ඉංග්රීසි පාඩම 1 : 'Would' භාවිතය
කලින් thread එකට ලැබුණු ප්රතිචාරයකට අනුව මෙම නූල දිග හරිමි.
මචං Would කියන්නේ Will කියන එකේ අතීත කාල යෙදුම. මේවාට කියන්නේ modal auxiliary / modal verbs කියල. Would කියන්නේ modal auxiliary එකේ affirmative form (ධනාත්මක ස්වරූපය) එක. එකේ negative form එක would not එහෙමත් නැත්තන් කෙටි යෙදුමක් විදියට wouldn't.
Would යෙදෙන්නේ,
1). අතීත කාලයේ වුන දෙයක් ගැන කතා කරනකොට,
උදා: ඔහුට වාහනය දකුණට හරවන්න තිබුනා. / He would have turned the vehicle to the right.
2). යටහත් පහත් / ගරුසරු ඇතුව කතා කරනකොට,
උදා: මම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. / I would be very much thankful.
මම මේ දුරකථනය භාවිතා කළාට කමක් නැතිද? / Would you mind me using this phone?
3). කල්පිතයක් (ඇත්තටම සිදු නොවුවත් යම් දෙයක් සිදු වෙනවා යයි සිතා) ගැන කතාකරනකොට,
උදා: ඒ ගෑණු දරුවා සිටියේ සිත්තැවුලෙන්. ඇය මාත් එක්ක කතා කරන එකක් නෑ. / That girl was upset. She would not talk to me.
ඔබ ටානියාගෙන් ඇසුවා නම් ඇය උදව් නොකර ඉන්නේ නෑ. / Taniya would help you if you asked her.
4). යම්කිසි දෙයක් ප්රදානය කිරීමට කතා කරනකොට,
උදා: ඔබ කැමතිද හෙටත් මේ වෙලාවටම හමු වීමට? / Would you like to meet at the same time tomorrow as well?
හිතනවා තේරුම් ගන්න ලේසි ඇති කියල.

Last edited: