Old "ElaKiri.com" Members

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ආපු දවස් වල ඉදන් මේ වෙනකන් අවුරුදු 3න 3ට සෙටාර් මාරු උනා හොයන්නවත් බෑ උන්ව දැන්. මන් ආපු කාලේ හිටියේ clerk_kent, neon_white, rotiya, dumira j, djzac, G-Force, Alaya, Malinga, Malkavi, michael, teenstar, x-pert, pentagram, sparxrc, paris, shameer, sakala, danurp, g.r.e.a, djzac තව LICH :rofl: (තව සෙට් එකක්ම හිටිය හොයාගන්න බෑ දැන්) අපි එන්න කලින් 2006 ඉදන් Elakiri run ක‍රපු සෙට් එකක් හිටියා neon_white,x-pert, paris වගේ. ඒ කාලේ අපි mass chat threads එළකිරි එකට ගෙනාපු හින්දද කොහෙද අපිත් එක්ක හෙන මලෙන් ගොඩක් අය හිටියේ post quality එක අඩු වෙනවා කියල. ඉස්සර ලොග් උනාම දවසට පොස්ට් 200ක් අනිවා. clerk_kent එහෙම 1000ත් ගැහුවා. අපි ඔව්ව කලේ xtreme chatterz චැට් thread එකේ. Xtreme Chatterz thread එකෙන් පටන් ගත්ත chat thread EK මල් වත්ත 1,2,3 කිය කියා exapand උනා. ඒකාලේ politics තිබ්බේ නෑ කිරියේ. අන්තිමට homepage එකේ chat threads විතරයි. අලුතෙන් thread එකක් දැම්මොත් විනාඩියක් ඇතුලත homepage එකෙන් එලියට විසිවෙනවා. ඉන්පස්සේ තමා GTRZ chat threads වෙනම category එකක් කරලා homepage එකේ පහලට දැම්මේ. කොහොමහරි seniorsලත් එක්ක කතා කලත් බලු කතා අහගන්න වෙන්නේ ඒකාලෙ (2008 මුල) :P ඔකේ මද්‍යම මතදාරියොන්ට හිටියේ කීපදෙනයි. අනිත් බහුතරයක් anti-juniors කොහොමහරි 2008 මැදක් වෙද්දී 2006 සෙට් එක හැලෙන්න ගත්ත. ඒ වෙනුවට අලුතින් එක්කහු වෙනව, Krizta, zaku, KZRO, SIRUS3001, Zeus, gtkisaru, blacklist_member, fernandokasu, jack_sparrow වගේ අය. අපිව අර jetliner එකේ රවුමකුත් අරන් යනවා GTRZ centrigradz එක්ක. 2009 මැදක් වෙද්දී 2007 චැට් සෙට් එක හැලෙන්න ගත්ත. අලුතින් අය ආව ඒ වෙනුවට. මම සැහෙන try එකක් දුන්න අයිත් පරන අයවත් මේකට ගෙන්න ඒ උනත් උත්සාහය අසාර්ථක උනා. :sorry:

    2006-2007 කාලේ active අයගෙන් දැන් ඉන්නේ ඉතාම සීමිත ගානක්. ඒ අයත් active නැ එච්චර. 2009-2010 කාලෙන් පස්සේ එළකිරි එකට අලුත් theme ඇවිත් ලස්සන වෙනවා :yes: ඉස්සර තිබ්බ signatures කියල item එකක්. server load එක වැඩියි කියල GT එව්වා අයින් කරනවා profile avatar එක්කම. inpasse හෙළුවෙන් වගේ ඔක්කොම :rofl: දවස් කීපයක් තිබ්බ GTට විරෝදය දක්වන්න අපි පොස්ට් එක ඇතුලේ profile avatar සහ signatures manually අමුණලා එවපුත්(signatureනං අයින් කරපු එක හොදයි). කොහොමහරි GT avatar ටික විතරක් ආයි දුන්න. ඒකාලේ ඉදන් එකම constant එක තම අපි හැමදාම මේක ඇතුලේ මරාගත්ත අද වෙනකන් එක එක වැඩකට නැති දේවල් වලට :P අද ඉන්න හෙනම popular famous අය තව අවුරුද්දකින් හැලිලා යනවා ඒ වෙනුවවට අලුතින් උන් එනවා. ඇවිල්ල ඒගොල්ලොත් හැලිලා යනවා. අතීතෙට ආසයි කියල එක ලගා කරගන්න හැදුවට එව්වා ආයිත් එන්නේ නැ. මට මලපැනපු වැඩක් තමා GT ලොක්ක chat thread ටික මැකුව පරණ. මගේ පොස්ට් count එක 12,000-13,000කින් අඩු උනා ඒ වැඩෙන්:growl: නැත්තන් මාත් මෙලහකට 27ක්-28ක් වගේ.

