ඉස්සර මෙකේ වාහන ගැන දාන පට්ට ඩයල් එකක් හිටිය මට දැන් හොයාගන්න බැහැ . මම ඉස්සර උගේ ත්‍රේඩ් කියොනවා
aruna47



ඉස්සර මෙකේ වාහන ගැන දාන පට්ට ඩයල් එකක් හිටිය මට දැන් හොයාගන්න බැහැ . මම ඉස්සර උගේ ත්‍රේඩ් කියොනවා



මම මේ කියන දෙන්නා තමා එළකිරි ඉතිහාසයේ මගේ දැනුමේ පරිදි ලොකුම පැරණි ගීත ගබඩා දෙක.....
![]()
thilzz![]()
thilzz la la laaaa![]()
Senior Member
http://www.elakiri.com/forum/member.php?u=103868
අනිත් එක්කෙනා සුදසිංහ. (හොයන්න විදියක් නෑ තොරතුරු)
අර ආව සොපා ද මොකක්ද හුටප්පරෙන් දෙන්නගේ ම අප්ලෝඩ් කරපු සිංදු බැංකු වලට අමෙරිකන් උන් කෙලියා.
තිළිණි ඉද හිට එනවා. සුදා ගේ යූටියුබ් චැනල් එකේ පරණ සිංදු කාලෙකින් අප්ඩේට් වෙලා නෑ.


එළකිරි එකත් ජීවිතය වගේ තමයි. විවිධ සංදිස්ථානවලිදි විවිධ අය මුණගැහෙනව. ඒ අයගෙන් සමහරු දීර්ගකාලයක් අපත් සමඟ ඉන්නව. තව සමහරු ඉක්මනට ම ඇස් මානයෙන් ඉවත් වෙනව. කාලයක් යද්දි තව සමහරු නැවත මුණගැහෙනව. තව සමහරු අපට නොදැන අප දිහා බලන් ඉන්නව. කාලයෙන් කාලයට අලුත් මුහුණු දකිනව.
ඒ කොහොම වුණත් එළකිරි එක පෝෂණය කරන්නට දායක වුණ සෑහෙන විශාල පිරිසක් අදත් මතකයේ රැඳෙනව. විවිධ ආකරවලින් එළකිරි හා එහි සාමාජිකයන්ගෙ විනෝදස්වාදය, දැනුම, හැකියාව වර්ධනය කරන්නට සෑහෙන පිරිසක් දායක වෙලා තියෙනව. ඒ විතරක් නෙමෙයි බොහොමයක් අයට සහෝදර සහෝදරියන්ට සමාන පිරිසක් එළකිරි නිසා ලැබී තිබෙනව. සමහර අයටනම් එළකිරි නිසා ම තමන්ගෙ ආදරවන්තය, ආදරවන්තිය, සැමියා, බිරිඳ මුණගැසුණු අවස්ථා පවා තියෙනව.
එළකිරි නාමයන් වශයෙන් කියන්න ගියොත් ඉතා විශාල පිරිසක් නම් කරන්න වෙයි. එම නිසා මම එළකිරියේ සිටිය දා පටන් අද වෙනතුරු මට මුණගැසුන සියුලුදෙනා ම ආදරයෙන් මතක් කරනව.
එළකිරි සමඟ සිටි සාමාජිකයන් අද කොතැන සිටියත් ඒ අයගෙ මතකයේ එළකිරි කියන වෙබ් අඩවිය ඇති.

එහෙම තමා බං. සමහරු ගියා කිරියට තරගයක් දෙන්න වෙන සයිට් හදන්න, සමහරු සල්ලි අරන් පොලු තියල ගියා. ඔහොම තමා ඉතින්. මම නම් ගොඩක් අය සෙට් වෙලා නෑ පර්සනලි. ඒත් හම්බ උන උන් ටික නම් පට්ට සෙට් එකක් හම්බ වෙලා තියෙනවා.
උබ කීව වගේ බිසී උන හින්ද එන්න බැරි සෙට් එකක් නම් නම් ඉන්නව. හැබැයි අදටත් පීම් එකක් දැම්මොත් හෙල්ප් එකක් දෙනව. එක එකා එක එක විදියයි.
උබට ඔච්චර නරක ඉම්ප්‍රෙශන් එකක් එන්න මොකද උනේ.


ලොවියා.... ඉස්සර සෑහෙන්න ඇක්ටිව්. ඒත් දැන් මුත් වැඩිය එන්නේ නෑ.![]()

