Old "ElaKiri.com" Members

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා (කොච්චි පෙරා) ගැනත් කවුරුහරි මොනවා හරි කියයි කියලා මම මුකුත් කියන්නේ නැහැ .....උබ දන්නවනේ මට කම්මැලි බන් මේකේ type කරන්න.......එත් ඉස්සර Elakiri.com කිව්වොත් Mr Perera & Mr Perera කිව්වොත් Elakiri.com වගේ තමයි තිබ්බේ...........නේද....???

    ඉස්සර අපි පොඩි කලේ (ඉස්කෝලේ යනකාලේ) පෙරේරා අයිය Post කරන ත්‍රෙඩ් බලන්න අපි හරි අසාවෙන් බලන් හිටියේ................මොකද අයියේ උබ දන ත්‍රෙඩ් මාරම වැදගත් ඒවා.......

    නාකි සතරයා.....:growl::growl::growl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි එකත් ජීවිතය වගේ තමයි. විවිධ සංදිස්ථානවලිදි විවිධ අය මුණගැහෙනව. ඒ අයගෙන් සමහරු දීර්ගකාලයක් අපත් සමඟ ඉන්නව. තව සමහරු ඉක්මනට ම ඇස් මානයෙන් ඉවත් වෙනව. කාලයක් යද්දි තව සමහරු නැවත මුණගැහෙනව. තව සමහරු අපට නොදැන අප දිහා බලන් ඉන්නව. කා‍ලයෙන් කාලයට අලුත් මුහුණු දකිනව.

    ඒ කොහොම වුණත් එළකිරි එක පෝෂණය කරන්නට දායක වුණ සෑහෙන විශාල පිරිසක් අදත් මතකයේ රැඳෙනව. විවිධ ආකරවලින් එළකිරි හා එහි සාමාජිකයන්ගෙ විනෝදස්වාදය, දැනුම, හැකියාව වර්ධනය කරන්නට සෑහෙන පිරිසක් දායක වෙලා තියෙනව. ඒ විතරක් නෙමෙයි බොහොමයක් අයට සහෝදර සහෝදරියන්ට සමාන පිරිසක් එළකිරි නිසා ලැබී ති‍බෙනව. සමහර අයටනම් එළකිරි නිසා ම තමන්ගෙ ආදරවන්තය, ආදරවන්තිය, සැමියා, බිරිඳ මුණගැසුණු අවස්ථා පවා තියෙනව.

    එළකිරි නාමයන් වශයෙන් කියන්න ගියොත් ඉතා විශාල පිරිසක් නම් කරන්න වෙයි. එම නිසා මම එළකිරියේ සිටිය දා පටන් අද වෙනතුරු මට මුණගැසුන සියුලුදෙනා ම ආදරයෙන් මතක් කරනව.

    එළකිරි සමඟ සිටි සාමාජිකයන් අද කොතැන සිටියත් ඒ අයගෙ මතකයේ එළකිරි කියන වෙබ් අඩවිය ඇති.
     
    • Like
    Reactions: Sonique

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    e awu 15 di vitharane dan wagakim karata aran wada athi nathnam thamaigena gannawada mandaa kohoma unath uta meke thibuna name hatiyata wayasa naha hichchi kollek:lol:
    :lol:රොවියයි දිලයි කේස් එකකුත් ගියානේද,, මතක විදියට :sorry:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ahhh mallee

    එළකිරි එකත් ජීවිතය වගේ තමයි. විවිධ සංදිස්ථානවලිදි විවිධ අය මුණගැහෙනව. ඒ අයගෙන් සමහරු දීර්ගකාලයක් අපත් සමඟ ඉන්නව. තව සමහරු ඉක්මනට ම ඇස් මානයෙන් ඉවත් වෙනව. කාලයක් යද්දි තව සමහරු නැවත මුණගැහෙනව. තව සමහරු අපට නොදැන අප දිහා බලන් ඉන්නව. කා‍ලයෙන් කාලයට අලුත් මුහුණු දකිනව.

    ඒ කොහොම වුණත් එළකිරි එක පෝෂණය කරන්නට දායක වුණ සෑහෙන විශාල පිරිසක් අදත් මතකයේ රැඳෙනව. විවිධ ආකරවලින් එළකිරි හා එහි සාමාජිකයන්ගෙ විනෝදස්වාදය, දැනුම, හැකියාව වර්ධනය කරන්නට සෑහෙන පිරිසක් දායක වෙලා තියෙනව. ඒ විතරක් නෙමෙයි බොහොමයක් අයට සහෝදර සහෝදරියන්ට සමාන පිරිසක් එළකිරි නිසා ලැබී ති‍බෙනව. සමහර අයටනම් එළකිරි නිසා ම තමන්ගෙ ආදරවන්තය, ආදරවන්තිය, සැමියා, බිරිඳ මුණගැසුණු අවස්ථා පවා තියෙනව.