    එක එක කාලෙට මේකට එක එක අතල් එවන. මුල කාලේ අපිට ලොකුවට පෙන්නන තිබ්බේ post count එක. ආයිත් තිබ්බ මාස 6න 6ටද කොහෙද හම්බෙන තරු සෙට් එකක්. පස්සේ තමා reputation system ආවේ එව්වා අයින් වෙලා. කාලයක් හිටියනං තේරෙනවා ඔය එක එක system වැඩකුත් නැ. අද ඉන්න උනුත් හෙට නෑ ඔය ඔක්කම අමතක කරලා ඔහේ ඉන්න තියෙන්නේ කියල. ඉස්සර මට මේකට ආපුවම යාළුවො පිරිලා. ඉන්පස්සේ අලුතින් එන උන්ව එච්චර අල්ලන්නෙත් නෑ අපිට. ටික කාලයක් යද්දී අපේ සෙටාර් එක එකා හැලෙනවා. ඉන්පස්සේ අලුත් අය පිරිලා. එක එක කාලෙට එක එක මොංගල් උන් එනවා. උන්ට එපා උනාම උන් යනවා. ඒ වෙනුවට තව එකෙක් එනවා. මටනං කියන්න තියෙන්නේ මේකේ වෙන දේවල් පෞද්ගලිකව ගන්නේ නැතුව ඉන්න තියෙන්නේ. පෞද්ගලිකව ගන්න ගිහින් තමා අද ගොඩක් අය නැත්තේ. පාඩුවේ ඉන්න තියෙන්නේ. ගොඩක් උන් කරන දේවල් අදාළ නෑ ස්ථිරත් නෑ.:lol:
    Good old memories :love::)
    එළකිරි එකත් ජීවිතය වගේ තමයි. විවිධ සංදිස්ථානවලිදි විවිධ අය මුණගැහෙනව. ඒ අයගෙන් සමහරු දීර්ගකාලයක් අපත් සමඟ ඉන්නව. තව සමහරු ඉක්මනට ම ඇස් මානයෙන් ඉවත් වෙනව. කාලයක් යද්දි තව සමහරු නැවත මුණගැහෙනව. තව සමහරු අපට නොදැන අප දිහා බලන් ඉන්නව. කා‍ලයෙන් කාලයට අලුත් මුහුණු දකිනව.

    ඒ කොහොම වුණත් එළකිරි එක පෝෂණය කරන්නට දායක වුණ සෑහෙන විශාල පිරිසක් අදත් මතකයේ රැඳෙනව. විවිධ ආකරවලින් එළකිරි හා එහි සාමාජිකයන්ගෙ විනෝදස්වාදය, දැනුම, හැකියාව වර්ධනය කරන්නට සෑහෙන පිරිසක් දායක වෙලා තියෙනව. ඒ විතරක් නෙමෙයි බොහොමයක් අයට සහෝදර සහෝදරියන්ට සමාන පිරිසක් එළකිරි නිසා ලැබී ති‍බෙනව. සමහර අයටනම් එළකිරි නිසා ම තමන්ගෙ ආදරවන්තය, ආදරවන්තිය, සැමියා, බිරිඳ මුණගැසුණු අවස්ථා පවා තියෙනව.

    එළකිරි නාමයන් වශයෙන් කියන්න ගියොත් ඉතා විශාල පිරිසක් නම් කරන්න වෙයි. එම නිසා මම එළකිරියේ සිටිය දා පටන් අද වෙනතුරු මට මුණගැසුන සියුලුදෙනා ම ආදරයෙන් මතක් කරනව.