ආපු දවස් වල ඉදන් මේ වෙනකන් අවුරුදු 3න 3ට සෙටාර් මාරු උනා හොයන්නවත් බෑ උන්ව දැන්. මන් ආපු කාලේ හිටියේ clerk_kent, neon_white, rotiya, dumira j, djzac, G-Force, Alaya, Malinga, Malkavi, michael, teenstar, x-pert, pentagram, sparxrc, paris, shameer, sakala, danurp, g.r.e.a, djzac තව LICH(තව සෙට් එකක්ම හිටිය හොයාගන්න බෑ දැන්) අපි එන්න කලින් 2006 ඉදන් Elakiri run කරපු සෙට් එකක් හිටියා neon_white,x-pert, paris වගේ. ඒ කාලේ අපි mass chat threads එළකිරි එකට ගෙනාපු හින්දද කොහෙද අපිත් එක්ක හෙන මලෙන් ගොඩක් අය හිටියේ post quality එක අඩු වෙනවා කියල. ඉස්සර ලොග් උනාම දවසට පොස්ට් 200ක් අනිවා. clerk_kent එහෙම 1000ත් ගැහුවා. අපි ඔව්ව කලේ xtreme chatterz චැට් thread එකේ. Xtreme Chatterz thread එකෙන් පටන් ගත්ත chat thread EK මල් වත්ත 1,2,3 කිය කියා exapand උනා. ඒකාලේ politics තිබ්බේ නෑ කිරියේ. අන්තිමට homepage එකේ chat threads විතරයි. අලුතෙන් thread එකක් දැම්මොත් විනාඩියක් ඇතුලත homepage එකෙන් එලියට විසිවෙනවා. ඉන්පස්සේ තමා GTRZ chat threads වෙනම category එකක් කරලා homepage එකේ පහලට දැම්මේ. කොහොමහරි seniorsලත් එක්ක කතා කලත් බලු කතා අහගන්න වෙන්නේ ඒකාලෙ (2008 මුල)
ඔකේ මද්‍යම මතදාරියොන්ට හිටියේ කීපදෙනයි. අනිත් බහුතරයක් anti-juniors කොහොමහරි 2008 මැදක් වෙද්දී 2006 සෙට් එක හැලෙන්න ගත්ත. ඒ වෙනුවට අලුතින් එක්කහු වෙනව, Krizta, zaku, KZRO, SIRUS3001, Zeus, gtkisaru, blacklist_member, fernandokasu, jack_sparrow වගේ අය. අපිව අර jetliner එකේ රවුමකුත් අරන් යනවා GTRZ centrigradz එක්ක. 2009 මැදක් වෙද්දී 2007 චැට් සෙට් එක හැලෙන්න ගත්ත. අලුතින් අය ආව ඒ වෙනුවට. මම සැහෙන try එකක් දුන්න අයිත් පරන අයවත් මේකට ගෙන්න ඒ උනත් උත්සාහය අසාර්ථක උනා.
2006-2007 කාලේ active අයගෙන් දැන් ඉන්නේ ඉතාම සීමිත ගානක්. ඒ අයත් active නැ එච්චර. 2009-2010 කාලෙන් පස්සේ එළකිරි එකට අලුත් theme ඇවිත් ලස්සන වෙනවාඉස්සර තිබ්බ signatures කියල item එකක්. server load එක වැඩියි කියල GT එව්වා අයින් කරනවා profile avatar එක්කම. inpasse හෙළුවෙන් වගේ ඔක්කොම
දවස් කීපයක් තිබ්බ GTට විරෝදය දක්වන්න අපි පොස්ට් එක ඇතුලේ profile avatar සහ signatures manually අමුණලා එවපුත්(signatureනං අයින් කරපු එක හොදයි). කොහොමහරි GT avatar ටික විතරක් ආයි දුන්න. ඒකාලේ ඉදන් එකම constant එක තම අපි හැමදාම මේක ඇතුලේ මරාගත්ත අද වෙනකන් එක එක වැඩකට නැති දේවල් වලට
අද ඉන්න හෙනම popular famous අය තව අවුරුද්දකින් හැලිලා යනවා ඒ වෙනුවවට අලුතින් උන් එනවා. ඇවිල්ල ඒගොල්ලොත් හැලිලා යනවා. අතීතෙට ආසයි කියල එක ලගා කරගන්න හැදුවට එව්වා ආයිත් එන්නේ නැ. මට මලපැනපු වැඩක් තමා GT ලොක්ක chat thread ටික මැකුව පරණ. මගේ පොස්ට් count එක 12,000-13,000කින් අඩු උනා ඒ වැඩෙන්
නැත්තන් මාත් මෙලහකට 27ක්-28ක් වගේ.
එක එක කාලෙට මේකට එක එක අතල් එවන. මුල කාලේ අපිට ලොකුවට පෙන්නන තිබ්බේ post count එක. ආයිත් තිබ්බ මාස 6න 6ටද කොහෙද හම්බෙන තරු සෙට් එකක්. පස්සේ තමා reputation system ආවේ එව්වා අයින් වෙලා. කාලයක් හිටියනං තේරෙනවා ඔය එක එක system වැඩකුත් නැ. අද ඉන්න උනුත් හෙට නෑ ඔය ඔක්කම අමතක කරලා ඔහේ ඉන්න තියෙන්නේ කියල. ඉස්සර මට මේකට ආපුවම යාළුවො පිරිලා. ඉන්පස්සේ අලුතින් එන උන්ව එච්චර අල්ලන්නෙත් නෑ අපිට. ටික කාලයක් යද්දී අපේ සෙටාර් එක එකා හැලෙනවා. ඉන්පස්සේ අලුත් අය පිරිලා. එක එක කාලෙට එක එක මොංගල් උන් එනවා. උන්ට එපා උනාම උන් යනවා. ඒ වෙනුවට තව එකෙක් එනවා. මටනං කියන්න තියෙන්නේ මේකේ වෙන දේවල් පෞද්ගලිකව ගන්නේ නැතුව ඉන්න තියෙන්නේ. පෞද්ගලිකව ගන්න ගිහින් තමා අද ගොඩක් අය නැත්තේ. පාඩුවේ ඉන්න තියෙන්නේ. ගොඩක් උන් කරන දේවල් අදාළ නෑ ස්ථිරත් නෑ.![]()
mathak karanna epa apooo !
අර paris කියල විකාර සමයමක් හිටිය කාලයක්..
දැන්නන් කොහෙද දන්නෙ නැහැ ඒ මල විකාරේ..
බතල ගෙඩියක් වගේ.. කටත් එසේ මෙසේ නැහැ...
මම හිතන්නේ දැන් වයසට ගිහින් බන භාවනා කරගෙන පැත්තකට වෙලා ඇති.. පව් අප්පා....![]()

man ithin kiuwa kiyala hithaganin kuku 