    එළකිරි නාමයන් වශයෙන් කියන්න ගියොත් ඉතා විශාල පිරිසක් නම් කරන්න වෙයි. එම නිසා මම එළකිරියේ සිටිය දා පටන් අද වෙනතුරු මට මුණගැසුන සියුලුදෙනා ම ආදරයෙන් මතක් කරනව.

    එළකිරි සමඟ සිටි සාමාජිකයන් අද කොතැන සිටියත් ඒ අයගෙ මතකයේ එළකිරි කියන වෙබ් අඩවිය ඇති.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,165
    113
    Forest

    මාලිංග අයියා.... :lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පරණ සෙට් එක ගැන දැනගන්න ලැබුන එක ගොඩක් වටිනවා මචන් ඇයි දැන් සමහර ය වැඩිය එන්නේ නැත්තේ ? එතකොට කව්ද බන් එළකිරි එක අයිති dial එක ?
    aaa malli
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    avatar24347_3.gif

    jkadithya

    මේ හාදයා එලකිරියට සම්බන්ධවෙන්නේ 2007 වසරේ. "එලකිරි සංචාරකයා" කියන කන්සෙප්ට් එකේ නිර්මාතෲවරයා තමයි මේ. ට්‍රිප්ස් ගැන නොසෑහෙන දැණුමක් තිබිච්ච "කඩියා" කියන අන්වර්ථ නාමයෙන් හඳූන්වපු මේ හාදයාගේ ප්‍රෝෆයිලය අද වෙනකොට එලකිරියේ සම්පුර්ණ අක්‍රීය තත්වයෙන් තමයි පසුවෙන්නේ. ඉඳලා හිටලා ලොග් වෙලා තිබුනත් ඉස්සර වැටුන ට්‍රැවලි‍න් ත්‍රෙඩ්ස් දැන් වැටෙන්නේ නෑ. මේ හාදයා එලකිරියේ හිටපු සුපිරිම ත්‍රෙඩ් ලියන්නන් ගෙන් එක්කෙනෙක්. කොහේ හරි ගිහිල්ලා පින්තූර ටිකක් අරගෙන ත්‍රෙඩ් එකක් දාන්න ඕනිම කෙනෙක්ට පුළුවන්. ඒත් සංචාරක සටහනක් විදියට ප්‍රේක්ෂකයාවත් ඒ සංචාරයට හිතින් අරගෙන යන්න පුළුවන් ආකාරයට ඉදිරිපත් කිරීමක් කරන්න හැමෝටම බෑ. මේ හාදයා ඒ අංශයේ පිකාසෝ කෙනෙක්. අති දක්ෂ ඡායාරූප ශිල්පියෙක්. Elakiri Community එකේ Elakiri Traveler Section එක නිර්මාණය කරන්න මූලික වෙලා කටයුතු කල කන්ඩායමේ Jkadithya ප්‍රධානම සාමාජිකයා කීවොත් නිවැරදී. මේ වෙනකොට විවාහප්‍රාර්ථ වෙලා කැනඩාවේ පදි‍‍‍‍‍ංචි වෙලා ඉන්නවා.

    avatar100066_5.gif

    chamikawp

    2008 අවුරුද්දේ එලකිරියත් එක්ක සම්බන්ධවෙන මේ හාදයාගේ ගම ගාල්ලේ. "වැඩ බැරි උනත් ගම ගාල්ලේ" කියලා කථාවට කීවත් ඇඟේ තරමට නෙමෙයි මේ හාදයාගේ වැඩ නම්. මේ ලින්ක් එකෙන් ඔයාලට මේ හාදයාගේ ප්‍රෝෆයිලයට යන්න පුළුවන්. මිනිත්තු කීපයක් අරගෙන ගිහින් බලන්න කොච්චර වැදගත් ත්‍රෙඩ් ඔහු අතින් ලියවෙලා තියෙනවද කියලා. මේ කිසිම දෙයක් කොපී පේස්ට් නම් නෙමෙයි. මේ හැම ත්‍රෙඩ් එකක්ම ඔහු කියවලා විස්ථර එක්කාසු කරගෙන ඉදිරිපත් කරපුවා. මේ හාදයා දැණුම ගබඩාවක්. මේ වගේ ත්‍රෙඩ් අද වෙනකොට එලකිරියේ වෙන කිසිම කෙනෙක් අතින් ලියැවෙන්නේ නෑ. ඉඳලා හිටලා ලොග් වෙලා තිබුනත් chamikawp ගේ ලිවිල්ල නොලියවෙන එක අද වෙනකොට එලකිරි අඩවියට ලොකු අඩුපාඩුවක්. එලකිරි සාමාජිකයන්ගේ විතරක් නෙමෙයි සාමාජිකයන්ගේ පවුල්වල උදවියගේ පවා හිත් දිනාගෙන උන්නු මේ හාදයා ගාලු පුරවරයේ එලකිරි අඩවිය ප්‍රවර්ධනය කිරීම සඳහා නොසෑහෙන කාර්යභාරයක් ඉටු කලා. එලකිරි සංචාරකයා කන්ඩායමේ සක්‍රීස සාමාජිකයෙක් වෙලා උන්නු chamikawp දක්ෂ ඡායාරූප ශිල්පියෙක්. අදවෙන කොට ගාල්ලෙන් ටිකක් ඇතුල්ට වෙන්න ලස්සන ගම්මානයක තියෙන රාජ්‍ය ආයතනය සේවය කරනවා.