    එළකිරි සමඟ සිටි සාමාජිකයන් අද කොතැන සිටියත් ඒ අයගෙ මතකයේ එළකිරි කියන වෙබ් අඩවිය ඇති.
    Me vage thread ekakma watenna one Malinga ayyalaa online awilla reply karanna :P:D
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    අපිව දාල ගිය අපේ සහෝදරයා HONDAMPLG වත් අමතක නොකර බෑ මචන්
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    106
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    ආපු දවස් වල ඉදන් මේ වෙනකන් අවුරුදු 3න 3ට සෙටාර් මාරු උනා හොයන්නවත් බෑ උන්ව දැන්. මන් ආපු කාලේ හිටියේ clerk_kent, neon_white, rotiya, dumira j, djzac, G-Force, Alaya, Malinga, Malkavi, michael, teenstar, x-pert, pentagram, sparxrc, paris, shameer, sakala, danurp, g.r.e.a, djzac තව LICH :rofl: (තව සෙට් එකක්ම හිටිය හොයාගන්න බෑ දැන්) අපි එන්න කලින් 2006 ඉදන් Elakiri run ක‍රපු සෙට් එකක් හිටියා neon_white,x-pert, paris වගේ. ඒ කාලේ අපි mass chat threads එළකිරි එකට ගෙනාපු හින්දද කොහෙද අපිත් එක්ක හෙන මලෙන් ගොඩක් අය හිටියේ post quality එක අඩු වෙනවා කියල. ඉස්සර ලොග් උනාම දවසට පොස්ට් 200ක් අනිවා. clerk_kent එහෙම 1000ත් ගැහුවා. අපි ඔව්ව කලේ xtreme chatterz චැට් thread එකේ. Xtreme Chatterz thread එකෙන් පටන් ගත්ත chat thread EK මල් වත්ත 1,2,3 කිය කියා exapand උනා. ඒකාලේ politics තිබ්බේ නෑ කිරියේ. අන්තිමට homepage එකේ chat threads විතරයි. අලුතෙන් thread එකක් දැම්මොත් විනාඩියක් ඇතුලත homepage එකෙන් එලියට විසිවෙනවා. ඉන්පස්සේ තමා GTRZ chat threads වෙනම category එකක් කරලා homepage එකේ පහලට දැම්මේ. කොහොමහරි seniorsලත් එක්ක කතා කලත් බලු කතා අහගන්න වෙන්නේ ඒකාලෙ (2008 මුල) :P ඔකේ මද්‍යම මතදාරියොන්ට හිටියේ කීපදෙනයි. අනිත් බහුතරයක් anti-juniors කොහොමහරි 2008 මැදක් වෙද්දී 2006 සෙට් එක හැලෙන්න ගත්ත. ඒ වෙනුවට අලුතින් එක්කහු වෙනව, Krizta, zaku, KZRO, SIRUS3001, Zeus, gtkisaru, blacklist_member, fernandokasu, jack_sparrow වගේ අය. අපිව අර jetliner එකේ රවුමකුත් අරන් යනවා GTRZ centrigradz එක්ක. 2009 මැදක් වෙද්දී 2007 චැට් සෙට් එක හැලෙන්න ගත්ත. අලුතින් අය ආව ඒ වෙනුවට. මම සැහෙන try එකක් දුන්න අයිත් පරන අයවත් මේකට ගෙන්න ඒ උනත් උත්සාහය අසාර්ථක උනා. :sorry:

    2006-2007 කාලේ active අයගෙන් දැන් ඉන්නේ ඉතාම සීමිත ගානක්. ඒ අයත් active නැ එච්චර. 2009-2010 කාලෙන් පස්සේ එළකිරි එකට අලුත් theme ඇවිත් ලස්සන වෙනවා :yes: ඉස්සර තිබ්බ signatures කියල item එකක්. server load එක වැඩියි කියල GT එව්වා අයින් කරනවා profile avatar එක්කම. inpasse හෙළුවෙන් වගේ ඔක්කොම :rofl: දවස් කීපයක් තිබ්බ GTට විරෝදය දක්වන්න අපි පොස්ට් එක ඇතුලේ profile avatar සහ signatures manually අමුණලා එවපුත්(signatureනං අයින් කරපු එක හොදයි). කොහොමහරි GT avatar ටික විතරක් ආයි දුන්න. ඒකාලේ ඉදන් එකම constant එක තම අපි හැමදාම මේක ඇතුලේ මරාගත්ත අද වෙනකන් එක එක වැඩකට නැති දේවල් වලට :P අද ඉන්න හෙනම popular famous අය තව අවුරුද්දකින් හැලිලා යනවා ඒ වෙනුවවට අලුතින් උන් එනවා. ඇවිල්ල ඒගොල්ලොත් හැලිලා යනවා. අතීතෙට ආසයි කියල එක ලගා කරගන්න හැදුවට එව්වා ආයිත් එන්නේ නැ. මට මලපැනපු වැඩක් තමා GT ලොක්ක chat thread ටික මැකුව පරණ. මගේ පොස්ට් count එක 12,000-13,000කින් අඩු උනා ඒ වැඩෙන්:growl: නැත්තන් මාත් මෙලහකට 27ක්-28ක් වගේ.

    එක එක කාලෙට මේකට එක එක අතල් එවන. මුල කාලේ අපිට ලොකුවට පෙන්නන තිබ්බේ post count එක. ආයිත් තිබ්බ මාස 6න 6ටද කොහෙද හම්බෙන තරු සෙට් එකක්. පස්සේ තමා reputation system ආවේ එව්වා අයින් වෙලා. කාලයක් හිටියනං තේරෙනවා ඔය එක එක system වැඩකුත් නැ. අද ඉන්න උනුත් හෙට නෑ ඔය ඔක්කම අමතක කරලා ඔහේ ඉන්න තියෙන්නේ කියල. ඉස්සර මට මේකට ආපුවම යාළුවො පිරිලා. ඉන්පස්සේ අලුතින් එන උන්ව එච්චර අල්ලන්නෙත් නෑ අපිට. ටික කාලයක් යද්දී අපේ සෙටාර් එක එකා හැලෙනවා. ඉන්පස්සේ අලුත් අය පිරිලා. එක එක කාලෙට එක එක මොංගල් උන් එනවා. උන්ට එපා උනාම උන් යනවා. ඒ වෙනුවට තව එකෙක් එනවා. මටනං කියන්න තියෙන්නේ මේකේ වෙන දේවල් පෞද්ගලිකව ගන්නේ නැතුව ඉන්න තියෙන්නේ. පෞද්ගලිකව ගන්න ගිහින් තමා අද ගොඩක් අය නැත්තේ. පාඩුවේ ඉන්න තියෙන්නේ. ගොඩක් උන් කරන දේවල් අදාළ නෑ ස්ථිරත් නෑ.:lol:
    :yes::yes::yes:

    post count cn 1 nan pissu a dawas wala ne ban :lol:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම දන්න විදියට මේ අඩවියේ හැම අංශයකින් ම දක්ෂතා තියෙන අය ඕන තරම් හිටියා. මම නම් වැඩිය ත්‍රේඩ් දා දා අහන්න ගියේ නෑ, මට දැන ගන්න වුවමනා දේ. එවුන් දාන ත්‍රේඩ් වලින් මට දැන ගන්න වුවමනා දේ එවුන්ට පුද්ගලිකව ප්‍රයිවට් මෙසෙජ් එකෙන් උදව් ඉල්ලලා තියෙනවා. ඒ හැම වේලාවේම වගේ මට හොද පිළිතුරක් ලැබුනා.
    පරණ අලුත් කියලා නෑ, ඒත් බොහෝ දෙනෙක් පරණ උදවිය අපි අලුත් කියලාවත් බලන්නේ නැතිව උදව් කරපු අවස්ථා ඕන තරම්. මට නම් එක එක්කෙනාගේ නම් වලින් හදුන්වන්න තරම් මතකයක් නම් නෑ. ප්‍රොෆයිල් පින්තුර දැක්කා නම් මේ අහවල් කෙනා නේ කියලා මතක් වෙනවා.

