පොරවාගෙන ලොකු ටෝක්ස් දෙන අයව හම්බවෙලාම බලන්න ඕනේ කොයි වගේ සත්තුද කියලා දැනගන්න ... අත්දැකීමෙන් කියන්නේ ..........

    වැඩක් නැ රෙවෙනවා ඉතින් පැටිකරේ දැනගත්තම :lol::lol:


    දාලා ගිය එවුන් දාලා ගියා .. එලකිරිය වැහුනද ? නැනේ ... ඔන්න ඕක තේරුම් ගන්න බැරි හරක් ටිකක් ඉන්නවනේ අම්මපා :yes::lol:


    සමහර අය තමන්ගේ පෞද්ගලික ජීවිතය බිසී වීම නිසා එළකිරි එන්න වෙලාවක් නැ ... උන් අදටත් කොමෙන්ට් දැම්මේ නැති උනාට ලොග් වෙලා බලලා යනවා :cool::yes:

    මටත් කාලයක් කෙල වීම නිසා එන්න බැරි උනා .. තාමත් එසේමයි .. දැනුත් සෙල්ලම් දාන්න බැ .... එත් ඇවිත් ත්‍රෙඩ් එකක් බම්ප් කරලා හරි සප් එකක් දෙනවා අනිවා :cool::cool:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ මෙකේ ලියල තිබ්බ දෙයක් ගැන.....
    අර රේඩයෝ එකේ සීනියර් මෙම්බර්ලා ගැන කියල තිබ්බා. ප්‍රසිද්ධියේ බැරි නම් පෞද්ගලිකව හෝ ඒ ගැන යම් පැහැදිළි කිරීමක් බලාපොරොත්තු වෙමි.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    උඹ මෙකේ ලියල තිබ්බ දෙයක් ගැන.....
    අර රේඩයෝ එකේ සීනියර් මෙම්බර්ලා ගැන කියල තිබ්බා. ප්‍රසිද්ධියේ බැරි නම් පෞද්ගලිකව හෝ ඒ ගැන යම් පැහැදිළි කිරීමක් බලාපොරොත්තු වෙමි.


    අප්පොච්චියේ ඕක ආයිත් මෙතන ඇදගන්න ඕනේ නැ .... වුන දේවල් උනා .. දැන් ඒ ගැන කතා කරලා තේරුමක් නැ ..... ලොකු අයියා ගැන ප්‍රශ්නයක් නැ .. අහක යන දේවල් ඇගේ දාගන්න එපෝ :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මමත් ඉන්නවා ඉතින් 2007 ඉදන් ... ගහ මරාගන්න තැන් වලත් හිටියා ..... හුගක් එවුන් තරහ උනා ඇත්ත කතා කරන්න ගිහිං........

    හුගක් එවුන් මාව දන්නේ ඉතින් වෙන දේවල් වලට නේ :P

    කලිසම් අදින චිත්ත එක්ක වැඩ කරන්න බැරි වග දෙවෙනි පාරට ඉගෙන ගත්තේ එළකිරි එකෙන් ....

    එකත් එක හේතුවක් උනා රේඩියෝ කරන එකෙන් අයින් වෙන්න ... ආස උනත් කරන්න දෙයක් නැ

    අපේ එවුන් ගෑනුන්ට අහවල් දේ පරිත්‍යාග කරන්න ගිහිං නිකං බිම අනාගත්තා ... අන්තිමේට ලැබුන දේකුත් නැ :lol: මේකට අපේ හිටපු ගෑණු සාමාජිකයින් වගකියන්න ඕනේ අනාතයන්ව ෆෝරම් කරපු එකට :yes:

    සමස්තයක් ලෙස කියන්න තියෙන්නේ මේකේ වෙන දේවල් පුද්ගලිකව අරගෙන හුගක් හොද සාමාජිකයින් අපට නැති උනා... උන්ට තේරෙන්නේ නැ pUblic Forum එකක් කියන්නේ මොකද්ද කියලා

    මේකේ ඉන්න සහ හිටපු සමහර තමන් පොර න්‍යාය භාවිතා කරන පරණ සීනියර් මෙම්බර්ස්ලා කියන අයත් සමහර ප්‍රශ්න වලට වග කියන්න ඕනේ ... අනිත් එවුන් තමා ගෑණු හිගන රිළව් සෙට් එක ........

    මම නම් හැම එකත් එක්කම හොදින් ඉන්නවා ... අදටත් එහෙමයි ... වුන ප්‍රශ්න ඔලුවේ තියාගත්තා නම් මමත් එළකිරි ඉතිහාසෙට එක්වුන එකෙක් වෙනවා අනිවා .... අනිත් එවුන් වරද්ද හදාගන්නේ නැතුව මම කියපුවා පර්සනල් තියාගෙන හිටියට මට කරන්න දෙයක් නැ .

    පෙරේරා මහත්මයා මේ පටන් ගත්ත නුල හුගක් වැදගත් එකක් ... මේක නිසා අලුත් ID හදාගෙන ආපු හුගක් එවුන් පරණ එකෙන් කොමෙන්ට් දාලා තියෙනවා දැක්කා මම :lol::lol:


    පට්ටම කථාව ගමයෝ !! :cool::lol::lol:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    881
    113
    Thama math hoyanooo....
    ඔය පරණයි කියන සුදු ඇදුම් පොරවාගෙන ලොකු ටෝක්ස් දෙන අයව හම්බවෙලාම බලන්න ඕනේ කොයි වගේ සත්තුද කියලා දැනගන්න ... අත්දැකීමෙන් කියන්නේ ..........

    වැඩක් නැ රෙවෙනවා ඉතින් පැටිකරේ දැනගත්තම :lol::lol:


    දාලා ගිය එවුන් දාලා ගියා .. එලකිරිය වැහුනද ? නැනේ ... ඔන්න ඕක තේරුම් ගන්න බැරි හරක් ටිකක් ඉන්නවනේ අම්මපා :yes::lol:


    සමහර අය තමන්ගේ පෞද්ගලික ජීවිතය බිසී වීම නිසා එළකිරි එන්න වෙලාවක් නැ ... උන් අදටත් කොමෙන්ට් දැම්මේ නැති උනාට ලොග් වෙලා බලලා යනවා :cool::yes:

    මටත් කාලයක් කෙල වීම නිසා එන්න බැරි උනා .. තාමත් එසේමයි .. දැනුත් සෙල්ලම් දාන්න බැ .... එත් ඇවිත් ත්‍රෙඩ් එකක් බම්ප් කරලා හරි සප් එකක් දෙනවා අනිවා :cool::cool:

    එහෙම තමා බං. සමහරු ගියා කිරියට තරගයක් දෙන්න වෙන සයිට් හදන්න, සමහරු සල්ලි අරන් පොලු තියල ගියා. ඔහොම තමා ඉතින්. මම නම් ගොඩක් අය සෙට් වෙලා නෑ පර්සනලි. ඒත් හම්බ උන උන් ටික නම් පට්ට සෙට් එකක් හම්බ වෙලා තියෙනවා.

    උබ කීව වගේ බිසී උන හින්ද එන්න බැරි සෙට් එකක් නම් නම් ඉන්නව. හැබැයි අදටත් පීම් එකක් දැම්මොත් හෙල්ප් එකක් දෙනව. එක එකා එක එක විදියයි.

    උබට ඔච්චර නරක ඉම්ප්‍රෙශන් එකක් එන්න මොකද උනේ.