    thanujaka - තනුජක
    avatar123679_11.gif

    මෙයා එලකිරියට සම්බන්ධ වෙන්නේ 09-04-2008 දවසේ. 11-01-2015 වෙනිදා එලකිරියෙන් ඉවත් උනා.
    හිරගෙදර ගැන බොහෝම වටින ත්‍රෙඩ් ඵල කලා. ඒ වගේම උසාවියකින් සත්‍ය කතාවක්, නීතිය ගැන බොහෝම වටින ත්‍රෙඩ් ඵල කලා. තවත් බොහෝ ත්‍රෙඩ් ඵල කරලා තියනවා.
    මගේ හොද මිත්‍රයෙක්. වෘතියෙන් ලෝයර් කෙනෙක්, ඉතාම නිහතමානී මිත්‍රශීලී චරිතයක්.
    ඒ වගේම පුළුවන් තරම් මේකේ අයට උදව් කරපු කෙනක් තමයි තනූජක.

    avatar10655_1.gif

    archirasika

    එලකිරිය ඉස්සර සයිබර් අවකාශයේ දිග හැරුණු කලා කෙතක් වගේ. ගොඩාක් කවියෝ එලකිරියේ හිටියා. ඒ අතරින් සුවිශේෂී චරිතයක් තමා මේ. වෘත්තීයෙන් ගෘහ නිර්මාණ ශිල්පියෙක් වෙච්චි මේ හාදයා එලකිරියට සම්බන්ධ වෙන්නේ 2006 වර්ශයේ. ඔහුගේ එලකිරි ප්‍රෝෆයිලයට ගිහින් බලන ඕනම කෙනෙකුට ඔහුගේ සුන්දර කවී රසවිඳින්න අදටත් පුළුවන්. වර්ශ හතරක් වගේ කාලයකදී බොහෝම උසස් මට්ටමේ කවි 200ක් විතර මේ හාදයා එලකිරි අඩවියට දායාද කරලා තියෙනවා. අද වෙනකොට ඔහුගේ වටිනා ප්‍රෝෆයිලයත් අක්‍රීය ගොන්න වැටිලා අක්‍රීය තත්වයෙන් පසුවෙනවා.

    1zjhpk.jpg

    21bpzpj.jpg

    chamali2009
    profilepic248151_18.gif

    එලකිරියේ බොහොම මිත්‍රශීලී චරිතයක්. ඒ වගේම එලකිරි රේඩියෝ එක අහන්න ගොඩ පිරිසක් පෙළඹව ගත්තු කෙනෙක්. දැන් වැඩිය දකින්න නෑ.

    මම දාපු මඤ්ඤං උයන චැට් ත්‍රෙඩ් එක thanujaka, chamali2009, මම, අපි තුන්දෙනාගේ එකතුව සැලසුම් කරපු එකක්.

    avatar119455_4.gif

    lasa.lasa

    මේ ඉන්නේ බොහෝම නිහඬ සාමාජිකයෙක්. දක්ෂ ට්‍රැවල් ෆොටෝග්‍රැෆර් කෙනෙක්. එලකිරියේ ට්‍රැවලින් සීන් එකේ දරුණුවටම හිටිය හාදයෙක්. එලකිරි සංචාරකයා කන්ඩායමේ සාමාජිකයෙක්. බොහෝම අපුරු පින්තූර මේ හාදයාගේ ත්‍රෙඩ් වල අන්තර්ගත වෙලා තියෙනවා. ප්‍රොෆයිල් එකට මෙතනින් ගිහින් බලන්න. ඒත් අද වෙනකොට මේ හාදයාගේ ප්‍රොෆයිල් එකත් ඉනැක්ටිව්. බොහෝම කලාතුරකින් ලොග් වෙලා පෝස්ට් එකක් දැම්මත් ඉස්සර වැටුනු ලස්සන ත්‍රෙඩ්ස් අදවෙනකොට මොහු අතින් පෝස්ට් වෙන්නේ නෑ. ඒ උනත් මේ හාදයාගේ ඇවිදිල්ල නම් අඩු වෙලා නෑ. කොයි වෙලේ බැලුවත් එක්කෝ යාපනේ, එක්කෝ ඩෙල්ෆ්ට්, එක්කෝ මොණරාගල, එක්කෝ පුත්තලමේ, එක්කෝ බදුල්ලේ. බෝහෝම පිළිගත්තු රාජ්‍ය ආයතනය ගමනාගමනය සම්බන්ධ අංශයක මේ වෙනකොට සේවය කරන මේ හාදයාගේ අඩුව එලකිරියට ලොකු පාඩුවක්.

    crazybuddy
    හැමෝටම පුළුවන් විදිහට උදව් කරපු කෙනෙක්. ගොඩක් සිංදු, ටෙලිනාට්‍ය අප්ලෝඩ් කරලා මේකේ එව්න්ට දීලා තියනවා. ඒ වගේම ත්‍රෙඩ් වල සජීවී බව රැක ගන්න ගොඩක් දායක වෙලා තියනවා. දැන් එන්නේ නැත්තෙ නම් ඇයිද කියලා දන්නෙ නැ.

    මු නේද Germany ඉන්නේ :rolleyes: ඒ දවස් වල thread එකක් තිබ්බේ හිරේ යන්නද දඩේ ගෙවන්නද කියල අහල :confused: පොර හිරේද දන්නේ නෑ :sorry::sorry:
    :rolleyes::rolleyes:

    එළකිරි එකත් ජීවිතය වගේ තමයි. විවිධ සංදිස්ථානවලිදි විවිධ අය මුණගැහෙනව. ඒ අයගෙන් සමහරු දීර්ගකාලයක් අපත් සමඟ ඉන්නව. තව සමහරු ඉක්මනට ම ඇස් මානයෙන් ඉවත් වෙනව. කාලයක් යද්දි තව සමහරු නැවත මුණගැහෙනව. තව සමහරු අපට නොදැන අප දිහා බලන් ඉන්නව. කා‍ලයෙන් කාලයට අලුත් මුහුණු දකිනව.

    ඒ කොහොම වුණත් එළකිරි එක පෝෂණය කරන්නට දායක වුණ සෑහෙන විශාල පිරිසක් අදත් මතකයේ රැඳෙනව. විවිධ ආකරවලින් එළකිරි හා එහි සාමාජිකයන්ගෙ විනෝදස්වාදය, දැනුම, හැකියාව වර්ධනය කරන්නට සෑහෙන පිරිසක් දායක වෙලා තියෙනව. ඒ විතරක් නෙමෙයි බොහොමයක් අයට සහෝදර සහෝදරියන්ට සමාන පිරිසක් එළකිරි නිසා ලැබී ති‍බෙනව. සමහර අයටනම් එළකිරි නිසා ම තමන්ගෙ ආදරවන්තය, ආදරවන්තිය, සැමියා, බිරිඳ මුණගැසුණු අවස්ථා පවා තියෙනව.

    එළකිරි නාමයන් වශයෙන් කියන්න ගියොත් ඉතා විශාල පිරිසක් නම් කරන්න වෙයි. එම නිසා මම එළකිරියේ සිටිය දා පටන් අද වෙනතුරු මට මුණගැසුන සියුලුදෙනා ම ආදරයෙන් මතක් කරනව.

    එළකිරි සමඟ සිටි සාමාජිකයන් අද කොතැන සිටියත් ඒ අයගෙ මතකයේ එළකිරි කියන වෙබ් අඩවිය ඇති.
    පැරණි සාමාජිකයින් ගැන දැනගන්න ලැබුණු එකට ගොඩාක් සතුටුයි.. ඇත්තටම මට නම් එලකිරිය හරියට අපේ ඉස්කෝලේ වගේ.. එලකිරි යාළුවෝ ටික මුණගැහුනා.. විශේෂයෙන්ම එලකිරි "Book Donation" වැඩසටහනින්.. :love::love::love::love: පොත් බෙදන්න වැලිකන්දෙ ගිය ගමනයි, මීතොටමුල්ලේ ඉස්කෝලෙට ගියපු ගමනයි කවදාවත් අමතක වෙන්නෑ.. :yes::yes:
    ඒත් අළුත් අය එද්දී පරණ අය යන එක ගැනනම් දුකයි.. :(:(
     
    Last edited:
    • Like
    Reactions: blacktulip