    අනික මම හිතන්නේ කාලයාත් එක්ක ඒ අයට සටන් කරන්න වේලා තියෙනවා. ඒ එන්නේ නැති බොහෝ දෙනෙක් බැදලා දරුපවුල් කාරයෝ වේලා ඇති අනිවාර්යෙන් ම. එහෙව් එකේ ඒ අයට මේ අඩවියට ඇවිත් හුරතල් වෙන්න තරම් වේලාවක් වෙන් කර ගන්න විදියක් නැතිව ඇති. කොහොමත් කසාදයක් බැන්දාම කවුරුත් හිතන්නේ ෆ්‍රී එකේ ඉන්න පුලුවන් කියලා. ඒත් ඒ දේ අත් දුටුවොත් විතරයි තේරුම් යන්නේ බැරැරුම් බව. කොහොම හරි ළමයි හැදුනාට පස්සේ කොහොමත් මේ සයිට් එකට එන්න හිටන්නේවත් නෑ, ඕනම නම් ඔෆිස් වේලාවේදි ෆ්‍රි ටයිම් එකේදි ඇවිත් යයි එච්චරයි. මේකයි ජිවිතය කියන්නේ. අපි ආස කරන දේවල් හැමදාම අපි ලග තියෙන්නේ නෑ.
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ඉස්සර මේක ගොඩක් වටිනා සයිට් එකක් බන් .
    එත් පස්සේ මේකේ ඉන්න උන්ට පොර මානසිකත්වය ආව .
    ඇඩ්මින් හිටන් උන්ට සපෝර්ට් කරා ..
    පස්සේ සයිට් ඒක ගූ ගොඩක් උනා .
    හොඳ මෙම්බර්ස් ලා සයිට් ඒක දාල ගියා නොකියම .
    උන් ආයේ එන්නේ ත් නැහැ උන්ට එන්න පිස්සුත් නැහැ .
    බට් ඇඩ්මින් ට වැරදුනේ ඌ කිවුවා එකෙක් යනකොට සයිට් එකට දහදෙනෙක් එනවා බන් ඕවා මහා දේවල් නෙමේ කියලා . අද පොරට තේරෙනවා ඇති පොර වැරැද්ද ගත්ත තැන .
    මගෙත් ඉස්සෙල්ල ප්‍රොෆයිල් එකක් තිබුන පරණ එකක් . වැඩිය පොස්ට් දාල නැති නිසා ෆේක් කියලා ban කරලා ගිය සතියේ .
    කොහොම උනත් දැන් සයිට් ඒක ඔහේ පා වේවි තියනවා වැල ලීක් වෙන ඒවා වැටි වැටි ..
    ආයේ ගොඩ යාමක් නැහැ .
    ජිවිතේ හැටි ඔහොම තමයි බන් .. කිසි දෙයක් සදා කල් පවතින්නේ නැහැ .
    හෙට මීටත් වඩා ෆෝරම් එකක් ඒවි ..
    අපි වයසට යාවි ..........​

    :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    thanujaka - තනුජක
    avatar123679_11.gif

    මෙයා එලකිරියට සම්බන්ධ වෙන්නේ 09-04-2008 දවසේ. 11-01-2015 වෙනිදා එලකිරියෙන් ඉවත් උනා.
    හිරගෙදර ගැන බොහෝම වටින ත්‍රෙඩ් ඵල කලා. ඒ වගේම උසාවියකින් සත්‍ය කතාවක්, නීතිය ගැන බොහෝම වටින ත්‍රෙඩ් ඵල කලා. තවත් බොහෝ ත්‍රෙඩ් ඵල කරලා තියනවා.
    මගේ හොද මිත්‍රයෙක්. වෘතියෙන් ලෝයර් කෙනෙක්, ඉතාම නිහතමානී මිත්‍රශීලී චරිතයක්.
    ඒ වගේම පුළුවන් තරම් මේකේ අයට උදව් කරපු කෙනක් තමයි තනූජක.
    ඔව් බන් ඌ ආයේ ආවේ නැහැනේ :(
    :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    crazybuddy
    හැමෝටම පුළුවන් විදිහට උදව් කරපු කෙනෙක්. ගොඩක් සිංදු, ටෙලිනාට්‍ය අප්ලෝඩ් කරලා මේකේ එව්න්ට දීලා තියනවා. ඒ වගේම ත්‍රෙඩ් වල සජීවී බව රැක ගන්න ගොඩක් දායක වෙලා තියනවා. දැන් එන්නේ නැත්තෙ නම් ඇයිද කියලා දන්නෙ නැ.
    :yes::yes: